රුපියල් කෝටියක රන් භාණ්ඩ සොරකමේ ප්‍රධාන සැකකරු O/L විභාගයට පෙනී සිට A සමාර්ථ 07 ක් හා B සමාර්ථ 02 ක් ලැබූවෙක්……

රුපියල් කෝටියකට ආසන්න වටිනා රන්බාන්ඩ සොරා ගත් 29 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු සොරා ගත් එම රන්බාන්ඩ සමඟ අත්අඩංගුවට ගත් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සොර බඩු උගස්කළ පුද්ගලයා බව පොලිසියකියයි

එම රන්බාන්ඩ අතර පවුම් 13 ක් බර අත් පළඳනාවක් සහ පවුම් 10 ක් බර රන්දම්වැලක් , රිදී මුදුවක්, රන්මුදුවක් හා කරාබු යුගලක් වන බව පොලිසිය කියයි

සැකකරු එම දේපළ උගස්කර ලබාගත් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත

ඉකුත් 19 වෙනිදින බණ්ඩාරගම ගුංගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා පවුම් 23 ක් බර. රන් අත් පලඳනවාක් සහ රන් දම්වැලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර වාරයේ රන්බාන්ඩ සොරාගෙන තාප්පයෙන් පලා යන පුද්ගලයා හොරණ මීවන පලානේ පදිංචිකරුවකුබවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන්කරයි

ඉකුත් 19 වෙනිදින සැකකරු ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු ඇනවුම්කර එම මත්කුඩු ලබා ගැනීම සඳහා ගුංගමුව ප්‍රදේශයේට පැමිණි අවස්ථාවේදී වසා දමා තිබූ දෙමහල් නිවසේ ඉදිරිපස ජනේලයේ කඩා ඇතුළු වී ඉහළ මහලට ගොස් නිදන කාමරයේ අල්මාරියක ලාච්චුවක බහා තිබූ රන් අත් පළඳනාව සහ රන් දම්වැල සොරාගත් බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි

අනතුරුව එම රන් දම්වැල හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ මිතුරු කුළවා ඉංගිරිය ප්‍රදේශයේ උගස්මධ්‍යස්ථානයකට උගස්කර රුපියල් ලක්ෂ 14 ක මුදලක් ලබාගත් බවත් අත් පළඳනාව හොරණ ප්‍රදේශයේ උගස්මධ්‍යස්ථානයකට උගස්කර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගත් බවත්, අනාවරණය කළ බව පොලිසිය කියයි

එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මේ ආකාරයෙන් ඉකුත් මාස කිහිපය තුල හොරණ පොලිස් වසමේ ද නිවාස තුනකින් රන් භාණ්ඩ සොරා ගත් බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එම රන්භාණ්ඩ ද සැකකරුවන්ගේ ප්‍රකාශ මත හොරණ ප්‍රදේශයට උකස් කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට “ඒ “සමාර්ථ 07 ක් හා “බි” සමර්ථ” 02″ ලැබූවෙක් බවත්
අනෙක් සැකකරු ගවයින් 150 ක පමණ ගව පට්ටියක හිමිකරුවකු ව සිටි පුද්ගලයකු බවත් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත

සැකකරුවන් දෙදෙනාම තදින් මත්ද්‍රව‍ය වලට ඇබ්බැහි වූවන්ය

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි

මිල්ලනිය –  ඉරේෂ් උදයංග

පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ සැමියා කළ පාපොච්චාරණය…..

තම බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙකි.

පසුගිය 18 වෙනිදා පස්වරු 5.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි ඔහු අදාළ කාන්තාවකගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පළා ගොස් තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති අතර මේ වන විටත් ඇය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඇයගේ මුහුණ සහ පපුව ප්‍රදේශය බරපතළ පිළිස්සුම් ලැබීම හේතුවෙන් ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවය.

කෙසේ වෙතත් ඇයගෙන් මේ වන විටත් කටඋත්තර ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, මෙම කාන්තාවගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවය.

ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිසිය අද (22) මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ලද ප්‍රකාශ අනුව සිද්ධිය සඳහා භාවිත කරන ලද පෙට්‍රල් බෝතලයක් සහ ත්‍රී රෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් ගිනි තබා ඇත්තේ තමන්ගේම බිරිඳට  බවය.

ඔවුන් දෙදෙනා පෙර විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වීමෙන් අනතුරුව විවාහ වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව විවිධ පුද්ගලයන් ඇසුර කර ඇති බවත්, දින ගණනාවක් යන තුරු නැවත නිවසට නොපැමිණෙන බවත් සැකකරු පාපොච්චාරණය කර තිබේ.

ඇයට කොපමණ උපදෙස් ලබාදුන්න ද ඇය දිගින් දිගටම මෙලෙස අනාචාරයේ යෙදී ඇති බවට ඔහු ප්‍රකාශ කර ඇත.

ගිනි තැබීමෙන් අනතුරුව තමන්ද සියදිවි නසාගන්නා බවට සැකකරු කාන්තාවට පවසා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසි සඳහන් කරයි.

මෙම සැකකරු මීට ඉහතදී කිසිම අපරාධයකට කිසිම චෝදනාවකට ලක් නොවූ ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළ අය බවට ප්‍රදේශවාසීන් පැවසු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරු අද (24) දින‍ අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රුපියල එක් දිනකදී 2.7%කින් ඉහළ යයි…..

පසුගිය දින කිහිපයේම පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියලේ අගය, සිකුරාදා දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ‘Bloomberg’ වෙබ් අඩවිය පවසයි.

මෙය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය බවත්, එය එදින ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය පෙන්වූ මුදල් ඒකකය බවත් ‘Bloomberg’වෙබ් අඩවියේ වාර්තාව තුළ සඳහන් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිතව ඇති අතර, මේ නිසා  වෙළඳපොළේ සිටින පිරිස් තමන් සතු ඩොලර් විකිණීමට පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් ලෙස රජය පවසන බව ද එම වෙබ් අඩවියේ දැක්වේ.

මේ අතර, රුපියල ස්ථාවර කිරීම සඳහා පුද්ගලික වාහන ආනයනය මත අධිභාරයක් පැනවීමට රජය පියවර ගෙන තිබේ.

එමෙන්ම මහ බැංකුවද අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපොළට මැදිහත් වන බව පවසා ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන්ය.

ගාල්ල දංගෙදර සිදුකළ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට…..

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ ර්මධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 වනදා ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, වලාන දූෂණ මධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉහත අපරාධයට ආධාර අනුබල දුන් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 260 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 24 හා 38 වයස්වල පසුවන ගිරාඳුරුකෝට්ටේ සහ මහව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

වලාන දූෂණ ර්මධන ප්‍රහාරක ඒකකය මගින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

මේ අතර, මෙම ඝාතනයටම සම්බන්ධ ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකුව ඊයේ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 22 ක් වන කල්පේ, හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මහනුවර ගොඩනැගිල්ලක බැල්කනියක් කඩා වැටී දෙදෙනෙකු තුවාල……

මහනුවර ඊ.එල් සේනානායක වීදියේ ඉන්ධන පිරවුම්හලකට යාබදව තිබූ මහල් 6කින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර අද (24) පෙ.ව. 11.30 ට පමණ සිදුව තිබෙන අතර, කඩා වැටුණු කොන්ක්‍රීට් කැබැල්ලකට යටවී සිටි අයෙකු අසළ සිටි පිරිස් විසින් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

අදාළ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිටතට පන්නා තිබූ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමෙන් මෙම සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

උද්ධච්ච නොවී අනුප්‍රාප්තික IMF ගිවිසුමක් කරා යොමු වන්න – සජිත් ප්‍රේමදාස…….

තෙල් මිල ඉහළ ගියහොත් සංචිත ප්‍රමාණවත් නොවන බවත් නැවත වරක් රට කඩා වැටීමේ අවදානමක් ඇති නිසා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

අද (24) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී සමගි ජන බලවේගයේ ගුරු සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාව හා එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන්නට විය.

මේ අතර, ජනාධිපතිවරයා රටේ ගැටලු නැති බව ජනතාවට පෙන්වීමට උත්සාහ කරමින් රටේ ඩොලර් ඇති බව පැවසුවත් වර්තමානය වනවිට රට ඇති අවදානම් තත්ත්වය ගැන විවිධ සංඛ්‍යා ලේඛනවලින් දැනුවත් විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

එලෙසම මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් යථාර්ථවාදී අවබෝධයක් ජනතාවට තිබිය යුතු බවත් ඔහු පවසයි.

මේ අතර, ලෝකය පිළිගන්නා ආකාරයට රටක සංචිත මාස 3ක ආනයන ආවරණය කළ යුතු වුවත් අප රටේ එයද නොමැති බවත් අප රටේ මාසික ආනයන වියදම ඇ. ඩොලර් බිලියන 2ක් බවත් මේ යන ආකාරයට මාස 3ක ආනයන වියදම ආවරණය කරන සංචිත පවා රටේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එලෙසම රටට ලැබෙන විදේශ ප්‍රේෂණ බිලියන 8ක් දක්වා වැඩි වුවත් මැදපෙරදිග යුද්ධය දිගින් දිගටම කල්ගොස් එය තවත් උත්සන්න වුවහොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවන බවත් මැදපෙරදිග ආර්ථිකය කඩා වැටුනහොත් ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වන බවත් මේ ගැන පවා රජය කතා නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පැවසීය.

දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙතට…….

හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් ඝාතනය කර කාන්තාව සතු පවුම් 18ක රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු,දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්ථාවක් ලබාගැනීමට පියවර ගෙන තිබේ.

අදාළ සැකකරු හැටන් සහ බගවන්තලාව පොලිස් නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව ඊයේ (23)  අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව ඔහු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට ප්‍රථම, දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්ථාවක් ලබාගැනීම සඳහා හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය මෙලෙස පියවරගෙන ඇත.

සැකකරු බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ බිරිදගේ සොයුරාගේ නිවසේ සැගව සිටියදී, අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිද හැටන් මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇත.

සැකකරුගේ ඡායාරූප මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමඟ සොරා ගන්නා ලද ස්වර්ණාභරණ උකස්කිරීමට හෝ විකිණීමට නොහැකි වූ බව සැකකරු විසින් හැටන් පොලීසිය හමුවේ පවසා තිබේ.

ඒ අනුව ඔහු විසින් සොරාගන්නා ලද ස්වර්ණාභරණ සියල්ල පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර ඝාතනයට අඹුසැමි යුවලගේ අවසන් කටයුතු අද (24) පස්වරුවේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දික්ඔය දරවල පොදු සුසාන භූමියේදි සිදු කෙරිණ.

හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම පීලි පනී……

මරදානේ සිට හික්කඩුව බලා දිනපතා ප.ව. 6.10ට ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම අද (24) පස්වරුවේ මරදානේදී පිලී පැනීමකට ලක්ව තිබේ.

අදාළ දුම්රිය එන්ජිම අංගනයේ සිට මරදාන වේදිකාවේ නවතා ඇති එම දුම්රියේ මැදිරි වෙත ලඟා වීමේ දී මරදාන පාලම අසලදී මෙම පිලී ගැනීමට ලක්ව ඇති බව සඳහන්ය.

එහි රෝද 4ක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මරදාන හා කොළඹ කොටුව අතර එක් දුම්රිය මාර්ගයක් අවහිරවී ඇති බව වාර්තා වේ.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8ක 31000කට පීඩා……

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක පවුල් 7,983කට අයත් පුද්ගලයින් 31,072 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටය.

එහි පවුල් 3,950 කට අයත් පුද්ගලයින් 15,313 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, එක් මරණයක් ද වාර්තා විය.

දිස්ත්‍රික්ක මට්ටමින් පීඩාවට පත් වූවන්ගේ සංඛ්‍යාව පහත පරිදි වේ,

ගම්පහ දිස්ත්‍රික්කය –  පවුල් 3,950 ක පුද්ගලයින් 15,313 ක් (මරණ 01 යි)

කොළඹ දිස්ත්‍රික්කය – පවුල් 1,571 ක පුද්ගලයින් 4,566 ක්

රත්නපුර දිස්ත්‍රික්කය – පවුල් 1,204 ක පුද්ගලයින් 4,558 ක්

පුත්තලම දිස්ත්‍රික්කය – පවුල් 1,219 ක පුද්ගලයින් 4,265 ක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – පවුල් 20 ක පුද්ගලයින් 80 ක්

කළුතර දිස්ත්‍රික්කය – පවුල් 15 ක පුද්ගලයින් 73 ක්

ගාල්ල දිස්ත්‍රික්කය –  පවුල් 03 ක පුද්ගලයින් 07 ක්

වවුනියාව දිස්ත්‍රික්කය – පවුලක පුද්ගලයින් 03 ක්

මීට අමතරව, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 02 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 859 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්…….

මේ මොහොතේ වූවද රට භාර ගැනීමට සූදානම් බවත්, පවතින ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළ තමන් සතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවැත්වූ විශේෂ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

“කැක්කුම Sri Lanka – Mingle with Dilith” විශේෂ හමුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී  Acacia Campus Theatre ශාලාවේදී ආරම්භ විය.

සර්වජන බලය සහ මෙල්බර්න් සහෝදරත්වය (Melbourne Solidarity) එක්ව සංවිධාන කළ මෙම හමුව සඳහා මෙල්බර්න් හී වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

“ඔබ දන්නවා අද ඩොලරය මේ වේගයෙන් උඩට යන්නේ ඇයි කියලා. ඒක ඕන බබෙකුට තේරෙනවා. මේක ගල්ෆ් යුද්ධය නිසා සිදු වුණු දෙයක් නෙමෙයි. සුළු බලපෑමක් තිබුණත්. අපි ඩොලර් වලින් ගෙවලා රුපියල් වලින් අයකරගෙන බදු, ප්‍රාථමික ගිණුමට දාගෙන ,  ප්‍රාථමික ගිණුමේ අපිට රුපියල් වලින් ට් රිලියන එකයි දශම දෙකක් තියෙනවා කියලා පාරම්බානකොටම සියලු දෙනා දැනගත යුතුව තිබුණා අපි මේ ඉඟුරු දීලා තමයි මිරිස් අරන් තියෙන්නේ කියලා. කේන්ද්‍රීය උපාය මාර්ගික වැඩපිළිවෙලක් නැති, කිසිඳු දේශපාලන ව්‍යාපාරයකට රටක් ජයග්‍රහණය කරා ගෙනියන්නට බැහැ. අවුරුදු පහ ඉන්න පුළුවන්. හැබැයි රටට සුගතියක් වෙන්නේ නැහැ. අපි වලට වැටෙන එක විතරයි වෙන්නේ.” 

ප්‍රශ්නය – මේ රටේ කැක්කුම හොඳ කරගන්න ඔබතුමා මේ යන ගමන තනියමද යන්නේ නැත්නම් වැඩපිළිවෙලක්, කණ්ඩායමක් සමගද කියලා දැනගන්න කැමතියි.

“පෞද්ගලිකව මා දිහා බලන්න එපා. ඒ නිසා තමයි, අපේ දේශපාලන ව්‍යාපාරය අර සාම්ප්‍රදායික මේ නායකයා, කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපාරයකට නෙමෙයි සර්වජන බලය ඉන්නේ. ඒක නිසා, අපේ ආකෘතියම වෙනස්. අපි සැලකිලිමත්, අපිත් එක්ක එකතුවෙන කණ්ඩායම් ගැන. නමුත් සාම්ප්‍රදායික දේශපාලනයත් එක්ක මුසු වුණු අපේ නැවුම් අපේක්ෂාවන් සමඟ එකඟ වෙන්නත් පුළුවන් අන්තිමට ඡන්ද ගන්නත් පුළුවන්, වැඩපිළිවෙලක තමයි අපි ඉන්නේ. ඒක නිසා අපි ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගෙන තමයි මේ ගමන යන්නේ.” 

ප්‍රශ්නය – දැන් අවුරුදු පහෙන් පහට මිනිස්සු මේ දේශපාලන කතා වලට අහුවෙලා, ඒ එකසිය පනස් නමයක් හරි, දෙසිය විසිපහම හරි බහුතරයක් දීලා, ආණ්ඩුව පත් කරාට පස්සෙත්, ඒ මිනිස්සුන්ගේ විශ්වාස කරපු දේවල් ඉටුවෙන් නැති වුනහම, මිනිස්සුන්ට එන්නේ මාරම තරහක්. ඉතින් මම  දිලිත් අයියගෙන් අහන්න කැමතියි, ඔබතුමාට බහුතරය හම්බුනා පස්සේ ඔබතුමත් ඔය දෙන පොරොන්දු ඉටු කරන්න බැඳිලා ඉන්නවද? එහෙම නැත්නම් මාස දෙකක් විතර ගියාට පස්සේ ඔය කියන කතා වෙනස් කරලා අර පරණ පුරුදු එකේම ඉස්සරහට යනවද? එහෙම වුනොත් මට වෙන්නේ ඔබතුමාටත් විඩියෝ හදන්න.

“ඒක නිසාම තමයි අපි පොරොන්දු දේශපාලනයක් කරන්නේ නැත්තේ. මොකද පොරොන්දුවක් දුන්න ගමන්ම අහනවා ඒක වෙන්නේ කොහොමද කියලා. ඔය අලුත් පරම්පරාව කිසි දෙයක් අපි කිව්ව පලියට විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ අහනවා ඒ ලොජික් එක මොකක්ද කියලා. ඒකේ පිටිපස්සේ තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඒකම නිසා තමයි අපි මේ ලොජිකල් සීක්වන්ස් එකක් තියෙන වැඩ පිළිවෙලක් අරගෙන ගිහිල්ලා අමාරුවෙන් මාර්කට් කරන්න හදන්නේ. මීට වැඩිය පහසු මාකටින් දේවල් තියෙද්දී. අපිටත් පුලුවන් විශාල මඩ ව්‍යාපාරයක් පමණක්ම කරලා සෑහෙන ජනතා ප්‍රසාදයක් මේ අවස්ථාවේදී කොහොම වුණත් අපිට හේතුවක් නැහැ බොරු කියලා ඡන්දේ අරගෙන අමාරු රස්සාවක් කරන්නට ඔය තැනට ගිහිල්ලා. ඒක නිසා අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ. අපි ඉන්නේ ඔබ ඉන්න පරාසයේ සතුටු දැයක් හදන්නට. ඉතින් සතුටු දෑයක් නෙමෙයි ඒක එහෙම වුණොත්. “

ප්‍රශ්නය – මේ අවස්ථාව හම්බුණොත් දෙදහස් විසිනමය වෙනකම්ම ඉන්නේ නැතුව ඔයාට ඔෆර් වුණොත් එහෙම ජනාධිපතිකම වෙන්න පුළුවන්නේ. මේ දවස්වල තියෙන ක්‍රයිසිස් එක. දැන් පටන් අරගෙන තියෙන්නේ. මේක කොහොමද ඔයා ටැකල් කරන්නේ?

“වැඩ පිළිවෙලක් නැතුව වැඩේ භාරගන්න නරකයි. දැන් හැබැයි අපිට දැන් දුන්නොත් දැන් කරනවා. අද දුන්නොත් අද කරලා පෙන්නනවා. ඒක කරන්න. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක මුලට ගියොත් ඒක ඉතාම සරලයි. දැන් තියෙන ප්‍රශ්නේ මේ ඩොලර් එක මත එන පීඩනය අංක එක. ඒක පිළිගන්නට ඕන. මේක තමයි අංක එක.  දැන් අපේ ආර්ථිකයට එන පීඩනය මේක. දැන් මේක කළමනාකරණය කරගන්න නම් පළවෙනියටම කරන්න ඕන මොකක්ද මේ අවස්ථාවේදී සැබෑ, අවංක, විශ්වාසවන්ත, දෙබසක් ජනතාව ඒක අරඹන්නට ඕනේ. මොකද අද නැතිවෙලා තියෙන්නේ මේ රටට නායකත්වය ගැන තියෙන විශ්වාසය මිසක් ඩොලර් නෙමෙයි. ගොඩනැගිය යුතු මේ විශ්වාසය ගොඩනගන්නට පුළුවන් පැය ගානක් ඇතුලත සත්‍ය කතා කරලා ජනතාවත් එක්ක සංවාදයකට යන්නට ඕන. දැන් නැවතත් පාරම්බානවා නම් නැවතත් ඩොලර් නැතිවීමට හේතුව වෙන කවුරුහරි කෙනෙක් කියලා කියනවා නම් ඒක ගොඩ දාන්න බැහැ.” 

“ඒක අංක එක. අනිත් එක තමයි ණය හිමියන්ට ඕන විදියකට ව්‍යාපාරයක් පවත්වාගෙන ගියොත් හරියට බැංකුව, බැංකුවට ඕන විදියට අපි ව්‍යාපාරය කරගෙන යනවා වගේ. අපි තේරුම් ගන්නට ඕන අපේ ණය හිමියන් අපිට වඩා අසරණ තත්ත්වයක ඉන්නවා. අපෙන් ණය අය කර ගැනීම එතකොට මේ එක තමයි අපි පාවිච්චි කරලා නැත්තේ. මම අයි. එම්. එෆ්. විරෝධියෙක් නෙමෙයි. නමුත් මම කියන්නේ අයි. එම්. එෆ්. එක මේ ගෙනියන ප්‍රෝග්‍රෑම් එක තුල තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක කරගන්නට තරම් වූ ශක්තියක්, පෞරුෂයක්, දැනීමක් නොමැති වීමෙන් තමයි මේ අද අර්බුදයට ලොකුම හේතුව.”