Global Wellness Day ( සුවතා දිනය ) යනු සෑම වසරකම ජුනි මස දෙවන සෙනසුරාදා දින සමරනු ලබන දිනයකි එය මෙවර ජුනි 13 දිනට යෙදී තිබේ
එහි අරමුණ සෞඛය සම්පන්න ජීවන රටාවකට මානසික සුවය සහ ශාරීරික සුවය ප්‍රධාන වශයෙන් ඉවහල් වෙි.
2012 දී ටර්කියේදි ආරම්භ කරන ලද Global Wellness Day යනු ලාභ රහිත ජාත්‍යන්තර වැඩසටහනක් වන අතර, සෑම වසරකම ජූනි මාසයේ දෙවැනි සෙනසුරාදා දින ලෝකය පුරා දස දහස් ගණනක් ස්ථානවල මෙම දිනය සැමරේ. සියලු ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමනු ලබයි. මෙ සදහා මෙවන විට රටවල් 124 නියෝජනය කරනු ලබන අතර ,( GWD ) සංචාරකයන් ප්‍රමුඛ කොට ගත් ලෝක ප්‍රසිද්ධ නළු නිළියන්, රාජකීයයන්, ලේඛකයන්, ක්‍රීඩකයන්, සංගීතඥයන්, ව්‍යාපාරික නායකයන්, පෞද්ගලික සමාගම්, ජාත්‍යන්තර හෝටල් සමූහ, සංගම්, පදනම් සහ රජයන්ගේ සහය ලබාගනිමින් ගෝලීය සුවතා ව්‍යාපාරයක් බවට මේ වන විට වර්ධනය වී ඇත.
මෙහි මෙවර විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකික අභිමානය ලොවට ගෙනියමින් ප්‍රථම වරට ශ්‍රී ලාංකික නියෝජිතයකු ලෙස වැලිගම කේප් හෝටලයේ සාමාන්‍යාධිකාරී අසේල ජයවිර මහතා පත් කොට තිබෙන අතර ඒ තුළින් මෙරට සංචාරක ව්‍යාපාරයට ද යහපත් ප්‍රවේශයක් උදාවන බවට විශ්වාස කෙරේ
.එ අනුව මෙවර උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වැඩිදුර තොරතුරු asela.jayaweera@globalwellnessday.org යන විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකි බව ඒ මහතා දන්වා සිටි.
Category: columns
Columns
මාධ්‍ය ප්‍රඥාසාර ” පාසල් මාධ්‍ය වැඩමුළුව පස්වන වැඩසටහන අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේදී පැවැත් වෙයි……
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සම්පත් දායකත්වය මත පවත්වනු ලබන මාධ්‍ය ප්‍රඥාසාර ” පාසල් මාධ්‍ය වැඩමුළුව පස්වන වැඩසටහන (12 ) දින අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේදී පැවැත්විණි .එම විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක සමීර ද සිල්වා මහතාගේ ඉල්ලීමක් මත විද්‍යාලයේ විදුහල්පති සි.එන්.ඩබිලිවි ගුණරත්න මහතාගේ උපදෙස් මත සැරියුත් සංනද මාධ්‍ය ඒකකය භාර ආචාර්ය ජී.ඩී.කේ.ගුරුගේ.මහතා විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.මෙම මාධ්‍ය වැඩමුළුව තුළින් ප්‍රවෘත්ති ලිවීම ,ඉදිරිපත් කිරීම, මාධ්‍ය භාවිතය, හා විවිධ උත්සව මෙහෙයවන ආකාරය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී,මෙ සදහා දික්කුඹුර සිද්ධාර්ථ මහා විද්‍යාලය, කතළුව ජාතික පාසල වැල්හේන්ගොඩ ගුණරතන විද්‍යාලය, අටානිකිත කණිෂ්ඨ විද්‍යාලය, අහංගම රෝහණ මහා විද්‍යාලය යන පාසල්වල මාධ්‍ය ඒකකවල සියයකට ආසන්න දරුවන් සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ටි.කේ මහින්ද මහතා , ලේකමි යසන්ත ආරියසේන මහතා , ප්‍රධාන සංවිධායක, රසුන් දහනායක මහතා, භාණ්ඩාගාරික චන්දික ජයවර්ධන මහතා ඇතුළු මාධ්‍යවේදීන් සහ ගුරුභවතුන් රැසක් එක්ව සිටිහ…..
ගංවතුරට ගලේවෙල ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්……
පවතින අධික වර්ෂාවත් සමඟ සිදු වූ ජල ගැලීම් හේතුවෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් අවතැන්වී තිබේ.
ඉන් වැඩිම හානියක් ගලේවෙල නගරය ආසන්නයේ පිහිටි පට්ටිවෙල ලකීවත්ත ප්‍රදේශයට සිදුව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දුන්නහ.
නිවාසවල අඩි තුනත් පහත් අතර උස ප්‍රමාණයකට ජලය පැමිණ ඇති බව සඳහන්ය.
මේ වනවිට එම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර අවතැන්ව සිටින පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව මේ දක්වා ගණනය කර නොමැති බව නිලධාරින් ප්‍රකාශ කළහ.
මෙරට ජනගහනයෙන් සියයට 84ක් ඇස් දන් දෙන්න කැමැත්ත දෙයි…..
මෙරට ජීවත්වන ජනතාවගෙන් සියයට 84ක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගතවු වසර 15ක කාලය තුළ එම බැංකුව වෙත ලද අක්ෂි කුණිත17,000ක් රෝගීන් 12,000 දෙනෙකුට බද්ධ කර ඇති බව එම අමාත්‍යංශය සදහන් කර තිබේ.
වෙනත් රටවල අවශ්‍යතා සහ ඉල්ලීම් මත අක්ෂි කුණිත 4000ක් 5000ක ප්‍රමාණයක් ප්‍රදානය කර ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් ආයතනයක් වන අතර සිංගප්පුරුව හා දකුණු අප්‍රිකාව ඇතුළු ආසියානු රටවලින් මෙරට අක්ෂි බැංකුවේ ඇති අක්ෂි කුණිත සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බව ද එම අමාත්‍යංශය සදහන් කරයි.
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර ඇත්තන් පත් කරයි……
රතුගල නව ආදිවාසී නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර තිබේ.
එම ඇත්තන් මියගිය ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා ද වෙයි.
අසනීප තත්ත්වයෙන් පසු වූ සුදාවන්නිල ඇත්තන් පසුගියදා මිය ගිය අතර එම ඇත්තන්ගේ අවසන් කටයුතු චාරිත්‍රානුකූලව අද (09) රතුගලදී සිදු කරන ලදී.
සුදාවන්නිල ඇත්තන්ගේ දේහය තැන්පත් කරනු ලැබුවේ, එම ඇත්තන් ජීවත් වු ඉඩමේය.
දේහය භූමදානය කිරීමට පෙර දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් භාවිත කළ දුන්න සහ කෙටේරිය නව නායකයා වෙත ලබාදෙන ලදී.
ශ්‍රී ලංකාවත් මියන්මාරය මෙන් සයිබර් අපරාධවල තෝතැන්නක් වෙයිද?
මියන්මාරය මෙන් ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙරට තදාසන්න ප්‍රදේශවල පහසුවෙන් විශාල පිරිසකට නවාතැන් ස්ථාන සොයාගත හැකිවීම, පහසුවෙන් වීසා ලබාගැනීමට හැකිවීම, ඊට නිසි තක්සේරුවක් කිරීමේ ක්‍රමවේදයක් නොපැවතීම, ආගමන විගමන නීති ලිහිල්වීම, වේගවත් අන්තර්ජාල සබඳතා පැවැතීම හා යටිතල පහසුකම් පහසුමිලට සපයාගත හැකිවීම ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ට තෝතැන්නක් වීමට ඉවහල් වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
සයිබර් අපරාධකරුවන් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් විදෙස් රටවල පුද්ගලයන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සබඳතා ගොඩනගාගෙන, ඒ හරහා මුදල් ඩැහැගැනීම මෙන්ම ආයෝජන අවස්ථා පිළබඳ සාවද්‍ය තොරතුරු පෙන්වා මුදල් ලබාගෙන මඟහැරයාම් සිදු කරන බව පරිගණන අපරාධ විමර්ශන අංශය පෙන්වා දී සිටී.
මේ අතර මෙලෙස මෙරට තුළ සිට සයිබර් අපරාධකරුවන් ක්‍රියාත්මකවීම, ලෝකයේ සෙසු රටවල් ලංකාව කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීමට හේතුවක් වී ඇති බව විමර්ශන නිලධාරීන් පවසයි.
ඒ අනුව පොලීසිය මහජනතාවට දැනුම්දී සිටින්නේ චීන, තායිවාන, වියට්නාමය වැනි රටවල පිරිස් විශාල වශයෙන් එක් ස්ථානයක සැකකටයුතු ලෙස රැඳී සිටින්නේ නම්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම්දෙන ලෙසය.
මෙරට තුළ සයිබර් අපරාධවල නිරතවූ විදෙස් ජාතිකයන් රැසක් පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට……
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
2025 වසරේ දත්තවලට අනුව බීර නිෂ්පාදනය 5%න් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%න් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
2024 වසර ආරම්භයේ සිදුවූ සංශෝධනයෙන් පසු මේ දක්වා මධ්‍යසාර මිලෙහි සංශෝධනයක් සිදු නොවීම මෙම තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය වී ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීම හේතුවෙන් මධ්‍යසාර මිලදී ගැනීමේ හැකියාවේ විශාල වර්ධනයක් සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම කාලය තුළ සුරාබදු ආදායම යම් මට්ටමකින් වැඩි වී තිබුණ ද මෙම තත්ත්වය මගින් ඇති කරන බලපෑම බදු ආදායම් වර්ධනයට වඩා සෞඛ්‍ය හා සමාජීය වශයෙන් අහිතකර බලපෑම් එල්ල කරන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
2023 වසරේදී මධ්‍යසාර බදු 20%ට කින් වැඩි කිරීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර මිලියන 8.3කින් අඩු වී තිබූ අතර රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6කින් වැඩි වී තිබුණි.
2024 ආරම්භයේ දී මත්පැන් බදු තවදුරටත් 20%ට කින් ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස පෙර වසරට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර 430,000කින් තවදුරටත් පහත වැටී තිබූ අතර බදු ආදායම රුපියල් බිලියන 42.15ක් දක්වා ඉහළ ගොස් තිබූ බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේය.
මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය – ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට…..
ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන 05ක් ඉදිරියට පැමිණ තිබේ.
2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ සංවිධානය විසින් වාර්ෂිකව නිකුත්කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත.
2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 40.77ක් හිමිව ඇති අතර පසුගිය වර්ෂයේදී එම ළකුණු සංඛ්‍යාව 39.93ක් ලෙස පැවතුණි.
මෙම දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබේ.
මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රයාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ පහළම ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම ලෝක මාධ්‍ය නිදහස් දිනය ද අදට යෙදී තිබේ.
1993 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක මාධ්‍ය නිහස් දිනට සෑම වසරකට මැයි 03 වනදින සමරනු ලබයි.
සාමයේ පාද යාත්‍රාව කිලෝමීටර් 25ක් දුර ගෙවා අද මාවනැල්ලට….
‘ඒහිපස්සිකෝ’ සාම පාගමන තුන්වැනි දිනය මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් අද (24) පස්වරුවේ අවසන් විය.
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයෙන් ආරම්භ වු පාගමන අද කිලෝමීටර් 25ක් දුර ගමන් කළේය.
‘ඒහිපස්සිකෝ’ සාම පාගමනේ වඩින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ 13නම අද (24) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත්තේය.
එහිදී භික්ෂූන් වහන්සේ පිළිගනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.
ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගය ඉදිපිටදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පාගමනේ වඩින භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ විදෙස් බෞද්ධ සැදැහැවතුන්ට ආශිර්වාද කළේය.
අද දිනයේදීත් සාම පාගමනේ වඩින වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ 13නම මෙන්ම ලෝකයේම අවධානය දිනාගත් අලෝකා සුනඛයා දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් මාර්ග දෙපසට පැමිණ සිටිනු දක්නට ලැබුණි.
අදත් භික්ෂූන් වහන්සේ පැමිණෙන අතරමඟ බෞද්ධ සැදැහැවතුන් පාවඩ එළමින්, කෙසෙල් කොළ අතුරමින් , ජලය ඉසිමින් මාර්ගයේ ඉඩ සලසා දී තිබුණි.
අද දිනයේදි පාගමන ගමන් කළ කිලෝමීටර් 25 පුරාම බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් මාර්ගය දෙපස රැස්ව සිටින ආකාරය දක්නට ලැබුණි.
මෙහිදී සාම පාගමනේ මතක සටහනක් ලෙස වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි විසින් පහළ කඩුගන්නාවේදි පැලයක් ද රෝපණය කළේය.
පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්…..
පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ.
ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම ප්‍රහාරයේ වින්දිතයින් සැමරීම වෙනුවෙන් මෙම සැමරීම් සිදුකිරීමට නියමිත බවය.
ඒ අනුව මළවුන්ගේ සීනුව නාදකිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවය, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාඤා මෙහෙය සිදුකිරීම සෑම දෙව්මැදුරකම අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙය පැවැත්වීමට නියමිතය.
ඒ අනුව එම දේවස්ථානය අවට විශේෂ රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඊට සමගාමීව අද උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයේදී ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.
මේ අතර යැදුම් පා ගමන මීගමුව මාරිස්ටෙලා ක්‍රිඩාංගණයෙන් අද පස්වරු 4ට රදගුරු හිමිපානන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි පූජක පිරිස සමඟ ගමන් ආරම්භ කර කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
