පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ පාසල් යළි නඟා සිටුවීම සඳහා එම පාසල් සඳහා අවශ්‍ය පාසල් අභ්‍යාස පොත් ,පාසල් උපකරණ, සුහුරු පන්ති කාමර, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර, ප්‍රථමාධාර කට්ටල, ඇතුළු ලක්ෂ තිහකට ආසන්න දව්‍ය සහ උපකරණ ලබාදීම බදුල්ල දිඹුලන විද්‍යාලයේදී සිදු කරන ලදී.
එම අවස්ථාවට බදුල්ල දිඹුලන විද්‍යාලයේ විදුහල්පති මහින්ද බණ්ඩාර හේරත් මහතා බදුල්ල පන්වැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩි.එමි අජන්ත සිසිර කුමාර බදුල්ල විහාරගොඩ විද්‍යාලයේ විදුහල්පති ගයාන් හර්ෂ කුමාර ඇතුළු ගුරුභවතුන් සහ දරු දැරියන් සහ මාතර හරිස්චන්ද්‍ර මිල්ස්(පොදු) සමාගමේ කළමනාකර අධ්‍යක්ෂක සේනක සමරසිංහ ප්‍රධාන මුල්‍ය නිලධාරි තුෂාර ගජනායක මානව සමිපත් ප්‍රධානි රන්ජන කොඩිතුවක්කු මිළදි ගැනිමි කළමනාකරු චන්දන කොඩිකාර අභ්‍යන්තර සේවා කළමනාකරු කුසල නිරංජන බාලගේ මහත්වරුන් එක්ව සිටියහ.
Category: columns
Columns
වැලිගම බටවල පාතේගම ශ්‍රී ධම්මරතන දහම්පාසලේ 2026 වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි…..
වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථාන අනුබද්ධිතව පවත්වාගෙන යන ශ්‍රී ධර්මරතන දහම් පාසලට 2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත්වන දරුවත් මහත් හරසරින් පිළිගෙන එම දරුවත් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම හෙළ සිරිත් විරිත් ප්‍රමුඛත්වය ලබාදෙමින් සිදුකෙරුණි.එම කටයුතු වැලිගම ශ්‍රී ධර්මරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය හා රෝහණ මහා සඟ සභාවේ උපසම්පදා කාරක සභික හබරකඩ සෝභිත හිමියන්ගේ අනුශාසනා මත එම දහම් විද්‍යාලයේ උප ප්‍රධාන විදුහල්පති සුරංග කුමාර මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරිණි.

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීමට නව දුරකථන යෙදවුමක් හදුන්වා දෙයි….
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීම හා එම සංවිධානය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් නිර්මාණය කල දුරකථන යෙදවුම (app ) හඳුන්වා දීම සහ එය සුභ මොහොතින් අන්තර්ජාලයට මුදාහැරීම වැලිගම කේප් සුපෝබෝගි හෝටලයේදී (10 ) දින සිදුකෙරුණි.
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට දසවසරක් සපිරීම නිමිත්තෙන් 10 ට 10 ක් ලෙස පසුගිය වසර පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිනි.
ඒ අතර සාමාජික සාමාජිකාවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් හා ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් රැසක්ද විය.
එ අතර ඉතාමත්ම වැදගත්ම වැඩසටහන වූයේ දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ලංකාවේ දිස්ත්‍රික්ක 16 ක මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සදහා එක් අයෙකුට රු. 20000/= කට වැඩි වටිනානමක් සහිත වියලි ආහාර දව්‍ය සහ , සනීපාරක්ෂක ද්‍රව්‍ය හා භාණ්ඩ අඩංගු කටිටලයක් මාතර සිට ඔවුන් වෙතටම ගෙන ගොස් ලබාදීමට කටයුතු කරන ලදී.
පසුගිය වසර පුරා මාතර මාධ්‍යවේදියෝ සංවිධානය සිදුකල වැඩසටහන් රැසක සාර්ථකත්වය හා විනිවිධභාවය නිසා දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් සහ ආයතන කිහිපයක මූල්‍ය අනුග්‍රහය මත ලක්ෂ 20 කට ආසන්න වැඩ කොටසක් සිදුකල පසුබිමක 2026 වසර ආරම්භයත් සමඟ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු වඩ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ පහසුව වෙනුවෙන් මාතර Fine bit Softwear ආයතනයේ අනුග්‍රහය මත දුරකථන යෙදවුම හා ඉදිරි වසර 10 ක් සඳහා අන්තර්ජාල ඉඩ පහසුකම මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට ලබා දී තිබේ.
වැලිගම කේප් සුඛෝභෝගී හෝටලයේ කළමනාකරු අසේල ජයවිර මහතාගේ මැදිහත්වීම මත
අදාල ජංගම දුරකථන යෙදුම හඳුන්වාදීම සහ එය මුදා හැරීම එම හෝටලයේදී ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් ( දිසාපති ) චන්දන තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලී තේනුවර, කේප් හෝටල් කලමනාකරු අසේල ජයවීර, ෆයින් බිට් සොෆ්ට්වෙයාර් ආයතනයේ ලෂාන් ජයවර්ධන මහතා සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ. මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීම හා එම සංවිධානය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් නිර්මාණය කල දුරකථන යෙදවුම (app ) හඳුන්වා දීම සහ එය සුභ මොහොතින් අන්තර්ජාලයට මුදාහැරීම වැලිගම කේප් සුපෝබෝගි හෝටලයේදී (10 ) දින සිදුකෙරුණි.
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට දසවසරක් සපිරීම නිමිත්තෙන් 10 ට 10 ක් ලෙස පසුගිය වසර පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිනි.
ඒ අතර සාමාජික සාමාජිකාවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් හා ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් රැසක්ද විය.
එ අතර ඉතාමත්ම වැදගත්ම වැඩසටහන වූයේ දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ලංකාවේ දිස්ත්‍රික්ක 16 ක මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සදහා එක් අයෙකුට රු. 20000/= කට වැඩි වටිනානමක් සහිත වියලි ආහාර දව්‍ය සහ , සනීපාරක්ෂක ද්‍රව්‍ය හා භාණ්ඩ අඩංගු කටිටලයක් මාතර සිට ඔවුන් වෙතටම ගෙන ගොස් ලබාදීමට කටයුතු කරන ලදී.
පසුගිය වසර පුරා මාතර මාධ්‍යවේදියෝ සංවිධානය සිදුකල වැඩසටහන් රැසක සාර්ථකත්වය හා විනිවිධභාවය නිසා දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් සහ ආයතන කිහිපයක මූල්‍ය අනුග්‍රහය මත ලක්ෂ 20 කට ආසන්න වැඩ කොටසක් සිදුකල පසුබිමක 2026 වසර ආරම්භයත් සමඟ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු වඩ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ පහසුව වෙනුවෙන් මාතර Fine bit Softwear ආයතනයේ අනුග්‍රහය මත දුරකථන යෙදවුම හා ඉදිරි වසර 10 ක් සඳහා අන්තර්ජාල ඉඩ පහසුකම මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට ලබා දී තිබේ.
වැලිගම කේප් සුඛෝභෝගී හෝටලයේ කළමනාකරු අසේල ජයවිර මහතාගේ මැදිහත්වීම මත
අදාල ජංගම දුරකථන යෙදුම හඳුන්වාදීම සහ එය මුදා හැරීම එම හෝටලයේදී ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් ( දිසාපති ) චන්දන තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලී තේනුවර, කේප් හෝටල් කලමනාකරු අසේල ජයවීර, ෆයින් බිට් සොෆ්ට්වෙයාර් ආයතනයේ ලෂාන් ජයවර්ධන මහතා සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ.

ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ ‘විලාපය’: ඇජෙන්ඩා සහ ඇඩ්වර්ටයිසින් මැද වැළලෙන ‘මහපොළොවේ සත්‍යය’……
ලක්බිමේ නන් දෙසින් පුවත් මවන, සිදුවීම් වාර්තා කරන ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ ශ්‍රමිකයා වන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදියායි. උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් විසිරී සිටින මේ පිරිස තමන්ගේම වියදමින්, තමන්ගේම උපකරණවලින්, අව්ව වැස්ස නොබලා මහපොළොවේ සැබෑ තොරතුරු සොයා යති. එහෙත් අද වන විට ලංකාවේ සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ප්‍රජාවම දැඩි කලකිරීමකට සහ අසරණභාවයකට පත්ව සිටින්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන අනුගමනය කරන ඇතැම් අත්තනෝමතික ක්‍රියාපටිපාටීන් හේතුවෙනි.
වෙළඳ දැන්වීම්වලට යට වූ ‘මාධ්‍ය නිදහස’
ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු දිවි පරදුවට තබා, බලපුළුවන්කාරකම් හෝ දූෂිත ක්‍රියාවන් පිළිබඳ පුවතක් වාර්තා කළද, බොහෝ විට එය ප්‍රධාන නාලිකා හෝ පුවත්පත්වල පළ නොවේ. ඒ පිටුපස ඇත්තේ අදාළ මාධ්‍ය ආයතන නඩත්තු කරන “ඇජෙන්ඩාවන්” සහ වෙළඳ දැන්වීම් ආයතනවල (Advertising Companies) බලපෑමයි. යම් වංචාවකට සම්බන්ධ පාර්ශවයක් මාධ්‍ය ආයතනයක ප්‍රධාන දැන්වීම්කරුවෙකු නම්, එම පුවත “පිටුව මදි” හෝ “වෙලාව මදි” යන ලේබලය යටතේ කුණු කූඩයට වැටේ. මෙහිදී වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, පුවත පළ නොවීම ගැන ගමේ ජනතාව දෝෂාරෝපණය කරන්නේ අදාළ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට වීමයි. “අරූ සල්ලි අරගෙන පුවත යට ගැහුවා” යන අපහාසයට ලක්වීමට අද රටේ සෑම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුටම සිදුව ඇත.
ශ්‍රම සූරාකෑම සහ සම්මාන කොල්ලය
ප්‍රවෘත්තියක් සම්පාදනය කර ගැනීමට යන මූලික වියදම පවා පියවා ගැනීමට නොහැකි සොච්චම් මුදලක් ප්‍රාදේශීය මාධ්‍යවේදියාට ගෙවන අතර, ඇතැම් ආයතන එම මුදල පවා නිසි කලට ගෙවන්නේ නැත. එසේ වුවත්, ප්‍රාදේශීය මාධ්‍යවේදියා දුෂ්කරතා මැද එවන දර්ශන සහ තොරතුරු භාවිතා කරමින්, වාර්ෂික සම්මාන උළෙලවලදී රන් සම්මාන දිනාගන්නේ ප්‍රධාන කාර්යාලවල සිටින මාණ්ඩලික වාර්තාකරුවන් සහ නිලධාරීන් වීම බරපතළ අසාධාරණයකි. ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ නම පවා සඳහන් නොවන තරමට අද ඔවුන්ගේ වෘත්තීය අභිමානය හෑල්ලුවට ලක්ව තිබේ.
සමාජ මාධ්‍ය: අවසාන විලාපය
අද බොහෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමන්ගේ කනස්සල්ල Facebook හෝ YouTube හරහා ප්‍රකාශ කරන්නේ වෙනත් කළ හැකි දෙයක් නොමැති කම නිසාමය. සැබෑ ප්‍රශ්නවලට මාධ්‍ය ආයතන තුළ ඉඩක් නොලැබෙන විට, ඔවුන්ට තම හදවතේ වේදනාව මුදා හැරීමට ඇති එකම වේදිකාව එයයි. “හිස් මිනිසුන්” සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රතිරූප මවද්දී, රටේත් ගමේත් සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදියා අද සමාජය තුළ පවා හුදකලා වී ඇත.
මෙය එක් පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නොව, ලංකාවේ සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන පොදු ඛේදවාචකයකි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම්, ලංකාවේ ගවේෂණාත්මක සහ සැබෑ මාධ්‍ය කලාවේ අවසානය වැඩි ඈතක නොවේ.
ගලෙන්බිදුණුවැව සහ ගම්පහ විශේෂ වාර්තාකරු විසිනි…
NIRDC යටතේ පළමු කාර්තුවේ තෝරාගත් ව්‍යාපෘති 9කට සහතික පත් පිරිනැමේ…
පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකර තිබුණි.
ඒ අනුව, රුපියල් මිලියන 227කට වැඩි මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිත අතර අදාළ ව්‍යාපෘතිලාභීන් වෙත සහතික පත් පිළිගැන්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය යන මහත්වරු විසින් සිදු කරන ලදී.
ලංකා බැංකුව මගින් මෙම මුල්‍ය පහසුකම ලබා දීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමටද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක යන මහත්වරු අතර මෙහිදී අත්සන් තැබිණි.
ගිවිසුම ප්‍රකාරව අනුමත ප්‍රතිපාදන, අයදුම්කරුවන්ගේ ව්‍යාපෘතියට අදාළ කාර්ය සාධක දර්ශක (KPI) අනුව ප්‍රගතිය පරීක්ෂා කරමින් කොටස් වශයෙන් නිකුත් කිරීමට නියමිතය.
ඒ අනුව,
1 – විදුලි සංදේශ ආශ්‍රිත ජාලගත ළමා හිතකාමී අන්තර්ජාල පද්ධතිය සහ ඩිජිටල් යහපැවැත්මේ නව නිර්මාණයක් වන Vx Safenet මෙවලම වෙනුවෙන් සහතික පත්‍රය Visuamatix (Pvt) Ltd සමාගමේ තීක්ෂණ කුමාර මහතා වෙතද,
2 – Fractal Graphene and Activated කාබන් තාක්ෂණය වැනි අති නවීන රසායනික ද්‍රව්‍යවලින් නිෂ්පාදිත Volfpack Energy සුපිරි ධාරිත්‍රක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Volfpack Energy (Pvt) Ltd හි සංජීව කරුණාරත්න මහතා වෙතද,
3 – ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය, සීනි හෝ මධ්‍යසාර භාවිතයෙන් තොරව කුරුඳු පොතුවල අන්තර්ගත සියලුම අත්‍යවශ්‍ය පෝෂක කොටස්වල ගුණය මනාව සුරැකි Cold Brewed කුරුදු නිස්සාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Pure Cinnamon Exports (Pvt) Ltd හි මුදිත ජයතිලක මහතා වෙතද,
4 – අපනයනය කරනු ලබන පොල් තෙල්වල පිරිසිදු බව රසායනාගාරයකින් බැහැරව ඉතා වේගයෙන් සහ නිවැරදිව පරීක්ෂා කළ හැකි සුවිශේෂී අධි තාක්ෂණික උපකරණය හඳුන්වාදීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයේ ආලෝකා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය මහාචාර්ය ජී.කේ.ඩී.එස්. ජයනෙත්ති මහතා වෙතද
5 – තේ කලාවේ විශිෂ්ටත්වය සහ නව්‍යකරණය ලොව හමුවේ දිග හරින දේශීය අනන්‍යතාවට මුල් තැන දෙන Samanala Farm ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Samanala Farm ආයතනයේ පබසරා මනතුංග මහත්මිය වෙතද,
6 – සිංහල අකුරු ටයිප් කිරීමේ අපහසුව මගහරවා ගනිමින් රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම කර ගැනීමටත්, විශේෂයෙන් දෘශ්‍යාබාධිත ප්‍රජාව ඩිජිටල් ලෝකය සමග බද්ධ කිරීමටත් නිර්මාණය කළ ස්වභාවික හඬින් යුත් AI System (Chatbot) for Sinhala පද්ධතිය වෙනුවෙන් සහතික පත්‍රය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ආචාර්ය රනිදිල් පුෂ්පානන්ද මහතා වෙතද,
7 – කිතුල් කර්මාන්තයට නව පණක් ලබා දෙමින් සීනි සහිත පාන වෙනුවට ස්වභාවික ගුණය සහිත කිතුල් කෝලා සහ මේද රහිත කිරි නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Planet’s Pick Holdings (Pvt) Ltd වෙනුවෙන් කපිල විජේසේකර මහතා වෙතද,
8 – Flat knit තාක්ෂණය ඔස්සේ අපනයන ඉලක්ක කර ගනිමින් ගලගෙදර, මාතලේ සහ දඹුල්ල වැනි ප්‍රදේශවල කාන්තාවන් සවිබල ගන්වමින් ඉහළ සමාජයීය බලපෑමක් ඇති කරන TDR Knitting ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය TDR Knitting (Pvt) Ltd හි ලක්මාලි වනසිංහ මහත්මිය වෙතද
9 – රසායනික පොහොර භාවිතය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගනිමින් පසෙහි වෙසෙන ස්වභාවික ක්ෂද්‍ර ජීවින් සක්‍රීය කිරීම මගින් ඉහළ අස්වැන්නක් ලබා දෙන “Magic-grow” පාංශු සක්‍රීයකාරක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Wasala Agro ආයතනයේ වාසල සිරිවර්ධන මහතා වෙතද භාර දෙන ලදී.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ පර්යේෂණ සොයා ගැනීම් වාණිජකරණය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව මානයක් එක් කෙරෙන බවත්, එබැවින් සංවර්ධනය සහ ආර්ථික වශයෙන් මෙම අවස්ථාව ඉතා සුවිශේෂී අවස්ථාවක් බවත්ය.
මෙම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් ලැබූ සියලු ව්‍යාපෘතිලාභීන් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය සුබපැතුම් එක් කළේය.
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
මතභේදයට තුඩු දී ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට ද සංකූලතා මතුවී ඇතැයි තොරතුරු ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (19) අනාවරණ කළේය.
එම සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පැවසුවේ අදාළ එන්නත මෙරටට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරෙන වගකීමෙන් කිසිලෙසකින්වත් ඔවුන්ට නිදහස් විය නොහැකි බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියටම අනුව මෙම වසරේ දී පමණක් මෙවැනි කොලිටි ෆේලියර්ස් පර්යේෂණාත්මකව තහවුරු වුණු අවස්ථා අනූවකට ආසන්න ප්‍රමානයක් ඇති බවය.
ඔන්ඩැන්සෙට්‍රෝන් නැමති ඖෂධය තුළ බැක්ටීරියාවක් අන්තර්ගත වීම ඉන් ආසන්නතම සිදුවීම වන බවද වෛද්‍යවරයා පැවසීය.
එමෙන්ම අදාළ සමාගමේ තවත් ඖෂධ නමයක් මේ වෙනකොට අත්හිටුවා ඇති බවත් එය බරපතළ කාරණයක් වන බවත් ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා
”හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ අදාළ සමාගමෙන් දිගින් දිගටම මෙහෙම ආනයනය කරන ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි එනකොට මේ ගැන ගත්තු තීන්දු තීරණ මොනවද? තැන් තැන්වල දේශපාලඥයින්ගේ, සහෝදර සහෝදරියන්ගේ නම් ගෑවෙනවා. ඖෂධ මාෆියාව ගැන කතා කරනකොට මේක මේ අර වගේ හැමතැනම තමන්ගේ අඩු විහිදගෙන ඉන්න ක්ෂේත්‍රයක්. ඒක නෑ කියන්න බෑ. සමහරු මේක ඇතුළට එන්නේ අර මීයක් කඩන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයි. දැන් මේ මොහොතේදීත් අපි දකින්නේ අර ඉතිහාසය පුරාම අවුරුදු හැත්තෑ හයක් පුරා සිද්ධ වෙච්ච දේ. මේ හැත්තෑ හත්වෙනි අවුරුද්දෙත් ආයි ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට එතනදි කවුරුහරි කියනවා නම් මේක අහවල් නිලධාරියා තමයි මේකට වගකියන්න ඕනේ. එහෙම මේවයින් මිදිලා යන්න බැහැ.”
ආපදාවෙන් සිදුවූ පාඩුව ගැන හෙළිදරව්වක්….
දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි.
මේ පිළිබඳව කරුණු අනාවරණය වූයේ රට තුළ පවතින ආපදාවේ ස්වභාවය විශ්ලේෂණය කිරීම සහ එයින් සිදුවන සමාජීය, ආර්ථික හා පාරිසරික හානිය තක්සේරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.
එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්ත්වයට පත්කිරීමේ දී සිදුකළ යුතු අනෙකුත් ප්‍රතිසංස්කරණයන් සමග ඒ සඳහා රුපියල් බිලියන 190 ක පමණ මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බව එම නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.
මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ආපදා තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින මාර්ග 316 ක් සහ පාලම් 40කට හානි සිදුවී ඇති බව පෙන්වා දුන්හ.
කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්රිය මාර්ගවලට සිදුවූ හානිය සහ දිවයින පුරා ප්‍රාදේශීය මාර්ගවලට සිදුවූ හානිය පිළිබඳව තවමත් තක්සේරු කිරීමක් සිදුව නොමැති බවය.
ප්‍රාදේශීය මාර්ග නැවත පිළිසකර කිරීමේ දී ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා අමාත්‍යාංශය මූලිකත්වයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව දැනට ලෝක බැංකුව මගින් රුපියල් බිලියන 2ක මුදලක් ණයක් ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවත් තවත් ආයතන කිහිපයක් මගින් මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මේ අතර මෙම ආපදා තත්ත්වයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම මණ්ඩලයේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
ලෝක බැංකුවෙන් මේ සඳහා යම් ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා සිදුවන බවත් එම නිලධාරීන් කාරක සභාව හමුවේදී පැවසූ අතර මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා එම මුදල ණය මුදල් ලෙස ලබා නොගෙන ප්‍රදානයක් ලෙස ලබාගැනීමට උත්සාහ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ණය මුදලක් ලෙස එම ප්‍රතිපාදන ලබා ගැනීම ඔස්සේ පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පතේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් එම මුදල ප්‍රදානයක් ලෙස ලබාගැනීමේ වැදගත්කම සභපතිවරයා අවධාරණය කළේය.
තවද සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් මිලියන 252 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දැන්වූහ.
එම එම අළුත්වැඩියා කටයුතු සඳහා වැයවන මුදල ඔවුනට අයවැය මගින් වෙන් කර තිබෙන ප්‍රතිපාදන මගින් ප්‍රතිපුර්ණය කරගත හැකි බැවින් අමතර ණය හෝ ප්‍රදානයක් අවශ්‍ය නොවන බව සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ නිලධාරීහු වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභාවට දැන්වූහ.
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දැනට ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට රුපියල් බිලියන 5.6 ක පමණ අලාභයක් සිදුව ඇති බව එම නිලධාරීහු කාරක සභාව දැන්වූහ. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම් යෝජනාක්‍රම 156 කට හානි සිදුව ඇති බවත් ඒ සියල්ලම නඩත්තු කටයුතු සිදු කර මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවත් නිවාස ,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට පැවසීය.
එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් ප්‍රදානයක් ලෙස ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ලේකම්වරයා කාරක සභාවට දැන්වීය.
ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදාවන්ට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාවේ සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ඒ සඳහා අවශ්‍ය සහාය අදාළ අමාත්‍යාංශ සහ නිලධාරීන් වෙත ලබාදීමට සුදානම් බවද පැවසුවේය.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, අජිත් පී. පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ලංකාවට වූ හානි ගැන UNDP වාර්තාවක්….
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.
අධික වැසි සමග ඇතිවූ ගංවතුර සහ ජලගැලීම් හේතුවෙන් මෙරට පුද්ගලයින් මිලියන 2.3කට බලපෑමට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම මෙරට හෙක්ටයාර මිලියන 1.1 ඉක්මවූ භූමි ප්‍රමාණයක් ජලගැලීම්වලට හසුව ඇති බවත්, එය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ වන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.
ජාතික වශයෙන් ජලගැලීමෙන් වැඩිම භූමි ප්‍රදේශයක් යටවූ ප්‍රදේශය ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනාගෙන ඇත.
එහි හෙක්ටයාර් 23,000කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට හසුව තිබේ.
එසේම ගංවතුරින් කුඹුරු ඉඩම් හෙක්ටර්යාර 530,000ක් යටවී ඇති බවද එම වාර්තාවේ සඳහන්.
මෙවර ගංවතුරට හසුවූ ගොඩනැගිලි සංඛ්‍යාව 720,000කට ආසන්න වන අතර, එය මෙරට සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාවෙන් 12න් 1ක්.
මාර්ග කිලෝමීටර් 16,000කට වඩා ගංවතුරට නිරාවරණය වී ඇති අතර, ඒ හා සමානව කිලෝමීටර් 278කට වඩා වැඩි දුම්රිය මාර්ග සහ පාලම් 480ක් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල පිහිටා තිබේ.
ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් අතරින් මිලියන 1.2ක් කාන්තාවන් වන අතර, දරුවන් 522,000ක් සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින් 263,000ක් ගංවතුරේ බලපෑමට ලක්ව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
එලෙස ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් අතරින් 60%කට වඩා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන පුද්ගලයින් බව ද එහි සඳහන්.
මේ අතර ඇදහැළුණු අධික වැසි හේතුවෙන් මෙරට කඳුකර ප්‍රදේශවලින් නායයෑම් 1,200ක් පමණ වාර්තා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඉන් 135ක් වන වැඩිම නායයාම් වාර්තා වී ඇත්තේ මහනුවර – උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ය.
ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල සහ පස්සර යන එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයාම් 60කට වැඩි සංඛ්‍යාව බැගින් වාර්තා වී තිබේ.
එසේම, ගංවතුර සහ නායයාමෙන් ඇතිවූ ආපදා හේතුවෙන් ඉදිකිරීම් නොවන අපද්‍රව්‍ය ටොන් 25ක් පරිසරයට එකතු වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අලුත්ම වාර්තාවේ සඳහන්.
එම ප්‍රමාණය ඝන මීටර් 60,000ක් පමණ වන බව එහි දැක්වේ.
ගංවතුරට හසුවී විනාශ වුණු ආහාර ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු….
දිට්වා සුළි කුණාටුවත් සමග ගම්පොළ නගරයට බලපෑ ගංවතුර හේතුවෙන් ජීවිත සහ දේපොළ හානිවලට අමතරව වෙළෙඳසැල් සහ ගබඩා තුළ තිබූ ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ද විනාශයට පත්වී තිබේ.
ඒ අනුව ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ 2කට අයත් සහල් මිටි දහස් ගණනක් මෙලෙස විනාශවී ගොස් තිබෙන අයුරු දැකගන්නට හැකිවිය.
ඊට අමතරව පරිප්පු, සීනි, පිටි ආදිය ද ඒ අතර වෙයි.
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ, කහටපිටිය හා බෝතලාපිටිය ප්‍රදේශවල ඇති ගබඩාවල හා සුපිරි වෙළෙඳ සංකීර්ණවල මෙම ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත.
තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙමු ක්‍රීඩාව තුළින් ජය කෙහෙළි නංවා ජීවිතය ජයගමු යන මැයෙන් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියක් උත්කර්ෂවත් අන්දමින් කොටවිල ක්‍රීඩාංගනයේදී……
තරුණ තරුණියන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව එම පිරිස එමගින් මුදවාගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂය පෙරදැරිව සිදු කරන තවත් වැඩසටහනක් ලෙස මාතර අධිකරණය මගින් විශෝධනයට යොමුකල එම තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට ක්‍රීඩා අවස්ථාව ලබාදීමේ අරමුණින් සංවිධානය කළ ක්‍රීඩා උත්සවයක් කොටවිල ක්‍රීඩාංගණයේදී (25 ) දින පැවැත්විණි.
මෙම ක්‍රීඩා උත්සවය මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා උපදෙස් සහ මග පෙන්වීම මත මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය ,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත යන නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කළහ.
එ සදහා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය තුළින් වැඩසටහන සාර්ථකත්වයට පත්ව තිබිණි.
විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙමගින් අවස්ථාව උදා වී තිබිණි.
වැලිගම – තරංග ගුණරත්න

