මාධ්‍ය ප්‍රඥාසාර ” පාසල් මාධ්‍ය වැඩමුළුව පස්වන වැඩසටහන අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේදී පැවැත් වෙයි……

News Iamges.00_00_00_00.Still2510

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සම්පත් දායකත්වය මත පවත්වනු ලබන මාධ්‍ය ප්‍රඥාසාර ” පාසල් මාධ්‍ය වැඩමුළුව පස්වන වැඩසටහන (12 ) දින අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේදී පැවැත්විණි .එම විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක සමීර ද සිල්වා මහතාගේ ඉල්ලීමක් මත විද්‍යාලයේ විදුහල්පති සි.එන්.ඩබිලිවි ගුණරත්න මහතාගේ උපදෙස් මත සැරියුත් සංනද මාධ්‍ය ඒකකය භාර ආචාර්ය ජී.ඩී.කේ.ගුරුගේ.මහතා විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.මෙම මාධ්‍ය වැඩමුළුව තුළින් ප්‍රවෘත්ති ලිවීම ,ඉදිරිපත් කිරීම, මාධ්‍ය භාවිතය, හා විවිධ උත්සව මෙහෙයවන ආකාරය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී,මෙ සදහා දික්කුඹුර සිද්ධාර්ථ මහා විද්‍යාලය, කතළුව ජාතික පාසල වැල්හේන්ගොඩ ගුණරතන විද්‍යාලය, අටානිකිත කණිෂ්ඨ විද්‍යාලය, අහංගම රෝහණ මහා විද්‍යාලය යන පාසල්වල මාධ්‍ය ඒකකවල සියයකට ආසන්න දරුවන් සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ටි.කේ මහින්ද මහතා , ලේකමි යසන්ත ආරියසේන මහතා , ප්‍රධාන සංවිධායක, රසුන් දහනායක මහතා, භාණ්ඩාගාරික චන්දික ජයවර්ධන මහතා ඇතුළු මාධ්‍යවේදීන් සහ ගුරුභවතුන් රැසක් එක්ව සිටිහ…..