චිචීගේ රොකට් එක ගැන අගමැතිනියගේ හෙළිදරව්ව…..

ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

එමෙන්ම එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය අද (6) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.

ඇය මෙම අදහස් පළකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත්කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ 2012.05.23 දින.

2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා. 

සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයැදුම් පතෙහි තොරතුරු අනුව ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැත” යනුවෙන් ඇය පැවසීය.

නඩු ගොනුවක පිටු ඉරූ නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කෙරේ…

අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත්කිරීම තුළින් නීතීඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්. ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී විසින් අදාළ නීතිඥවරයාට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව  අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් ඉරා ඉවත් කර ඇති බවට මෙම වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී ඩබ්ලිව්.එස්.බී.එස්. ප්‍රනාන්දු විසින් මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නීතිඥවරයා මාළිගාකන්ද මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වනදා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු බවත් නඩු තීන්දුවේ සඳහන් වෙයි.

ඉන් අනතුරුව නීතිඥභාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කළ අතර, ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවති අතර එහිදී වගඋත්තරකාර නීතිඥවරයාද සාක්ෂි ලබා දී ඇත.

ඉදිරිපත් වූ කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සංවිධාන පනතේ 40 වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවා ගනු ලබන්නේ හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයින් පමණක් බව මතක තබා ගත යුතු යැයි සඳහන් කළේය.

එවැනි නීතිඥවරුන්ට ලියාපදිංචි වූ පසු කිසිදු වංචාවක්, අක්‍රමිකතාවක්, අපරාධයක් හෝ වරදක් කළ නොහැකි අතර එය මහජනතාවගේ සහ රටේ යුක්තිය පසිඳලීමේ කටයුතුවලට සම්බන්ධ වූවන්ගේ සාධාරණ අපේක්ෂාවක් බවත් තීන්දුවේ සඳහන් විය.

නීතිඥවරයෙකුට අපේක්ෂිත ප්‍රමිතිය පවත්වා ගැනීමට නොහැකි නම්, එවැනි නීතිඥවරයෙකුට තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීමට අවසර දිය නොහැකි අතර යහපත් කීර්තියක්, දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයින් පමණක් නීතිඥවරු ලෙස කටයුතු කරන බවට මහජනතාව තුළ පවතින අභිලාෂය ද සැලකිල්ලට ගැනීම තම අධිකරණයේ යුතුකමක් බවත් අගවිනිසුරුවරයා එහිදී පැවසීය.

මෙම වතාවරණය මත වගඋත්තරකාර නීතිඥවරයාගේ ක්‍රියා කලාපය සමස්තයක් ලෙස මේ රටේ නීති වෘත්තියේ කීර්ති නාමයට කැළලක් ඇති කර ඇති ආකාරය පෙන්වීමට තවදුරටත් හේතු දැක්වීම අවශ්‍ය යැයි තමා නොසිතන බවත් අගවිනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව  වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 42 වන වගන්තිය ප්‍රකාරව ඔහු වහාම නීතිඥ භාවයෙන්  ඉවත් කිරීමට නියෝග කරන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සිය තීන්දුවේ දී සඳහන් කළේය.

ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එහි රෙජිස්ටර්වරයාට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විය.

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරයි

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට……

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.

එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර රන්මසු උයනේ ඇති ලංකාවටම එකක් වූ විශ්ව චක්‍රය සුරා,පළුදු කර හානි සිදු කරලා….

 

ලෝකය පුරාවටම සක්වල දොරටු කිහිපයක් සොයාගෙන තිබෙනවා,මහා රාවණා රජු සබඳතා දැක්වූවා කියන ශිෂ්ඨාචාරවලට අයත් වීම පුදුම සහගත වේ.

මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි එහි ඇත්තේ තාරකා දොරටුව,මෙතෙක් ලෝකය පුරාවටම සොයාගත් තාරකා දොරටු අතරින් අක්ෂර සහ රූපවැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙහි.අප රටට අයත් තාරකා දොරටුව පිහිටා තිබෙන්නේ අනුරාධපුරයේ රන්මසු උයනේය.

අනුරාධපුර රන්මසු උයනේ පිහිටා ඇති මෙම විශ්ව චක්‍රය මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් යන බවට අනුරාධපුර සිරි සුව අරණේ විහාරාධිපති පූජ්‍ය ගලෙන්බිදුණුවැවේ සෝමරතන හිමියන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එම විශ්ව චක්‍රය මත යම් මානසික මට්ටම් ඇති මිනිසුන් විසින් සූරා, පළුදු කර එය විනාශ කිරීමට මේ වන විට කටයුතු කරමින් යන බවයි.

උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කළේ

ඉතා කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි,මේ ශුද්ධ වූ භූමියේ පිහිටලා තිබෙන,ලෝකෙම මේ වැනි චක්‍ර තිබෙන්නේ තුනයි, ඉන් එකක් තමයි මේ පිහිටලා තිබෙන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති විශ්ව චක්‍රය , විවිධ මානසික රෝග තිබෙන,විකෘති අදහස් තිබෙන එක එක පුද්ගලයෝ මේවා බලන්න එනවා, ඇවිත් මේ කරල තියෙන හානිය පිළිබඳව අපි මේ රජයට,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පෙන්නලා දෙනවා ගඩොල් කෑලි අරගෙන විශ්ව චක්‍රය මේ වන විට හූරලා,පළඳු කරලා හානි කරලා,තිබෙන අයුරක් තමයි අපිට මේ පේන්නේ.

ඉදිරි අනාගතයට අපේ ඉදිරි දරුවන්ට ඒ වගේම අපේ රටට,අහිමි වී යන ඉතා වටිනා ස්ථානයක් තමයි මේ රන්මසු උයනේ විශ්ව චක්‍රය.

අපි ඉල්ලා සිටිනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ සිටිනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, ඒවගේම මේ රජයේ ජනාධිපතිවරයාගේ අග්‍රාමාර්තිතුමියගෙන් ඒවගේම මැති ඇමතිවරුන්ගෙන්, වෙන වෙන වැඩ නවත්තලා,විදේශකයෝ ගේන්න පුළුවන් ඩොලර් රටට ගේන්න පුළුවන්,ලෝකෙට පෙන්නන්න පුළුවන් මේ ශුද්ධ භූමිය,මේ විශ්ව චක්‍රයට මොනයම් හෝ හානියක් වෙලා මේ තියෙන ලක්ෂණ හෝදලා දලා දලා දලාම ටික හැඩතල වලට හානියක් වුණොත්,මේ වෘත්තාකාර හැඩවලට හානියක් වුණොත්, මේ මැකෙන්නේ අපේ ඉතිහාසය,ඒ ඉතිහාසයයි අපට නැතිවීගෙනන යන්නේ,මේ රජයට ඉතිහාසය ආරක්ෂා කරන්න ඕන කියන කිසිම සංකල්පයක් නැති බටහිර ප්‍රතිපත්තිත් එක්ක පමණක් ජීවත්වන පිරිසක්.

රටේ ජීවත් වෙන සියලු පුරවැසින් මෙම විශ්ව දොරටුව ආරක්ෂා කර ගැනීම සඳහා, එකතු වෙන්න සංවිධානයවෙන්න,සියලු බලධාරන්ගෙන් ඉල්ලාා සිටින්නේ මේ වගේ හානිකරන විනාශ කරන පළඳු කරන අයට දැඩි නීතිගේන්න, මේවා සංරක්ෂණ කර ගන්න කැමරාවක්වත් අඩුම හයි කරල නෑ, එනිසා අපි කියන්නේ මේ මේවා සංරක්ෂණය කරගන්න මුරකරුවෝ ඉන්නවා රැකියා ලක්‍ෂ වලින් පිරිස අරන්ඉන්නවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය ඉන්නවා,මේකට ආරක්ෂාව ලබාදෙන්න මේක සංරක්ෂණය කරලා දෙන්න.

මිහින්තලේ – දුලංජ මධුසංඛ

පාස්කු ප්‍රහාර නඩුව කල්යයි……

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුකරයට අදාළව විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කැඳවීමට නියම විය.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල් තිබුණි.

මෙම නඩුවට අදාළව නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 24කට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුදෙනා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ ලේඛන කැඳවීමට නියෝගයක්

සිර දඬුවම් ලබාසිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ ලේඛන කැඳවීමට කොළඹ මහාධිකරණය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්  බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර  එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවු අවස්ථාවේදිය.

ලැයිස්තුගත කර තිබෙන ලේඛන හෝ ඒවායේ මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබේ නම් ඒවා අද සිට සතියක් තුළ තම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස එහිදි කොළඹ මහාධිකරණය  අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

COPA සභාපති ඉල්ලා අස්වෙයි…..

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කියා සිටියේය.

ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්….

අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම් බවය.

එමෙන්ම එම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා හරිමින් කටයුතු කල හොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකයට හෝ පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208 හෝ 0112 784537 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වීමට නියමිත

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වෙයි….

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.

එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව කොළඹ ප්‍රධාන මහ‍ෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරපිත් කිරීමට නියමිතය.