සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘතව තැබීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා.

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගෙන ඇති බවයි බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසන්නේ.

ඒ් අනුව සීගිරිය රාත්‍රි කාලයේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

2018 වසරෙන් පසු වැඩිම සංචාරක පැමිණීම 2024 වස​රේදී

2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින්, 2024 වසර තුළ සංචාරකයින් 2,053,465 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2018 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙස බවයි සඳහන් වෙන්නේ.

2023 වසර හා සැසඳීමේදී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 07 කට ආසන්න, සැලකිය යුතු වර්ධනයක් දැක ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

677793b25e941 677793b247a6a

2024 සංචාරකයින් පැමිණීම මිලියන 2 ඉක්මවයි

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) මිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා.

තායිලන්තයේ සිට පැමිණි යුවළක් එම ඉලක්කය සැපිරූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් ලෙස සටහන්ව තිබුණා.

වසරේ මේ දක්වා සංචාරකයින් මිලියන 1.9 ක් මෙරටට – සංචාරක සංවර්ධන අධිකාරිය

2024 වසරේ ගතවූ කාලය තුළදී සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, දෙසැම්බර් මාසයේ දැනට 90,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බවද, දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කර සිටිනවා.

මෙම වසර තුළ සංචාරක පැමිණීම ලෙස මිලියන 2.2ක ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත්, එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක අගයක් ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙම වසර වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාව​ට රන් සම්මානයක්

ලෝ ප්‍රකට Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට Most Desirable Island කාණ්ඩයේ රන් සම්මානය හිමිවී තිබෙනවා.

මෙවර ලන්ඩනයේ දී එම සම්මාන උළෙල පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවට රන් සම්මානය හිමිවූ අංශයේ රිදී සම්මානය තායිවානයට ද, ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයට ද හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

200,000කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නුවරඑළිය සදතැන්නේ හිරු උදාව නරඹන්න  නැවත සංචාරකයින්ට අවස්තාව ළඟදීම.

නුවරඑළිය සදතැන්න පාරිසරික කලාපයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයට් හිරු උදාව නැරඹීම සඳහා නැවත අවසර ලබාදීමට හා අවශ්‍ය පහසුකම් සැපයීමට කඩිනමින් කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් වූ ගමගේ මහතා පවසයි  .

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා 09දා හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය ,

සදතැන්න (MOON  PLAINS) නුවරඑළිය නගරයේ සිට කිමී 5 ක පමණ  දුරකින් පිහිටි සදතැන්න සුන්දර සංචාරක කලාපයකි.

නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ පසුකර තවත් කි මී 3 ක් ගිය තැන සදතැන්න හමුවන අතර  මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුතු සදතැන්න අවට ප්‍රදේශය ම අංශක 360 ක දර්ශනය නැරඹීමට කදිම ස්ථානයකි .

ලංකාවේ උසම කදු මුදුන් 10 න් 9 ක්ම දර්ශනය වීම සදතැන්නේ විශේෂත්වයකි .

ස්භාවධර්මයේ අපුරු නිර්මාණයක් වූ සදතැන්න ප්‍රදේශය නැරඹීමට යා හැකි වන්නේ බීජ අර්තාපල් ගොවිපළ අසලට පැමිණ ගමන් කළ හැකි අතර මෙහි ඇති මනස්කාන්ත භූමි දර්ශන මෙන්ම පාරිසරික සුන්දරත්වය ලංකාවේ කිසිම තැනකවත් දැකගත නොහැකිය.

එමෙන්ම එහි හිරු උදාව නිරීක්ෂණය සංචාරක ආකර්ෂණය ලබා ගත් අවස්ථාවක් වුවද විවිධ හේතු නිසාවෙන් ඒ සදහා ඇති පහසුකම් නොමැති බව ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධකයින් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමත් සමගම මෙම ප්‍රදේශයට සංචාරය කරමින් මෙම සංචාරක කලාපයේ පවතිව අඩුපාඩු පිළිබදව පැමිණ සිටි පිරිස සමගා සකච්ඡා කළ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සදතැන්න සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ඇති කිරිමට කටයුතු කරන ලෙසත් රටක් ලෙස ආර්ථික වශයෙන් නැගි සිටිමට උත්සහ කරන මෙම අවස්ථාවේදි සියලු දෙනා භේද පසෙකලා ආර්ථික සමාජිය දියුණුව උදෙසා තම යුතුකම් සහ වගකිම් නිසි ලෙස වටහාගෙන කටයුතු කිරිම වැදගත් බවය.

මෙම සංචාරය සදහා මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර නුවරඑළිය සීතාඑලිය බීජ අර්තාපල් ගොවිපළ නිලධාරී මහතුන් , සංචාරක ප්‍රවර්ධකයින්ඇ කිහිප දෙනකු ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

WhatsApp Image 2024-02-11 at 14.17.11 (5) WhatsApp Image 2024-02-11 at 14.17.11 (4) WhatsApp Image 2024-02-11 at 14.17.11 (3) WhatsApp Image 2024-02-11 at 14.17.11 (2) WhatsApp Image 2024-02-11 at 14.17.11 (1) WhatsApp Image 2024-02-11 at 14.17.11

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගියා – හරීන්

මෙම දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 සීමාව ඉක්මවා ගිය බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පසුගිය වසර 4 ඇතුළත මාසයක් තුළ ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේදී බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2023 වසරේ මුල සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් තිබූ අතර මෙම වසර අවසානයේදී එම ඉලක්කය සපුරාගැනීමට හැකිවෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දෙසැම්බර් පළමු දින 10 ට සංචාරකයන් 57,000 ක්

දෙසැම්බර් මාසයේ ගතවුනු පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙයින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් අතර, එම සංඛ්‍යාව 11,442 ක් වනවා.

රුසියාවෙන් 8,004 ක්,  බ්‍රිතාන්‍යයෙන් 5,991 ක්, ජර්මනියෙන් 5,336 ක්, චීනයෙන් 2,894 ක් යන ලෙස දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ සංචාරකයන් දිවයිනට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමස්ථයක් ලෙස ගත් විට, 2023 වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතළිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රකට සූපවේදී Gary Mehigan ශ්‍රී ලංකාවට

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් (Gary Mehigan) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සත්දින වැඩමුළු කීපයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සඳහා වූ තරගාවලියක් වන Master Chef Australia තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

නොවැම්බර් මුල් දින 5 තුළ සංචාරකයින් 22,202 ක් ලංකාවට

2023 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ සංචාරකයින් 22,202 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව  1,147,657 ක් බවයි සඳහන් වන්නේ.

නොවැම්බර් මාසයේ පළමු දින 5 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර මීට අමතරව ඉන්දියාවෙන් 3,866ක් ජර්මනියෙන් 2,011ක් එක්සත් රාජධානියෙන් 1,539 ක් පැමිණ තිබෙනවා.

654b0c8428445