ඔක්තෝබර් මාසයේ මෙරට​ට සංචාරකයින් 109,199 ක් පැමිණෙයි

2023 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 109,199ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස තුළ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,125,455ක් ලෙස සටහන් වන බවයි සඳහන් වන්නේ.

ඔක්තෝබර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රටවල් අතර ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය පෙරමුණේ පසුවනවා.

2023 වසරේ මේ දක්වා මෙරට​ට සංචාරකයින් ලක්ෂ 9 ඉක්මවා පැමිණෙයි

2023 වසරේ මේ දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 950,626 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ මුල් දින 12 ක කාලය තුළ සංචාරකයින් 46,308 ක් පැමිණ ඇති බවද සඳහන්.

ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව සහ ඔස්ට්‍රේලියාවෙන් සැප්තැම්බර් මාසයේ මුල් දින කිහිපය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

6502aa4b6ba08 6502aa4b64b99

වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළි‍වෙළේ ප්‍රගතිය විමසා බැලීමට, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මැයි පළමු සතිය තුළ සංචාරකයින් 18,000 ක් දිවයිනට

2023 මැයි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 18,401 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව 2023 වසරේ මැයි 07 දින දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 459,578 ක් බවයි සඳහන් වන්නේ. මැයි පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 26% ක්ම ඉන්දියානුවන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මාර්තු මාසයේ දී සංචාරකයින් 125,495ක් මෙරටට පැමිණිලා – ශ්‍රී ලංකා මහ බැංකුව

2022 වසරේ මාර්තු මාසයේ වාර්තා වූ සංචාරකයින්ගේ පැමිණීම වූ 106,500ට සාපේක්ෂව සහ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 107,639ට සාපේක්ෂව, 2023 වසරේ මාර්තු මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 125,495ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.

මෙලෙස සංචාරකයින් අතර රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් පැමිණි පිරිස ඉහළ මට්ටමක පවතින බවයි මහ බැංකු වාර්තාවල සඳහන් වන්නේ.

එමෙන්ම 2023 වසරේ මාර්තු මාසය තුළදී සංචාරකයන්ගෙන් උපයා ගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 198ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම සඳහා අදාළ සියලු පාර්ශව සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එසේම නව ගොඩනැඟිලි නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කිරීමටද අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

විදෙස් සංචාරකයින් සඳහා කටුනායක ගුවන් තොටුප​ලේ විශේෂ කවුළු කිහිපයක් විවෘත කෙරේ

විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් අද (24) සවස සිට කටුනායක ගුවන්තොටුපොළේ විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ සංචාරක සංවර්ධන කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව මෙය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

මාර්තු මාසයේ සංචාරකයින් 125,000 කට වැඩි පිරිසක් දිවයිනට පැමිණෙයි

මාර්තු මාසයේ මෙරටට සංචාරකයින් 125,495ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස තුන තුළ සංචාරකයින් 335,679 ක් පැමිණ ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

2023 වසරේ මුල් මාස කිහිපයේ සංචාරක පැමිණීම ලක්ෂ 3 ඉක්මවයි

2023 මාර්තු මාසයේ මුල් දින 26 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 105,714 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 315,898 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

7a4719085f43e46932d46ec2f6fe7d3b

පෙබරවාරි මාසයේ සංචාරකයන් 107,639 ක් පැමිණෙයි

ගත වූ පෙබරවාරි මාසය තුළ මෙරටට සංචාරකයන් 107,639 ක පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව එය 2022 පෙබරවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම්වලට වඩා 11.5% ක වැඩිවීමක් බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එසේම 2023 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 210,184 ක් ලෙස වාර්තා වූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.