ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වේ.මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය සඳහන් කරයි. තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා…..
-
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්…..
Read more >> -
රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය අලුත් වෙයි…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 990,000 පනී……
Read more >> -
ලංකාවට එන මාලදිවයින් ජාතිකයින්ට ‘ETA’ අනිවාර්ය කරයි…..
Read more >> -
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට…..
Read more >> -
මැයි ගෙවුණු දින 10ට සංචාරකයින් 46,606ක් මෙරටට ඇවිත්…..
Read more >> -
යාල්දේවී දුම්රිය හෙට සිට නැවත ධාවනය ආරම්භ කරයි……
Read more >> -
හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා…….
Read more >> -
දුරගමන් යන මගීන්ට අද සිට ආසන වෙන් කිරීම ක්‍රම තුනකින්…….
Read more >>

