මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාවෙන් දෙන මුදලේ පළමු කොටස නිදහස් කෙරේ….

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 770) නිකුත් කර ඇත.

මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 14.89ක වියදමින් ණයක් ලෙස ඉන්දීය රජයෙන් දීමට යෝජනා කර තිබුණ ද 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ඉන්දීය රජය විසින් එය ප්‍රදානයක් බවට පරිවර්තනය කරන ලදී.

එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්දියානු රාජ්‍ය අංශයේ ආයතනයක් වන ඉර්කෝන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසිනි.

ඉන්දීය ආධාර ඇතිව, උතුරු මාර්ගයේ ධාවන පථ පැයට කිලෝමීටර 100 දක්වා දුම්රිය වේගයට සහාය වන පරිදි වැඩිදියුණු කර ඇත.

මීට සමගාමීව දියුණු සංඥා පද්ධතියක් හරහා මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම තුළින් දුම්රිය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ව්‍යාපෘතිය 2026 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දුම්රිය අංශයට ඉන්දියාවේ සමුච්චිත මූල්‍ය ආධාර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2කි.

මේ දක්වා, ඉන්දියාව කිලෝමීටර 500 කට ආසන්න දුම්රිය මාර්ගයක් ඉදිකර ප්‍රතිසංස්කරණය කර ඇති අතර කිලෝමීටර 400 ක පමණ දුම්රිය ජාලයක් හරහා සංඥා සහ විදුලි සංදේශ පද්ධති සපයා ඇත.

මහනුවර ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය ඇරඹෙයි…..

රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය.පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතිනි.පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා සහ කෝට්ටේ රාජා හස්තීන් ගමන් කළේය.පළමු දිනයේ පෙරහර නැරඹීමට දේශීය සැදැහැවතුන් මෙන්ම විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියේය.ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වනදා වීථී සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වේ.මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය සඳහන් කරයි.  තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරයි.

2025 සංචාරක පැමිණීම ලක්ෂ 06 ඉක්මවයි

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 613,728 ක් බවයි අදාළ වාර්තාව මඟින් දක්වා තිබෙන්නේ.

2025 මාර්තු මාසයේ පළමු දින 16 තුළ 120,750 ක විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවද එහි සඳහන්.

ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය හා චීනය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පහතින්.

news images

news images

ජනවාරි මාසය තුළ සංචාරකයින් 252,761 ක් මෙරට​ට

ඉතිහාසයේ පළමු වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761 ක් ලෙසයි වාර්තාවී තිබෙන්නේ.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

67a36bc77a0capdf_page_0

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘතව තැබීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා.

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගෙන ඇති බවයි බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසන්නේ.

ඒ් අනුව සීගිරිය රාත්‍රි කාලයේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

2018 වසරෙන් පසු වැඩිම සංචාරක පැමිණීම 2024 වස​රේදී

2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින්, 2024 වසර තුළ සංචාරකයින් 2,053,465 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2018 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙස බවයි සඳහන් වෙන්නේ.

2023 වසර හා සැසඳීමේදී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 07 කට ආසන්න, සැලකිය යුතු වර්ධනයක් දැක ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

677793b25e941 677793b247a6a

2024 සංචාරකයින් පැමිණීම මිලියන 2 ඉක්මවයි

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) මිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා.

තායිලන්තයේ සිට පැමිණි යුවළක් එම ඉලක්කය සැපිරූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් ලෙස සටහන්ව තිබුණා.

වසරේ මේ දක්වා සංචාරකයින් මිලියන 1.9 ක් මෙරටට – සංචාරක සංවර්ධන අධිකාරිය

2024 වසරේ ගතවූ කාලය තුළදී සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, දෙසැම්බර් මාසයේ දැනට 90,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බවද, දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කර සිටිනවා.

මෙම වසර තුළ සංචාරක පැමිණීම ලෙස මිලියන 2.2ක ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත්, එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක අගයක් ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙම වසර වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාව​ට රන් සම්මානයක්

ලෝ ප්‍රකට Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට Most Desirable Island කාණ්ඩයේ රන් සම්මානය හිමිවී තිබෙනවා.

මෙවර ලන්ඩනයේ දී එම සම්මාන උළෙල පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවට රන් සම්මානය හිමිවූ අංශයේ රිදී සම්මානය තායිවානයට ද, ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයට ද හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

200,000කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.