පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද (19) උදෑසන 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 31ක් දෙනෙකුගේ අත්සනින් යුතුව අගෝස්තු 12 වන දින විශ්වාසභාංග යෝජනාව තමා වෙත භාරදුන් බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියේය.
ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී සභාවට දැනුම්දෙන බව ද කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණය මඟහරිමින් සිටි ඔහු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය මැයි 17වනදා රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව අධිකරණය මඟහරිමින් සිටි තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) පොලීසියට නියෝග කළේය.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී තුසිත හල්ලොලුව මහතා අද අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගෝලීය විද්‍යුත් වාහන තරගයේදී සියල්ලන් අභිබවා පෙරට පැමිණ සිටින චීනය දැන් මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන EV වෙනුවට විදුලිය සහ ඉන්ධන යන දෙආකාරයෙන්ම ක්‍රියාකළ හැකි Hybrid වාහන වෙත වැඩි නැඹුරුවක් දක්වන බව වාර්තා වෙයි.
මේ තත්ත්වය සංඛ්‍යාලේඛන දත්ත මගින්ද තහවුරු වී තිබේ.
2024ට සාපේක්ෂව 2025 වසරේ මුල් අර්ධයේදී චීනයේ බැටරි සහ ඉන්ධන භාවිත කරන Hybrid වාහන අපනයනය 210% දක්වා තුන්ගුණයකින් ඉහළ ගොස් තිබේ.
එහිදී බැටරි පමණක් අඩංගු EV අලෙවිය ඉහළ ගොස් තිබෙන්නේ 40%කින්ය.
චීනයේ මේ Hybrid වාහන වැඩි වශයෙන්ම මිලදී ගෙන තිබෙන්නේ යුරෝපීය වෙළෙඳපොළය.
එහිදී යුරෝපයට ආනයනය කරන බැටරි පමණක් අඩංගු සම්පූර්ණයෙන් විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන සංඛ්‍යාව 2%කින් පමණ පහත වැටීමද විශේෂත්වයකි.
චීන EV නැත්නම් විද්‍යුත් වාහන සඳහා යුරෝපා රටවල් මේ විදියට වැඩි වශයෙන් යොමුවන්නේ 2035 වනවිට වායු දූෂණය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ළඟාවීම ගැටලුකාරීව තිබියදීය.
වාර්ෂිකව විද්‍යුත් වාහන මිලියන 11ක් පමණ එ නම් ගෝලීය EV වෙළෙඳපොළෙන් අඩක් පමණ නිපදවන චීනයේ මෙම ප්‍රවණතාව ලබාදෙන පණිවිඩයක් තිබේ.
එහෙත් ලෝකය තවමත් ඉන්ධන දහන එන්ජින් මුළුමනින්ම අතහැර දැමීමට සූදානම් නැත.
‘ප්ලග් ඉන් – Hybrid’ නැත්නම් මේ දෙමුහුම් රථවලින් සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථවලට වඩා 30%කින් අඩු වායු දූෂණයක් සිදුවන බව හඳුනාගෙන තිබේ.
එහෙත් මේ Hybrid වාහන භාවිතය වුවත් ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන වායු දූෂණය ශුන්‍ය කිරීම සඳහා වූ ඉලක්කය වසර ගණනක් ඈතට රැගෙන යන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කළේය.
කෙසේ නමුත් මේ Hybrid වාහන සඳහා වූ ඉල්ලුම ඉහළ යාම තවත් වසර 03ක් හෝ 05ක් පමණ පවතිනු ඇති බවත් නැවතත් පූර්ණ විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන ඉදිරියට පැමිණෙනු ඇති බවත් මෝටර් රථ කර්මාන්තයේ විශේෂඥයින් පවසයි.
දිගුකාලීනව වායු දූෂණය ශුන්‍ය වාහන සඳහා ප්‍රවණතාව තවදුරටත් පවතින බව ඔවුන්ගේ අදහස වෙයි.
එමෙන්ම ඇතැම් චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයන් හයිබ්‍රිඩ් වෙත යොමු නොවී අඛණ්ඩව විද්‍යුත් වාහන නිෂ්පාදනයේ නිරත වන බව වාර්තා වෙයි.
ADA DERANA
කෝටි ගණනින් මැණික් ගන්න කෝටි ගණන් වාහනවලින් පැමිණි දෙස් විදෙස් ගැනුම්කරුවන්ගෙන් gem city ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය තිබෙන ග්‍රෑන්ඩ් සිල්වර්රේ හෝටල් පරිශ්‍රය පිරී යයි
වසරකට වතාවක් දැකගත හැකි ඇස් නිලංකාර වන නිල් මැණික්
මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය, ප්‍රදර්ශන කුටි අසූවකට අධික සංඛ්‍යාවකින් සමන්විත වනවා
රත්නපුරේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරයකින්ගේ කුටි රැසක් තිබෙන අතර ලංකාවේ තවත් ප්‍රදේශවල ව්‍යාපාරිකයෙක්ගේ කුටි ද තිබෙනවා මෙවර විදේශික ව්‍යාපාරිකයින්ගේ වෙළෙඳ කුටි දැකගැනීමට නොමැත
මෙම වෙළඳ කුටි අතර මැණික් වලට අගය එකතු කළ ඉතා අලංකාර රන් රිදී ස්වර්ණාභරණ වෙළඳ කුටිද තිබෙන අතර ඒවාටද හොඳ ඉල්ලුමක් පවතිනවා
මෙහි බහුතරයක් කුටිවල තිබෙන්නේ රත්නපුර මහපොළොවෙන් හමුවුණු සියලුම මැණික් කුලයන්ට අයත් ලක්ෂ ගණන් කෝටි ගණන් වටිනා කපා ඔප දැමූ මැණික් වන අතර
මින් නිල් මැණික් විශේෂයි.
විදේශීය කෝටිපති ගැනුම්කරුවන් නොයෙක් රටවලින් පැමිණ තිබෙන අතර
මින් සමහරුන් අලෙවි කුටිවල තබා තිබෙන මෙම නිල් මැණික් ලැබෙන පතල් දැක ගැනීමටද ගිය අයුරු දැක ගත හැකි විය මේ සඳහා රත්නපුර මැණික් හා අධිකාරියේ නිලධාරීන්ගේ සහාය ලබා දෙනවා
මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වනවා
ප්‍රදර්ශනය 17 වනදා යින් අවසන් වනවා..
රත්නපුර – ගයාන් කුඩාගම
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය අතර හමුවක් අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කොරියානු නව පාලනය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන සමීපව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Miyon LEE) මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවද තානාපතිනිය අවධාරණය කළාය.
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (KOICA) නව නියෝජිතයින්ද මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අතර ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන KOICA ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, KOICA ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ යූලි ලී ( Yooli LEE) සහ කොරියානු එක්සිම් බැංකුවේ කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ (EDCF) කොළඹ කාර්යාලයේ අධ්‍යක්ෂ ඕ ජියොන්ග්-ටේ (Oh Joeng-tae) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තරුණ අපරාධ යනු ලොවපුරා බොහෝ රටවල් මුහුණ දෙන සමාජ ගැටලුවකි. එය තරුණ පරම්පරාවේ අනාගතයට පමණක් නොව සමස්ත සමාජයේම ආරක්ෂාවට හා සංවර්ධනයට සෘජුවම බලපානු ඇත.
තරුණයින් අපරාධ සඳහා යොමු වීමට බලපාන හේතු
මෑත කාලීනව තරුණයෙන් ගේ අපරාධ වල වර්ධනයක් දක්නට ලැබේ.
තරුණ අපරාධ සඳහා තනි හේතුවක් නොමැත. එය විවිධ සමාජ, ආර්ථික, මානසික සහ පවුල් පසු බිම් සාධක වල සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයකි. මෙම හේතු සාධක පිළිබඳව අවබෝධ කරගැනීම ගැටලුවට විසඳුම්සෙවීමේදී අත්‍යවශ්‍ය වනු ඇත.
දුර්වල දෙමාපිය අධීක්ෂණය පවුල් ආරවුල් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දෙමාපියන්ගේ අපරාධ පසුබිම් සහ බිඳුණු පවුල් වැනි සාධක දරුවන්ගේ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපාන අතර ඔවුන් අපරාධ ක්‍රියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
අධ්‍යාපනය පාසල් පරිසරය සම වයසේ මිතුරන්ගේ බලපෑම ආර්ථික හා සමාජයීය සාධක මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය මානසික හා සෞඛ්‍ය ගැටලු නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන දුර්වලතා තරුණ අපරාධ වැඩි වීමේ අවදානම ඇතිකරයි.
රැකියා විරහිතභාවය දරිද්‍රතාවය සහ ජීවනෝපාය මාර්ග නොමැතිවීම තරුණයන් තුළ කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම් ඇතිකරයි.මෙවැනි තත්ත්වයන් යටතේ ඉක්මන් මුදල් ඉපයීමේ අරමුණින් හෝ ජීවනතත්ත්වය නගා සිටුවීමේ අරමුණින් ඔවුන් අපරාධ ක්‍රියා සඳහා යොමුවීමට පෙළඹිය හැක.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ කල්ලි පිළිබඳව තොරතුරු හුවමාරු වීම තරුණයන් තුළ එවැනි ක්‍රියා කෙරෙහි උනන්දුවක් ඇති කළ හැකිය.
ශ්‍රී ලංකාව තුළ තරුණ අපරාධවල වත්මන් තත්ත්වය
ශ්‍රී ලංකා වේ තරුණයන් අතර සුලභව දක්නට ලැබෙන අපරාධ අතරට සොරකම් මංකොල්ලකෑම් මත්ද්‍රව්‍ය සම්බන්ධඅපරාධ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කල්ලි ගැටුම් ප්‍රධානවේ. මෑත කාලීනව මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම වැනි බරපතල අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙන අතර මේවාට තරුණයන් සම්බන්ධ වීමේ ප්‍රවණතාවක්ද පවතී.
ආර්ථික අර්බුද සහ සමාජ අස්ථාවරත්වය තරුණ ප්‍රජාව අපරාධවල වර්ධනයට සෘජුවම බලපා ඇති බවට විශ්වාස කෙරේ.
රැකියා අවස්ථා අහිමි වීම ජීවන වියදම ඉහළ යාම සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය තරුණයන් තුළ කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම් ඇති කරයි.
තරුණ අපරාධ පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග
පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යවේ. දෙමාපියන්ට දරුවන් ඇතිදැඩි කිරීම පිළිබඳව නිසි පුහුණුවක් ලබාදීම පවුල් උපදේශන සේවා සැපයීම සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය. දරුවන්ට ආරක්ෂිත සහ ආදරණීය පරිසරයක් ලබා දීමෙන් ඔවුන් අපරාධ සඳහා යොමුවීමේ අවදානම අවම කර ගත හැක.
අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ තරුණයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම ඉතා වැදගත්වේ.
යහපත් රැකියා අවස්ථා උදාකර ගැනීමත් හා ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට මෙය පිටුවහලක් වනු ඇත.
රැකියා උත්පාදනය සහ ආර්ථික සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුවේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරි ගැන්වීම ස්වයංරැකියා අවස්ථා පුළුල් කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මගින් රැකියා අවස්ථා වැඩි කළ හැකිය.
මානසික සෞඛ්‍ය සායන පුළුල් කිරීම සහ මානසික සෞඛ්‍ය පිළිබඳව සමාජය දැනුවත් භාවය වැඩි කිරීමට පියවර ගැනීම.
තරුණයන් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීම සහ මාධ්‍ය තුළින් යහපත් ආදර්ශ ලබාදීම ද වැදගත්වේ.
අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මගින් අපරාධ වැළැක්විය හැක.
තරුණ අපරාධ යනු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතල සමාජ අභියෝගයකි.
තරුණ පරම්පරාව යනු රටක අනාගතයයි. ඔවුන් නිවැරදි මාවතට යොමු කිරීම සහ ඔවුන්ට යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීම වේ.
කොලින් හරිශ්චන්ද්‍ර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබේ.
පොලිසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
ඒ අනුව, අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව පූජ්‍ය අතුරලිය රතන හිමිට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටී.
බලපෑම් කොට එම මන්ත්‍රි ධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට රතන හිමිට චෝදනා එල්ලවී ඇත.
එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනයද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
ඒ අනුව රතන හිමියන් අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමකට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද මෙලෙස වරෙන්තු නියෝගයක් නිකුත්කර තිබේ.
සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.
එම වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බවය.
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේය.
ඒ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.
කෙසේවෙතත් සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනයේ නිරතවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා පැවසීය.
ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදී අද (18) දින සිදු කෙරිණි.
ඒ අනුව අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් හරහා ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාව වන අතර එය පසුගිය රජය සමයේ ඈවර කිරීමට යෙදුණු ආයතනයකි. කෙසේ වෙතත් නව රජය බලයට පත් වීමත් සමඟ එම තීරණය වෙනස් කරමින් එය ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නමින් නව මුහුණුවරක් යටතේ යළි ආරම්භ කරන ලදි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ නිරන්තර මඟ පෙන්වීම යටතේ ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට සැපයීම සහ මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක්, අදියර වශයෙන් අඛණ්ඩව වෙළෙඳපොළට සැපයීමේ ක්‍රියාවලිය, ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.