මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ සිදුවූ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇත.

මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කළේය.

විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහතික වී තිබේ.

ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට, ඉදිරියේදී අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්…..

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (01) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි….

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා (Akio Isamota) මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි.

මෙහිදී විපක්ෂ නායකවරයා විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබාදෙන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද අද මුණුගැසුණු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා පැවසුවේ ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැගී සිටීමට ආධාර උපකාර ලබාදීමට කටයුතු කරන ලෙසය.

මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය හමුවූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ආපදා තත්ත්වයෙන් හානිවූ සෞඛ්‍ය සේවා සහ පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙසය.

ආපදා මරණ 390 දක්වා ඉහළට….

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 390 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 352ක් අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇතැයිද නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15,688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

තවද දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක පවුල් 57,790ක පුද්ගලයින් 204,597ක් රැඳි සිටින බවත් එම මධ්‍යස්තානය සඳහන් කළේය.

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්….

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ.

මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය.

චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු මේ වනවිටත් දැනුම් දී ඇත.

දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්….

හෙට (02) සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන නිවේදනය කර තිබේ.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

හෙට දින සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්,1

දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු – ජනපති….

ආපදාවෙන් පසු යළි ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරෙන බව ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු යැයි ජනාපතිවරයා එහිදී රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

ආපදාවෙන් විනාශ වූ වගා සඳහා කඩිනමින් වන්දි ලබා දීමටත්, නැවත වගාවට අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීමටත් ජනපතිගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

එමෙන්ම අඩු ආපදාවන්ට මුහුණ දුන් ස්ථානවල කාර්ය මණ්ඩල සහ උපකරණ දැඩි ආපදාවට ලක්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට යොදවන්න ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම නැවත ගොඩනැගීමේදී පෞද්ගලික අංශයෙන් විශාල සහායක් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

‘Rebuilding Sri Lanka’ අරමුදලේ කළමනාකරණ කමිටුව පත් කෙරේ

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම  අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

සෙසු සාමාජිකයන් ලෙස,

  • විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,
  • මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,
  • ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව,
  • විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන,
  • හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ,
  • ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්,
  • එයිට්කන් ස්පෙන්ස්  උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක,
  • බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්,
  • LOLC විධායක සභාපති  ඉෂාර නානායක්කාර යන මහත්වරු කටයුතු කරති

අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් අතර වේ.

මෙම කමිටුව විසින් අරමුදලට අදාළ මූල්‍ය කළමනාකරණය, විගණනය සහ සියලුම අරමුදල් ක්‍රියාකාරකම්වල පූර්ණ විනිවිදභාවය සහතික කරනු ඇත.

මේ අනුව පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑම මුදල් ඒකකයකින් පහත සඳහන් ලංකා බැංකු ගිණුම වෙත බැර කළ හැකිය.

01.    Account Name: Deputy Secretary to the Treasury
Account Number: 2026450
Bank:     Bank of Ceylon
Taprobane branch
Swift code : BCEYLKLX

ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම්වලට සෘජුවම මුදල් බැර කරන පරිත්‍යාගශීලීන්ට පහත සඳහන් ගිණුම් ඔස්සේ මුදල් බැර කිරීමේ අවස්ථාව හිමි වේ.

විදේශ මුදල් ඒකක සඳහා ගිණුම් විස්තර:
1. US Dollar (USD)
Bank: Deutsche Bank Trust Company Americas, New York, USA
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 04015541
Routing Number: 021001033
SWIFT: BKTRUS33XXX

2. Euro (EUR)
Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 0000739854
IBAN: DE39500202000000739854
SWIFT: BHFBDEFF500

3. Pound Sterling (GBP) – Account 1
Bank: HSBC Bank Plc, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 39600144
Sort Code: 40-05-15
IBAN: GB48MIDL40051539600144
SWIFT: MIDLGB22XXX

4. Pound Sterling (GBP) – Account 2
Bank: Bank of Ceylon (UK) Ltd, London, UK
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 88001249
Sort Code: 40-50-56
IBAN: GB89BCEY40505688001249
SWIFT: BCEYGB2LXXX

5. Japanese Yen (JPY)
Bank: MUFG Bank, Tokyo, Japan
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 653-0407895
SWIFT: BOTKJPJTXXX

6. Australian Dollar (AUD)
Bank: Reserve Bank of Australia
Recipient Account Name: Central Bank of Sri Lanka
Account Number: 81736-4
BSB: 092002
SWIFT: RSBKAU2SXXX

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා ජාතික ආපදා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජනතා පක්ෂයෙන් නිවේදනයක්….

මේ වන විට “දිට්වා” සුළි කුණාටුව හා අධික වැසි හේතුවෙන් දිවයින පුරා ගංවතුර, නායයෑම් සහ ඉතා බරපතල ආපදා තත්ත්වයක් උදා වී ඇත. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අප ලද තෙරතුරු  සහ අන්තර්ජාතික වාර්තා අනුව, මරණ සහ වැඩි සංඛ්‍යාවක් තුවාල සිදුවී ඇති අතර, ලක්ෂ ගණනක් පදිංචිකරුවන්ට ගංවතුර සහ නායයෑම් බලපා ඇති බව දක්වයි.

ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP) ලෙස, ජීවිත අහිමි වූ සියලුම පවුල් වෙත අපගේ ගැඹුරු ශෝකය සහ හෘදයාංගම සංවේගය ප්‍රකාශ කරමු, තුවාල ලැබූ සියලු දෙනාට සීඝ්‍ර ආරෝග්‍ය ලාභය ප්‍රාර්ථනා කරන අතර, බිය සහ අවිනිශ්චිතතාවයට මුහුණ දෙන සෑම පුරවැසියෙකු සමඟම අප ස්ථිරවම සහයෝගයෙන් සිටින්නෙමු.

මෙම ආපදා අවස්ථාවේදී පීඩාවට පත් සියලුම ජනතාව සමඟත්, ඔවුන්ට සහන සේවා සපයන සියලුම සහන සේවා ආයතන, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් සමඟත් ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරමින්, හැකි සෑම අයුරකින්ම ඔවුන්ට උදව් උපකාර කරන ලෙස දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ සියලුම දිස්ත්‍රික් නායකයන්ගෙන්, ප්‍රාදේශීය නායකයන්ගෙන් සහ සියලුම සාමාජිකයන්ගෙන් අපි දැඩිව ඉල්ලා සිටින්නෙමි.

 

මෙම තත්ත්වය හුදෙක් “ස්වභාවික විපතක්” පමණක් නොවන බව අපගේ දැඩි ස්ථාවරයයි. වගුරු බිම් ගොඩකිරීම, ජලය බැස යන ඇල මාර්ග හා කාණු පද්ධති කැළිකසළවලින් අවහිර වීම සහ කඳු මුදුන් විනාශ කරමින් සිදුකරන මහා පරිමාණ අනවසර ඉදිකිරීම් වසර ගණනාවක් පුරා පවතින නීති උල්ලංඝනය කිරීම්ය. මේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වූ ව්‍යසනයන් වේ.

එයට අමතරව, මේ මෙහෙතේ අත්‍යශය නෙවනයැයි සදහන් කරමින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබා දීම, “අත්‍යවශ්‍ය සේවා” නිශ්චිත ලෙස නිවේදනය නොකිරීම, රෝහල්වල මූලික ඖෂධ හිඟය, ප්‍රාදේශීය සහ පළාත් මට්ටමේ නිලධාරීන්ට අධිකාරිය සහ අරමුදල් නොදීම වැනි තීරණ මගින් ජීවිත හා සම්පත් රැක ගැනීම තවදුරටත් දුෂ්කර කර ඇත. මේවා සරල පාලන දෝෂ නොව,  ජනතාවගේ ජීවිත අහිමි වීමට සෘජුවම බලපාන අදූරදර්ශී තීරණ බව SLJP ලෙස අපි අවධාරණය කරමු.

ඒ අනුව, ශ්‍රී ලංකා ජනතා පක්ෂය රජයෙන් ප්‍රමාදයකින් තොරව පහත සඳහන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී:

  • සෞඛ්‍ය, ආපදා ප්‍රතිචාර, ආහාර බෙදා හැරීම, ජල සැපයුම, විදුලිය සහ මහජන ආරක්ෂාව ඇතුළු සියලුම අත්‍යවශ්‍ය සේවා වහාම ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙසත්, අවශ්‍ය නිලධාරීන් බලමුලු ගන්වන ලෙසත්.
  • අත්‍යවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය ඇතුළුහදිසි වෛද්‍ය සැපයුම් පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට බලතල ලබා දෙන ලෙසත්.
  • පීඩාවට පත් පවුල් සඳහා සහල්, පිටි, පරිප්පු, පානීය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහාදිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන වෙත හදිසි අරමුදල් මුදා හරින ලෙසත්.
  • තෙත් බිම්, ඇළ මාර්ග, කුඹුරු සහ කඳු මුදුන් මත සිදු කර ඇතිනීති විරෝධී ඉදිකිරීම් පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් ප්‍රකාශයට පත් කර, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්.
  • එවැනි මහා පරිමාණ ජාතික ඛේදවාචක නැවත සිදු වීම වැළැක්වීම සඳහා, සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර,ජාතික ආපදා සහ දේශගුණික ඔරොත්තු දීමේ සැලැස්මක් ආරම්භ කර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්.

ශ්‍රී ලංකා ජනතා පක්ෂය අවධාරණය කරන්නේ, මෙවැනි මොහොතක ජනතාවගේ ජීවිත දේශපාලන අවශ්‍යතාවලට වඩා ඉදිරියෙන් තිබිය යුතු බවයි. රටේ ජීවිත සහ අනාගතය ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන්, කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

හීරියමුල්ලගේ බුද්ධික ප්‍රසන්න
සභාපති – ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP)

තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙමු ක්‍රීඩාව තුළින් ජය කෙහෙළි නංවා ජීවිතය ජයගමු යන මැයෙන් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියක් උත්කර්ෂවත් අන්දමින් කොටවිල ක්‍රීඩාංගනයේදී……

තරුණ තරුණියන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව එම පිරිස එමගින් මුදවාගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂය පෙරදැරිව සිදු කරන තවත් වැඩසටහනක් ලෙස මාතර අධිකරණය මගින් විශෝධනයට යොමුකල එම තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට ක්‍රීඩා අවස්ථාව ලබාදීමේ අරමුණින් සංවිධානය කළ ක්‍රීඩා උත්සවයක් කොටවිල ක්‍රීඩාංගණයේදී (25 ) දින පැවැත්විණි.
මෙම ක්‍රීඩා උත්සවය මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා උපදෙස් සහ මග පෙන්වීම මත මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය ,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත යන නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කළහ.
එ සදහා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය තුළින් වැඩසටහන සාර්ථකත්වයට පත්ව තිබිණි.
විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙමගින් අවස්ථාව උදා වී තිබිණි.

වැලිගම – තරංග ගුණරත්න

News Iamges.00_01_12_22.Still1033 News Iamges.00_01_12_22.Still1032 News Iamges.00_01_12_22.Still1031 News Iamges.00_01_12_22.Still1030