හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය යනුවෙන් එහි දැක්වෙයි.
Breaking News
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.ඒ අනුව, පහත දැක්වෙන හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය යනුවෙන් එහි දැක්වෙයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ -0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී 1.5%ක් දක්වා අඩු වී ඇති අතර, 2025 ජුනි මාසයේ දී එය වාර්තා වූයේ 4.3%ක් ලෙසය.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී -1.2%ක් දක්වා වැඩි වී ඇති අතර, එය 2025 ජුනි මාසයේ දී -2.8%ක් ලෙස වාර්තා විය.
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවය.
අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.
පොලිස් සිර මැදිරියේ සිටි සැකකරු ඊයේ (30) දිනයේ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බව වාර්තා වේ.
අදාළ සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගියදා පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු පළා යාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රත්නපුර මූලස්ථාන පොලීසියේ කාර්යය භාර නිලධාරීවරයාගේ සහ පොලිස් සිරමැදිරිය භාරව සිටි නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේය.
තුරු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ස්ථානවලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් සලසා නොමැති බවට චෝදනා කරමින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබේ.
ඒ අනුව නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 18 දින ප්‍රකාශයට පත්කරන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා නියෝග කළේය.
ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය විසින් ගොනුකර ඇති අදාල නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ප‍්‍රවාහන මහමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකරිවරයා, උතුරු පළාත සහ අනුරාධපුර භාර ඉංජිනේරු අධිකාරිවරයා යන අය නම්කර ඇති බව සදහන් වේ.
ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරමින් මෙම නඩුව ගොනුකර ඇත.
ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳු නැගීමේ නිතරව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව සිටියේය.
අනතුරට ලක්වන විට ඇය ලායිලා කඳු මුදුණේ සිට ඇති අතර, එහිදී මීටර් 5,700ක් පමණ උසකින් වූ ප්‍රදේශයකින් පහළට ඇදවැටී තිබේ.
කෙසේ වෙතත් එදින පැවති අයහපත් කාලගුණය හා දුර්වල ආලෝක තත්ත්වය හේතුවෙන් පසුදින උදෑසන තෙක්ම ගලවාගැනීමේ හෙලිකොප්ටරයකට ඇය වෙත ළඟාවීමට නොහැකි විය.
ඒ හේතුවෙන් එදිනට මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර, ඊයේ (30) උදෑසන නැවතවරක් මෙහෙයුම් ආරම්භ කළේය.
එහිදී ඩොල්මයර්ව හමුව ඇති අතර, ගලවාගැනීමේ කණ්ඩායම් විශ්වාස කරන්නේ අනතුර සිදු වූ සඳුදා දිනයේම ඇය මියයන්නට ඇති බවය.
මෙම ගලවාගැනීමේ මෙහෙයුමට ජර්මනියේ සහ එක්සත් ජනපදයේ විශේෂඥ කඳු නගින්නන් ද එක්ව තිබේ.
biathlon ක්‍රීඩාවේ අතිවිශිෂ්ට ක්‍රීඩිකාවක වන 31 හැවිරිදි ලෝරා ඩොල්මයර්, ඔලිම්පික් උළෙල 2කට, ලෝක ශූරතාවලි 5කට හා ලෝක කුසලාන 7කට ජර්මනිය නියෝජනය කරමින් සහභාගි වී ඇත.
මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට ඇප හිමිව තිබේ.
ඇය අද (31) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.
නීති විරෝධි ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබුණි.
එහිදී ඇයගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධනගේ සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්විය.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය.
මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.
නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු කියා පැවසීය.
අද උදෑසන හයට පමණ කොස්ගොඩ දූවෙ මෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇත.එම පුද්ගලයා නිවසේ නිදා සිටියදී පැමිණි පුද්ගලයකු මෙම වැඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ දූව මෝදර ප්‍රදේශයෙක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුවකුවන විසි හතර හැවිරිදි අරුන් මෙන්ඩිස් නමැති අවිවාහක පුද්ගලයෙකි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙරළ දෙසින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරු පැදියක් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අතුරුවැල්ල පලම අසල දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.මේ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අම්බලන්ගොඩ අනුරාධ.
2019 වසරේ “ධර්ම චක්‍රයක්” සහිත ඇඳුමක් පැළඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් හසලක පොලීසියේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අදාළ කාන්තාව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලීසියේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත යන අය විසින් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් 30,000ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමුහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් එම නියෝගයේ සඳහන් වේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පැහැදිලි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටි බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්ත ද පසුව එය නැවක සුක්ඛානමක් බවට කරුණු අනාවරණය වී ඇති බව කියා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත.
2019 වසරේ මැයි මස 17 වනදා හසලක පොලිස් වසම තුළදී ධර්ම චක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබුණි.
පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) මහතාගේ ආරාධනයකට අනුවය.
මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වීය.මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසුමක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනිණි.
ජනාධිපතිවරයා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් ‘කුරුම්බා මෝල්ඩිව්ස්’නිවාඩු නිකේතනයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි.
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ජනාධිපතිවරයා විසින් පැළයක් රෝපණය කරන ලදී.එසේම, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කර තිබූ ව්‍යාපාරික සංසදයද, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ හමුවද ඇමතීය.වසර 60ක් පුරා දෙරට අතර දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කෙරිණි. ඒ අනුව, දෙරට අතර සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක් වූහ.