වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාදනය සඳහා රුපියල් මිලියන 500ක්…..

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම කාර්යාලයේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පසුගියදා විෂය භාර ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා. 2025 අයවැයෙන් රුපියල් මිලියන 200ක් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාදන අරමුදලින් රුපියල් මිලියන 300ක් වශයන් රුපියල් මිලියන 500ක් මේ වසරේ වැඩිහිටි පුද්ගලයන්ගේ සුබසාදනය සඳහා රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙනවා.

▲ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවන්ට අනුරූපී වන ලෙස සංශෝධනය කිරීම.

▲ වැඩිහිටි තැනැත්තන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

▲ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාධන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම.

▲ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් කතරගම ප්‍රදේශයේ ඉදිකිරීම.

▲ සියළුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්තාන නව මාර්ගෝපදේශන අනූව ලියාපදිංචි කිරීම.

වැනි කරුණු පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි. එහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා සඳහන් කළේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි සියළුම වැඩිහිටියන් සඳහා සුව පහසු ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් උරුමකර දීම වෙනුවෙන් වගකිය යුතු ප්‍රධාන අමාත්‍යංශය ලෙස හා ආයතනය ලෙස විශාල වගකීමක් පැවරී තිබෙන බවයි. ඒ වෙනුවෙන් සියළු දෙනා කැප විය යුතු බවද වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු එම කාර්යාලයේ සියළුම නිළධාරීන් එම අවස්තාවට සභාගිව සිටියා.

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.

මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන්, දෙපාර්ශවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්, වත්මන් හා හිටපු රජයේ නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික නායකයින් ඇතුළුව දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මේ අතර අගෝස්තු 2 වන දින රාත්‍රිය නිමාවට පත් වූයේ සුපිරි ඉන්දීය නළු රිතික් රෝෂන්ගේ රංගනයෙන් වර්ණවත් කරමින් මෙරට සුවහසක් ජනතාවට අද්විතීය මෙන්ම අමතක නොවන ජාත්‍යන්තර තලයේ විනෝදාස්වාද අත්දැකීමක් ද ලබා දෙමිනි.

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්

ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති City of Dreams Sri Lanka මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.

City of Dreams Sri Lanka, Cinnamon Life හි කාමර 687 ක් සහ Nüwa සන්නාමය යටතේ අධි සුඛෝපභෝගී කාමර 113 ක් ඇතුළුව කාමර හා සුඛෝපභෝගී කාමර 800 කින් සමන්විත වෙයි. තවද මෙහි පාරිභෝගිකයින්ට උසස් තත්වයේ සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම සඳහා Shoppes නමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉහළ පෙළේ සිල්ලර සන්නාමවලින් සමන්විත සුඛෝපභෝගී වෙළඳ සංකීර්ණයක් ද ඇත.

මීට අමතරව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා පාලන ක්‍රමවේදයන්ට අනුකූලව මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ හා විනෝදාස්වාද කලාපයක් තුලින් දෙස් විදෙස් සංචාරකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එමෙන්ම විශේෂ උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශනයන් පැවැත්වීම සඳහා වන MICE කාණ්ඩයේ සියලු පහසුකම්වලින්ද එය සමන්විත වේ.

තවද City of Dreams Sri Lanka දෙස් විදෙස් අමුත්තන් හට ලොව සුපතල සූපවේදීන් විසින් නිර්මාණය කරනු ලබන අද්විතීය හා ප්‍රණීත ආහාර හා පාන වර්ග රැසක් පිරිනමනු ලබන අතර ප්‍රසංග, සංස්කෘතික උත්සව සහ සුවිශේෂී සංදර්ශන සඳහා වෙන් වූ විශේෂ ස්ථාන ද එයට ඇතුළත් වේ. City of Dreams Sri Lanka හි සෑම අංශයක්ම තිරසාරභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, උසස් පරිසර හිතකාමී තාක්ෂණයන් භාවිතා කරමින් සහ ශ්‍රී ලංකාව කෙරෙහි දිගුකාලීන ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සහාය වෙමින් නිර්මාණය කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ධුරයෙන් ඉවත් කරයි……

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය.

රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ප්‍රේමසිරි රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ  කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි.

අදාළ චෝදනා පත්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

2024/2025 ආදායම් වාර්තා ලබා දීමට තිබූ PIN අංකයේ කාලය දීර්ඝ කෙරේ

024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීම් අංකය (PIN) වලංගු කාලය දීර්ඝ කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එහි වලංගු කාලය එළැඹෙන නොවැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

 01

ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි……

ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය.

මෙය  පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති අතර එය 18.5% කි.

තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,368,288කි.

ඒ අතරින් සංචාරකයින් 279,122ක් ඉන්දියාවෙන්, 131,377ක් රුසියාවෙන් සහ 115,470ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

දළදා මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය.

සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි.

කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය.

පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි.

අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.

මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්….

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයකට සුළු තුවාල සිදුව තිබේ

තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ බහුදින ධීවර යාත්‍රා හිමි ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය.

පසුගිය මාර්තු 21 දින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ අසල සිදුවූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ පසිඳු තාරක සහ යොමේස් නදීෂාන් දෙදෙනාගේ පවුලේ පුද්ගලයින් සහ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අතර ඇති හිතවත්කම හේතුවෙන් සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ෂෙහාන් සත්සර නොහොත් දෙහිබාල මල්ලීගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය සැකපළ කරයි.

වෙඩි තැබීම සිදුව ඇති ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ 03ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරති.

විදෙස් සංචාරකයින්ට හෙට සිට කටුනායකින්ම රියදුරු බලපත්……

සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට දින සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ ආරම්භ කරන බවය.

මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපොළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබා ගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාරවල නිරත බවන බවත් මේ සඳහා යතුරු පැදි සහ ත්‍රීරෝද රථ මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි ද කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත් නව ක්‍රමවේද යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි පමණක් බලපත්‍ර නිකුත් කරන බව පැවසූ ඒ මහතා බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ගලෙන්බිඳුනුවැව නගරයේ හතරමං හන්දියේ කොක්කු කරදර….

ගලෙන්බිඳුනුවැව නගරයේ හතරමං හන්දියේ නිකවැව මාර්ගයේ පිහිටා තිබෙන විශාල කොහොඹ ගසෙහි කොක්කු කූඩු සදා බිත්තර සහ පැටවුන් සමග වාසය කිරීම හේතුවෙන් ඒ අවට කොක්කු වසුරු විශාල වශයෙන් පවතින බව පෙන්වා දෙන මහජනතාව පවසා සිටින්නේ ඒ අවට තිබෙන ව්‍යාපාරික ස්ථාන සහ හෝටල් වෙළඳාම් කිරීමට නොහැකි තරම් තත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙයි.

නගරයට පැමිණෙන ජනතාවගේ ශරීරවලට පවා කොක්කුන්ගේ වසූරු වැටීම හේතුවෙන් ඉදිරියේදී යම් අසාධ්‍ය තත්ත්වයක් ඇතිවීමටද ඉඩ ඇති බව පෙන්වා දෙන නගරයට පැමිණෙන ජනතාව පවසන්නේ මෙම වසුරුේතුවෙන්. නගරය විශාල දුර්ගන්ධයක් හමන බවයි.

කොකුන් වාසය කරන ස්ථානය වෙළඳසැල් හා ඒ අවට ඉදිකිරීම් කොක්කුංගේ වසුරු වලින් වැසී යමින් පවතින බව එහි ගිය අපට දක්නට ලැබුණු අතර වහලවල් සහ මාර්ගය වතුර වලින්සු. දු පාටින් වෙනම දැක ගන්නටහැකි හැකි වූ අතර මෙම ස්ථානය භාවිතාා කරමින් ජනතාව තම ගම්බිම්වලට යාමට බස් රථවලට ගොඩවීම සඳහා භාවිතා කරන ස්ථානයක් බව මහජනතාව පවසා සිටි අතර කොක්කු වාසය කිරීම හේතුවෙන් වෙනද ව්‍යාපාරිකයන් සහ මහජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති ආකාරය කැමරා කාචයේ සටහන් විය.

ගලෙන්බිඳුනුවැව නගරයට පැමිණෙන ජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ , කොක්කුන්ගේ ජීවිතවලට හා නගරයේ පිහිටා තිබෙන විශාල කොහොඹ ගසට හානියක් නොවන පරිදි කොක්කු
ව්‍යාපාරයකින් සහ. මහජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කොක්කුංගේ ජීවිතවලටට හෝ නගර මධ්‍ය පිහිටා තිබෙන විශාල කොහොම ගසට කිසිදු හානියක් සිදු නොවන පරිදි දැනට කොක්කුන් වාසය කරන වාසස්ථානය වෙනස් කිරීමට අවශ්‍ය කරන කටයුතු සලසා අපවිත්‍ර වන නගරය කුක්කුංගෙන් මුදාගෙන නැවතත් ජනතාවට ලබා දෙන ලෙසයි

ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

වසර 38කට පසු අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට…..

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල අද (02) සමත්විය.

ඒ අවසන් මහා තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 23 -21ක් ලෙස තියුණු ජයක් ලබමින්ය.

ත්‍රිත්ව විදුහල උත්සාහක දිණුම් 3ක්, එක් ප්‍රවර්ථනයක්, දඬුවම් පහරක් හා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් ලකුණු රැස්කළේය.

එමෙන්ම තියුණු සටනක් දුන් වෙස්ලි විදුහලද උත්සාහක දිණුම් 3ක් හා ප්‍රවර්ථන 3ක් සාර්ථක කරගැනීමට සමත් විය.

ත්‍රිත්ව විදුහල මෙලෙස අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියක ශූරතාව දිනාගත්තේ වසර 38කට පසුව වීම විශේෂත්වයක්ය.

මෙවර ඔවුන් අපරාජිතවම මෙම ජයග්‍රහණය අත්කර ගැනීමද සුවිශේෂය.

අවසන් මහා තරගය පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.