මධ්‍ය තැපැල් හුවමාරුවට කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි….

කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටට මේ වනවිට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, මේ වනවිට පොලිස් ආරක්ෂාවද ඒ අවට දැඩි කර ඇති බවය.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි.

එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් ද එක්වුණි.

ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද 05 වන දිනටත් ක්‍රියාත්මක වන අතර වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටියේය.

මේ අතර සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රවීන්ද්‍ර අමරජීව මහතා සඳහන් කළේ, ජනතාව අපහසුතාවයට පත් නොකර වර්ජනය අවසන් කරන ලෙස සෙසු තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර අද දිනයේ සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව පවසමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

එමෙන්ම සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු පසුගිය 17 වනදා සිට අවලංගු වන බැවින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවීමට තීරණය කර ඇති බව ද තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ නිරත සියලු තැපැල් සේවකයින්ගෙන් තැපැල්පතිවරයා ඉල්ලා සිටී.

යූටියුබ් සුදාගේ ප්‍රකාශයට සජිත්ගෙන් X සටහනක්….

හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සුදත්ත තිලකසිරි නැමැත්තා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “X” සටහනක් තබා තිබේ.

එමගින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ මෙවැනි ප්‍රකාශ අහම්බයක් විය නොහැකි බවත් මෙවැනි සිදුවීම් සැලසුම් සහගතව සිදුකළ එකක් විය හැකි බවය.

එමෙන්ම නීතිය හා සාමාය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස හෙළා දකින බවද විපක්ෂනායකවරයාගේ X සටහනේ සඳහන්ව තිබේ.

හිටපු ජනපති බලන්න දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් අධිකරණ භූමියට….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමත් සමග හිටපු දේශපාලඥයින් කිහිපදෙනෙකු ද අධිකරණ භූමියට පැමිණ තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන පාක්ෂිකයින් විශාල පිරිසක් ද මේ වනවිට අධිකරණ භූමියට රැස්ව සිටී.

රනිල් වික්‍රමසිංහ මහතාව අධිකරණය වෙත රැගෙන ඒමත් සමඟ එම භූමියේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

හිටපු ජනපති රනිල්ව අධිකරණයට රැගෙන එයි….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

ඒ මහතාව රැගෙන ඒමත් සමඟ අධිකරණ භූමියේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි….

බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කෙරුණු හිටපු බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙකු බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයං ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකු බවත් පොලීසිය පවසයි.

බණ්ඩාරගම, බොල්ගොඩ තුංබෝධිය පාලම අසලදී ඊයේ (21) පස්වරු 6:05ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථයක රියදුරු වෙඩික්කරුගේ ඉලක්කය වූ බව පොලීසිය පැවසීය.

වෙඩික්කරුවන් එම මෝටර් රථය ලුහුබඳින අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වී තිබුණි.

පොලීසිය සඳහන් කළේ, වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර 29ක් පමණ මෙහිදී එල්ල කර ඇති බවය.

ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන් කළුතර දෙසට පලාගොස් ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා මෝටර් රථය තුළම ජීවිතක්ෂයට පත්වුණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදාගොඩ නමැත්තෙක් වන අතර ඔහු වැඩතහනමට ලක්වූ බන්ධනාගාර නිලධාරියෙකි.

ඔහු සතුව තිබී රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද ඝාතනය වූ අවස්ථාවේදී  පොලිසිය සොයාගෙන තිබේ.

මරණකරු 2021 වසරේ ඩුබායි රාජ්‍යයේදී මාකඳුරේ මදූෂ්ගේ උපන්දින සාදයට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ අයෙක් බවද පොලීසිය පවසයි.

එමෙන්ම කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා අපරාධ කල්ලි සාමාජික සමයං ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවෙක් බවද පොලිසිය සඳහන් කරයි.

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත

තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය…..

වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පොලිස්පති ද ? නියෝජ්‍ය පොලිස්පති ද ? හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවය.

කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙනඒමට පසුබට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, මේ වනවිට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බව ද පැවසීය.

ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ ආර්ථික බංකොළොත්භාවයක් පමණක් නොව, සමාජ, දේශපාලනික වශයෙන් රට තුළ බංකොළොත් වී සිටි බවත් සමාජ පරිහානියට ලක්වෙමින් තිබූ රටක් ජාතික ජන බලවේගය භාරගත් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මාස 8 – 10ක් වැනි කාල සීමාවක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ඇති කර ඇති බවත්, අපනයන ආදායම ඉහළ ගොස් දේශීය ආදායම වැඩි වී ඇති බවත්, උද්ධමනය පාලනය වී, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ අනුව රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට රජයක් ලෙස වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇති බවත් ආනන්ද විජේපාල මහතා පැවසීය.

සුබ සාධන හා සමාජ රැකවරණය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් බවත් පැවසු අමාත්‍යවරයා, සෑමවිටම වින්දිතයින්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත්, සාධාරණත්වය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ජාතික ජන බලවේගය ඇති කරමින් සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව සෑම වින්දිතයෙකුටම සාධාරණත්වය, යුක්තිය ඉටු කරන බවට වූ සහතිකය රජයක් ලෙස ලබාදෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

සැප්තැම්බර් මුල PTA අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට සූදානම්…..

සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙන දෙයක්. සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කරන්න අපි කටයුතු කරනවා.” 

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ….

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙසය.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති ද ලිඛිතව මේ සම්බන්දයෙන් දැනුම්වත් කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසා සිටියේ, වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවය.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගෑසී තිබූ තැපැල් මලු බෙදාහෑරීමේ කටයුතු සිදුකරන බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,

“වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් ලැබෙන්න ඕන. මට දැනුම්දී තිබෙනවා වර්ජනය කරන අතර තුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත්කිරීමක් සිදුවෙන්නේ නැතිවෙයි කියලා. 

ඒ නිසා සේවයට වාර්තා කල අයට විතරක් මුදල් ලැබෙන්න ඉඩ තියෙනවා. වර්ජනය කරන අයටත් දැනුම්දුන්නා අද සේවයට වාර්තා කරන්න කියලා” යනුවෙන් පැවසීය.

සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට…..

හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.

අදාළ සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවද වාර්තා වෙයි.

වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර තිබේ.

වෙඩිවැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලීසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර පෙරවරු 9යට පමණ ඔහු එම ස්ථානයට පැමිණියේය.