නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Author: Shashi Maduranga
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට….
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවසුවේය.
අදාළ උප පොලිස් පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු පසුගියදා දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.
එලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වු තොරතුරු මත මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි…..
මෙරට ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 28 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි නිකුත් කර තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම අද (11) ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට තුළ ඉඩම් කළමනාකරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීම නිසා ගැටලු රාශියක් උද්ගත වී තිබෙන බව පෙන්වා දී ඇත.
මෙරට තුළ කෘෂිකාර්මික කටයුතු, වනාන්තර, වගුරු බිම්, ජනාවාස යනාදී අංශ සඳහා වෙන් කළයුතු ඉඩම් මෙන්ම ඒවායේ සීමාවන් නිසි පරිදි හඳුනාගෙන වෙන්කර නොමැතිවීම නිසා පාරිසරික මෙන්ම අනෙකුත් අර්බුද රාශියක් මතු වී තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.
ඒ නිසා මෙරට ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වී තිබෙන බව නීතිඥවරයා පෙන්වා දී ඇත.
දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන ඉඩම් වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් විධිමත් ඉඩම් කළමනාකරණ සැලැස්මක් නොමැතිවීම හේතුවෙන් නිසි ඵලදායිතා ඉලක්කවලට ළඟාවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුමඬුල්ල මෙම සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පාර්ශ්ව කීපයකට නොවැම්බර් මස 28 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
මහෙස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරු ඇතුළු අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු….
මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
සැප්තැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දි ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.
මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන්ය.
මෙම ස්ථාන මාරුවීම් යටතේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහර මහෙස්ත්‍රාත් අධිකරණයටත්, මහර මහෙස්ත්‍රාත් එච්.ජි.ජේ.ආර්. පෙරේරා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කර ඇති බව වාර්තා වේ.
ගාල්ල මහෙස්ත්‍රාත් අයි.එන් එන් කුමාර ගමගේ මහතා කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙසත් කුරුණෑගල මහෙස්ත්‍රාත් එන්.ඩී.ගුණරත්න මහතා, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරයා ලෙසත් මාරු කර යවා තිබේ.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පි.එස්.පතිරණ මහත්මිය බලපිටිය මහෙස්ත්‍රාත්වරයා ලෙසත්, බලපිටිය මහෙස්ත්‍රාත් ආර්.ඩී.ජනක මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ලෙස මාරු කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.
ඊට අමතරව මෙම ස්ථාන මාරුවීම් යටතේ අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ 17 දෙනෙකු මහෙස්ත්‍රාත්වරු, අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇති බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි 10කට කල් තබයි….
පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බවට ඊයේ (10) දිනයේ දී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.
එයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසය.
කෙසේවෙතත් අද දිනයේ දී ද මෙම විශ්වාසභංග යෝජනාවට කථානායකවරයා පිළිනොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කර සිටියේය.
එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කර සිටියේ, විශ්වාසභංග යෝජනාව ගෙනඒමට නොහැකි යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවය.
එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කර සිටියේ, විශ්වාසභංග යෝජනාව ගෙනඒමට නොහැකි යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවය.
“එතුමන්ලාට 159ක බහුතරයක් තියෙනවා. අපි විශ්වාසභාංගය ජයග්‍රහණය කරා කියලා එතුමාගේ තනතුර අහෝසි වෙන්නේ නෑ. එතුමාගේ තනතුර අහෝසි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. ඒ නිසා මෙතෙන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමා දරපු තනතුරේ කරුණු කාරණා හෙළිදරව් වෙන නිසා තමුන්නාන්සේ දේශපාලන තීන්දුවක් අරන් තියෙනවා. මේක නොදී ඉන්න. එහෙම කරන්න එපා. ඒක වැරදියි.”
හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි….
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය.
ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.
ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි….
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.
ඒ,අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.
iPhone 17 මාදිලිය වෙළෙඳපොළට…..
ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි.
ඒ අනුව, ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 17 නව ස්මාට් ජංගම දුරකථන පෙළ අද (09) වෙළෙඳපොළට නිකුත් කළේය.
ඇපල් සමාගම විසින් ඊයේ iPhone 17, iPhone Air, 17 Pro, සහ 17 Pro Max ලෙස මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.
නව ජාතික සංඛ්‍යාන පනතක්….
ශ්‍රී ලංකාවේ සංගණන පැවැත්වීම සඳහා බලපැවැත්වෙන ප්‍රධාන නීතිමය රාමුව 1900 අංක 9 දරන සංගණන ආඥාපනතයි.
1935 අංක 44 දරන සංඛ්‍යාලේඛන ආඥාපනත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන රැස් කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදාහැරීම සඳහා පුළුල් ව්‍යවස්ථාපිත රාමුවක් ස්ථාපිත කර තිබේ.
එසේ වුවද, වත්මන් නීතිමය රාමුව, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලුදෙනාගේ සම්බන්ධීකරණය ඇති කිරීම, පරිපාලන හා විකල්ප දත්ත මූලාශ්‍ර ඒකාබද්ධ කිරීම හෝ ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය සහ තත්ත්ව සහතිකය සනාථ කරන පාලන විධිවිධාන අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් පසුබිමක් සපයනු නොලබන බව හඳුනාගනු ලැබ ඇත.
එබැවින්, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශයේ විශේෂඥවරයෙකුගේ තාක්ෂණික මඟ පෙන්වීම මත, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් විසින්, ජාත්‍යන්තර විශේෂඥ දැනුම, දේශීය ආයතනික දැනුම සමඟ ඒකාබද්ධ කර ගෝලීය වශයෙන් ස්ථාවර සහ ජාතික වශයෙන් අනුකූල වන පරිදි ජාතික සංඛ්‍යාන මූලික පනත් කෙටුම්පතක් සකස් කර ඇත.
යෝජිත මූලික කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන සකස් කිරීම, සම්බන්ධීකරණය සහ පාලනය සඳහා වන නීතිමය රාමුව නවීකරණය කර ඒකාබද්ධ කරමින්, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලුදෙනාගෙන් සමන්විත ජාතික සංඛ්‍යාන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, 1900 අංක 9 දරන සංගණන ආඥාපනත සහ 1935 අංක 44 දරන සංඛ්‍යාලේඛන ආඥාපනත ඉවත් කරමින් අදාළ මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කොටස් වෙළෙඳපොළේ අද විශාල වැටීමක්….
පසුගිය ගනුදෙනු දින 4ක කාලපරිච්ඡේදය තුළ දී තෙවැනි වතාවටත් කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (09) දිනයේ දී වාර්තා විය.
කෙසේවෙතත් අද දින කොටස් වෙළෙඳපොළ කඩා වැටීම පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ මට්ටමේ එකක් වූ අතර පසුගිය 2025 ජූනි 23 න් පසු තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ප්‍රමාණය එහිදී වාර්තා වුණි.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 231.7කින් පහළ ගොස් ඒකක 20,674.1ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.11%ක පහළ යාමක් වේ.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 55.04කින් පහළ ගොස් ඒකක 5,900.32ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි.
රු. බිලියන 9.04ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.
මෙහිදී කැපීපෙනෙන කරුණක් වූයේ රු. බිලියන 1.5ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වී තිබීමයි. දේශීය මිල දී ගැනීම් රු. බිලියන 7.54ක් ලෙසින් සටහන් වන අතර දේශීය විකිණුම් රු. බිලියන 8.92 ක් ලෙසින දිනය තුළ වාර්තා වී තිබේ. විදේශීය විකිණුම් අද දිනය තුළ රු. මිලියන 120ක් තරම් සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයකි.
