අනුරාධපුර රන්මසු උයනේ ඇති ලංකාවටම එකක් වූ විශ්ව චක්‍රය සුරා,පළුදු කර හානි සිදු කරලා….

 

ලෝකය පුරාවටම සක්වල දොරටු කිහිපයක් සොයාගෙන තිබෙනවා,මහා රාවණා රජු සබඳතා දැක්වූවා කියන ශිෂ්ඨාචාරවලට අයත් වීම පුදුම සහගත වේ.

මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි එහි ඇත්තේ තාරකා දොරටුව,මෙතෙක් ලෝකය පුරාවටම සොයාගත් තාරකා දොරටු අතරින් අක්ෂර සහ රූපවැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙහි.අප රටට අයත් තාරකා දොරටුව පිහිටා තිබෙන්නේ අනුරාධපුරයේ රන්මසු උයනේය.

අනුරාධපුර රන්මසු උයනේ පිහිටා ඇති මෙම විශ්ව චක්‍රය මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් යන බවට අනුරාධපුර සිරි සුව අරණේ විහාරාධිපති පූජ්‍ය ගලෙන්බිදුණුවැවේ සෝමරතන හිමියන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එම විශ්ව චක්‍රය මත යම් මානසික මට්ටම් ඇති මිනිසුන් විසින් සූරා, පළුදු කර එය විනාශ කිරීමට මේ වන විට කටයුතු කරමින් යන බවයි.

උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කළේ

ඉතා කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි,මේ ශුද්ධ වූ භූමියේ පිහිටලා තිබෙන,ලෝකෙම මේ වැනි චක්‍ර තිබෙන්නේ තුනයි, ඉන් එකක් තමයි මේ පිහිටලා තිබෙන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති විශ්ව චක්‍රය , විවිධ මානසික රෝග තිබෙන,විකෘති අදහස් තිබෙන එක එක පුද්ගලයෝ මේවා බලන්න එනවා, ඇවිත් මේ කරල තියෙන හානිය පිළිබඳව අපි මේ රජයට,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පෙන්නලා දෙනවා ගඩොල් කෑලි අරගෙන විශ්ව චක්‍රය මේ වන විට හූරලා,පළඳු කරලා හානි කරලා,තිබෙන අයුරක් තමයි අපිට මේ පේන්නේ.

ඉදිරි අනාගතයට අපේ ඉදිරි දරුවන්ට ඒ වගේම අපේ රටට,අහිමි වී යන ඉතා වටිනා ස්ථානයක් තමයි මේ රන්මසු උයනේ විශ්ව චක්‍රය.

අපි ඉල්ලා සිටිනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ සිටිනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, ඒවගේම මේ රජයේ ජනාධිපතිවරයාගේ අග්‍රාමාර්තිතුමියගෙන් ඒවගේම මැති ඇමතිවරුන්ගෙන්, වෙන වෙන වැඩ නවත්තලා,විදේශකයෝ ගේන්න පුළුවන් ඩොලර් රටට ගේන්න පුළුවන්,ලෝකෙට පෙන්නන්න පුළුවන් මේ ශුද්ධ භූමිය,මේ විශ්ව චක්‍රයට මොනයම් හෝ හානියක් වෙලා මේ තියෙන ලක්ෂණ හෝදලා දලා දලා දලාම ටික හැඩතල වලට හානියක් වුණොත්,මේ වෘත්තාකාර හැඩවලට හානියක් වුණොත්, මේ මැකෙන්නේ අපේ ඉතිහාසය,ඒ ඉතිහාසයයි අපට නැතිවීගෙනන යන්නේ,මේ රජයට ඉතිහාසය ආරක්ෂා කරන්න ඕන කියන කිසිම සංකල්පයක් නැති බටහිර ප්‍රතිපත්තිත් එක්ක පමණක් ජීවත්වන පිරිසක්.

රටේ ජීවත් වෙන සියලු පුරවැසින් මෙම විශ්ව දොරටුව ආරක්ෂා කර ගැනීම සඳහා, එකතු වෙන්න සංවිධානයවෙන්න,සියලු බලධාරන්ගෙන් ඉල්ලාා සිටින්නේ මේ වගේ හානිකරන විනාශ කරන පළඳු කරන අයට දැඩි නීතිගේන්න, මේවා සංරක්ෂණ කර ගන්න කැමරාවක්වත් අඩුම හයි කරල නෑ, එනිසා අපි කියන්නේ මේ මේවා සංරක්ෂණය කරගන්න මුරකරුවෝ ඉන්නවා රැකියා ලක්‍ෂ වලින් පිරිස අරන්ඉන්නවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය ඉන්නවා,මේකට ආරක්ෂාව ලබාදෙන්න මේක සංරක්ෂණය කරලා දෙන්න.

මිහින්තලේ – දුලංජ මධුසංඛ

පාස්කු ප්‍රහාර නඩුව කල්යයි……

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුකරයට අදාළව විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කැඳවීමට නියම විය.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල් තිබුණි.

මෙම නඩුවට අදාළව නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 24කට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුදෙනා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ ලේඛන කැඳවීමට නියෝගයක්

සිර දඬුවම් ලබාසිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ ලේඛන කැඳවීමට කොළඹ මහාධිකරණය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්  බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර  එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවු අවස්ථාවේදිය.

ලැයිස්තුගත කර තිබෙන ලේඛන හෝ ඒවායේ මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබේ නම් ඒවා අද සිට සතියක් තුළ තම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස එහිදි කොළඹ මහාධිකරණය  අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

COPA සභාපති ඉල්ලා අස්වෙයි…..

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කියා සිටියේය.

ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්….

අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම් බවය.

එමෙන්ම එම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා හරිමින් කටයුතු කල හොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකයට හෝ පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208 හෝ 0112 784537 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වීමට නියමිත

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වෙයි….

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.

එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව කොළඹ ප්‍රධාන මහ‍ෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරපිත් කිරීමට නියමිතය.

සාගල නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය…

විලාසිතා නිසා ආන්දෝලනාත්මක කතාමවන ශෙහානි ඒ ගැන කියලා තිබුණේ මොකක්ද කියලා දන්නවාද..?

සරාගී රූමතියක්.. ඒ විතරක් නෙවෙයි කාගේත් නෙත් වසඟයට ගන්න සමත්වුණු තරුණියක්.. 

ඔන්න ඉතින් කාගේත් ආදරය දිනාගත්ත, ඇය දැන් ගායනයටත් අවතීර්ණ වෙලා…

ශෙහානි සිනමා රංගන ශිල්පිනියක් විදිහට ළඟදීම රිදී තිරයෙන් දකින්න පුළුවන් කියලා ආරංචියි..
තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපු ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයෙන් මම සිනමාවට පිවිසෙනවා. සිනමා නිළියක් වීමත් එක්ක මගේ රංගන ජීවිතයේ තවත් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න නියමිතව තිබෙනවා.

නිළියක් විදිහට ක්ෂේත්‍රයට ආපු ශෙහානි ගායිකවක් වුණේ කොහොමද?

පුංචි කාලෙ ඉඳලා මට සිංදු කියන්න හැකියාව තිබුණා. නමුත් රංගන කටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන්කරලා තිබුණ නිසා ගායනයට ඉඩ අඩු⁣ වුණා. ඉස්සර වගේ නිතරම රංගනයට මුල්තැන දෙන්නෙ නැතුව ගායනයටත් කාලය දෙන්න මම හිතුවා. ඉතින් මේ වෙද්දි මගේම ගීත කීපයක් නිර්මාණය කරලා තිෙයනවා. ඒ වගේම ලංකාව තුළ සහ විදෙස් රටවල ප්‍රසංගවල ගීත ගායනා කරන ගායිකාවක් විදිහ⁣ට මට හොඳ ඉල්ලුමක් තිෙයනවා.

ගායිකාවක් වීමත් සමග ශෙහානිට විවේචන රැසක් එල්ල වුණා..
ගායිකාවක් විදිහ⁣ට ප්‍රසිද්ධ වීමත් සමග මම කලාව අවභාවිත කරනවා කියලා ගායන ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයන්ගෙන් සහ නිළියන්ගෙන් විවේචන රැසක් එල්ල වුණා. කවුරුත් වැඩිය දන්නෙ නැතිවුණාට මගේ තාත්තා සංගීතඥයෙක්. පුංචි කාලෙ ඉඳලා සංගීතමය වටපිටාවක් එක්ක හැදුණ වැඩුණ මට සංගීතය සමග ලොකු බැඳීමක් තිෙයනවා. ඒ බැඳීම මත තමයි මම ගායිකාවක් විදිහ⁣ට සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ විදිහ⁣ට සංගීතය ගැන පුරුද්දක් පුහුණුවක් එක්ක ක්ෂේත්‍රයට ඇවිත් දෙයක් කරන්න උත්සාහ කරනකොට විවේචන එල්ලකරලා ඇදවට්ටන්න සමහරු උත්සාහ කළා. නමුත් මම ඒවට සැලෙන්නෙ නැතුව පටන් ගත්තටත් වඩා ශක්තමත්ව සංගීත කටයුතු කරගෙන යනවා.

ශෙහානි තවමත් හෙමින් ගමනක් යන්නෙ ඇයි?
රංගනය, ගායනය, නර්තනය සහ චිත්‍ර ශිල්පය යනාදි සියලුම කලා ශිල්පයන් ගැන මට හැකියාව තියනවා. නමුත් ඒ සියලු දේවල් එකවර කරන්න ගිහින් නිදහස නැතිකරගෙන ඔළුවෙ කැක්කුම හදාගන්න මම කැමැති නැහැ⁣. ඒ නිසා හෙමින් හෙමින් සියලුම කලා ශිල්පයන්වල දස්කම් දක්වමින් ඉදිරියට යන ගමනකුයි මට තියෙන්නෙ. අද වෙද්දි ඒ විදිහ⁣ට හෙමින් හෙමින් ඉස්සරහට ඇවිත් තියන ගමනෙදි ශෙහානි කහඳවල කිව්වහම කවුරුත් දන්න අඳුරන සන්නාම නාමයක් විදිහ⁣ට මගේ නම කා අතරත් ප්‍රසිද්ධයි.

ශෙහානිගේ විලසිතා ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙනවා..
හැඩකාර විදිහ⁣ට ඇඟ නඩත්තු කරලා ඇඟේ හැඩයට ගැළපෙන විදිහ⁣ට මම විලාසිතා කරනවා. ඒ විලාසිතා කරන්නෙ මට සතුටු විදිහ⁣ට මිසක අනිත් අය අඳින්න පලඳින්න කැමැති විදිහ⁣ට සහ සමාජ සම්මතයට ඕන විදිහ⁣ට නෙවෙයි. මම විලාසිතා කරන විදිහ නිරුවත පෙන්නනවා කියලා සමහරු හැඳින්වූවාට මම අඳින්නෙ පලඳින්නෙ ජාත්‍යන්තර තලයේ පිළිගත් විලාසිතා. ඒ විදිහ⁣ට මටම අනන්‍ය වුණ විලාසිතා කිරීම තුළින් රසිකයෝ අතර මට සන්නාමයක් විදිහ⁣ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් වෙලා තියනවා. 

Hiru Gossip

 

කාගේත් ආකර්ෂණය දිනාගත් හෙක්ටර්ගේ විවාහ සංවත්සරය…..

ආදරණීය කතා මේ ලෝකේ හැම තැනකම.. මේත් අන්න ඒ වගේ ලස්සන ආදර කතාවක්..
ඇත්තටම ඔවුන් දෙදෙනා හැමෝටම ආදර්ශයක්.. 

පැටී වගේම හෙක්ටර්.. ඔවුන්ගේ විවාහ සංවත්සර සාදය ඊයේ පැවැත්වුණා..
ඒ ආදරණීය හෝරාව මොන තරම් නම් ලස්සනයිද..? ඒ වගේමයි ඒ දෙන්නාගේ ආදරයත්..

 

 

ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය සහ ජනපති අතර සාකච්ඡාවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.

 

ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම  ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට තිබෙන නිසා ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් අර්බුදයකට පත් ව ඇති අතර, තමන්ගේ සමාජ මාධ්‍යක ගීතයක් පළ කිරීමටද හැකියාවක් නැති බවද මෙහිදී අවධාරණය කෙරිණි. මේ හේතුවෙන් වෘත්තීය වශයෙන් ගායන ක්ෂේත්‍රයේ නියුතු බොහෝ ගායක-ගායිකාවන් අසාධාරණයට ලක් ව ඇත. මේ සියලු කරුණු පිළිබඳව සලකා බලා ස්වාධීන කමිටුවක් පත් කර අවශ්‍ය නීතී සංශෝධනය කර දෙන ලෙස ගායක-ගායිකා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

මෙම ගැටලුව කාලාන්තරයක් තිස්සේ පැවතෙන බවත්, ඒ නිසා මේ පිළිබඳ අධ්‍යයනය කර දැනට පවතින ජාත්‍යන්තර නීතිය සහ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී ඇති සම්මුති  අධ්‍යයනය කරමින්ද, ඉහත සඳහන් සියලු පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින්ද, සෑම පාර්ශ්වයකටම සාධාරණත්වය ඉෂ්ට වන පරිදි විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, සංගීත අනුමණ්ඩලයේ සභාපති නදීක ගුරුගේ, සුජාතා අත්තනායක, ටී.එම්. ජයරත්න , සුනිල් එදිරිසිංහ, මල්කාන්ති නන්දසිරි, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, දීපිකා ප්‍රියදර්ශනී, රොඩ්නි වර්ණකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.