වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී TIN අංකය අනිවාර්යයි…

වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් “TIN අංකය” මේ වනවිට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ ජනවාරි මස 5 වනදා සිට අදාළ නීතිය ක්‍රියාත්මක කර ඇති බවය.

මෙතෙක් කලක් නව වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පමණක් TIN අංකය අනිවාර්යය කර තිබු අතර මේ වසරේ සිට ලියාපදිංචි වාහනවල හිමිකාරීත්වය පැවරීමේදී ද එය අනිවාර්යය කර ඇත.

ඒ අනුව යතුරුපැදි, අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලු මෝටර් වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතු වේ.

අදාළ නීතිය මීට වසර දෙකකට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද එය අවස්ථා ගණනාව‍ෙදී කල් දැමුණු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීමට නව දුරකථන යෙදවුමක් හදුන්වා දෙයි….

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීම හා එම සංවිධානය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් නිර්මාණය කල දුරකථන යෙදවුම (app ) හඳුන්වා දීම සහ එය සුභ මොහොතින් අන්තර්ජාලයට මුදාහැරීම වැලිගම කේප් සුපෝබෝගි හෝටලයේදී (10 ) දින සිදුකෙරුණි.

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට දසවසරක් සපිරීම නිමිත්තෙන් 10 ට 10 ක් ලෙස පසුගිය වසර පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිනි.
ඒ අතර සාමාජික සාමාජිකාවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් හා ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් රැසක්ද විය.
එ අතර ඉතාමත්ම වැදගත්ම වැඩසටහන වූයේ දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ලංකාවේ දිස්ත්‍රික්ක 16 ක මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සදහා එක් අයෙකුට රු. 20000/= කට වැඩි වටිනානමක් සහිත වියලි ආහාර දව්‍ය සහ , සනීපාරක්ෂක ද්‍රව්‍ය හා භාණ්ඩ අඩංගු කටිටලයක් මාතර සිට ඔවුන් වෙතටම ගෙන ගොස් ලබාදීමට කටයුතු කරන ලදී.

පසුගිය වසර පුරා මාතර මාධ්‍යවේදියෝ සංවිධානය සිදුකල වැඩසටහන් රැසක සාර්ථකත්වය හා විනිවිධභාවය නිසා දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් සහ ආයතන කිහිපයක මූල්‍ය අනුග්‍රහය මත ලක්ෂ 20 කට ආසන්න වැඩ කොටසක් සිදුකල පසුබිමක 2026 වසර ආරම්භයත් සමඟ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු වඩ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ පහසුව වෙනුවෙන් මාතර Fine bit Softwear ආයතනයේ අනුග්‍රහය මත දුරකථන යෙදවුම හා ඉදිරි වසර 10 ක් සඳහා අන්තර්ජාල ඉඩ පහසුකම මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට ලබා දී තිබේ.
වැලිගම කේප් සුඛෝභෝගී හෝටලයේ කළමනාකරු අසේල ජයවිර මහතාගේ මැදිහත්වීම මත
අදාල ජංගම දුරකථන ⁣ යෙදුම හඳුන්වාදීම සහ එය මුදා හැරීම එම හෝටලයේදී ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් ( දිසාපති ) චන්දන තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලී තේනුවර, කේප් හෝටල් කලමනාකරු අසේල ජයවීර, ෆයින් බිට් සොෆ්ට්වෙයාර් ආයතනයේ ලෂාන් ජයවර්ධන මහතා සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ. මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීම හා එම සංවිධානය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් නිර්මාණය කල දුරකථන යෙදවුම (app ) හඳුන්වා දීම සහ එය සුභ මොහොතින් අන්තර්ජාලයට මුදාහැරීම වැලිගම කේප් සුපෝබෝගි හෝටලයේදී (10 ) දින සිදුකෙරුණි.

මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට දසවසරක් සපිරීම නිමිත්තෙන් 10 ට 10 ක් ලෙස පසුගිය වසර පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිනි.
ඒ අතර සාමාජික සාමාජිකාවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් හා ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් රැසක්ද විය.
එ අතර ඉතාමත්ම වැදගත්ම වැඩසටහන වූයේ දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ලංකාවේ දිස්ත්‍රික්ක 16 ක මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සදහා එක් අයෙකුට රු. 20000/= කට වැඩි වටිනානමක් සහිත වියලි ආහාර දව්‍ය සහ , සනීපාරක්ෂක ද්‍රව්‍ය හා භාණ්ඩ අඩංගු කටිටලයක් මාතර සිට ඔවුන් වෙතටම ගෙන ගොස් ලබාදීමට කටයුතු කරන ලදී.

පසුගිය වසර පුරා මාතර මාධ්‍යවේදියෝ සංවිධානය සිදුකල වැඩසටහන් රැසක සාර්ථකත්වය හා විනිවිධභාවය නිසා දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් සහ ආයතන කිහිපයක මූල්‍ය අනුග්‍රහය මත ලක්ෂ 20 කට ආසන්න වැඩ කොටසක් සිදුකල පසුබිමක 2026 වසර ආරම්භයත් සමඟ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු වඩ වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ පහසුව වෙනුවෙන් මාතර Fine bit Softwear ආයතනයේ අනුග්‍රහය මත දුරකථන යෙදවුම හා ඉදිරි වසර 10 ක් සඳහා අන්තර්ජාල ඉඩ පහසුකම මාතර මාධ්‍යවේදියෝ සංවිධානයට ලබා දී තිබේ.
වැලිගම කේප් සුඛෝභෝගී හෝටලයේ කළමනාකරු අසේල ජයවිර මහතාගේ මැදිහත්වීම මත
අදාල ජංගම දුරකථන ⁣ යෙදුම හඳුන්වාදීම සහ එය මුදා හැරීම එම හෝටලයේදී ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් ( දිසාපති ) චන්දන තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කුසලක නානායක්කාර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලී තේනුවර, කේප් හෝටල් කලමනාකරු අසේල ජයවීර, ෆයින් බිට් සොෆ්ට්වෙයාර් ආයතනයේ ලෂාන් ජයවර්ධන මහතා සහ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ.

WhatsApp Image 2026-01-11 at 22.16.09 (2) WhatsApp Image 2026-01-11 at 22.16.09 WhatsApp Image 2026-01-11 at 22.16.10 (1) WhatsApp Image 2026-01-11 at 22.16.10 WhatsApp Image 2026-01-11 at 22.16.11 (1) WhatsApp Image 2026-01-11 at 22.16.11 WhatsApp Image 2026-01-11 at 22.16.12 (1) WhatsApp Image 2026-01-11 at 22.16.12

ඩග්ලස් දේවානන්දාට ඇප….

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ මහතා අද (09) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

ඒ අනුව ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහසේත්‍රාත්වරිය එම ශරීර ඇප ළඟම ඥාතීන් විය යුතු බවත් විත්තිකරු තිදෙනාටම විදෙස් ගමන් තහනමක්ද පැනවූවාය.

එමෙන්ම නඩුව නැවත එළැඹෙන මාර්තු මස 27 වැනි දින නැවත කැඳවීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්…..

දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බව ද  ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් මේ වනවිට ඩිජිටල් භාවිතය පිළිබඳ ළමා ආරක්ෂණය පැතිකඩ තුළින් අධ්‍යනයක් සිදු කර ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙළ කර ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය එය ඉදිරියේදී  ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බවත් පැවසුවාය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් එම ආයතනය වෙත කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ගුරුවරුන්ගෙන් 92%ට ආසන්න ප්‍රමාණයකට‌ මේ සඳහා අවශ්‍ය කරන පුහුණුව ද මේ වනවිට ලබාදී ඇති බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ පසුගිය මාසවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සැලැසුම් කළ පරිදි ඇතැම් පළාත්වල ගුරුවරුන්ට එම පුහුණු ලබාදීමට නොහැකි වූ බවය.

ඒ අනුව එම ගුරුවරුන්ට එක සහ හය ශ්‍රේණියේ පාසල් වාර ආරම්භවීමට පෙර එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

එමෙන්ම මෙම අධ්‍යාපන කටයුතු කිරීමේදී අන්තර්ජාල භාවිතය අවශ්‍ය නොවන බවත් එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවකාශය සලසාදී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින් අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවය.

එමෙන්ම ඉදිරියේදී සිසුන් ඇගයීම් පරිගණක යෙදවුමක් හරහා සිදු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන් 2025 වසරේදී ක්‍රියාත්මක කර ඇති බවත් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්….

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

කොළඹ, බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83.7 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

දීර්ඝ විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවය.

මෙම විත්තිකරුට පෙර වැරැද්දක් පවතින බවත් පැමිණිල්ල විසින් අධිකරණයට දැනූම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

විවාදයකට එන්නැයි බලශක්ති ඇමති කුමාර ජයකොඩිට ඩී.වී චානකගෙන් අභියෝගයක්…

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අභියෝයග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ අමාත්‍යවරයාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන විවාදයකට පැමිණෙන ලෙසට තමන් අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත්ය.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා මහා පරිමාණ ගල් අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කළේය.

එහිදී චෝදනා කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍යෙයන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල් අඟුරු ටෙන්ඩරය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවය.

ඒ අනුව  ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවත් මන්ත්‍රීවරයා චෝදනා කරමින් එහිදී පැවසීය.

ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ්….

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ සැකකරුවන් පිරිස අද (09) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ගොනුකෙරෙනු නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

වැලිසරට නව බන්ධනාගාරයක්…..

වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

විපක්ෂයේ ඉල්ලීමක් කථානායක ප්‍රතික්ෂේප කරයි….

අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත් වික්‍රමරත්න ප්‍රතික්ෂේප කර තිබේ.

අද (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කර ඇත.

තම තීන්දුවේදී කථානායකවරයා ප්‍රකාශ කළේ, අධිකරණයට ඇඟිලි ගැසීමට ව්‍යවස්ථාදායකයට බලයක් නොමැති බවය.

එවැනි කමිටුවක් පිහිටුවීම බලතල බෙදීමේ ව්‍යවස්ථාමය මූලධර්මය උල්ලංඝනය කරන බව ඔහු තවදුරටත් පැවසීය.

ඉතාලි පනින්න හැදූ කොණ්ඩ රංජි ඩුබායිහිදී අත්අඩංගුවට…

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර ඉතාලියට පලායාමට උත්සාහ කිරීමෙදී ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ආරක්ෂක අංශ විසින් මෙම සැකකරු සමග ඔහුගේ බිරිඳ හා දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව බිරිඳ හා දරුවන් මුදා හැර ඇත.

කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙකු වන බව සඳහන් වේ.

සැකකරු මේ වන විට ඩුබායි හි මූලස්ථාන පොලිසියේ රඳවා සිටී.

මේ අතර කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෝල්ඩන් වීසා නොහොත් වසර 10ක් සඳහා වීසා හිමිකරුවෙකු බව ද වාර්තා වේ.