හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය…
ශෙහානි සිනමා රංගන ශිල්පිනියක් විදිහට ළඟදීම රිදී තිරයෙන් දකින්න පුළුවන් කියලා ආරංචියි..
තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපු ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයෙන් මම සිනමාවට පිවිසෙනවා. සිනමා නිළියක් වීමත් එක්ක මගේ රංගන ජීවිතයේ තවත් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න නියමිතව තිබෙනවා.
නිළියක් විදිහට ක්ෂේත්‍රයට ආපු ශෙහානි ගායිකවක් වුණේ කොහොමද?
පුංචි කාලෙ ඉඳලා මට සිංදු කියන්න හැකියාව තිබුණා. නමුත් රංගන කටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන්කරලා තිබුණ නිසා ගායනයට ඉඩ අඩු වුණා. ඉස්සර වගේ නිතරම රංගනයට මුල්තැන දෙන්නෙ නැතුව ගායනයටත් කාලය දෙන්න මම හිතුවා. ඉතින් මේ වෙද්දි මගේම ගීත කීපයක් නිර්මාණය කරලා තිෙයනවා. ඒ වගේම ලංකාව තුළ සහ විදෙස් රටවල ප්‍රසංගවල ගීත ගායනා කරන ගායිකාවක් විදිහට මට හොඳ ඉල්ලුමක් තිෙයනවා.
ගායිකාවක් වීමත් සමග ශෙහානිට විවේචන රැසක් එල්ල වුණා..
ගායිකාවක් විදිහට ප්‍රසිද්ධ වීමත් සමග මම කලාව අවභාවිත කරනවා කියලා ගායන ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයන්ගෙන් සහ නිළියන්ගෙන් විවේචන රැසක් එල්ල වුණා. කවුරුත් වැඩිය දන්නෙ නැතිවුණාට මගේ තාත්තා සංගීතඥයෙක්. පුංචි කාලෙ ඉඳලා සංගීතමය වටපිටාවක් එක්ක හැදුණ වැඩුණ මට සංගීතය සමග ලොකු බැඳීමක් තිෙයනවා. ඒ බැඳීම මත තමයි මම ගායිකාවක් විදිහට සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ විදිහට සංගීතය ගැන පුරුද්දක් පුහුණුවක් එක්ක ක්ෂේත්‍රයට ඇවිත් දෙයක් කරන්න උත්සාහ කරනකොට විවේචන එල්ලකරලා ඇදවට්ටන්න සමහරු උත්සාහ කළා. නමුත් මම ඒවට සැලෙන්නෙ නැතුව පටන් ගත්තටත් වඩා ශක්තමත්ව සංගීත කටයුතු කරගෙන යනවා.
ශෙහානි තවමත් හෙමින් ගමනක් යන්නෙ ඇයි?
රංගනය, ගායනය, නර්තනය සහ චිත්‍ර ශිල්පය යනාදි සියලුම කලා ශිල්පයන් ගැන මට හැකියාව තියනවා. නමුත් ඒ සියලු දේවල් එකවර කරන්න ගිහින් නිදහස නැතිකරගෙන ඔළුවෙ කැක්කුම හදාගන්න මම කැමැති නැහැ. ඒ නිසා හෙමින් හෙමින් සියලුම කලා ශිල්පයන්වල දස්කම් දක්වමින් ඉදිරියට යන ගමනකුයි මට තියෙන්නෙ. අද වෙද්දි ඒ විදිහට හෙමින් හෙමින් ඉස්සරහට ඇවිත් තියන ගමනෙදි ශෙහානි කහඳවල කිව්වහම කවුරුත් දන්න අඳුරන සන්නාම නාමයක් විදිහට මගේ නම කා අතරත් ප්‍රසිද්ධයි.
ශෙහානිගේ විලසිතා ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙනවා..
හැඩකාර විදිහට ඇඟ නඩත්තු කරලා ඇඟේ හැඩයට ගැළපෙන විදිහට මම විලාසිතා කරනවා. ඒ විලාසිතා කරන්නෙ මට සතුටු විදිහට මිසක අනිත් අය අඳින්න පලඳින්න කැමැති විදිහට සහ සමාජ සම්මතයට ඕන විදිහට නෙවෙයි. මම විලාසිතා කරන විදිහ නිරුවත පෙන්නනවා කියලා සමහරු හැඳින්වූවාට මම අඳින්නෙ පලඳින්නෙ ජාත්‍යන්තර තලයේ පිළිගත් විලාසිතා. ඒ විදිහට මටම අනන්‍ය වුණ විලාසිතා කිරීම තුළින් රසිකයෝ අතර මට සන්නාමයක් විදිහට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් වෙලා තියනවා.
පැටී වගේම හෙක්ටර්.. ඔවුන්ගේ විවාහ සංවත්සර සාදය ඊයේ පැවැත්වුණා..
ඒ ආදරණීය හෝරාව මොන තරම් නම් ලස්සනයිද..? ඒ වගේමයි ඒ දෙන්නාගේ ආදරයත්..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.
ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක පරම අයිතිය පද රචකයාට හා තනු නිර්මාපකයාට තිබෙන නිසා ජනප්‍රිය ගායක-ගායිකාවන් රැසක් අර්බුදයකට පත් ව ඇති අතර, තමන්ගේ සමාජ මාධ්‍යක ගීතයක් පළ කිරීමටද හැකියාවක් නැති බවද මෙහිදී අවධාරණය කෙරිණි. මේ හේතුවෙන් වෘත්තීය වශයෙන් ගායන ක්ෂේත්‍රයේ නියුතු බොහෝ ගායක-ගායිකාවන් අසාධාරණයට ලක් ව ඇත. මේ සියලු කරුණු පිළිබඳව සලකා බලා ස්වාධීන කමිටුවක් පත් කර අවශ්‍ය නීතී සංශෝධනය කර දෙන ලෙස ගායක-ගායිකා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.
මෙම ගැටලුව කාලාන්තරයක් තිස්සේ පැවතෙන බවත්, ඒ නිසා මේ පිළිබඳ අධ්‍යයනය කර දැනට පවතින ජාත්‍යන්තර නීතිය සහ තාක්ෂණික අවශ්‍යතා මත පදනම්ව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟී ඇති සම්මුති අධ්‍යයනය කරමින්ද, ඉහත සඳහන් සියලු පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින්ද, සෑම පාර්ශ්වයකටම සාධාරණත්වය ඉෂ්ට වන පරිදි විසඳුමක් සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, සංගීත අනුමණ්ඩලයේ සභාපති නදීක ගුරුගේ, සුජාතා අත්තනායක, ටී.එම්. ජයරත්න , සුනිල් එදිරිසිංහ, මල්කාන්ති නන්දසිරි, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, රෝහණ බෝගොඩ, සෝමසිරි මැදගෙදර, දීපිකා ප්‍රියදර්ශනී, රොඩ්නි වර්ණකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන “සිත් රූ– 2025” ප්‍රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (05) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ රජය ක්‍රියාත්මක කරන “එක්ව – අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් එක් ක්‍රමෝපායක් ලෙස සිත් රූ ප්‍රසංගය සංවිධානය කරනු ලබයි. එය මෙවර සංවිධානය කෙරුණේ වසර 06කට පසුව වීම විශේෂත්වයකි.
ආබාධ සහිත පුද්ගලයන් පුනරුත්ථාපනය, සවිබල ගැන්වීම හා රැකවරණය වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත මෙවර අයවැයෙන් රුපියල් මිලියන 632ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
“සිත් රූ 2025” පළාත් තරගාවලියෙන් ජයග්‍රහණය කළ ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානවල, ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සහ වෘත්තීය පුහුණු ආයතනවල දරු දැරියන් වෙත තිළිණ සහ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එම දරු දැරියන් සමඟ සුහද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපවලටද එක් විය.
සිසුවියක් විසින් අඳින ලද, ජනාධිපතිවරයාගේ රුව රැගත් ඡායාරූපයක්ද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න යන මහත් මහත්මීහු සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,
“අපිට තිබුණේ ජනතාව දුන්න වරප්‍රසාද ඊට වඩා ලොකු දෙයක් නැහැ අපිට. ඒක තිබෙන තාක්කල් ඕනේ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ.”
ප්‍රශනය – දැන් මෙහෙම වුණොත් විජේරාමේ අත්හැරලා ඔබතුමාට මැදමුලනට යන්න වෙයිද ?
“විජේරාමෙට වඩා ඉතාම හොඳයිනේ මැදමුලන.”
ප්‍රශනය – ඔබ හිතන විදිහට ආණ්ඩුව එහෙම දෙයක් කරන්නේ මොනවගේ පරමාර්ථයකින්ද ?
“පළිගන්න…”
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව පසුගියදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
සමාව ඉල්ලා සිටීමෙන් නොනැවතී එසේ සමාව ගත් බවට දැන්වීම් පළ කිරීමට සූදානම් බව එම සැකකාරිය විසින් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන් අතර තමන්ට එරෙහිව පවතින විමර්ශනය සමථයට පත් කොට සිය අනාගතය සකස් කරගැනීමට ඉඩ දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර හේමාලී විජේරත්න තමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාර්ගයෙන් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළා තිබුණි.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට තම සේවාදායිකාව සූදානම් වුවද ඇයට අදාළ චෝදනාවලට වරද පිළිගැනීමට හැකියාවක් නොමැති බවත් දන්වා සිටියාය.
අදාළ නඩුකරය මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායිකාව වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකට යාමට නියමිතව ඇති බවත් ඊට පෙර මෙම සිද්ධිය සමථයට පත් කරගැනීමට අවස්ථාව ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
මෙම සැකකාරිය 21 වන වියේ පසුවන අතර ඇය ලබන 13 වනදා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතව තිබෙන බවත් එසේ නොගියහොත් ඇයගේ අනාගතය අඳුරු විය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
මෙම නඩුව ලබන 27 වනදා කැඳවීමට නියමිතව තිබෙන අතර 13 වනදාට පෙර අල්ලස් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම වැදගත් බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරියට චෝදනා ගොනු කරනවාද? එසේත් නැත්නම් පරීක්ෂණය සමථයට පත් කරනවාද? යන කාරණය පිළිබඳව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි දිනයක අධිකරණයට කරුණු දක්වන බව සඳහන් කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරනවාද? නැත්නම් සැකකාර පාර්ශ්වය ඉල්ලා සිටින කොන්දේසි මත නඩුව සමථයකට පත් කරනවාද ? යන ස්ථාවරය ලබන 07 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුනි.
එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
එම පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මේ වන විට
විදේශගතව සිටින පතාල කල්ලි සාමාජිකයකු බව කියන අමින්ද රෝෂාන් ජයසේකර හෙවත් ‘දරුන්’ සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිට මේ වනවිට විදේශගතවී සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සලින්ද මදුශාන් පෙරේරා හෙවත් ‘කමාන්ඩෝ සලින්ද’ යන අය එක්වී මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.
අදාළ තර්ජනාත්මක ඇමතුම අගෝස්තු මස 03 වනදා රාත්‍රි 8:33 ලැබී ඇති බව සඳහන් කළ පොලිසිය ඒ තුළින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර තිබෙන බවත් පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් හෝටලයක මත්ද්‍රව්‍ය ග්‍රැම් 440යි මිලිග්‍රෑම් 845ක් හා ජීවඋණ්ඩ 9ක් සන්තකයේ තබාගෙන සිටියදී දිසානායක නමැති සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම තර්ජනාත්මක ඇමතුම ලැබී තිබෙන බවත් සඳහන් කර සිටියේය.
මෙම දුරකථන ඇමතුම පටිගත කර තිබෙන බවත් ඊට අදාළ සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එහි අන්තර්ගත දත්ත පිළිබඳව වාර්තා කැඳවීමට කටයුතු කරන බවත් පොලිසිය පැවසීය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන ලෙස පොලීසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළාය.
හරක් කටා තමන්ට මරණ තර්ජනය කළ බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඊයේ (04) හරක් කටා උදෑසන 8ට පමණ ස්නානය කිරීම සඳහා සිර කුටියනේ පිටතට පැමිණි අවස්ථාවේදී එම නිලධාරියා සැකකරුගේ කුටිය පරීක්ෂා කර ඇති බව වෙයි.
පසුව එහි පැමිණි හරක් කටා සිය කුටියේ තිබූ පෑනක් නොමැති බව දැක තමන්ට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු බව ද පවසමින් එම පොලිස් නිලධාරියා තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
හරක් කටා ඔහුට තර්ජනය කරමින් “උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්” යනුවෙන් පැවසූ බවද අදාළ පැමිණිල්ලේ සඳහන්ය.
මේ අතර නදුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පලායාමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේදී අද (05) කැඳවනු ලැබීය.
හරක් කටා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරුන් වන රවිඳු සන්ධීප හා සංජීව අබේසිංහ මෙන්ම රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ දිනේෂ් තරංග යන විත්තිකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කොළඹ මහාධිකරණ සංකීර්ණය තුළ හා අවට දැඩි ආරක්ෂාවක් ද අද යොදවා තිබුණි.
ආරක්ෂක අංශ සඳහන් කළේ, හරක් කටාට අද ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරක් ලැබී තිබූ බවය.
පොලිස් නිලධාරියෙකු, බන්ධනාගාර නිලධාරියෙකු හෝ මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගත් අයෙක් එලෙස ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට එම තොරතුරේ සඳහන්ව තිබූ බව පවසයි.
ඒ අනුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් අධිකරණ භූමියේ ආරක්ෂාවට යොදා තිබූ අයුරුයි දැකගන්නනට ලැබුණි.
ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින BYD විද්‍යුත් මෝටර් රථ මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළාය.
අදාළ වාහන බැංකු බැඳුම්කරයක් මත මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුනි.
මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997ක් රේගුව භාරයේ පවතින බව සඳහන් කළේය.
එම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝවොට් 100 ද? කිලෝවොට් 150 ද? යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරුන් දෙදෙනෙකු සහ BYD සමාගමේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.
එම වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු බදු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් වශයෙන් තබන්නේ නම් එම වාහන වලින් 06ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදාහැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට වගඋත්තරකරුවන්ට උපදෙස්දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ පෙත්සම යළි මේ මස 07 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම යෝජනාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කෙරුණි.
ජෝන් කීල්ස් සීඩී ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.