“රඟපාන්න තියෙන කැමැත්ත නිසා අතින් වියදම් කරගෙනත් වැඩ කළා “- උමේෂි වික්‍රමසිංහ.

IMG-20201128-WA0008
1.ඔබ ගැන එක වාක්‍යකින් හැඳින්වුවොත්,
මම හරිම සරල කෙනෙක්.
2. ඔබ රංගන ශිල්පිණියක්ද, නිරූපණ ශිල්පිනියක්ද ?
මම රංගන ශිල්පීනියක්
3. කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ ?
ස්ක්‍ර්න් ටෙස්ට් එකක් ගැන පත්තරේ දාල තිබුණා. ඒක හරහා තමයි.
IMG-20201128-WA0004
4. දැනට පෙනී සිටි නිර්මාණ මොනවද ?
 මේ දවස් වලනම් නැවත විකාශන තමයි යන්නෙ..ළගදිම අලුත් නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
5 . මෙතෙක් ආ ගමනට උදව් කළ අය මතක් කරමුද?
නම් වශයෙන් කියනවනම් ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයා, ජී. සිවගුරුනාදන් අධ්‍යක්ෂක තුමා, ප්‍රභාත් රෝෂන් අධ්‍යක්ෂකතුමා වගේ ගොඩක් අය ඉන්නවා.
IMG-20201128-WA0009IMG-20201128-WA0012
6. මේත් සමඟම ඔබ වෙනත් වෘත්තියකත් නියැලෙනවද?
 ඔව්..මම සෝල පැනල් සම්බන්ද ආයතනයක රැකියාව කරනවා.
8. ෆොටෝ ෂූට් කළ පමණින් මොඩල් කෙනෙක් විය හැකිද? ඔබේ අදහස දක්වන්න.
මම නම් එහෙම හිතන්නෙ නෑ. මොඩ්ල් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ඉන්න මොඩ්ල් කරන අය  රෑම්ප් යනවා කියන්නෙ මොකක්ද කියල දන්නෙත් නෑ.
9. ක්ෂේත්‍රයේ මුහුණදීමට සිදු වන අභියෝග මොනවද?
නම රැකගෙන පරිස්සමෙන් ඉන්නවා කියන එක තමයි ලොකුම අභියෝගය.
IMG-20201128-WA0020IMG-20201128-WA0003
10. අමතක නොවන සිදුවීම් ති⁣බේ නම් මතක් කරමු ද?
අමතක නොවෙන ගොඩක් දේවල් අතරෙ මුලින්ම රඟපාන්න පටන් ගත්ත අලුත බස් එකේ හිර වෙලා ගිහින් සමහර තැන්වල බැහැලා පැයක් විතර ඉන්න වෙල තියෙනවා. ට්‍රාන්ස්පෝට් එක එනකම්..ඊට පස්සෙ රෑ උනාම යන්න බස් නෑ ..අතේ තියෙන කීයෙන් හරි ත්‍රීවිල් එකක් අරං යනවා. බලන් යද්දි රඟපාන්න තියෙන කැමැත්ත නිසා  අතිං වියදම් කරගෙන ගොඩක් කල් වැඩ කරලා තියෙනවා.
11. පෞද්ගලික තොරතුරු මොනවද? පාසල් අධ්‍යාපනය, ගම් ප්‍රදේශය මතක් කරමු.
මගෙ උපන් ගම කලවානෙ. පාසල් ගියේ ගාමිණී සෙන්ට්‍රල් කොලේජ් එකට.
12. චිත්‍රපටියක රඟපාන්න ලැබුණොත් අභියෝගය භාරගන්නවද?
 අනිවාර්යයෙන්ම ..මම අභයෝග වලට ගොඩක් කැමති
13. ඉදිරි බලාපොරොත්තු මොනවද?
 කලාව පැත්තෙන් ඉස්සරහට යන්න ලොකු ආසාවක් තියෙනවා..
බොහොම ස්තුතියි උමේෂි. ඔබේ ඉදිරි ගමනට Boston Lanka අපෙන් සුබ පැතුම් !
සටහන – තරුෂි නවංජනා ලියනාච්චි.