නිරෑපණ ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තමයි High Fashion Upcoming Beauty හරහා අපි ගෙන එන්නේ.

FB_IMG_1708668485929

UPCOMING BEAUTY

නිරෑපණ ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තමයි High Fashion Upcoming Beauty හරහා අපි ගෙන එන්නේ.

නෙත්මි ඔයා ගැන පුංචි හඳුන්වාදීමක් කරලම අපි කතාබහ පටන්ගමු..

ඇත්තටම මං  කියන්නේ හරි සරල විදිහට ජීවත් වෙන, ගොඩක් මිනිස්සු ආශ්‍රය කරන්නේ නැති පාඩුවේ ජීවත් වෙන ගෑනු ලමයෙක්.

කොහොමද ඉතින්  මේ දවස් ගතවෙන්නේ?

මේ දවස් වල මගේ ශූට් වල වැඩ කරගෙන යන ගමන් ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා.

නිරෑපණ ක්ෂේත්‍රයට ඔයා ආවේ කොහොමද?

මං නිරූපණ ක්ෂේත්‍රයට පොඩිකාලේ ඉදන් ලොකු කැමැත්තක් තිබුනා. නමුත් පොඩි පොඩි හේතු නිසා මට මගඇරුනා මේ ක්ෂේත්‍රයට එන එක. ඊටපස්සේ මං මේ ක්ෂේත්‍රය පිළිබදව හදාරලා යම්කිසි දැනුමක් ලබාගෙන තමයි දැනට අවුරුද්දකට කලින් විතර මේ ක්ෂේත්‍රයට ආවේ.

හීනයක් තියෙනවද මං මේ වගේ Shoot එකක් කරන්න ඕනේ කියලා.

ඇත්තටම මං හරි ආසයි වෙනස් විදිහට ශූට් කරන්න. එකක් කියලා නෑ. හිතේ ඇදුන ගොඩක් concept තියෙනවා කරන්න ආසාවෙන් ඉන්න.

ඔයාගේ වැඩවලට පවුලෙන් ලැබෙන සහයෝගය එහෙම මොනවගේද?

මුලින්ම නම් ගෙදරින් පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ මං මොඩ්ලින් කරනවට. හැබැයි දැන් නම් අම්මගෙනුයි තාත්තාගෙනුයි ලොකු support එකක් ලැබෙනවා මගේ වැඩ වලට.

මේ වෙනකොට Photoshoots කියක් කරලා තියෙනවද?

30 කට වැඩිගානක් කරලා තියෙනවා.

මේ නිරෑපණ ක්ෂේත්‍රය ගැන ඔයාගේ අදහස ?

නිරූපණය කියන්නෙ ලස්සන කලාවක් මං දකින විදිහට නම්. හරි විදිහට දැනුමක් එක්ක කරනවානම් ඉස්සරහට යන්න පුළුවන් හොද ක්ෂේත්‍රයක්. මමත් තාම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. තව ගොඩක් දේවල් මට ඉගෙනගන්න තියෙනවා මේ ක්ෂේත්‍රය ගැන කියලා තමයි මං හිතන්නේ.

ඉදිරි බලාපොරොත්තු ගැනත් අපි කියමු.

ඇත්තටම දිගටම මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න ආසයි. නමුත් මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න ආසයි. කොහොම නමුත් වෙන ක්ෂේත්‍රයක හිටියත් පුළුවන් හැම වෙලාවකම මට එන වැඩ පුළුවන් විදිහට කරගෙන යන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ.

ස්තුතියි නෙත්මි අපි එක්ක ලස්ස්න කතාබහකට එකතු වුණාට. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා High Fashion අපි ප්‍රාර්ථනා කරනවා.

High fashion ඔයාලගෙත් වැඩ සියල්ලම සාර්ථක වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා .

FB_IMG_1708668485929 FB_IMG_1708668459083 FB_IMG_1708668421813 FB_IMG_1708668478603
මෙලනි ෆ්‍රිසන්කෝටන් .