𝗧𝗔𝗟𝗞 𝗪𝗜𝗧𝗛 DILSHAN

FB_IMG_1706881262366
ඉතින් Talk with High Fashion එක්ක එකතු වෙලා ඉන්නවා කඩවසම් නිරැපණ ශිල්පියෙක්. චලන ඩිල්ශාන්.
ආයුබෝවන්..චලන ඩිල්ශාන් කොහොමද ඉතින්?
ආයුබෝවන් හොඳින් වැඩකටයුතු කරගෙන සතුටින් ඉන්නවා.
ඔයා ගැන පුංචි හඳුන්වාදීමක් කරලම අපේ කතාබහ ඉස්සරහට කරගෙන යමු.
මම චලන ඩිල්ශාන්. මගේ වයස අවුරැදු 22 යි. මගේ උපන් ගම කැලණිය. අධ්‍යාපනය ලැබුවේ කැලණිය ශ්‍රි ධර්මාලෝක විද්‍යාලයේ. ආගම ධර්මයට ලැදිව කටයුතු කරන, සාමාන්‍ය පවුලක හැදුණු වැඩුණු නිරැපණ ක්ෂේත්‍රයට ආදරය කරන සාමාන්‍ය චරිතයක්.
නිරෑපණ ශිල්පියෙකු වීම ඔයාගේ ජිවිතේ ඔයා හැබෑකරගත්ත එක හීනයක්ද?
ඔව්.. අනිවාර්යයෙන්ම මං පුංචි කාලේ ඉඳන් ආස කරපු හීනයක්. මං හිතනවා මගේ වයසත් එක්ක මං ඒ හිනේ හැබැකරගෙන ඉවරයි කියලා.
නිරෑපණ ක්ශේත්‍රයට ආපු විදිහත් කියමු.
ක්ෂේත්‍රයට එන්න හිතුණේ මගේ යාලුවෝ හිතවතුන්ගෙන් විශේෂයෙන්ම පවුලේ අයගේ යෝජනා නිසා. මට මේ තැනට එන්න ගොඩාක් උදව් කරේ Batik Beats by Prihan Gamage, R. Dushyantha Perera Bridal Saloon, Thilak Pushpakumara Photography.
ප්‍රිහාන් ගමගේ අයියා, දුෂ්‍යන්ත පෙරේරා අයියා වගේම තිලක් පුශ්පකුමාර අයියා මගේ සහෝදරයෝ තුන් දෙනා මාව මේ තැනට ගන්න ගොඩාක් මහන්සි වුණා. තවත් මේ ක්ෂේත්‍රයට ඇති කැමැත්ත නිසා මොඩල් ඇකඩමි එකක් එක්ක සම්බන්ධ වුණා.
නිරැපණ කටයුතු වලට අමතරව ඔයා රැකියාවක් එහෙම කරනවද?
ඔව් අධ්‍යාපන කටයුතු එක්ක පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා.
වර්තමාන නිරැපණ ක්ශේත්‍රය ගැන ඔයාගේ අදහස?
නිරැපණය කියන්නේ සුන්දර කලාවක්. ඒත් විවිධ පැතිකඩ තියෙනවා. නිරැපණය තුලින් හොඳ ගමනක් යන්න පුලුවන්. සමහර අවස්ථාවල නොයෙක් නොයෙක් යම් බලපෑම් ඇතිවෙන්න පුලුවන්. ඒ වෙලාවට කල්පනාවෙන් වගේම සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. මම නිරැපණ කලාව දකින්නේ ජිව්තේ සාර්ථක කරගන්න පුලුවන් කලාවක් විදිහට.
ඔයා හිතන විදිහට ජිවිතේ සතුට කියන්නේ මොකක්ද?
ජිවිතේ සතුට කියලා කියන්නේ තමන් හිතන, කරන, පවසන දේ අනුව තමයි සතුට ලඟා කරගන්න පුලුවන්. ඒ නිසා හොඳ දේවල් කරන්න, හිතන්න වගේම කියන්න. අදහන ආගම ධර්මයට අනුව ජිවත් වෙන්න. එතකොට සතුට ලඟා කරගන්න පුලුවන්.
මොනවද ඉදිරි සැලසුම්?
නිරැපණ ක්ෂේත්‍රයේ කටයුතු වලට අමතරව මගේ ව්‍යාපාර කටයුතු සඳහා ලබන වර්ෂයේ විදෙස් ගතවිමට බලාපොරොත්තු වෙනවා.
2024 නව වසර වෙනුවෙන් අපේ High Fashion පාඨකයන්ට සුබ පැතුමක් එක්කරමු.
ඉතින් ලබන්නා වු නව වසර High Fashion පාඨකයන් හැමෝටම කිරි ඉතිරෙන අවුරැද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝගේම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන ලස්සනම අවුරැද්දක් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
 ස්තුතියි චලන.. High Fashion අපි එක්ක කතා බහකට එකතු වුණාට ඔයාගේ සියලු ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න් කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි High Fashion. අපි වගේ අයට ඔයාලාගේ සඟරාවෙන් ඉඩක් වෙන්කරනවාට. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඔයාලාගෙත් හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
FB_IMG_1706881218171 FB_IMG_1706881271608 FB_IMG_1706881331192 FB_IMG_1706881262366
මෙලනි ෆ්‍රිසන්කෝටන්