රෑමතියක් එක්ක තමා මේ කතාබහ. අචිනි හංසමාලී.

FB_IMG_1706879585783
𝗧𝗔𝗟𝗞 𝘄𝗶𝘁𝗵 Achini Hansamali
ආයුබෝවන් අචිනි කොහොමද?
ආයුබෝවන්..හොඳින් සතුටින් ඉන්නවා. මේ දවස්වල මගේ වැඩ කටයුතු සුපුරුදු පරිදි කරගෙන ඉන්නවා.
කවුද මේ අපේ කවරේ පිටුව සරසන අචිනි?
මගෙ නම අචිනි හංසමාලි. මම මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කරනවා. දැනට ක්ෂෙත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් වගේ තමයි වෙන්නෙ. වයස 21යි. මම ගොඩාක් සරලව ඉන්න කැමති කෙනෙක්. ඒවා තමයි ඉතින් මගෙ විස්තර.
මේ දවස්වල හැමෝගේම ක්‍රශ් එක ඔයා එහෙම නේද?
අනේ මන්දා..ඒක නම් ඉතින් මම දන්නෙ නැහැ..ඒක එහෙමද?
සමාජ මාධ්‍ය තුල ඔයා ගැන හොයලා බැලුවම එහෙම තමා තේරැණේ. ඉතින් ඔයා තමයි Miss Sri lanka for Queen of the Island 2023. ඒ ගැනත් කියමු..
ඔව්.. Miss Intercontinental Sri Lanka 2023 තරඟාවලියේම පැවැත්වුණු තවත් තරඟයක් තමයි ‘Queen Of The Islands’ කියන්නේ. පහුගිය අගෝස්තු මාසයේදී තමයි මේ තරඟය පැවැත්වුණේ. ඉතින් ම⁣ට ‘Queen Of The Islands’ කිරුළ දිනාගන්න හැකි වුණා. ගොඩාක් සතුටුයි ඒ ගැන.
නිරෑපණ ක්ශේත්‍රයට එන්න. ලොව පිලිගත් රෑමතියක් වෙන්න ඔයා පොඩි කාලේ ඉඳන් හීන මැව්වාද?
නිරූපණ ශිල්පිනියක් වීමේ ලොකු කැමැත්තක් මට පොඩි කාලේ ඉඳන්ම තිබුණා. විශේෂයෙන්ම රෑම්ප් මොඩ්ල් කෙනෙක් වෙන්න. ඒක නිසාම තමයි උසස් පෙළ විභාගය අවසන් වූ විගසම මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය ඉගෙන ගෙන නිරූපණ ක්ශේත්‍රයට පිවිසුණේ.
ඔයාගේ වැඩ කටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මුලින් නම් ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් දැන් නම් මාව තේරුම් අරගෙන අම්මයි තාත්තයි මට ලොකු සහයෝගයක් දෙනවා.
කවදාහරි එයා ඔයාට වඩා උස වෙන්න ඕන කියලා ඔයා කියලා තිබ්බා. ඒක මං කොහේ හරි දැක්කා. එයා කෙනෙක් ඉන්නවද?
දැනට නම් එයා කෙනෙක් නැහැ. ඉස්සරහට බලමු නේද?. හැබැයි උස විතරක්ම තිබිලා හරියන්නේ නැහැ. මාව තේරුම් ගන්න පුළුවන් ඉවසීමක් තියෙන උස කෙනෙක් තමයි වෙන්න ඕනි.
තේරැම් ගන්න පුලුවන් ආදරණිය උස කෙනෙක්. ඉතින් අචිනි ආදරේ කියන්නේ මොකක්ද ඔයා හිතන විදිහට?
ඒකට සුපැහැදිලි නිර්වචනයක් දෙන්න අමාරුයි මට. ඒක හැඟීමක්. කොහොම වුණත් මට දැනෙන විදියට නම් ආදරය මාරම සුන්දර හැඟීමක්.
අවසාන වශයෙන් මොනවද අචිනි ඔයාගේ Future Plans?
එහෙම ලොකු ලොකු future plans, goals ගොඩාක් නැහැ මට. පුංචි බලාපොරොත්තු අතලොස්සක් තමයි තියෙන්නේ. නිරූපණ ක්ෂෙත්‍රයේ කාලයක් රැඳී සිටිමින් ඉදිරියට යෑම එයින් එකක්.
ඒ අතලොස්සක් වු බලාපොරොත්තු වුවත් ඒවා සාර්ථක කරගෙන ඉදිරියට ලස්සන ගමනක් යන්න අචිනී High Fashion අපි ඔයාට සුබ පැතුම් එකතු කරනවා.
FB_IMG_1706879463304 FB_IMG_1706879485593 FB_IMG_1706879585783 FB_IMG_1706879589243
මෙලනි ෆ්‍රිසන්කෝටන්.