අපි මෙවර කතා කරන්න හිතුවා Upcoming Handsome කෙනෙක් එක්ක…

FB_IMG_1711036234405

අපි මෙවර කතා කරන්න හිතුවා Upcoming Handsome කෙනෙක් එක්ක…

1) අපි ඔයා ගැන හඳුන්වාදිමක් කරලම  කතාබහ ආරම්භ කරමු නේද?

මගේ නම විඳුරංග ජයසිංහ. වයස අවුරුදු 29යි. පදිංචිය  කොළඹ දහය. රැකියාව වශයෙන්  qualified fitness trainer කෙනෙක් විදිහට වැඩ කරන අතරතුර    modelling & graphic designer  කෙනෙක් විදිහටත් වැඩ කරගෙන යනවා.

2) ඔයා නිරෑපණ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

දැනට අවුරුද්දක් වෙනවා.

3) නිරෑපණ ක්ෂේත්‍රය ගැන ඔයාගේ අදහස?

මොඩ්ලින් කරන්න ගැලපෙන අයට දුර ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක් විදිහට තමයි මට පේන්නේ.

4) ඔයා දැනට Shoots කියක් විතර කරලා තියෙනවද?

ෂූට්ස් දැනට පහළොවකට වැඩිය කරලා තියෙනවා. අතර  Clothing Brand ෂූට්ස් concept shoots වගේ දේවල් ඇතුලත්.

5) ඔයා ගොඩාක්ම කැමති මොනවගේ Shoots කරන්නද?

ෂූට්ස් වලට වඩා මං ගොඩක් කැමති Ramping වලට. මං දැනට walk with Glamour  Fashion show  එකේ සීනියර් මොඩ්ල් කෙනෙක් විදියට Ramp කරනවා. ඒ වගේම මං දැන් ඉන්න තැනට එන්න මට ගොඩක් සපෝට් කරේ Mr. Shanon  Angelo සර්ව මේ වෙලාවේ මම මතක් කරේ නැත්නම් ලොකු අඩුපාඩුවක්. Walk with Glamour Fashion Show  කියන්නේ සර්ගේ නිර්මාණයක්. මං ගොඩක් ආඩම්බරින් සහ සතුටින් ෂෝ එකත්  එක්ක වැඩ කරගෙන යනවා.

ස්තුතියි විදුරංග ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා High Fashion  අපි ප්‍රාර්ථනා කරනවා.

ස්තුතියි High Fashion!  ඔයාලාටත් එසේම ප්‍රාර්ථනා කරනවා.

FB_IMG_1711036234405 FB_IMG_1711036251148 FB_IMG_1711036259953