HD ආකාරයෙන් ඡායාරූප යැවීමේ පහසුකම WhatsApp හඳුන්වාදෙයි

whatsapp

WhatsApp සඳහා නව විශේෂාංගයක් එක් කර ඇති බවට Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව HD ආකාරයෙන් ඡායාරූප යැවීමේ පහසුකම මෙලෙස හඳුන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔබ WhatsApp ඡායාරූපයක් යොමු කිරීමේදී HD ලෙසද නැතහොත් සාමාන්‍ය ආකාරයෙන්ද යන්න තෝරා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.