නව ආරෙක රාටා මවන Widushi “එයා” ගැන හිතට එකඟව කියපු දෙයක්

IMG_8123 copy
විදුෂි උත්තරා ටෙලි නාට්‍යට පායපු අළුත්ම ආරේක තරුවකි. කලා පවුලක අභාෂය  ඇති ඇයට අකර්ශනියව කතා කිරීමට දක්ෂය. ඇයටම අවේනික වූ වෙනස් රටාවක් මවාගෙන යන වෙනම ගමනක හිදින්නියක් බොස්ටන් අපට මුණ ගැහෙන්නේ ලංසුපතියෝ රූගත කල අතුරුගිරිය පරිශ්‍රයේදීය. එතැනදී අපේ කතාව මෙසේ ආරම්භ විය
අපි ආරම්භයට යමු..
ළමා වැඩසටහනකට තමයි මං මුලින්ම සහභාගී වුණේ. ඊටපස්සේ 09 වසරේ ඉන්නකොට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. හැබැයි තාත්තාගේ විරුද්ධත්වය මත ක්‍ෂේත‍්‍රයේ දිගටම රැඳී සිටින එක තාවකාලිකව නැවැත්තුවා. ඊට පස්සේ ප‍්‍රදීප් ධර්මදාස අධ්‍යක්‍ෂනය කරන නාට්‍යයකට ආරාධනා ලැබුණා. විරාමයෙන් පස්සේ මුලින්ම සම්බන්ධ වුණේ ඒ නිර්මාණයට. ඊට පස්සේ දෙවෙනි ඉනිමට ආරාධනා ලැබුණා. දෙවෙනි ඉනිමත් එක්ක තමයි මගේ ගමන ආරම්භ වුණේ. පේ‍්‍රක්‍ෂකයො මාව වැළඳ ගත්තේ දෙවෙනි ඉනිම ඔස්සේ.
Modelling කරන්න එහෙම අදහසක් නැත්ද ? 
මම දකින විදියට ඒක තමන්ගේ කැමැත්ත අනුව තෝරගත යුතු දෙයක්. Modelling කරනව නම් ඒ ක්‍ෂේත‍්‍රයට සාධාරණයක් කරන්න පුළුයන් වෙන්න ඕන. මං කියන්නේ fashion modding වගේ දෙයක්. මම fashion modding වගේ දෙයක් නම් කරන්නේ නැහැ. මොකද මම ඒක කරන්න comfortable zone එකක නැහැ. මම හැබැයි මම bridle modding වගේ දෙයක් නම් අනිවාර්යයෙන් කරනවා. මම හැම ඇඳුමක්ම අඳින්න කැමති කෙනෙක් නෙමෙයි. ඒක ගෙදරින් විරුද්ධ නිසා නෙවෙයි. මම අඳින්නේ මට පහසු ඇඳුම් විතරයි.
ඒ කියන්නේ මොනවද ඔබේ විලාසිතා?
මම සාමාන්‍යයෙන් සරල විලාසිතා කරන කෙනෙක්. මගේ ආසම පාට සුදු , කළු. දම් පාටටත් ආසය.  හැබැයි අඳින්නේ නෑ වැඩිය. දම් පාටින් බඩු ගන්න තමයි ආස. මට පහසුම ඩෙනිමයි, ටී ෂර්ට් එකයි, රබර් සෙරෙප්පු දෙකයි. ගොඩක් කොටට අඳිනනේ නැතුව නෙවෙයි හැබැයි අඳිනවා හරි අඩුයි.
අවස්ථානුකූලව හිතට ආස හිතෙන ඇඳුමක්  දැක්කොත්  අරන් අරං අඳිනවා.
ලංකාවේ නිළියක් හොදට ඇන්දම  කියන කතා ගැන ඔබට මොකද හිතෙන්නේ? 
එක එක විලාසිතා කරලා අඳින එක ඉතින් තමන් අඳින ඇඳුම අනුව තමයි කට්ටිය omment කරන්නේ. තමන් කැමැත්තේන් තමන්ට වුවමනා නිසා නම් ඇන්ඳේ කවුරු මොනවා කිව්වත් තමන් දුක් වෙන්න නරකයි. හැබැයි අපි මතක තියා ගන්න ඕන පුද්ගලයාගෙන්ප පුද්ගලයාට choice වෙනස්.
එහේ මෙහේ යද්දී makeup කරනවද ?
පොඞ්ඩක්වත් නෑ . මම makeup කාන්නේ රූගත කිරීම් වලට විතරමයි. හැබැයි රූපගත කිරීමකට ගිහින් පෞද්ගලික ගමනකට යන්න වෙනවා නම් ඒ makeup එක පිටින් යන අවස්ථා තියනවා. මම බලන්නේ පුළුවන් තරම් අඩුවෙන් makeup කරන්න.
IMG_8094 copy
ලස්සන maintain කරන්නේ කොහොමද ?
මං ඇත්තටම එහෙම හිතලා දෙයක් කරන්නේ නැහැ. මේක මට උපතින් ලැබිච්ච රූපයක්. මේ දවස් වල වැඩියෙන් makeup භාවිතා කරන නිසා face wash එකක් භාවිතා කරනවා. ගෙදර ඉන්නවා නම් නම් සාමාන්‍යයෙන් බේබි සබන් තමයි පාවිච්චි කරන්නේ. මොකද මං හිතනවා අඩුම හානියක් වෙන්නේ බේබි සබන් වලින් කියලා.
Fleed එකට එනකොට බය හිතුණේ නැද්ද ?
බය හිතුනේ නෑ. මගේේ family back ground එකත් එක්ක එක්ක මම පොඩි කාලේ ඉඳන්ම හිටියේ කලාවත් එක්ක. ඉතින් මේක මට නුපුරුදු තැනක් නෙමෙයි.
IMG_8105 copy
ඔබ කොහොමද fled එකේ ඉන්නේ ?
එක එක්කෙනා දකින විදිය අනුව තමයි ඒකත් තීරණය වෙන්නේ. මම නම් හාරිම friendly කෙනෙක්. මගෙත් එක්ක අම්මත් එනවා රූපගත කිරීම වලට සමහර දවසට එතකොට මම හැසිරෙන්නේ කොහොමද කියලා මගේ අම්මට පේනවා. ඉතින් අම්මට ප‍්‍රශ්නයක් නැත්නම් මම හැසිරෙන විදිය මේ ලෝකේ කාට ප‍්‍රශ්නයක් වුණත් මට ප්‍රශ්ණයක් නැහැ. මම සාමාන්‍යයෙන් හරි සුහදයි. ඉන්න හැමෝම අයියලා මල්ලිලා එක්ක වුණත් කරට අත දා ගෙන ඉන්න හරිම friendly කෙනෙක්. ඒක තව කෙනෙක් වැරදියට දකින්න පුළුවන් ඉතිං. ඒක මට ප්‍රශ්ණයක් නෙමෙයි.
Gossip වලට ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද?
මං ප‍්‍රතික්‍ෂේප කරන්නේ නෑ. Gossip කැමති කෙනෙක්ට හදන්න පුළුවන්න්. කැමති කෙනෙක්ට ඒවා අහලා පිළිගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත.
එතකොට ඔය දේවල් වලට පෙම්වතා කැමති ද?
තාත්තා නිසා තමයි මං මේවායින් ඈත්වෙලා හිටියේ. නැවතත් ක්‍ෂේත‍්‍රයට එන්න සහයොගය දුන්නේ එයා. අපූරුම සිදුවිම කියන්නේ මම සමහර වෙලාවට upset යනවා ඒ act එක දැක්කම මෙයා මොනාවා හිතයිද කියලා. ඒත්  එයා හිනා වෙලා කියනවා ඔය ඉන්නේ ඔයා නෙමෙයි ඒ චරිතෙට අදාල කෙනා කියලා. මටත් වඩා මං කරන දේවල් බලන්නේ එයා. මං කරපු දෙයක් බලන්න එයා මිස් කරන්නේ නැහැ
තෝරාගෙන ඉන්නේ fled එකේ කෙනෙක්ද ?
නැහැ
විවාහය ගැනමොකදහිතෙන්නේ?
විවාහය කියන්නේ හරි සුන්දර දෙයක්. ඒ දෙන්නා තේරුම් අරන් ජිවත් වන විදිහ.
ඔබ ගැන මොනවා කියනවට ද වැඩියෙන්ම කැමති?
 
මං හරිම ආදරණිය චරිතයක් කියනව නම් මම කැමතියි.
IMG_8166 copy
අළුතෙන් රංගනයට එන යට මොකද්ද කියන්නේ ? 
ජනප‍්‍රිය වෙන්න කලබල වෙන්න එපා. තමන් ශේෂ්ත්‍රයට එන්නේ මොකටද කියන එක මුලින්ම තේරුම් ගන්න  ඕන. වැඩක් කරන්නද? ජනප‍්‍රිය වෙන්නද? හම්බ කරන්නද? ඒ තේරුම් ගැනීම තුළ තමයි එකිනෙකාගේ හැසිරීම් වෙනස් වෙන්නේ. හදිසි වෙන්නේ නැතුව දක්ෂතාවයෙන් ගමනක්  යන්න උත්සාහ කරනවා නම් දිගු ගමනක් යන්න පුළුවන්.
By Gayathri Magage
Pic. By Ranuka Wijewardhane