හෙමින් ගමනේදී ජිවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන්” ජනප්‍රිය නිළි අංජලී ලියනගේ

KYQYAeK
දෙවන ඉනිම, පැහැසරා යන ආදී ජනප්‍රිය ටෙළි රැසක් ඔස්සේ ද වේදිකාව සිනමාව ඔස්සේද රසික ඔබ රසගන්වූ ඇය නමින් අංජලි ලියනගේ. 
 
මෙගා ටෙළි නාට්‍ය ගැන ඔබේ අදහස කුමක්ද ?
 
මෙගා නිර්මාණ වල කතාවේ ප්‍රමිතිය නිර්මාණයේ අවසානය තෙක් ජීව ගුණය රදවා ගන්න නිර්මාණ වගේම අඩු ගුණයෙන් යුත් නාට්‍යත් තියෙනවා. කොහොමවුණත් අද ප්‍රේක්ෂකයන්ව රවටන්න බැහැ.හොද නිර්මාණ විතරයි රසිකයන් බාර ගන්නේ.
ඔබ පෙම්වතියගේ චරිතයෙන් දකින්න නොලැබෙන්නේ ඇයි ?
 
මම වැඩිය පෙම්වතියගේ චරිතය කරලා නැහැ. පෙම්වතියගේ චරිතය කරන්න නව පරපුරේ ඕන තරම් අය ඉන්නවා.
ඔබට ලැබෙන අවස්ථා ගැන සෑහීමකට පත් වෙනවද ?
 
මම එහෙම හිතන්නේ නැහැ. භාර ගන්න චරිතයට උපරිමය ඉටු කරනවා.
18403718_1529642380388184_1352662591501533931_n 31950134_599280780428726_6854059860661633024_n
අද කලාවේ තරු පායනවා, නිවෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද ?
 
ඔව් ඒක දක්ෂකම නිසා වෙන දෙයක් නෙමෙයි. පෙණුම වාසනාව නිසා නිසා වෙන දෙයක්. රංගනය කියන්න හැදෑරිය යුතු විෂයක්. වේදිකාව පරිශීලනය කරලා පොත් පත් කියවලායි අපේ ප්‍රවීණයන් ආවේ. ඒ ගමන හෙමින් වුණත් ස්ථාවරයි. හෙමින් ගමෙනේදී ගොඩක් දේවල් ගන්න පුළුවන්. එක රැයින් ඒ දේවල් ගන්න අමාරුයි.
ලස්සන වෙන්න මොනාද කරන්නේ ?
 
මා නියැලෙන ශේෂ්ත්‍රය අනුව ලස්සන කියන්නේ රැකගත යුතුම දෙයක්. ඒ වෙනුවෙන් මට ලැබී ඇති රූපය පවත්වා ගන්න මම නිරතුරු උත්සහ කරනවා. පිරිසිදුකමට මුල් තැන දෙමින් සිතුවිලි පිරිසිදුව තබා ගැනීමට තමයි මුල් තැන දෙන්නේ.
ඔබේ කැමතිම විලාසිතාව මොකද්ද ?
 
ලස්සනට පිළිවෙලට පිරිසිදුව සරළව ඇදුම් අදින්න තමයි මම ගොඩක්ම කැමති.ඩෙනිමයි ටී ෂර්ට් එකට වඩාත් ප්‍රියයි.
18342080_1529642597054829_3762084506757830380_n32191308_599280747095396_7103294691134668800_n
ඉදිරි ගමන ?
 
මම කලාවට පුදුමාකාර විදියට ආදරේ කරනවා. හොද නිර්මාණ වලට දායක වෙන්න හැමදාම කැමතියි. ඒවගේම වෙනස් චරිත වේදිකාව නාට්‍ය සිනමාව තුළ ඉගෙන ගන්න කැමතියි.
By Ashanthi Warunasuriya