මට අද වෙන තෙක් කිසිම අනවශ්‍ය යෝජනාවක් ඇවිත් නැහැ – හිරුනි වන්නිආරච්චි

HIruni 4

ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කෙටි කලකින්ම ජනප්‍රිය වූ යොවුන් තාරකාවියක්.. Miss Sri lanka for USA කිරුළ ජයග්‍රහණය කිරීමත් සමඟ අප හිතුවා ඇය සමඟ දොඩමළුවන්නට..ඇය නමින් හිරුනි වන්නිආරච්චි..

IMG-20180806-WA0001IMG-20180806-WA0011

– හිරුනි රංගන ශිල්පිනියක්ද නිරූපණ ශිල්පිනියක් ද?

මම දැනට නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා..

– ඒ කියන්නෙ ඔබ රංගනයටත් කැමතියි ?

ඔව් ..මගේ අකමැත්තක් නැහැ .නමුත් දැනට මම නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතුවල තමයි නියැලිලා ඉන්නේ..

IMG-20180806-WA0014IMG-20180806-WA0016HIruni 3

– හිරුනිගේ විනෝදාංශ මොනවද?

මම නර්තනයට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම travel කරන්නත් ආසයි..

– හිරුනි කොහොමද ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

මම වසර තුනක් පමණ සිට නර්තන කටයුතුවල නියැළෙනවා නමුත් මා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී දැනට වසර එකහමාරක් පමණ තමයි වෙන්නේ

මම දැනට මහේන්ද්‍ර පෙරේරා drama academic මේකට සම්බන්ධ වෙලා ඉන්නවා.. ඒ වගේම මේ ක්ෂේත්‍රයට පැමිණියේ catwork model academy එකෙන් හැදෑරීමක් කරලා

IMG-20180806-WA0000IMG-20180806-WA0008

– ඔබ ලබපු ජයග්‍රහණ ගැන මතක් කරමු නේද?

Catwalk model academy graduation එකේ miss catwalk 2017 allrounder ලෙස කිරුළු පැළඳින්න වාසනාව ලැබුණා

මේ වෙලාවෙ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා මගේ ගුරුවරයා දිල්හානි දේදුනු සහ රෝශිත රයන් යන දෙදෙනාවම..

– ඒ වගේම ඔබ Miss & Mrs sri lanka for  2018 ජයග්‍රහණය කළා ..අපි ඒ ගැනත් මතක් කරමු නේද?

ඔව් ..කිරුළු තුනක් සඳහා තරග වැදුණු තරගාවලියෙ මම Miss category එකෙන් ජයග්‍රහණය කළා.. ඒ වගේම ඉතාම ස්තුති පූර්වකව සිහිපත් කරනවා චිත්‍රාල් ද මැල්  , ශමිල් මලික්, රොසෙල් ප්ලන්කට්,රංග ගමගේ, ටිෂාන් ලක්මාල් ඇතුළු pageant එක සඳහා ශක්තියක් වුණු සෑම දෙනෙක්ම.. විනිශ්චය මණ්ඩලය විදිහට කටයුතු කළා නදීශා හේමමාලි, ගීතප්‍රිය සමරසිංහ, කිෂූ ගෝමස්, රොසෑන් ඩයස් ඇතුළු පිරිස..ඒ වගේම කියන්න ඕන මට ලොකු සතුටක් තියෙනවා රොසෑන් මිස්ගෙ අතින් කිරුළු පැළඳීමට ලැබීම ගැන..

HIruni 2HIruni

– හිරුනිගේ පෞද්ගලික තොරතුරු මොනවද?

මම හිරුනි වන්නිආරච්චි.. පාසල ශ්‍රී සුභූති ජාතික පාසල.. බත්තරමුල්ල. මගේ ගමත් බත්තරමුල්ල.. ඒ වගේම මගේ අම්මා  දිමුතු ප්‍රියංගිකා  මහත්මිය මා ඉතාමත් ආදරයෙන් සිහිපත් කරනවා..ඇය මගේ සෙවනැල්ල සේ පිටුපස ඉඳන් නිරන්තරයෙන් මට ශක්තියක් වෙනවා. මගේ පියා සමන්ත වන්නිආරච්චි.. ඒ වගේම නාමල් මධුශංඛ සහ යශෝද් රශ්මික කියන මගේ සහෝදරයන් සහ විශේෂයෙන් තමිඳු තත්සර ද මතක් කරනවා. ඒ අය මට හැමදාම ශක්තියක්..

– මෙතෙක් ආ ගමන ගැන ඔබට මොකද හිතෙන්නෙ ?

ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා මේ තරම් කෙටි කාලයකදී, අඩු වයසකදී, මේ තරම් දුරක් එන්න පුලුවන් වුණ එක ගැන..

– ක්ෂේත්‍රයට අලුතින් සම්බන්ධ වෙන අයට මොනවද කියන්න තියෙන්නේ?

කියන්න තියෙන්නේ මුලින්ම හදාරන්න.. එවැනි තැනකදි නියපොත්තේ ඉඳලා අපිව පුහුණු කරනවා .. 1st step එක විදිහට හැදෑරීම ආරම්හ කරන්න..

– නිරූපණ ක්ෂේත්‍රය ගැන විවිධ සමාජ මතිමතාන්තර තිබෙනවා.. ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම එක photo shoot එකක් කරලා model කියන අය ඉන්නවා ..එහෙම අය නිසා මිනිස්සු ෆීල්ඩ් එක දිහා බලන්නෙ වපර ඇහෙන්… මේක වගකීම්සහගත වෘත්තියක්. ඒ වගේම මට හමුවුණ සැමදෙනෙක්ම බොහොම හොඳ අය ආගම, දහම පවා විශ්වාස කරන අය.. මට අද වෙන තෙක් කිසිම අනවශ්‍ය යෝජනාවක් ඇවිත් නැහැ…

– ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා.. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට සහභාගි වී ජයග්‍රහණ ලැබීමට බලාපොරොත්තු වෙනවා..

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි