“අලුතින් කැමරාවක් අරන් කෙල්ලෙක්ගේ shoot එකක් කලාම ඒ කෙනා photographer  කෙල්ල Model”

FB_IMG_15323349458127977

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

කලාවට අලුත් පාරක් සොයන ඔහු නමින් කුෂාන් විමුක්ති ..මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙකු ලෙසත් කටයුතු කරනවා.. ඒ නිසා අපි හිතුවා අද ඔහු සමඟ කතා බහක යෙදෙන්න..

ඡායාරූප ශිල්පියෙක් ලෙස ඔබ ආ ගමන් මඟ මතක් කළොත්..

මං photography පටන් ගත්තේ කැම්පස් එකේ First year අවසාන කාලේ
ඉස්සෙල්ලම ඒකට ආසවක් ආවේ Facebook එකේ වැටෙන අමුතු ෆොටෝ දැකලා..

සමූහ කීපයක් තිබ්බා.
ඒ කාලේ ඒවා හරිම ක්‍රියාශීලි වගේම සුහදයි. හැම වෙලාවෙම ෆොටෝ ගැන ගන්න විදිය ගැන කතිකාවක් තිබුනා.
ඒකත් එක්ක ෆෝන් එකෙන් තමයි ෆොටෝ ගන්න ඉස්සෙල්ලම පටන් ගත්තේ..
ඒ කාලේ කැමරාවක් අල්ලලා තිබ්බේ නෑ
කැමරාවක මිල ගොඩක් වැඩියිනෙ..
Campus වියදම් එක්ක සල්ලි හොයා ගන්න අමාරු උනා කැමරාවක් ගන්න..

Campus එකේ සර් කෙනෙක් ගාව කැමරාවක් තිබුණා..ඒක දුන්නා කාලයක් පුරුදු වෙන්න..
පස්සේ ඔය අතරෙ අපේ Campus නිවාඩුකාලෙට සින්නො survay set කරනවා
ඒවට හොඳට ගෙවනවා.ඔන්න ඔය සර්වේ එකක් ආවා අපිට ඒකේ මාසයක් වැඩකලා අපි..
ඒකෙන් සල්ලි ඇති වුණා සාමන්‍ය හොද කැමරාවක් ගන්න
අම්මගේ සල්ලි ටිකකුත් දැම්මා..කොටින්ම වත්තේ ගස් කීපෙකුත් විකුණලයි සල්ලි හදා ගත්තේ
එදා ඉදන් අමුතු ෆොටෝ හොයාන පාරවල් දිගේ ඇවිදින එක පුරුද්දක් වුනා..
මට ඔය කාලේ ෆොටෝග්‍රැෆි විදිමත්ව ඉගෙන ගන්න ඕන කලා
මම ශ්‍රී ලංකා
ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයට
බැදෙන්නේ ඔය කාලේ..

ඔබ ඒ මග දිගේ ඇවිත් දැනට ලබා ගෙන ඇති ජයග්‍රහණ ගැනත් මතක් කරමුද ?

* මම මේ වෙනකොට ජාතික ඡායාරූප ශිල්පීන්ගෙ සංගමයේ වසර තුනක ඩිප්ලෝමාව සම්පූර්ණ කරලා ඉවරයි
ජාතික සම්මාන ජාත්‍යන්තරය සම්මාන කීපයක් දිනලා තියෙනවා..
* ගිය අවුරුද්දේ ජාතික ඡායාරූප උළෙලේ
කුසලතා සම්මාන තුනක්
* නීතිය හා සාමය රැකීමේ අමත්‍යංශයේ අපේක්ෂා තරගයේ ප්‍රථම ස්ථානය ඇතුලු ස්ථාන රැසක්

FB_IMG_15323349599846910

* අන්තර්ජාතික තරග වලින් acceptances 35 ක් වගේම award දෙකක්,
තව විවිධ සංගම්, විවිධ රාජ්‍ය නොවන ආයතන මගින් පවත්වන සම්මාන ගොඩක් අරන් තියනවා..

අද හතු පිපෙන්නා සේ බිහි වන ඡායාරූපශිල්පින් ගැන මොකද්ද කියන්න තියෙන්නෙ?

ඡායාරූප ශිල්පය දවසකින් දෙකකින් ඉගෙන ගන්න බෑ
ඒක විදිමත් විදියට ඉගෙන ගන්න ඕන එකක්
ඒත් ගොඩක් වෙන්නේ කැමරාවක් අරන් කෙල්ලෙක්ගේ shoot එකක් කලාම ඒ කෙනා photographer  කෙල්ල Model.

මම කියන්නේ එහෙම නෙවේ වෙඩින් මොඩ්ල් විතරක් නෙවෙ ෆොටෝග්‍රැෆි වල තියෙන්නේ..වයිල්ඩ්ලයිෆ්, නෙචර්, බේබි macro , jourlalism art
ජුවලරි ගොඩක් ෆිල්ඩ් තියෙනවා.. ෆොටෝග්‍රැෆි වල විදිමත් ව ඉගෙන ගෙන එක පැත්තක් එක ක්ෂේත්‍රයක් හරියට කරන්න. එතකොට හරි..විඳිය හැකි මට්ටමේ නිර්මාණ බිහිවෙනවනම්
ඒව තමා වටින්නේ..

FB_IMG_15323349359063459

ලංකාවේ ඡායාරූප ශිල්පීන්ට තිබෙන අභියෝග මොනවද?

අන්තර්ජාතික තරඟවලට ඇතුල්වීමේ ගාස්තුවේ ඉඳන් ගෙවන්න තියන මුදල් ප්‍රමාණය දරන්න බැරි තරම්..ඩොලර් වල අගය වැඩි නිසා ඒක අන්තර්ජාතික තරගවලට ඉදිරිපත්වීමට ශ්‍රී ලාංකික ශිල්පීන් ට අභියෝගයක්..
ඊට අමතරව ලංකාවේ දියුනු studio
නෑ..ඒකත් එක ප්‍රශ්නයක්

– කැමරාවක් තියෙන බොහෝ දෙනා social media profile එක photographer කියල දාගන්නවා.. එතනින් තමයි ඔවුන් ක්ෂේත්‍රයට එන්නෙ.. මේ ගැන මොකද හිතන්නෙ?

ඒක ඒ ඒ අයගේ මානසිකත්වේ පවතින තත්වයක් ඒක ගැන මොකුත් කියන්න යන එකේ තේරුමක් නෑ..
ඒත් ලංකාවේ වෘත්තියමය කියන මට්ටමේ ඉන්නෙ හරිම අතලොස්සක්..

FB_IMG_15323349407149339

ඡායාරූප ශිල්පය හා නිරූපණ ක්ෂේත්‍රය එකිනෙකට සම්බන්ධයි..ලංකාවෙ නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන පොදු විවේචනය ඔබත් පිළිගන්නවද ?

කිසි කෙනෙක්ට චෝදනා කරන්න අවශ්‍ය නෑ තමන් තමන්වත් අනුන්වත් තේරුම් ගන්නවනම් හරියට..හැම ෆොටෝ එකක්ම කලාත්මක වෙන්න ඔන කියල නියමයක් නෑ..හොඳ හැදෑරීමට පස්සේ නිර්මාණ කරනවනම් ප්‍රශ්නයක් නෑ..

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු ද?

මම ජාතික ගොඩනැගිලි පරියේෂණ සංව්දානයේ scientists ( town planner ) කෙනෙක් ..මම ඡායාරූප ගන්නේ විඳින්න ඒක භාවනාවක් වගේ..ඒ වගේම තරගවලට දාන්න එක්ක..ඉතින් ඉදිරියටත් ජාතික ජාත්‍යන්තර තරඟ වලට ඇතුල් වෙන්න වගේම දිනන්න බලාපොරොත්තු වෙනවා..

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

FB_IMG_15323349458127977 FB_IMG_15323349509982817 FB_IMG_15323349554280215