දැවෙන විහඟුන් මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම චිත්රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

2 (2)

ලාංකිය තරුණ සිනමා අධ්‍යක්ෂවරයකු වන සංජිව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ (Burning Birds) සිනමා පටය අද පැවති 15 වෙනි ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම සිනමා පටයට හිමි සම්මානය හිමිකර ගත්තේ ය.

මීට අමතරව ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයට තරුණ ජූරියෙන් හොඳ ම සිනමා කෘතියට පිදෙන සම්මානය ද (Young Jury Award) හිමි වී තිබේ.

15 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් චිත්‍රපටි උළෙල පසුගිය 10 වන දා සිට ස්විස්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණ.

මෙහිදී ලොව රටවල් රැසක් විශිෂ්ට සිනමාකරුවන් ඉදිරිපත් කර තිබූ සිනමා පට අතුරින් සිනමා පට 8ක් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

එහිදී ඔස්කාර් සම්මානලාභි ‘Moonlight’ , බර්ලින් සිනමා උළෙලේ හොඳ ම අධ්‍යක්ෂණයට හිමි සම්මාන දිනා ගත් අකි කැවුරිස්මැකිගේ ‘The Other Side Of The Hope’ සහ කෑන්ස් සිනමා උළෙලේ සම්මාන දිනු’ Mimosas’ වැනි චිත්‍රපට ද පරාජයට පත් කරමින් ‘දැවෙන විහඟුන්’ මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම චිත්‍රපටියට චිත්‍රපටය සම්මාන දිනා ගත්තේ ය.

‘දැවෙන විහඟුන්’ සඳහා මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස් ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වී තිබේ.

සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය වන ‘දැවෙන විහඟුන්’ ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.