ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වෙයි…

ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.අද (29) සවස මෙම අනතුර සිදුව ඇති බව වාර්ථා වෙයිමෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.මරණකරු ගිං ගඟේ මෝය කට අසල දිය නෑමට ගොස් අතුරුදහන්ව ඇති අතර පසුව ප්‍රදේශවාසීන්, නාවික හමුදාවේ කිමිදුන්කරුවන් සහ පොලීසිය එක්ව තරුණයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.එහිදී කිමිදුන්කරුවන්ට තරුණයාගේ මළ සිරුර හමුව ඇති අතර සිරුර ගොඩට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලදී.සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට…

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ ධුර කාලය තුළ සිදු වූ බව කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදේදී අත් අඩංගුවට ගෙන, පසුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා,

නීති විරෝධී ලෙස උතුරු මුහුදු කලාපයට පැමිණ මසුන් මරමින් සිටි මෙම ඉන්දීය ධීවරයින් 08 දෙනා සමග, ඔවුන් පැමිණි යාත්‍රාවක් ද, දැල් ආම්පන්න ද මසුන් විශාල ප්‍රමාණයක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා‍.

නිසි තොරතුරු සටහන් කර නොමැති ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා – පාරිභෝගික අධිකාරිය

නිසි ආකාරයෙන් තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු, සිල්ලර මිල ආදිය සඳහන් නොවන ලුණු පැකට් වෙළඳපොළට නිකුත් කිරීමට ඇතැම් ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කටයුතු කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.

භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසද, එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගන්නේ නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරිකයන් හට දන්වා සිටිනවා.

නිසි තොරතුරු සඳහන් නොවන ලුණු නිෂ්පාදන මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදු නොකරන ලෙස දැනුම් දෙන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ.

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් හබරණදී අත්අඩංගුවට

හබරණ, හතරැස් කොටුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් ඊයේ (29) පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් අත්අඩංගුවට ගනු ලැබුවා.

C4 වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් එම ලොරි රථයේ තිබී සොයාගෙන ඇති බවයි හබරණ පොලීසිය පැවසුවේ.

අදාළ ලොරි රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුන ළඟ තිබෙන ඩෑෂ් බෝඩ් එක යට තිබී නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබුණු පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, රථයේ මෙම පුපුරණ ද්‍රව්‍ය තිබුණත් ඒ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත්, කිසිවෙකු විසින් තමුන්ට හොරෙන් මේවා එහි සඟවන්නට ඇති බවත් රථයේ රියදුරා විසින් පොලිසියට පවසා ඇති බවයි සඳහන් වන්නේ.

ගාල්ල, ලබුදූව ප්‍රදේශයේ සිට කන්තලේ දක්වා ධාවනය කර ඇති අදාළ ලොරි රථයේ රියදුරු 59 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ලොරි රථය අද (30) බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, හබරණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

කතරගම පූජා නගරයේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කළ වෙළඳසැල් 32 කට එරෙහිව නඩු පැවරේ

කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කළ වෙළඳසැල් 32 කට එරෙහිව නඩු පවරා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ මෙම පරික්ෂා කිරීම් සඳහා කණ්ඩායම් 05 ක් යොදවා තිබුණු බවයි සඳහන් වන්නේ.

එහිදී වෙළෙඳසැල් 75 ක් පරික්ෂා කළ බවත්, භාවිතය තහනම් කර ඇති පොලිතීන් මල් මාලා, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග ආදිය සොයාගත් බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ‍.

දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල් මාලා ඇතුලු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ භාර නොගැනීමට කටයුතු කරන ලෙස කපු මහතුන් දැනුවත් කර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා – අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය මේ වනවිට මුලුමනින්ම පාලනය කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.

වෙනදාට වඩා වැඩි බහාලුම් ප්‍රමාණයක් ලැබී තිබීම හේතුවෙන් තාවකාලික තදබදයක් ඇතිවූවත්, මේ වනවිට එය පාලනය කර ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

බහාලුම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් නොමැති බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ඊයේ (27) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අරමුදල් ප්‍රසම්පාදනය සහ අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක කොටසක් ලෙස හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වූ අතර, රජයට මූල්‍යමය පාඩු සිදු කළේ යැයි ඔහුට එරෙහිව අල්ලස් කොමිසම දූෂණ චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.

1. ගුවන් ගමන් හැරවුම් අලාභය – 2014 ජනවාරි 22 වන දින, ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ UL319 ගුවන් යානය හරවා යවන ලද අතර, එමඟින් රජයට ඇමරිකානු ඩොලර් 4,512 ක මූල්‍යමය අලාභයක් සිදු කිරීම.

2. මගී හැරවුම් පාඩුව – 2014 ජනවාරි 26 වන දින, මාලදිවයිනේ සිට කොළඹ හරහා ප්‍රංශය දක්වා ගමන් කළ මගීන් 75 දෙනෙකු UL563 ගුවන් යානයෙන් පිටත් කර හරින ලදී. මෙම ක්‍රියාව හේතුවෙන් ඇමරිකානු ඩොලර් 19,160 ක අලාභයක් සිදු කිරීම.

3. රාජ්‍ය අරමුදල් අවභාවිතය – 2014 දෙසැම්බර් 19 වන දින, හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා කටුනායක 18 වන සැතපුම් කණුව ක්‍රීඩාංගණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ අරමුදල්වලින් රුපියල් මිලියන 1.25 ක් භාවිතා කිරීම.

news images

කොළඹ වරාය නගරය අසළ මුහුදේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන් හා රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු කළ ජනිදු චමෝද් නම් සිසුවෙක් මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින්, මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී, ‍මෙලෙස ඔහු අතුරුදහන්වී තිබුණා.