https://www.youtube.com/embed/oN3WXN6MJnI?si=wgmXgO-CFjpX8LIa” title=
Category: lifestyle
Life Style
කුල සිරිතට හෂාන් සහ මයික්ගේ විවාහය
මයික් සහ හෂාන් ගේ විවාහය ඉතාමත් අකර්ශනියව උත්වශ්‍රියෙන් පසුගියදා සිදු වුණා. මයික් ෆොස්බරි මානව සම්පත් විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන්නෙක්. එතකොට හෂාන් ප්‍රනාන්දු මනෝ සමාජීය දුෂ්කරතා ඇති දරුවන් සමඟ වැඩ කරන්නෙක්.
මයික් ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන අතර හෂාන් ශ්‍රී ලංකානු ජාතිකයෙක්. මෙම විවාහයේ විශේෂත්වය වන්නේ මෙය සමලිංගික විවාහයක් වීමත් මෙය හෙළ සිරිතට අනුව සිදු වීමත් .


හෂාන් ප්‍රනාන්දු සහ මයික් ෆොස්බරිගේ ප්‍රේම සබදතාවයේ ප්‍රථිපලයක් ලෙස ඔවුන් විවාහ දිවියට එලබුණේ සියලු චාරිත්‍ර වලට මුල් තැන දෙමින් .
ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන මයික් සහ ශ්‍රී ලංකික හෂාන් ජිවත් වෙන්නේ එංගලන්තයේ . මේ දෙපළගේ විවාහ ගිවිස ගැනීම සිදු වන්නේ ග්‍රීසියේ. කොහොහරි උදා වූ වසන්ත සාමය ඔවුන්ගේ ජිවිත වලටත් වසන්තය උදා කරමින් ප්‍රංශයේ ෂැම්පේන් ප්‍රදේශයේ චැටෝවක මෙලෙස විවහ උත්සවය සිදු වුණා.


සිය විවාහ උත්සවයේ සමහරක් චාරිත සිංහල විදියට කිරීමේ අදහස හෂාන්ගේ වෙන්න ඇත. කෙසේවෙතත් සමලිංගික විවාහ අරුමයක් නොවූ ඔවුන්ගේ සංස්කෘතිය තුල එම විවාහය සිදු වෙලා තිබ්බේ මෙන්න මෙහෙම
සියළු හදවත් කම්පා කල ටිකිරිගේ නික්මීම
මහත් ආන්දෝලනයට ලක් වූ ටිකිරි අවුරුදු 70 ආයු වළදා කොළඹ අගනුවරට කිලෝමීටර් 80 ක් (සැතපුම් 50 ක්) නැගෙනහිරින් පිහිටි කෑගල්ලේදී 24 වන අඟහරුවාදා රාත්‍රියේ මිය ගියා.


Hon Namal’s Wedding Photos

නාමල් සහ ලිමිනිගේ විවාහය දවස් 3ක් උත්සව 5ක්



සමබර ආහාර වර්ගීකරණය තුළින් පවුලේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම




Colour of Tears
රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලී ජයරත්න අතර විවාහය
දේශපාලනයේ පස මිතුරන් එකට මුණ ගැසුණු අවස්ථාවක් අද තංගල්ලේදී දක්නට ලැබුණා.
ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යෙය්දී.
රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලී ජයරත්න අතර මෙම විවාහය සිදුවුණේ වීරකැටිය කාල්ටන් විවෘත පරිශ්‍රයේදී.
දේශපාලන කේෂත්‍රයේ පස මිතුරන් මෙම විවාහ මංගල්‍යයේදී එකට එක්ව සිටීම කාගේත් අවධානයට ලක් වුණා.
විවාහයට සැපයුනේ දේශීය ආහාර වර්ග පමණයි.
අමුත්තන් සදහා පළමු පිළිගැන්වීම ලෙස ලබා දී ඇත්තේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල්. ගැමි ආකාරයට සකසා තිබු ආහාර පිලිගන්වා තිබුණේ මැටි හට්ටිවලයි.
තවද මෙහිදී කිසිදු මස් වර්ගයක් එක් කර නොගැනීමටද කටයුතු කර තිබෙනවා.
රටට ප්‍රසිද්ධ නොකලද මෙම විවාහය සදහා මැදමුලන ගම්මානයේ සියලුම දෙනාට ආරාධනා කර තිබු බවටයි වාර්තා වුණේ.
අග්‍රාමතච්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම විවාහ මංගල්‍යය සදහා ආරාධනා ලැබ තිබුණා.
ඊට අමතරව කරු ජයසුරිය, කබීර් හෂිම්, සාගල රත්නායක, මංගල සමරවීර ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක්ම මෙම අවස්ථාව සදහා එක්ව සිටිනු දක්නට ලැබුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයක නිරතව ඇති එහෙයින් ඔහු ඊට සහභාගී නොවුනත් මීට පෙර මනාල යුවල මුණ ගැසී සුභපැතුම් එක් කර තිබෙනවා.
ටට්යානා සහ රෝහිතට බොස්ටන් ලංකා අපි සුබ මංගලම් යනුවෙන් ප්‍රාර්ථනා කරනවා.

අමෙරිකානු ජාතිකයින් පිරිසකුත් බුදු දහම වැළඳ ගනී
දුරුතු පුරපසලොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ ශ්වේත පූජා පිංකම් මාලාවට සමගාමීව අමෙරිකානු ජාතිකයන් පිරිසක් බුදුදහම වැළද ගැනීම සිදුකර තිබෙනවා.
අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක අමෙරිකාවේ බ්ලූ ලෝටස් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සිරි සුජාත හිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් අනතුරුව බෞද්ධ ධර්මය පිළිබඳ පැහැදුනු මෙම ඇමෙරිකානු ජාතිකයන් පිරිස සිරි සුජාත හිමියන්ගේ මාර්ගෝපදේශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මාවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඔවුන් පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ඔවුන් සිය අමෙරිකානු නාමයන් වෙනුවට බෞද්ධ නාමයන් ලබාගැනීමටද කටයුතු කර තිබෙනවා.
මෙලෙස බෞද්ධයන් බවට පත්වූයේ Barry Shaffer, JeannineOulette, Michael Kramer, Tyler Lewke, Zoe Winter, Patricia Miller, Dan oliverio යන අමෙරිකානු ජාතිකයන් පිරිසයි.



රෝබට් ඇක්ටින් මහතා එංගලන්තයේ ධම්මානන්ද පැවිදි දිවියට
එංගලන්ත ජාතික 62 හැවිරිදි රෝබට් ඇක්ටින් මහතා එංගලන්තයේ ධම්මානන්ද නමින් අක්මිමන මානවිල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.


රෝබට් ඇක්ටින් මහතා ගිහිකළ එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.
බුදු දහම පිළිබද පැහැදි නිවන් ශාන්තිය උදාකර ගැනිම සදහා තමන් පැවිදි දිවියට ඇතුලත් බව රෝබට් මහතා සඳහන් කර ඇති අතර ඔහු පැවිදි දිවියට ඇතුලත්කිරිම සදහා අවශ්‍ය මගපෙන්විම සිදුකොට ඇත්තේ දැනට එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ විහාරස්ථානයක වැඩ වාසය කරන ගල්පොත්තයායේ ප්‍රේමානන්ද හිමියන්.


මෙම පැවිදි පිංකම මහා සංඝරත්නයේ හා විහාරස්ථ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පසුගියදා පැවැත්වුණා.
