IESL CPD Courses

The Institution of Engineers, Sri Lanka has been providing CPD programs for engineers and other professionals interested in their career and personal development over many years under the guidance and supervision of CPD committee.CPD Committee, which is one of the Standing Committees of the IESL is chaired by the Vice President. The programs are coordinated by the Education Division of the IESL secretariat.

The CPD programs are conducted mostly in the evenings and at weekends, so that the participants can attend the lectures and other activities without disrupting their normal duties. There are programs available in specific subject areas as well as important common topics such as management, communication skill development, Health and Safety , code of ethics etc.

The resource persons for CPD programs are carefully selected from the best available in the country, and the feedback from the participants is used to continually improve the programs over the years.

CPD courses are developed based on input from periodic surveys among members of IESL, industry trends and other directions from the CPD Committee.

The Institution of Engineers, Sri Lanka

120/15, Wijerama Mawatha,

Colombo 07

Tel.       : 0112 698 426  Ext.209

Fax      : 0112 699 202

E-mail  : dir.edu@iesl.lk

 

“දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපි ඒ මිනිස්සුන්ගේ තුවාලත් සුව කරන්න ඕනේ”

“ඒ කාලේ මගේ ලඟම යාලුවෙක් හමුදාවේ හිටිය. යුද්දේ කාලේ බෝම්බෙකට අහුවෙලා එයාගේ කකුලක් කපන්න වුනා,” අරුණ සමරවික්‍රම අතීතය සිහිපත් කරයි.

“ඒ නිසා එයාගේ මුළු ජීවිතේම වෙනස් වුනා, කොටින්ම ප්‍රේම සම්බන්ධය පවා.”

අපූරු නව නිර්මාණ ගණනාවක් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි ඔහු ශ්‍රී ලංකාවේ සිටින ඉහළම පෙළේ තරුණ නව නිර්මාණකරුවෙකි.

දුම්රිය හරස් මාර්ගවලදී නිතිපතා අහිමිවන ජීවිත බේරාගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද, සූර්ය තාපයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රේල් ගේට්ටුවක් ද ඔහුගේ නව නිර්මාණ අතර පවතී. වෑන් හෝ ලොරි ගමන් කළ නොහැකි දුෂ්කර මාර්ගවල රොක්වන කුණු රැස්කිරීම පිණිස නිපදවන ලද ට්‍රේලරයක් සහිත ‘කුරුම්බැට්ටි’ ට්‍රයිසිකලය එවැනි තවත් නිර්මාණයකි.

එහෙත් ඒ කිසිදු නිර්මාණයකින් සේවයක් ලබාගැනීමට රටේ බලධාරීන් උත්සුක වී ඇති හැඩක් නොපෙනේ.

හමුදාවේ සේවය කළ සිය මිතුරාගේ අත්දැකීමෙන් සලිත වූ අරුණ, කෙසේ හෝ ඔහුට උපකාර කිරීමට අදිටන් කරගත්තේය.

එහි ප්‍රතිඵලය වූයේ සැබෑ පාදයකට ඉතාමත්ම සමීප ආකාරයෙන් ක්‍රියාකරන ‘Live Flex’වර්ගයේ කෘතිම පාදය ඔහු අතින් නිර්මාණය වීමය.

Saroj 2Saroj 3

එය කිසිවෙකුගේ උස සහ බර අනුව වළලුකර, ඇඟිලි සහ දණහිස ස්වභාවික මට්ටමෙන්ම පාහේ ක්‍රියාකරන පාදයකි.

ඒ අත්හදා බැලීම සාර්ථක වීමත් සමග අරුණ සමරවික්‍රම මේ වනවිට එවැනි කෘතිම පාද දහස් ගණනක් නිර්මාණය කොට මනු සතුන්ට පමණක් නොව අලින්, අශ්වයන් සහ ගවයන් වැනි සතුන්ට පවා පිහිටවෙමින් අත්, පා දහස් ගණනක් නිර්මාණය කොට ඔවුන්ට යළි ජීවය ලබා දුන් ජීවකයෙකි.

අරුණ ගැන විස්තර කියා ලොකු අක්කාත් (දේවිකා පතිරණ), සුනිල් ගමගේ අයියාත් (අක්කාගේ ස්වාමි පුරුෂයා) කළුතර, නාගොඩ පිහිටි ඔහුගේ “ආවාස් (AAWAS)” රෝහල් පරිශ්‍රය වෙත මා කැඳවා ගියහ.

අප එහි ගත කළ පැය කිහිපය තුළ බෙලි මල් වතුර සහ විවිධ පළතුරු යනාදියෙන් අපට සංග්‍රහ කරමින් අරුණ හැසිරුනේ ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙනි.

Saroj 5

එහෙත් ඔහු වෛද්‍යවරයෙක් නොවේ.

“මම කළේ කොමර්ස්,” ඔහු මා සමග සිනහසෙමින් පවසයි.

ශ්‍රී ලංකාවට අතිමහත් විදේශ විනිමය සම්භාරයක් උපයා ගත හැකි අන්දමේ සහ විදේශයන්ට ගලා යන විදේශ විනිමය මෙරට රඳවාගත හැකි අන්දමේ නව නිර්මාණ කළ නමුත් එයින් ඵල නෙලාගැනීමට පාලකයන් තුළ උනන්දුවක් නොමැතිවීම ගැන ඔහු තුළ පවතින කලකිරීම ද ඒ සිනහව තුළ මම දුටුවෙමි.

අරුණගේ රෝහලේ සේවය ලබන්නේ යුද්ධයෙන් අත්, පා අහිමි වූ හමුදා සොල්දාදුවන් පමණක් නොවේ.

අප එහි සිටින මොහොතේ පාදය කපා දමන ලද වයෝවෘද්ධ පුද්ගලයෙක් එහි කැඳවා එනු ලැබිණ.

“මොකද තාත්තේ ප්‍රශ්නේ?” අරුණ කරුණාවෙන් විමසයි.

දියවැඩියාව හේතුවෙන් පාදය කපා දමන්නට සිදු වූ බවත්, කෘතිම පාදයක් මිලදී ගැනීමට වත්කමක් නැති බවත් ඒ පියා ඔහුට පවසයි.

එසේ වත්කමක් නොමැති වූ පමණින් රෝගියා ආපසු හරවා යැවීම අරුණ ඇතුළු ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනමේ සිරිත නොවේ.

කෘතිම පාදයක් සකස්කොට, එය සවිකොට පුහුණු කිරීම පිණිස සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ දෙකක පමණක් මුදලක් වැය වේ. ඒ මුදල ගෙවීමට රෝගියාට වත්කමක් නැති අවස්ථාවල සහෝදරත්වයේ පියසටහන් පදනම ඒ සඳහා දානපතියන්ගේ උපකාරය පතයි.

ශ්‍රී ලංකාවාසීන් පමණක් නොව සතා සිවුපාවුන් දහස් ගණනකට එසේ යළි ජීවය දුන් අරුණ, අප හමු වූ අවස්ථාවේ මගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

යුද ගැටුම්වලින් අත්, පා අහිමි වූ 12,000 කට අධික හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට උපකාර කිරීමටත් තමන් සූදානම් බව ඔවුන්ට දැනුම්දීමය, ඒ.

ඔවුන්ට කෘතීම පාද සපයා දීමට තමන්ට හැකි වුවත් ඒ සඳහා බර පැන දැරීම දුෂ්කර බැවින් ඒ සඳහා මූල්‍ය දායකත්වය සැපයීමට ඉදිරිපත් වන මෙන් ඔහු දෙමළ ඩයස්පෝරා නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සංහිඳියාව ඇතිකරන්නැයි වේදිකාවල කෑ මොර ගසනු වෙනුවට මහා පොලවේ යථාර්ථය හඳුනා ගත යුතු බව අරුණගේ අදහසය.

“අද අපි මෙහෙම ජීවත් වෙන්නේ අපේ සොල්දාදුවෝ කරපු කැපකිරීම් නිසා. ඒත් දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපි ඒ මිනිස්සුන්ගේ තුවාලත් සුව කරන්න ඕනේ.”

උතුරු පළාත් සභාව ඇතුළු උතුරේ දේශපාලන නායකත්වයට සිය යෝජනාව ඉදිරිපත් කළ නමුත් මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුන බවත් ඔහු කණගාටුවෙන් පැවසීය.

අරුණ සිය හමුදා මිතුරාට කෘතිම පාදය නිර්මාණය කර දුන් පසු ඔහුගේ පෙම්වතියගේ ප්‍රතිචාරය වූයේ කුමක්දැයි දැනගැනීමටත් ඔබ කැමති ඇති.

ඒ වන විට විවාහ ගිවිසගෙන සිටි නමුත්, පාදයක් අහිමිවීමත් සමග ඔහු හා විවාහවීමට පෙම්වතිය කිසියම් චකිතයක් දැක්වූවාය.

එහෙත් නව කෘතිම පාදයක් ලබා සිය මිතුරා යළිත් බොහෝ දුරට සාමාන්‍ය දිවි පෙවෙතකට හුරුවීමත් සමග ඔවුන් දෙදෙනා විවාපත් වූ බව අරුණ සමරවික්‍රම මා සමග පැවසුවේ ආඩම්බරය මුසු නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගනිමිනි.

සිය මිතුරා ඇතුළු දහස් ගණනක පිරිසකගේ ජීවිතවලට ආලෝකයක් වූ අයුරින්ම, ශ්‍රී ලංකාවේ පමණක් නොව හැකි නම් ලොව පුරා වෙනත් බොහෝ රටවල වෙසෙන ආබාධිතයන්ගේ වේදනාව ද සුවපත් කිරීම ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනමේ නිර්මාතෘවරයා ද වන මේ තරුණ නිර්මාණකරුවාගේ බලාපොරොත්තුවය.

“මගේ බලාපොරොත්තුව ‘ආබාධිතයා’ කියන වචනය මේ ලෝකයෙන් ඉවත් කිරීම.”

සිය නව නිර්මාණ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් මෙතෙක් ලැබුණ නිශේධනීය ප්‍රතිචාර මේ තරුණ නිර්මාණකරුවාගේ අධිෂ්ඨානය දුර්වල කිරීමට සමත් වී නැති බව අප දෑස් මුණගැසුන මොහොතේ මම දුටුවෙමි.

– සරෝජ් පතිරණ –

Medical Doctor with Many Talents

By Darshani Abeyrathna

It is said that each individual is born to this world clasping one talent to serve a purpose. Yet, there are many instances where individuals have proven this ancient belief wrong and have excelled in many fields in the same time displaying many talents.  Dr. Pramitha Mahanama is also an individual who falls in that latter category.

By profession he is a medical doctor but he has caught many hearts with his passion- being a news caster.

His roots are not in Colombo and go back to Walasmulla- a Southern village.

“I received my primary education from H/Walasmulla Primary School and secondary education from Ananda College, Colombo. I entered Faculty of Medicine, University of Sri Jayewardenepura and currently practicing at Avissawella Hospital,” he said while opening up about how he balances two entirely different careers.

Dr. Pramitha who is the eldest in the family has two sisters and considers his parents as his greatest blessing and pillar of strength.

“Working in broadcast industry is quite a challenging task, you teach yourself how not to dwell on problems and how to overcome challenges. It needed a lot of concentration to work as a News anchor and it helped to sharpen my knowledge as well,” he noted.

Commenting on how he ended up being a news anchor at a reputed national channel he said;

“I did not want to become a professional News presenter in the first place. Yet I was engaged in compeering, and debating in school. But at the University, I followed a course at the Sri Lanka Television Training Institute and became the top scorer in both news presentation and program presentation categories. As time passed I realized that I am good enough to be a news presenter. It all started from Siyatha TV News crew and then I joined Hiru TV News from its very beginning. That required so many factors. Being focused was not the only strength you require but also the ability to put personal emotions aside in order to communicate professionally.”

Pramitha’s passion for news presenting extends to anyone who is smart enough to get best out of him.” I won’t say I’m the best person in the field, yet I always try my best to be diligent in what I am doing. Therefore, It is the choice of the onlookers to judge whether I’m the best person or not.”He said.

In his extremely professional and focused outlook, he demands that everything should be neat and tidy.” News anchors appear to have cushy jobs, with their backdrop, clothes, hair styles and make-up. But these are small rewards, bearing in mind the personal sacrifices we have to make during the journey. Yes of course I do work under pressure; I wouldn’t have come this far if I failed to absorb pressure.”He added.

However, Dr. Pramitha acknowledges that everyone makes mistakes. It happens. Simply they are inevitable even at the professional level, I have done mistakes too, yet I keep my self confidence up and it helps me to overcome my mistakes as well as obstacles in the field. We were all born with confidence, and we can all get it back if we learn to be confident on what we are doing. He enthusiastically added.

Although his education is on medicine, one could really say that Dr. Pramitha knows what he does. He shares his views on the role of a news presenter. “They should have a proper voice and updated knowledge on what’s happening around the world and the language potentials. Especially the particular person should have established his own way of presenting, rather than imitating others.” He says.

In his view, the most important quality is the ability to be smart enough to respond well in any unexpected situation.

You can’t let the intensity of the situation to shake you and need to deal with all the intensities, he said.

Apart from being a doctor and a news presenter, Dr. Pramitha also recalls how he always speaks against injustice.

“As a result, I have put myself in trouble too. I’m fond of reading books and I fall in love with dogs than the girls,” he laughed and added that amongst his interests lies dancing too.

“I’m a man who won’t think twice to hit the dance floor, if you play good music. Apart from that, I played Hockey for the school team and in the University.”

Commenting on how he handle the workload he said that “As I’m engaged in two professions (doctor and News anchor), I have truck loads of heavy work to accomplish. Therefore, I always make a priority list, in that way, I manage to do everything without hesitation.”

Recalling his most precious moments he said; “there are two occasions. Few years back, it was my first experience on live election telecast and I did it well without any hesitation. The second one is that I had to do an instant interview with the student who became the island first in GCE O/L and her principal, while I was on air live. I wasn’t informed earlier, yet eventually it turned out really well.”

Commenting on how he is going to describe his job to a kid he came up with amazingly beautiful notion “Imagine that you see Wolverine is walking towards your home, and you want to tell it to your mother before your other siblings. That is the initial task of a news presenter”

When he walks down the memory lane of his life he said that Grade 10 and 11 classes at Ananda College, have been the most memorable classes as he got to meet the craziest bunch of friends that he has ever met in  his life.

He also said that he has been away from his family a way too much, from Grade Six.” I had to stay away from my family from my childhood and that made me worry a little too much. The love of a family is life’s greatest blessing and my family is everything to me.”.

Commenting about the difficult news he had to present he said Ceylon Today that “When I was at the university I was presenting News regarding a University students rebellion, and sometimes I have to present News about doctors’ strikes, and being a doctor, I feel bizarre when I have to read these news out.”

I do want to balance both careers as much as I can, I feel blessed to do these professions at the same time. If you do your job properly you surely will learn a lot from any role you do. I also want to highlight the fact that be happy and love what you do. It is simply because there are not many jobs where someone in the town will give you a pat on the back and say Hi to you, he added.

 

 

“කාන්තාවන් මත්පැන් පානය කිරීම ගැන අප කතා කළ යුතුයි”

By: චිත්‍රා බෝපගේ

ඔස්ට්‍රේලියානු බලධාරීන් කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට සපයන පණිවුඩවලදී භාවිතා කරන්නේ එවැනි ප්‍රවේශයකි.

පිරිමි සහ ගැහැණු දෙපක්ෂයම කෙරෙහි මත්පැන් බලපාන අන්දමේ සමානකම් මෙන්ම වෙනස්කම් ද තිබේ. එක සමාන මත්පැන් ප්‍රමාණයක් පානය කළත් කාන්තාවගේ රුධිරයේ ඇති මත්පැන් මට්ටම හැම විටම පාහේ පුරුෂයෙකුගේ මට්ටමට වඩා වැඩිය. එහෙත්‚ බොහෝ කාන්තාවෝ මත්පැන් තම ශරීරයට බලපාන ආකාරය පිළි ගැනීම ප්‍රතික්‍ෂේප කරති. කෙසේ වුවද‚ මෙය කාන්තාවන්ට පමණක් සීමාවූ කරුණක් නොවේ.

ආගමික‚ සදාචාරාත්මක හෝ සංස්කෘතික හේතුන් හෝ බල කිරීම් මත නිසා නොව‚ විද්‍යාත්මක සාධක මත පදනම් වන නිසා‚ ඉහත තාර්කණය කාන්තාවන්ට මත්පැන්වලින් ඈත්ව සිටින ලෙස ඒත්තු ගන්වන්නට වඩා හොඳ ප්‍රවේශයක් පෙන්වා දෙයි. ඒ අයුරින් ගත් විට මම සම්පූර්ණයෙන්ම වාගේ මත්පැන් නොබොන අයෙක් බව පිළිගනිමි. මා එසේ වන්නේ මගේම තෝරා ගැනීමෙන් මිස‚ වෙනත් යම් අයෙකුගේ බල කරනු ලැබීම හෝ වෙනස්කම් කරනු ලැබීම නිසා නොවේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වැනි ගතානුගතික අය මතු කරන බෞද්ධ සංස්කෘතිය සහ සදාචාරය ආරක්ෂා කිරීම පිළිබඳ තර්කය සහ ඇතැම් වමේ නායකයන් මතු කරන පවුල් බැඳීම් සහ සමාජ සදාචාරය කැඩී බිඳී යන්නට කාන්තාවන්ගේ මත්පැන් බීම දායක වන්නේ යයි නඟන තර්කය වංක පමණක් නොව කුහකද වෙයි.

රටක් තුළ කාන්තාවන් ලිංගික හිංසාවන්ට භාජනය කිරීමත්‚ සමූහ දූෂණවලට ලක් කිරීමත් දෙස නොබලා දෑස් පියා ගෙන සිටින බව පෙනෙන‚ ආධාර හා අනුබල දෙන ඇතැම් දේශපාලනඥයන් සහ නිලධරයන් සිටින්නාවූත්‚ මැතිවරණයේදී කාන්තා අපේක්ෂකයින්ට පංගු ක්‍රමයක් ලබා දී ඇති නිසා ඔවුන්ට පහර දෙන්නාවූත් රටක‚ එවැනි යල්පැන ගිය නීති ආරක්ෂා කරනවාට වඩා වෙනත් යමක් කෙනෙකුට අපේක්ෂා කළ හැකිද?

පවුල් සහ සමාජ බැඳීම් කෙරෙහි බලපාන්නේ ගැහැණු මත්පැන් පානය කිරීම පමණක්ද? බීමත් පිරිමින්ගේ දෑතින් අතවරයට ලක්වන දහස් ගණන් කාන්තාවන් ගැන කිව හැක්කේ කුමක්ද? පිරිමින්ගේ ඒ බීමත් හැසිරීම පවුල් සහ සමාජ බැඳීම් කෙරෙහි බලපාන්නේ නැත්ද? ඉතින් මත්පැන් තහනම පුරුෂයන්ටද අදාළ නොවන්නේ ඇයි?

බෞද්ධ සදාචාරාත්මක පදනම් මත කාන්තාවන්ට බීම තහනම් කරන්නේ නම්‚ වෙනත් ලබ්ධීන් ඔවුන්ගේ සමාජ‚ සංස්කෘතික හා සදාචාරාත්මක සම්මතයන් හේතුවෙන් පවත්වා ගෙන යන වෙනයම් පිළිකුල් සහගත පිළිවෙත්වලට‚ උදාහරණ වශයෙන්‚ අප්‍රිකාවේ කාන්තාවන්ගේ ලිංග ඡේදනයේ සිට ඇතැම් ඉස්ලාමීය සම්ප්‍රදායයන් තුළ කාන්තාවන්ට එරෙහිව කරන නොයෙක් අක්‍රමිකතාවයන් දක්වා වන පිළිවෙත්වලට එරෙහිව මෙම ඊනියා ප්‍රගතිශීලී නායකයන්ට තම විරෝධය පළ කල හැක්කේ කෙසේද? එසේ නැතහොත් සමහර “ශිෂ්ට” රටවල පවා පුරුෂයෙකුට තම බිරිඳ දූෂණය කළ හැකිය යන සිත් කළඹවන සුළු නීතිය හා සම්බන්ධ කාරණය හෙළා දකින්නේ කෙසේද?

මනුෂ්‍යත්වය පිළිසිඳී උපත ලබන්නේ ස්ත්‍රීයගේ ගර්භාශයෙනි. අගෞරවය‚ වෙනස්කම් කිරීම සහ අවමානය නොව‚ පුරුෂයන් තරමටම හෝ ඊටත් වඩා වැඩියෙන් සමානාත්මතාව‚ සැලකිල්ල හා ගරුත්වය ලබන්නට ගැහැණිය සුදුසු වෙයි.

වමේ අයද ඇතුළු සමහර නායකයෝ එවැනි නාරි ද්වේෂයට (misogyny) සහාය පළ කරන්නේ කෙසේද?

නීතිය අභිමුව විලාප දී හඩන යුක්තිය

යුක්තිය ඉටු නොවීම , පමාවී ඉටුවන යුක්තිය හෝ යුක්තිය ඉටු කිරීමට කල් ගත වීමට වඩා යහපත්….

හිතන්නකො ගැහැණු ලමයෙක් අවුරුදු 14 දී හෝ ඊටත් අඩු වයසකදි සමුහ දුශණයකට හෝ දුශණයකට මුහුණ දුන්නය කියලා ,, දැන් ඔන්න ඒ ගෑණු ලමයා ඒ සිදුවීමෙන් පස්සෙ සමාජයට මුහුණ දීලා ඉස්සරහට යනවා.. එතකොට ඒ කාලේදිම අර සැකකරුවන් / චුදිතයින් නිතීයෙ රැහනට හසු වෙලා ඇප මත එලියට ඇවිත් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු සමාජයෙ නිදහසේ හැසිරෙනවා..

ඔන්න දැන් මේ ගෑණු දැරිවි ලොකු මහත් වෙලා අවුරුදු 7 ක් අටක් නැත්තම් 10 ක් විතර ගත වෙලා,, සමාජයට මේ සිදුවීම අමතකයි,, ඇයත් කාලයාගෙ ඇවෑමෙන් මේ සිදුවීම අමතක කරලා තමන්ගෙ ජිවිතේ හුඟක් ඉස්සරහට ගිහින් ,,

එක්කො හොඳට ඉගෙන ගෙන මේ දැරිවි උසස් තනතුරක් දරනවා

එහෙමත් නැත්තම් තමන්ගෙ නිසි වයසට පැමිණිලා විවාහයක් කරගන්න සූදානමෙන්,,

ඒත් නැත්තම් විවාහ වෙලා ඇයට දැන් දරුවන් සිටින යහපත් පවුල් ජිවිතයක් ගත කරන ගැහැණියක් ,,

නමුත් අධිකරණ ක්‍රියාවලිය තවම අවසන් නෑ..නඩු කටයුතු වල ප්‍රමාදය , අධිකරණ තදබදය වගෙ පොදුවෙ බලපාන කරුණු නිසා ඔන්න අන්තිමෙ තීරණෙ දෙන්නෙ අවුරුදු දහයකට විතර පස්සෙ,,

අවසාන තීන්දුව දෙන දවස එනවා .. ඔන්න මේ තරුණිය එදිනට ඇගෙ වත්මන් ස්වාමිපුරුශයා එක්ක හෝ පෙම්වතා සමඟ උසාවියට එනවා එක්කො තීන්දුව ප්‍රකාශයට පත් කරන්න යන්නෙ ඇගෙ මංගල දිනයට ඔන්න මෙන්න තියා ,,ඇගෙ අතීතය මේ කිසිවෙක් නොදන්නවා වෙන්නත් පුලුවන්,,

ස්ත්‍රී දූශණය දණ්ඩ නීතී සංග්‍රහය යටතෙ බරපතල අපරාධ වරදක්නෙ..
ඔන්න එතනදි ඇයට යුක්තිය ඉටු වෙනවා,, චුදිතයන් අපරාධකරුවන් බවට අධිකරණ ක්‍රියාවලියෙදි සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙලා තියෙන නිසා අපරාධකරුවන්ට විසි වසරකට නොවැඩි සිර දඩුවමක් හෝ 1995 අංක 22 පනතින් දණඩ නීතී සංග්‍රහයට ගෙනාපු සංශෝධන අනුව වින්දිත පාර්ශවෙට අධිකරණය නියම කරන වන්දියක් ගෙවීමට නියම කෙරෙනවා හෝ මේ දඩුවම් දෙකම ලබා දෙන්න අධිකරණය තීන්දු කරනවා,,

ඉතින් අවුරුදු 10 ට පසුව ඇයට මේ ලැබෙන තීන්දුවෙන් ඈට සත්‍ය වශයෙන්ම යුක්තිය ඉටු වෙනවා කියලා ඔබ හිතනවාද??? 😑😁

ඔබ එහෙම හිතනවා නම් ඔබේ මොලේ හොදටෝම අප්සෙට්!! 😂🙈

මෙතන තියෙනවා හරිම මානුශිය පැතිකඩක්,, වසර ගනනාවක බරපතල මානසික තුවාලයක් ආයි පෑරෙනවා,, තීන්දුව ප්‍රසිද්දියට පත් වීම හරහා ඈ ආයාසයෙන් යටපත් කල අතීතය නැවත උඩට එනවා දිය යට සැඟවුන රබර් බෝලයක් වගෙ,, සමහරවිට මේ තීන්දුව නිසාම මෙතෙක් ඈ ගතකල සන්සුන් ජිවිතය නොසන්සුන් වෙනවා ,, මේ පිලිබදව එකල නොදත් බොහෝ දෙනා දැනුවත් වෙනවා,, පවුල් ඒකකයෙදි ඈට ලැබුනු තීන්දුව නිසා වත්මන් ස්වාමිපුරුශයා ඇතුලු සමස්ථ පවුල් ඒකකය සමාජය ඉදිරියෙ දැඩි අපහසුතාවකට පත් වෙනවා,,, එක්කො මේ තීන්දුව ප්‍රසිද්ධියට පත් වීම නිසා ඇගෙ පෙම්වතා හෝ අපේක්ශිත ස්වාමියා ඈ විවාහ කර ගැනීම ප්‍රතික්ශේප කරනවා,,,😑

ඉතින් මේ පමාවී ඉටු වෙන යුක්තිය ට වඩා යුක්තිය ඉටු නොවීම තුබුනා නන් කොයිතරම් යහපත්ද කියලා ඈට හිතෙනවා,,,😞

හිතෙනවද නැද්ද? සහෝදරවරුනි?

නීතීයෙ පිලිගත් සිද්ධාන්තයක් / කියමනක් තියෙනවා

යුක්තිය ඉටු නොවීම , පමාවී ඉටුවන යුක්තිය හෝ යුක්තිය ඉටු කිරීමට කල් ගත වීමට වඩා යහපත් ය කියලා ,,

පැහැදිලි අර්ථය යුක්තිය ඉටු වන්නෙ පමාවී නම් එයින් කිසිවෙකුට සිදුවන යහපතක් නැත කියන එකයි,,, නමුත් ස්ත්‍රී දුශණ වලදි හා බොහොමයක් අපරාධමය වැරදි සිවිල් නඩු කටයුතු වලදි උදාහරණයක් විදියට ගත්තොත් ඉඩම් නඩු බූදල් නඩු වගේ දේවල් වලදි පවා අපේක්ශිත සාධාරණත්වය ලැබෙන්නෙ වසර ගණනාවකට පස්සෙ…

එක්කො වින්දිත පුද්ගලයා යුක්තිය නිසා අපහසුතාවට පත්වෙන කාල සීමවකදි, අපේක්ශිත වත්කම දේපල වල වෙලඳපල වටිනාකම පවා අහෝසි ව ගිය කාලයකදි ,, නැත්තම් ලබාගන්නා දේපලට වඩා නඩු ගාස්තු වශයෙන් වැයකල ප්‍රමාණය අධික මොහොතක යුක්තිය ඉටු වීමෙන් පලක් තියෙනවද??😂
ඒ වගේම තමයි මං කියපු ගණයේ ස්ත්‍රී දූශණ නඩුවකට විශේශ කරලා කතා කලොත් ස්ත්‍රී දුශණ නඩුවක් අධිකරණය ඉදිරියෙ විභාග වෙන අවස්තාවකදි ඇත්තෙන්ම හරි පිලිකුල් සහගත ප්‍රශ්න කිරීම් හා විත්තියෙ හරස් ප්‍රශ්න ආදි නින්දිත ප්‍රශ්න කිරීම් වලට මූණ දෙන්න අදාල දැරියට සිදු වෙනවා,, අන්න එතනදිත් බරපතල ලෙස ඇය මානසික පීඩාවකට මූණ දෙනවා,,😖

එක් පුද්ගලෙයෙක් හමුවෙ විනාශ වුන ජිවිතය සභාවක් ඉදිරියෙ වමාරන්න වෙනවා,,සමහර විට මේ ප්‍රශ්න අහන්නෙ වැඩිවිය පැමිණිලාවත් නැති ප්‍රජනන ක්‍රියාවලිය මොකක්ද කියලවත් දන්නෙ නැති පුන්චි කෙල්ලෙක්ගෙන් … ඇය මේ ප්‍රශ්න හමුවෙ අන්දුන්කුන්දුම් වෙනවා ඇත්තෙන්ම එතනදි ඇය මුහුණදෙන ප්‍රශ්ණ කිරීම් තලු මර මරා ඉදිරිපත් කරන ප්‍රශ්න කිරිම් නිසා මුලු අධිකරණය ඉදිරියේම ඇය නැවත නැවත දහස් වතාවක් මානසිකව දුශණය වෙනවා,,😠

යුක්තිය ඉටුවන බව පමණක් නොවෙ යුක්තිය ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතුයි කියන නීතීයෙ නිසි ක්‍රියාදමය සුරක්ශිත කරන්න අවශ්‍ය කරන වැදගත් සාධකයක් තමයි අධිකරණයෙ විවුර්ත භාවය,,

සරලවම කිව්වොත් නඩුවක් විනිශ්චය කරන ආකාරය සෑම කෙනෙක්ටම දැකබලා ගත හැකි ලෙස විවුර්තව සිදුකිරීම තමයි මේ කියන සිද්ධාන්තය,, ඒ වගේම නඩු කටයුතු වල විවුර්ත භාවය අයිතිවාසිකමක් හැටියටත් පිලිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒක තහවුරු කරලා තියෙනවා..

නමුත් සමහර සංවේදි , සුවිශේශි නඩු විභාග මහජනයාගෙන් බැහරව පවත්වන්නත් පුලුවන් නමුත් අදාල පාර්ශව හා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ හැම පාර්ශවයක්ම එලියට දාලා ස්ත්‍රී දුශණ නඩුවක් උනත් අහන එක ප්‍රායෝගිකව ටිකක් අමාරුයි!!

එතනදිත් තව දුරටත් අදාල වින්දිත පාර්ශවය / තරුණිය හෝ දැරිය කම්පනයකට පත් වෙනවා විතරමයි!

නිතීයත් යුක්තියත් හැම වෙලේම එකක් නෙමෙයි,, අන්න ඒ නිසාම සමහර වෙලාවට තදබල මානසික පීඩාවන් හමුවෙ උනත් අධිකරණය ඉදිරියෙ මුහුන දීලා ප්‍රරශ්න කිරීම් වලට ලක් වෙලා අන්තිමෙ චූදිතයන් නිදොස් කොට නිදහස් උනොත් සමාජය ඉදිරියෙ ගර්හාවට ලක් වන්නෙත් අර තරුණියමයි!

දරුනුම කේදවාචකය, මේ වගේ කාලකන්නි ස්ත්‍රී දූශණයකින් පස්සෙ තරුණියක් ගැබ් ගත්තොත් ඒ කලලය පිලිලයක් කරගෙන ජිවිතය ගෙවනවා විනා ඉන් නිදහස් වීමටත් ඈට නිතීයෙන් අවසර නෑ හිතවත්නි!! නීතියෙ හැටියට ස්ත්‍රී දුශණයක් නිසා ඇතිවන කලලයක් ගබ්සා කිරීම තහනම්!!

ඉතින් හිතවතුනි!! ස්ත්‍රී දුශණ නඩුවක අධිකරණ ක්‍රියාවලිය මෙන්න මේ වගෙ එකක් නම් අපේක්ශිත යුක්තිය පවා ඉටු වන්නෙ කල් ගත වෙලා නම් එවන් අපරාධයකට ලක් වෙච්ච තරුණියකට දිවි තොර කර ගැනීම හැර වෙනත් මාර්ගයක් තිබෙනවද කියන එක ප්‍රශ්ණකාරීද නැද්ද?

අවුරුදු 16 ට අඩු දැරියක් සමඟ ඇගෙ කැමත්ත ඇතිව හෝ නැතිව සංසර්ගයෙ යෙදීම ස්ත්‍රී දුශණයක් ය කියන නිතීයම අවුරුදු 18 ට එහා තරුණියක් සමඟ ඇගෙ කැමැත්තෙන් සංවාසයෙ යෙදුනාට කමක් නෑය කියනවා( අනාචාරය නොවෙ) ඉතින් එතකොට මේ අවුරුදු 16-18 ත් අතර තියෙන අවුරුදු දෙක ගැන නිතීයට අමතක උනේ කොහොමද?? අන්න එතනත් නිතීය හරිම ප්‍රශ්නකාරී,,,

ඒ වගෙම සමහර අවස්ථාවල මං දැකලා තියෙනවා 18 ට වැඩි ස්ත්‍රී දුශණ නඩු වලදි චුදිත පාර්ශවයෙ නිතීක්න මහත්වරු ඉතා නින්දිත විදියට ඔප්පු කරන්න හදනවා අදාල තරුණියට ඒ අවස්ථාවෙ සංවාසයට කැමැත්තක් තිබුනාමයි කියලා,,, මිත්‍රවරුනි ඒක ඔප්පු කරන්න අර තරුණියගෙන් අහන නින්දිත ප්‍රශ්නාවලිය ඇසුවොත් ඔබ අනිවාර්‍යෙන් නීතී වුර්තීයට පමණක් නෙමෙ සමස්ථ නිතී පද්ධතියටම වෛර කරනවා!!

ඉතින් වයස 14 ක දැරියක් සමුහ දූශණයකට ලක් වෙලා තව දුරටත් නීතිය හමුවෙ හා මාද්‍ය හමුවෙ දූශණය ට ලක් නොවී දිවි තොර කර ගැනීම ගැන එක අතකින් අපි සතුටු වෙමු මිත්‍රරවරුනි!!!

ලංකාවෙ සංස්කුතික බහුබූතය හා නෛතික රාමුව හමුවෙ ඈ තැලී පෙලී ගර්හාවට ලක් නොවිම පිලිබදව අප සන්තෝස වෙමු !!

අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නැති බව පුන පුනා කියන සමාජයට මුහුණ නොදී ඈ ජිවිතයෙන් සමු ගැනීම ගැන අපි සතුටු වෙමු!!!😞

අනාගතයක හිමිකම එවන් තරුණියන්ට අහිමි කරන සමාජයට, නීතීයට හා මාද්‍යයට අපි අදත් හෙටත් ස්තුතී කරමු!!!

අමනයින් ලෙස!! ඔව් අමනයින් ලෙස!! 😏

චා❤න්‍යා

 
චාන්‍යා  හේරත් මූණු පොතට එක් කළ සටහනක්

මේ අය සටන් වැදුණේ එක ජාතියකට ආගමකට කඩේ යන්න නෙවෙයි…

වන්දි බට්ඨයන් වීමට වටිනා කාලය නාස්ති නොකළ ශක්තිමත් යෞවනයක අද ඉරණම…
 
යුද්ධය අවසන සතුරා නැසූ ප‍්‍රීතියට කිරිබත් කා දහඅට වන්නම නැටූ අපිට දෙපිලේම නැසුනේ මිනිසුන් සතා සී පාවා බව හැගුණේ නැත.
යුධ බිම රූප පෙට්ටියෙන් පමණක් දැක බලා හුරේ තැබූ අයට මිහිදන්ව ගියේ දෙපිලේම ලේ මස් නහර කදුළු බව මතක නැත.
මේ රූප පෙළ සරසන පණ ගැහෙන ජීවිත රා්ද පුටු කිහිලිකරුවලට කොටු වුණේ දෙපිල සිව්පිල කොයිපිලෙත් ජීවිත රැක ගැනීමට කළ අරගලය නිසා බැව් මතක නැත. 
IMG_0154 - CopyIMG_0269
 
තම තමන්ගේ ජාතියට ආගමට පමණක් ආ වඩන වන්දි බට්ඨයන් වීමට වටිනා කාලය නාස්ති නොකළ මේ ශක්තිමත් යෞවනය සිය මුළුමහත් ජීවිතයම කැප කළේ හුදු වෘත්තිය ඉටු කිරීමටම පමණක් නොවේ, යුද්ධයක් නිර්මාණය කිරීමට උඩ ගෙඩි නොදුන් මෙරට දමිළ, සිංහල, මුස්ලිම් සුවහසක් අහිංසක සිවිල් වැසියන් සුරැකීමටය.
 
රටේ සංවර්ධනයට තෑගි කරන්නට සිහින දකිමින් අම්මලා ලොකු මහත් කළ ඒ ශක්තිමත් දෑත් දෙපා උණ්ඩයට මිසයිලයට පුද කර යුධ බිමෙන් නික්ම ආ ඔවුන්  අද සුරක්ෂිතද? මේ සටහන ලියවෙන්නේද  ඒ පැනය සෑම මොහොතකම හදවතින් නගන උත්තුංග මිනිස් කැලක් නිසාවෙනි.
වසර 08ක් පුරා අඛණ්ඩව උතුම් නිහඩ මෙහෙවරක නියැලෙන ආර්යා පදනම සරසන එම උතුම් මිනිස් කැල මෙවර දෙසැම්බරයේ නෑගම් ගියේ ගජබා රෙජිමේන්තුවටය.
IMG_0266 (1)IMG_0267
 
ඒ අනුව ඉකුත් දෙසැම්බර් 09 වන දා අනුරාධපුරයේ ගජබා රෙජිමේන්තුවේ වෙසෙන ආබාධිත හා පූර්ණ ආබාධිත සොල්දාදුවන්ට ඇවසි කළමනා කිහිපයක් තිළිණ කිරීම මූලික කර ගනිමින් ආර්යා පදනම විසින් උදාරයි ඔබ වැඩ සටහන එහි විධායක අධ්‍යක්ෂ හිටපු යුධ හමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා, ගජබා රෙජිමේන්තුවේ ආඥාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ශ‍්‍රී ලංකා යුධ හමුදා පා බල අධ්‍යක්ෂක මේජර් ජෙනරල් චාගි ගාල්ලගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.
 
ඒ සදහා සහභාගී වූ ප‍්‍රවීණ සිනමා රංගවේදියෙකු වන බන්දු සමරසිංහයන් සභාවම සිනා සයුරේ ගැල්වුවද සොල්දාදුවන්ගේ කැපකිරීම් සිහිපත් කරමින් ඔවුන් අභියස සංවේදීව හඩා වැටුනේය. රණවිරුවන් වෙනුවෙන්ම සිය හදවතේ උපන් සුන්දර කවි සංකල්පනාවන් කිහිපයක් වේදිකාව මතදී ගායනා කළ ඔහු වේදිකාවෙන් නික්ම ගියේ දෑත් එක්කොට වැද ඔවුන්ට සිය ආචාරය පුදකරමිනි.
IMG_9953
 
කලාකරුවන්, මාධ්‍යවේදීන්, හා වෘත්තීයවේදීන් රැසකගේ දහදිය කදුලින් නිර්මාණය වූ ආර්යා පදනමේ මෙම සත්කාර්යය පිළිබද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් පළ කලේ මෙලෙසිනි.
 
”ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයන් ගණන 17000ක්. ඒ අතරින් 6200ක්ම ආබාධිතයි. නමුත් ඔවුන් කිසිදා මානසිකව ආබාධිත නැහැ. අදත් ඔවුන් නිර්භීතයි, සිතින් ජවසම්පන්නයි. නමුත්  ඔවුන් අතීතයේ කළ උදාරතර කැප කිරීම් මෙරට ජනතාවගේ මතකයෙන් දිනෙන් දින ගිලිහී යන බව දැකීම දැඩි කණගාටුවට කරුණක්. එවන් යුගයක ආර්යා පදනම මෙසේ පැමිණ ඔවුන්ගේ අවශ්‍යතා විමසා බලා මේ සෙබළ ජීවිත නගා සිටුවීමට උර දෙනු දැකීම සැබවින්ම ලොකු සතුටක්. ”
 
ආර්යා පදනමට නායකත්වය දෙන විධායක අධ්‍යක්ෂ හිටපු යුධ හමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා මෙවර වැඩ සටහන පිළිබ`ද අදහස් පළ කළේ මෙලෙසින්.
 
”අපි අද නිදහසේ  හෙළන සෑම හුස්මක් පාසාම අපි මේ සොල්දාදුවන්ට ණයගැතියි. ඒ බව බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ට අමතක වෙලා. ඒ ගැන ඉතාම කණගාටුයි. මගේ වසර 35ක සේවා කාලය තුළදී යුද්ධය සහ මේ රණවිරුවන් සම්බන්ධ නොමියන අත්දැකීම් මගේ හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වෙලා තියනවා. මම අද විශ‍්‍රාම සුවයෙන් පසු වුණත් ආර්යා පදනම හා එක්ව රණවිරුවන් සදහා සිදු කරන සත්කාර්යන්වල නිරත වන්නේ එනිසයි.
 
ගජබා රෙජිමේන්තුවේ ආබාධිතව සිටින සොල්දාදුවන් ගණන 6200ක්. ඒ සියලූම පිරිසට ප‍්‍රමාණවත් අවශ්‍ය කළමනා සූදානම් කර ගන්න අපිට හැකි වුණේ නැහැ. නමුත් ඒ අතරින් 500ක් පිරිසට අවශ්‍ය රෝද පුටු කිහිපයක්, වායු සමීකරණ යන්ත‍්‍ර, විදුලි පංකා වැනි මිලියනයක් පමණ වටිනා උපකරණ තිළිණ කිරීමට අපිට හැකි වුණා. 
 
මේ රණවිරුවන් ගතින් අබාධිත වුණත් සිතින් ඉතාමත් ශක්තිමත්. ඔබ අද හුස්ම ගන්නෙ සැනසිල්ලෙ ජීවත් වෙන්නෙ මොවුන් නිසයි.   එවන් උදාර ජීවිත රෝද පුටු, කිහිලි කරු උඩට කොටු තබන්නෙ නැතිව නගා සිටුවන්න  ශක්තියක් වෙන්න.  ලොව පුරා සිටින සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට  මා ඇරයුම් කරනවා ජාති බේද අත හැරදාලා මේ රණවිරුවන්ගේ ජීවිතය මීට වඩා යහපත් කිරීමට සහය දක්වන්න කියා.”
 
ආර්යා පදනම නිර්මාණය කරමින් එහි අධ්‍යක්ෂ ධූරය හොබවන චරිත් කිරි ඇල්ලයන් ආර්යා පදනමේ කොදු නාරටිය ලෙසින් හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. මෙවර ”උදාරයි ඔබ” වැඩ සටහන පිළිබ`ද ඔහු සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
IMG_0181
”අනුරාධපුර ඓතිහාසික නගරය ගැන ඔබ අසා තිබෙන සුන්දරත්වය මේ රණවිරු ගම්මානයේ දකින්නට නැහැ. ගිනි ගහන අව්වේ මේ ආබාධිත සොල්දාදුවන් ගෙවන්නේ ඇත්තටම අතිශය දුෂ්කර ජීවිතයක්. දිගු ශාලාවල්වල සිය ගණනක් එක පෙළට දැමූ ඇදන්වලටම කොටු වී සිටින ආබාධිත සොල්දාදුවන් සිටිනවා. බොහොමයක් ශ‍්‍රී ලාංකිකයන්ට සිහිනෙන්වත් සිතාගත නොහැකි තරම් ඔවුන්ගේ තත්ත්වය ඛේදනීයයි.  ඔවුන් දිගු කාලයක් පුරා ඇදන්වලට වෙලා ඉන්නෙ. දහදිය ගලමින් එක්තැන්ව සිටීම සිරුරේ පසු පිටේ  සැරව ගලන තුවාල හැදිලා, විවිධ චර්ම රෝගවලට ගොදුරු වෙලා. ඇතැම් අයගේ රෝද පුටු කොහෙත්ම පාවිච්චියට ගන්න බැරි විදියට කැඩිලා බිදිලා ගිහින් ඔවුන් තවත් අන්ත අසරණ වෙලා.
IMG_0273IMG_0274
 
මේ අය මේ විදියට දුක් විදින්නේ කා වෙනුවෙන් සටන් කළ නිසාද? මේ මුළු රටේම යුද්ධ කරන්න බැරි සියලූ ජාති ආගම්වලට අයත් මිනිසුන්ගේ හුස්ම පොද රැක දෙන්නයි ඔවුන් සටන් කළේ. මේ අය සටන් වැදුණේ  එක ජාතියකට ආගමකට කඬේ යන්න නෙවෙයි, සිංහල දෙමළ මුස්ලිම් සියලූ මිනිස් ජීවිත රැක ගන්න. එසේනම් මෙ විදියට ඔවුන් අමතක කරදාලා අපේ ජීවිත විතරක් සුඛිත මුදිත කර ගැනීම සාධාරණද?
මම ආරාධනා කර සිටිනවා  හෘද සාක්ෂියක් තිබෙන සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට, කිසිම ජාති බේදයක් නැතිව එන්න අපිත් එක්ක අත්වැල් බැද ගන්න, මේ රණවිරුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න. ”

BY: Nirosha Piyawadani

බොස්ටන් ලංකා විශේෂ වාර්තාකරු

Dr Harischandra Wijayatunga: Commitment, Dedication, Perseverance

Dr  Wijayatunga Mudalige Harischandra Wijayatunga the eminent  erudite scholar and superseding celebrity in Sinhala science  and literature was born on 25th October  in year 1931 at Madamulla in Minuwangoda, Sri Lanka. His father, Wijayatunga Mudalige Don Bastian Wijayatunga, was an Ayurvedic eye physician cum a wealthy land proprietor and a planter owning coconut and paddy cultivations.

Dr Harischandra Wijayatunga had obtained his elementary education at the Government Bilingual School in Minuwangoda. had continued his studies at Nalanda College. His father’s ambition had been to groom his son to be a doctor.  But young Wijayatunga had other ideas to devote his time for accepting the challenge to translate English science books to Sinhala.   This was a time that many thought  that Science could not be taught in Sinhala.

At Nalanda College some of Wijayatunga’s distinguished contemporaries were Karunaratne Abeysekera, Dr Hudson Silva ,Dr Dharmasena Attygalle ,Rupa Karunatilleke, Ravindra Rupasena ,Gunadasa Amarasekera and Stanley Jayasinghe.

Dr Harischandra Wijayatunga the mythical celebrity possess milestones of triumphs as a  BSc science graduate, a PhD  for his thesis “Legal Philosophy in Medieval Sinhale by the University of Kelaniya  in 1990 based on research work on “Nithi Niganduwa, Senior lawyer of the Supreme Court, Hela Wadanpathi, External Lecturer of the Kelaniya University, Translator, Author and many more.  His political philosophy Mahasammatavada (‘Great Consensus’ or comprehensive consultation) envisages consulting all people which he described “as going beyond democracy”.

He is Editor in Chief of the latest huge Practical Sinhala dictionary volume 11 the most comprehensive Sinhala dictionary consisting of over 3000 pages, an enhancement  of volume 1 published in 1982 with over 130,000 key Sinhala words, launched during the Colombo International book fair in September 2017.

In 1955 he graduated with a bachelor’s degree in Science, BSc. The medium of language then was English. During this decade there had been the proposal to make Sinhala the state official language. At the same time there had been resistance opposing the proposal that science could not be taught in Sinhala. However in contrary to this concept young Wijayatunga undertook a mammoth exercise  to translate the standard Practical Chemistry book written by Browning and Joseph to Sinhala,  a gigantic endeavour in the year 1956.  Subsequently he completed translating and publishing in 1962 the standard book “Inorganic Chemistry” by PJ Durrent also a hectic venture. This book is what was used by the Advanced Level students for decades.

Immediately after obtaining his BSc degree Wijayatunga obtained an appointment as the science teacher at Dharmaraja College Kandly. Concurrently he had been offered to teach Chemistry at Mahamaya Girl’s College, Kandy. He was very soon appointed as the Vice Principal of Dharmaraja College. During this period he utilized his practical familiarity in the school laboratory to write his first science book in Sinhala “Miridiya Jivihu”. Wijayatunga based the book on life that was not seen to the naked eye but to verify that still living beings, both creatures and plants existed.

During his tenure at Dharmaraja College he ventured on publishing a Sinhala ‘kavi” book titled “ Pahan Wana Da”. One verse he had dedicated to Mahaweli River titled “Gangawe Andonawa” which means “Mahaweli River is crying”. A copy of this book Wijayatunga had presented to his close comrade Arisen Ahubudu who had a terrific knack to compose lyrics for Sinhala songs had shuffled the words therein had written the lyrics for Sunil Shantha’s popular song “Emba Ganga.Gangawe…..”

In year 1965 he was appointed to the Sri Lanka Standards Institution (SLSI). He was the pioneer member appointed to the staff, functioning as its solitary Secretary. SLSI is the National Standards Body of Sri Lanka, established under the Bureau of Ceylon Standards Act No.38 of 1964. This Act was repealed and replaced by the Sri Lanka Standards Institution Act No. 6 of 1984. During his tenure at SLSI, he had been instrumental in issuing 180 SLS standards for certification.

One of Dr Wijayatunga’s ambitions in early life was also to serve as an Attorney-at-law.  After joining Law College he took oaths in year 1973.

It is significant to cite that Dr Wijayatunga had changed the concept of writing letters on double ruled exercise books introduced by the Englishmen for Sinhala letters. His hypothesis had urged the authorities to print six ruled exercise books for Sinhala letters. Dr Wijayatunga was adamant that students should be familiar with the correct spelling of scientific words such as “chlorophyll “,”chlorine” in Sinhala. 

After compiling the Practical Sinhala dictionary in 1978 a cabinet Minister E.L.B Hurulle then Minister of Cultural affairs who was present at the launch had asked Dr Wijayatunga whether he could compile a more sophisticated Practical Sinhala dictionary Volume 1 in less than two years time within his tenure. He had said ‘yes’ provided the desirable staffs were given with the words that had been already searched and preserved. Dr Wijayatunga had obliged within the specified phase which was launched as Volume 1 of the Practical Sinhala dictionary in year 1982, in a colossal exertion.

Dr Harischandra Wijayatunga has contributed immeasurably as a translator and author.As a person via such accomplishments has done incredible yeoman service to the advanced level students and undergraduates to unprecedented levels. In a nutshell the erudite scholar had had entered the corridor of celebrity revolving around authoring books on science, creative works,  religion and history,  politics,  philosophical, biological works, languages, translating science books culminating  with of course the huge Practical Sinhala Dictionary Volume 11 undoubtedly one  of the largest  books ever compiled and published in this country. We all Sri Lankans should pray for him for superior wellbeing and prolonged life in his 86th year.

By: Sunil Thenabadu  from Queensland, Australia

එන්න… අපි කතා කරන පින්තූර ගැන කතා කරමු!

“පින්තූර දහස් ගණනක් දුටුවත් ඒ අතරින් අපේ ඇස වහා ඩැහැ ගන්නේ පින්තූරයේ සැගවුණු කුමන අරුමයද? පින්තූරයේ වර්ණයද? නැත්නම් පින්තූරයට වස්තු විෂය වූ දෙයද? එහෙමත් නැත්නම් මූණු පොතේ අපි නිතර දකින කමෙන්ට් වල කියනවා වගේ හරි ලස්සන නිසාද? ඇත්තටම සිත වහ වහා පැහැර ගන්නේ පින්තූරයක ඔබ දකින කුමන විශේෂත්වයද? පින්තූරයක් ගොළු කවියක් කරන බස මොකක්ද? 

22117696_1820110561653147_2082312664_o21390672_1820110591653144_2022881679_o

ඔබට මොකද ඒ ගැන හිතෙන්නේ? නිහඩව ඉන්න එපා…කතා කරන්න….කියන්න අපිට… කතා කරන පින්තූර අපේ හදවතට කතා කරන හැටි ගැන දැනෙන හැටි විදින හැටි අපි අපිත් ඉතින් කතා කරමු… “බොස්ටන් ලංකා” http://bostonlanka.com/ මේ ඉඩ විවර වෙන්නේ ඒ සොදුරු කතා බහටයි……”
22095226_1820110574986479_2133105652_o22140456_1820110641653139_128697407_o (2)22117944_1820110598319810_1294172268_o22140107_1820110554986481_1021812890_o

ඔය කෙල්ලෝ මොනවද දන්නේ !

BY: Dr.Bodhini Samaratunga

“මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය”

උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.
ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.
මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු.

ආච්චිලා පැමිණ ” “තංගච්චී,ඩොක්ටර් අම්මා එංග ?” යැයි අසද්දී ( නංගී, දොස්තර කොහේද?)
“නාන් තාන් ඩොක්ටර්” යැයි කියද්දි…
මෙච්චර මේ කෙල්ලෝ කොහොමද දොස්තරලා වෙන්නේ යැයි ඔවුන්ද ඇස් ලොකු කරගෙන ඇසුවෝය. 

දෙමළ වචනයක්වත් නොදැන එහි ගිය අපිට, දෙමළ ඉගෙන ගන්නටත්, ඉන්පසු ඔබ මෙහෙද අහන්න තරම් දෙමළකියවන්නටත් පුූලුවන් කළේ උතුර ය. එහි ගිය නිසා ය. “ඔයා දැන් සිංහල කතා කරන්නෙත් දෙමළ ඇක්සන්ට් එකකට ය කී අනුරාධපුර යහළුවෝ තවමත් ඒ කාලය ගැන මතක් කරති.

වවුනියාවේ සිට අපි බොහෝ විට අසාධ්‍ය ලෙඩුන් ගෙන ගියේ අනුරාධපුරය ට ය. එහි යන එන විට, අපට ලැබුනේ බොහෝ ලෙංගතු ආමන්ත්‍රණය. මේ කොනේ සිට රෝගීන් කෙසේ හෝ පණ ගන්වා , ගොඩ දාගෙන වෙහෙසී තවත් පැයක ගමනකින් එහි සැපැත් වෙන විට අපි බාගෙට මැරී සිටින්නෙමු. “ ඩොක්ටර් අන්න ඩොක්ටර්ස් රූම් එක, මූණ හෝදා ගන්න, මෙන්න පුටුව ඉඳ ගන්න “ වැනි සුහද ආමන්ත්‍රණ එහී දකින්නට ලැබිණි. වෛද්‍යවරුන් පවා උනුන් හා සුහදත්වයෙන් කටයුතු කෙරිණි.

යුද්ධය අවසානයේ දකින්න ලැබුනේ සියල්ල අහිමි වූ කොහෙන් කොහොම මේ අවුල ලිහා ගන්නේදැයි විමසූ සෙනග ගොඩවල් ය. එහි ගිය අපට දරන්නට සිදුවුනේ සියළු දේ අහිමි වූ මිනිසුන්ගේ අඳෝනා ය. උතුරේ ප්‍රධාන රෝහල් දෙකක සීමිත වෛද්‍යවරුන් සංඛ්‍යාවකගෙන් වැඩකටයුතු කළ යුතු වූයෙන් , ඇතැම් විට දවල්ට කන්න ලැබුනේ වඩයක් සහ මයිලෝ එකකි. එහෙමත් නැත්නම් උදේ අටේ සිට සවස හය දක්වා තියටර් ලිස්ට් එක ඉවර කරනකම් සැරෙන් සැරේ ලැබුන සීනි වැඩි තේ එකකි, පරිප්පු හෝ උළුඳු වඩයකි. හවසට බොහෝ විට එක කොත්තුව දෙකට බෙදන් කන්නේ එය ඒ තරම් විශාල නිසා ය.

උදේට නොකා කලන්තේ දමා එහි පැමිණෙන විශ්ව විද්‍යාල හෝ පාසැල් සිසුන් හට “ඔයාලා උදේ නොකා කලන්තේ දාලා එනවා. මගේ ඩොක්ටර්ස්ලා රෑට කාලත් නෑ, හරියට උදේට කාලත් නෑ, රෑ පුරාම ඇහැරගෙන ඒත් තාම වැඩ කරනවා”කියමින් කියූ විශේෂඥ වෛද්‍යවරියක් සිටියාය. මේවා මෙලෙස ලියන්න යැයි කියූවේත් විශේෂඥ වෛද්‍යවරුන්‍ ය.

එක් දිනක් මුළුල්ලේ අප හදිසි සැත්කම් පමණක් දහයක් කර තිබුණේ අතේ මතුවන කරගැට ද අමතක කරමිනි.

මුහුණ නොබැලූ එල් ටී ටී ඊ හිටපු සොල්දාදුවන්ද, මුහුණ බැලූ නමුත් සිංහල වචනයක් දොඩාගත නොහැකිව සිටි ගැහැණු මිනිසුන්ද, අපට අපේම අය වූයේ අනිත් කොනේ දී ය. ඒ අප ඔවුන්ගේ ජීවිත හා ගනුදෙනු කළ නිසා ය.

If u can bear to hear the truth u’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things u gave ur life to,broken,
& stoop & build’em up with wornout tools;

Radyard kipling

ඔව් අප දුටුවේ, රඩ් යාඩ් කිප්ලිං ගේ if යන කාව්‍යයේ සඳහන් පරිදි, සියල්ල බිඳ වැටුණු, සුන් බුන් වී ගිය පසු ඒ අළු මතින් නැගී සිට ජීවිතය වෙර දරන උන් ය. ආයුධ අත හැර ජීවිතය සෙවූ ඔවුන් ය. සිංහලයා නරකයි, බිහිසුණුයි ම්ලේච්ජයි කියා උගෙන, සිංහල වෛද්‍යවරුන්ගෙන් ජීවිතය ඉගෙන ගත් ඔවුන් ය. සිංහලයාත් දෙමළාත්, මුසල්මානුවාත් අපි හැමෝම, රෝහල් ගේට්ටුවෙන් එපිට උස්මිටි කම් තරාතිරම් නැතිව සාමාන්‍ය මිනිසුන් බවට පත් වන බව ඔවුන් උගත්තේ අපෙනි.

රෝගීන් පිරී ඉතිරී යන වාට්ටු වල හිත හදන් වැඩ කරන්නට සිදුවුනේ ඒ තරම් ජන ගඟක් පාලනය කිරීම හැරෙන්න වෙන විකල්පයක් නොවූ නිසා ය. ඔවුන්ට රෝහල යනු ඔවුන්ගේ දූකට සහනයක් වුණු තැනක් විය. ඔවුන්ගේ දුක් කරදරසියල්ලම එහි මුදා හැරියේ එනිසා වෙන්නට ඇති. ඒ අය ට යම්කිසි හෝ සහනයක් වූයේ රෝහල් වල සෞඛ්‍ය කාර් යය මණ්ඩලය බව නොරහසකි.

බත් කන්න අකමැති ආච්චිලාට ,සීයලාට, හැට් කලෙක්ෂන් දමා ( සල්ලි එකතු කර) ආප්ප හෝ ඉඳි ආප්ප ගෙනාවේ HO ල ය ( house officers).

මේ කතා මේ ලෙසින් ලියා තැබුවේ නැත්නම් නැවත මතක් කිරීමද අමාරු කාර් යයකි. ඒ තරම් විවිධ වූ සංසිද්ධි දාමයන්ගෙන් අනිත්කොන දවස් සැකසී තිබුනි. විඳින දකින දෑ හිතෙන්, හදවතින් ස්පර්ශ කරන්නට හැකි යාව ඇත්තේ සුළු පිරිසකට බව මම දනිමි. ඒ සුළු පිරිස මුදලට ලොබ බැඳන් ඒ කාර් යයන් හි යෙදෙන්නේ නැති නිසා තවමත්, මිනිසුන් ඔවුන් දේවත්වයෙන් සලකති.

වෛද්‍ය විද්‍යාව යනු ඉන්ද්‍රජාලික බලවේගයක් හෝ දේවත්වයක් නොවේ. එය හුදෙක් විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂන නිගමන ඔස්සේ පදනම් වුණු එකකි.

අප කරන්නේ අපේ සේවාව හරියාකාරව කිරීම ය. මේ ලියැවිලි වල එතෙන්නේ, සේවාව අතරතුර හදවතට දැනුණු මිනිස් හැඟීම් ය. ඒවා කිසි සේත්ම මට සිළිටු නොවේ.

අනිත්කොන කියැවිය යුත්තේ තරුණ පිරිසයි. වෛද්‍ය විද්‍යාව හදාරන්නට හිතන දරුවන් ද, වෛද්‍යවරුන් වෙන්න ඉගෙන ගන්න දරුවන්ද මේ පොත කියවිය යුතුම යැයි මම කියන්නේ, මගෙ අත් දැකීම් වලින් ඔබට ඉගෙන ගන්න යමක් තියේවි යැයි මා විශ්වාස කරන නිසා ය.
මම ලීවේ උතුරේ ප්‍රශ්න ගැන ය. මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ය. කකුල් , අත පය අහිමි වූ දරුවන් දැරියන් ගැන ය. අඩු වයසෙන් දරුවන් ප්‍රසූත කරන්නට වෙන දැරියන් ගැන ය. ළමා සොල්දාදුවන් ජීවිතය දිනන හැටිත්, හිටපු ත්‍රස්තයන්ගේ අඳෝනාත්, ඒ අතර තුර පිටු පිරවීය. හොර ගබ්සා මධ්‍යස්ථානවලට ගොස් අසාධ්‍ය වී එන, උතුරු කොනේ ගැහැණුන් ගැනත්, උතුරු කොන බොහෝ ප්‍රදේශ වල වැසියන් මුහුණ දී ඇති වකුගඩු රෝගයේ ඛේදාන්තයත්, මත් පැන් මත්ද්‍රව්‍ය වලට නතු වූ දරුවන් ගැහැණුන් මිනිසුන් ගැනත් ය. අපි දකින්නේම දුක පමණි. රෝග , මරණ, සමාජ අසාධාරණකම් ය.ආර්ථික යුද්ධයෙන් පෙළෙන මෙ රටේ දිළිඳුම පිරිස යන එන රෝහල් ය. ඇතැම් විට ඇඳුම් ගෙනත් දෙන්නත්, බත් වේලක් ගෙන දෙන්නත්, ගෙදර යන්න බස් එකට සල්ලි නැති නිසා අපි hat collection දමා සල්ලි එකතු කර දීපු කාලයක් ද විය.

අනිත්කොන පොතක් විය !
එනමුත් අනිත් කොන ගැන මේ තරම් පිරිස වද වුනේ හෝ පෝස්ට් වැටුනේද නැත. හොය හොයා ගොස් කියෙව්වේ ද නැත.  සමාජයේ අපිදකින අවැඩ අසාධාරණය සහ කම්පනය ගැන අපි වැන්නවුන් මුහුණු පොත බ්ලොග් සහ පොත් හරහා අපි ඕනෑවටත් වඩා මේ ප්‍රශ්න ගැන ලියමින් සිටින්නෙමු ! 
අපට කළ හැක්කේත් පාලකයන්ගේ හිත් ඇස් මෙදෙසට යොමු වන තෙක් ලියන්නට පමණි.

ඉතින් මහත්මියනි, මට ඔබේ වදන, සාහිත්‍ය ලෝකයේ හමුවන ප්‍රවීනයන්ගේ කතා අසා ඇති මට නම් පුදුමයක් නොවුණු බව කිව යුතුම ය. “ඔය කෙල්ලෝ මොනවද දන්නේ ” කියා ප්‍රශ්න නොනගා පොත කියෙව්වා නම් ඔබට ඇත්තටම අපි එහි ගොස් කළ කී දෑ වැටහෙනු ඇතැයි මට සිතේ.

මුළින් මේ පොත් ජනගත නොවි පසුව මටම ඒ කාරිය කරන්නට වෙහෙසෙන්නට වූ නමුත් ඒ මහන්සිය සොඳුරු ය. මන්ද අනාගතයේ මේ රටේ තවත් යුද්ධයක් ඇති නොවෙන්නට, ජාතීන් එකිනෙකා යුද්ධ නොකරන්නට මනස හදන්නට මේ පොත ඉවහල් වෙන බවට මට සහතික නිසා ය.