මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක්….

මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරනුයේ වසරකට පෙනහළු රෝගීන් 2,000 – 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවය.

මෙහිදී අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ පිරිමි පුද්ගලයින් අතරේ ගත් විට දෙවැනි වැඩිම පිළිකාව බවට පත්ව ඇත්තේද මෙම පෙනහළු පිළිකා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා,

“දැනට ලංකාවේ පිළිකා රෝගීන් ගත්තාම පිරිමි පුද්ගලයින්ගේ දෙවැනියට වැඩිම පිළිකාව පෙනහළු පිළිකාව.  ඒ වගේම 2021 වසරේ සිට දත්ත සලකළා ගත්තාම ඔවුන්ගේ පළවෙනි පිළිකා 10 අතරට පෙනහළු පිළිකාව වාර්තා වෙනවා. පසුගිය දත්ත ගත්තාම කාන්තාවන්ගේ සහ එහි පෙහළු පිළිකා වර්ධනයක් අපි දකිනවා. පසුගිය අවුරුදු 5-10 අතර කාලය තුළ පෙනහළු පිළිකාව ලංකාව තුළ වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ වර්ධනය පිරිමි පුද්ගලයින් සහ කාන්තාවන් දෙපාර්ශ්වයේම වාර්තා වෙනවා. 

මේ පෙනහළු පිළිකාවට ප්‍රධානම කාරණයක් තමයි දුම්පානය. ඒ වගේම තමයි වර්තමානයේ සමීක්ෂණ වාර්තා අනුව අපි හොයාගෙන තියෙනවා කිසිම දවසක දුම්පානය නොකර සිටින පුද්ගලයින්ද පෙනහළු පිළිකාවට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය දුම් පානයට සෘජුව සම්බන්ධ නොවන පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා වර්ධනයකුත් දක්නට ලැබෙනවා. ඒකට සෘජු සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් අපිට වාතාශයේ තියෙන වායු දුෂණය කියන කාරණා සහ ගෙවල්වල තියෙන වායු දූශක කාරක.

වසරකට වාර්තා වෙන පෙනහළු පිළිකා රෝගීන්ගේ ගණන  2021 වසරේ ඉඳන් දත්ත සලකලා ගත්තාම වසරකට නව පිළිකා රෝගීන් 2,000- 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා.”

එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍ය ඒශාන්ත් පෙරේරා මහතා පැවසුවේ මෙම රෝගයේ රෝග ලක්ෂණ සුළු කොට තැකිය නොහැකි බවය.

“කොහෙමද ළය පිළිකාවක් මහජනතාව දැනගන්නේ.. ඉතාම වැදගත් රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඕනම ශ්වසන රෝගියෙකුගේ දකින කැස්ස. විශේෂයෙන්ම කැස්ස කාලාන්තරයක් තිස්සේ යනවානම්, සති දෙකතුනකට වඩා යනවානම් නැත්නම් වරින්වර එනවානම් ඒක ඉතා වැදගත් රෝග ලක්ෂණයක්.  ඒක අපි සුළුකොට තැකිය යුතු නැහැ. ඊට අමතරව කැස්සක් හොඳ වෙලා ආයෙම ඊළඟ මාසෙත් එනවානම් ශ්වසන රෝග කිහිපයකම රෝග ලක්ෂණයක් විය හැකියි ඒක. 

අනෙක් කාරණය කැස්සක් සමග ඔවුන්ට ලේ පිටවෙනවා නම්, සමහර අයට හුස්ම ගැනීමේ අපහසුතාවය නොයෙකුත් ළය පිළිකා සංකූලතා නිසා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පපුවේ වේදනාව ළය පිළිකාව තියෙන ප්‍රදේශයේ සිට ස්ථානවලට පැතිරෙන්න පටන් ගත්තාම නොයෙකුත් ස්ථානවල වේදනාකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් රෝගීන්ට කාලාන්තරයක් තිස්සේ පවතින උණ ගතිය, කෑම අරුචිය, අසාමාන්‍ය ලෙස බර අඩුවීම මෙම රෝගයේ ලක්ෂණ විය හැකියි.

ඒ වගේම ශරීරයේ නොයෙකුත් ස්ථාන වෙත පැතිරෙන්න පුළුවන්. ඒ පැතිර ගිහින් තැන්පත් වෙන ස්ථානය අනුව ඒ ඇතිවන රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. ඉතිං ඉතා වැදගත් අපි මේ ළය පිළිකා ගැන දැනුවත් වීම.”

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ පහසුකම එළැඹෙන වසරේ සිට…..

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ( Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බවය.

ඒ අනුව පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම්  සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබේ.

2021  වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන ඇත.

පසුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලද අතර  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා  නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි‍) ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපනය කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය  ඒ අනුව මෙම සමාගම වෙත ප්‍රදානය කර ඇත.

දුරකතන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබේ.

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකතන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

ඉන් අනතුරුව,  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව සැපයීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සූදානම් වූ පසු, ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  විසින් ඒ් සම්බන්ධයෙන්  මහජනතාව දැනුවත් කරන බවද එම කොමිෂන් සභාව පවසයි.

මෙරට වාණිජ ප්‍රවාහනය පරිවර්තනයට ලක් කිරීමට, සොෆ්ට්ලොජික් සහ ATUL ඔටෝ එකතුවෙන් නවීන ත්‍රිරෝද රථ පෙළක්….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings PLC), ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන ATUL ඔටෝ ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙමින්, ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රවාහන ක්ෂේත්‍රය නව මානයකට ගෙන ඒමට සූදානම් වේ. මෙම හවුල්කාරිත්වය හරහා, නවීනතම ත්‍රිරෝද රථ පෙළක් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ඇත.

වසර 60කට වැඩි අත්දැකීම් ඇති, රටවල් 24කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති ATUL Auto සන්නාමය, විවිධ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇති කල්පවත්නා, ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට පහසු ත්‍රිරෝද රථ නිෂ්පාදනය සඳහා කීර්තියක් උසුලයි. මෙම හවුල්කාරිත්වය හරහා, සොෆ්ට්ලොජික් සමාගම දේශීය වෙළඳපල අවශ්‍යතාවලට ගැලපෙන ප්‍රධාන ත්‍රිරෝද රථ මාදිලි තුනක් දියත් කරනු ඇත: එනම්, පෙට්‍රල් මගින් ක්‍රියාත්මක වන, ආකර්ෂණීය සහ අයවැය හිතකාමී මගී රථයක් වන Atul RIK; ඩීසල් මගින් ක්‍රියාත්මක වන, වාණිජ ප්‍රවාහනයට සුදුසු ඉඩකඩ සහිත මාදිලියක් වන Atul GEM Paxx; සහ භාණ්ඩ බෙදාහැරීම්, කෘෂිකාර්මික සහ සැපයුම් කළමනාකරණ (logistics) යෙදවුම් සඳහා නිපදවා ඇති, ශක්තිමත්, අධික බර රැගෙන යා හැකි Atul GEM Cargo මාදිලියයි.

මෙම සහයෝගීතාව ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වන මොහොතකය. විශේෂයෙන්ම, වර්තමානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ අවසාන සැතපුම් සම්බන්ධතාවය (last-mile connectivity) වෙනුවෙන්, මිල දැරිය හැකි, විශ්වාසනීය සහ ඉන්ධන කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් සඳහා වූ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින යටිතල පහසුකම් අභියෝග හමුවේ, අඩු නඩත්තු පිරිවැයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත වාහන සඳහා වෙළෙඳපොළේ ප්‍රමුඛතාවය වර්ධනය වී ඇත. සරල යාන්ත්‍රික පද්ධති, වායු සිසිලන එන්ජින් සහ අධි බලැති චැසියක් සහිත ATUL වාහන පෙළ, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද විශ්වාසනීය කාර්ය සාධනයක් සහ අඩු මෙහෙයුම් පිරිවැයක් ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ATUL ඔටෝ ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ නීරාජ් චන්ද්‍ර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවට ATUL වාහන හඳුන්වා දීම සඳහා සොෆ්ට්ලොජික් වැනි ගෞරවනීය හා ඉදිරිගාමී ව්‍යාපාරික සමූහයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට මහත් අභිමානයක්. ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ පුළුල් විශේෂඥ දැනුමක් ඇති ආයතනයක් ලෙස, අපි ඉදිරිපස සහ පසුපස එන්ජින් වින්‍යාසයන් දෙකෙන්ම පෙට්‍රල්, ඩීසල්, LPG සහ විදුලි මාදිලි පිරිනමන්නෙමු. පුද්ගලයන් සහ ව්‍යාපාර එක සේ බලගන්වමින්, ආර්ථික වර්ධනයට සහ ප්‍රවාහන පහසුකම් වර්ධනයට දායක වන විශ්වාසදායක සහ දැරිය හැකි මිලකින් යුතු විසඳුම් සැපයීම අපගේ මෙහෙවරයි.” යනුවෙන් පැවසීය.

පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අත්දැකීමක් සහතික කිරීම පිණිස, ATUL දැනටමත් සිය තාක්ෂණික විශේෂඥයින් කොළඹට යොදවා ඇති අතර, වාහන ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අමතර කොටස් වල ස්ථාවර සැපයුමක් ද ස්ථාපිත කර ඇත. “ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට පමණක් නොව, ආරම්භයේ සිටම ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් ස්ථාපිත කිරීමට ද අපි කැපවී සිටිමු,” යනුවෙන් චන්ද්‍ර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම හවුල්කාරිත්වය යටතේ හඳුන්වා දෙන සියලු වාහන සඳහා මාස 24ක හෝ කිලෝමීටර් 25,000ක පුළුල් වගකීමක් හිමිවන අතර, දිවයින පුරා විහිදී ඇති සොෆ්ට්ලොජික් හි පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලය හරහා අඛණ්ඩ සහාය හිමිවනු ඇත.

සොෆ්ට්ලොජික් හි මෝටර් රථ අංශයේ (Automotive Sector) ප්‍රධාන විධායක නිලධාරී, බිෂ්රි ෆාරුක් මහතා අවධාරණය කළේ, “මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට නව්‍ය සහ තිරසාර ප්‍රවාහන විසඳුම් ගෙන ඒමේ අපගේ උපායමාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයකි. ATUL රථ පෙළ, ප්‍රායෝගිකත්වය සහ විශ්වසනීයත්වය මනාව සමතුලිත කරමින්, මගී සහ භාණ්ඩ ප්‍රවාහන අංශ දෙකම සඳහා අතිවිශිෂ්ට වටිනාකමක් ලබා දෙයි.” යනුවෙනි.

ATUL හි එකම බලයලත් බෙදාහරින්නා වන සොෆ්ට්ලොජික්, ශ්‍රී ලංකාව තුළ ATUL හි ව්‍යාප්තිය මෙහෙයවීමට සූදානමින් සිටින අතර, ඒ සඳහා, ක්ෂණික වාහන ලබා ගැනීමේ හැකියාව සහ පූර්ණ සේවා යටිතල පහසුකම් දැනටමත් ස්ථාපිත කර ඇත. සොෆ්ට්ලොජික්-ATUL හවුල්කාරිත්වය, ඩීසල් මගී සහ භාණ්ඩ අංශවල ප්‍රමුඛයා වීමේ උසස් සැලසුම් සමඟින්, සියලු දෙනාටම පහසුවෙන් ළඟා විය හැකි, ප්‍රායෝගික ප්‍රවාහන විසඳුම් සඳහා සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, මෙය දිවයිනේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ද අතිශය වැදගත් දායකත්වයක් සපයනු ඇත.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ගතික සහ ප්‍රගතිශීලී විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරවලින් එකක් වන අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), සෞඛ්‍ය සේවා, සිල්ලර වෙළඳාම, මූල්‍ය සේවා, මෝටර් රථ සහ සංචාරක කටයුතු යන ප්‍රධාන අංශ හයෙහිම වෙළඳපල ප්‍රමුඛත්වය දරයි. ශ්‍රී ලංකාව, ඩුබායි සහ ඕස්ට්‍රේලියාව පුරා සේවකයින් 11,000 කට අධික ශ්‍රම බලකායක් සමඟින් ක්‍රියාත්මක වන මෙම සමූහය, උපායමාර්ගික ආයෝජන සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම සමඟ ඇති ගෝලීය හවුල්කාරිත්වයන් හරහා දිගුකාලීන වටිනාකමක් ජනනය කිරීමේ හැකියාව වෙනුවෙන් පුළුල් ලෙස පිළිගැනේ.

 

IMG-20250801-WA0004 IMG-20250801-WA0005 IMG-20250801-WA0006 IMG-20250801-WA0007 IMG-20250801-WA0008 IMG-20250801-WA0009

රනිල්ට ඉදිරියෙන් අනුර..අනුරට ඉදිරියෙන් සජිත් මරික්කාර්ගේ ප්‍රතිඵල තියරිය….

https://www.youtube.com/embed/oN3WXN6MJnI?si=wgmXgO-CFjpX8LIa” title=

කුල සිරිතට හෂාන් සහ මයික්ගේ විවාහය

මයික් සහ හෂාන් ගේ විවාහය ඉතාමත් අකර්ශනියව උත්වශ්‍රියෙන් පසුගියදා සිදු වුණා. මයික් ෆොස්බරි මානව සම්පත් විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන්නෙක්. එතකොට හෂාන් ප්‍රනාන්දු මනෝ සමාජීය දුෂ්කරතා ඇති දරුවන් සමඟ වැඩ කරන්නෙක්.

මයික් ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන අතර හෂාන් ශ්‍රී ලංකානු ජාතිකයෙක්. මෙම විවාහයේ විශේෂත්වය වන්නේ මෙය සමලිංගික විවාහයක් වීමත් මෙය හෙළ සිරිතට අනුව සිදු වීමත් .

17.w768.h768 (1)7.w768.h768

හෂාන් ප්‍රනාන්දු සහ මයික් ෆොස්බරිගේ ප්‍රේම සබදතාවයේ ප්‍රථිපලයක් ලෙස ඔවුන් විවාහ දිවියට එලබුණේ සියලු චාරිත්‍ර වලට මුල් තැන දෙමින් .

ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන මයික් සහ ශ්‍රී ලංකික හෂාන් ජිවත් වෙන්නේ එංගලන්තයේ . මේ දෙපළගේ විවාහ ගිවිස ගැනීම සිදු වන්නේ ග්‍රීසියේ. කොහොහරි උදා වූ වසන්ත සාමය ඔවුන්ගේ ජිවිත වලටත් වසන්තය උදා කරමින් ප්‍රංශයේ ෂැම්පේන් ප්‍රදේශයේ චැටෝවක මෙලෙස විවහ උත්සවය සිදු වුණා.

15.w768.h115413.w768.h768

සිය විවාහ උත්සවයේ සමහරක් චාරිත සිංහල විදියට කිරීමේ අදහස හෂාන්ගේ වෙන්න ඇත. කෙසේවෙතත් සමලිංගික විවාහ අරුමයක් නොවූ ඔවුන්ගේ සංස්කෘතිය තුල එම විවාහය සිදු වෙලා තිබ්බේ මෙන්න මෙහෙම

සියළු හදවත් කම්පා කල ටිකිරිගේ නික්මීම

මහත් ආන්දෝලනයට ලක් වූ ටිකිරි අවුරුදු 70 ආයු වළදා කොළඹ අගනුවරට කිලෝමීටර් 80 ක් (සැතපුම් 50 ක්) නැගෙනහිරින් පිහිටි කෑගල්ලේදී 24 වන අඟහරුවාදා රාත්‍රියේ මිය ගියා.

මේ පිළිබදව සමහරුන් කියන්නේ ටිකිරි දැඩි මන්දපෝෂණයෙන් පෙළුණ බව. දුර්වල සිටි සත්වයා දළදා මාලිගාවේ මෙවර පෙරහැරට එකතු වීමත් සමග ඊට එරෙහිව සමාජ මාධ්‍ය වල ගිනි කුණාටුවක් පුපුරා ගියා මෙන් කතා බහට ලක් වුණා. එහෙත් ඇයගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවට
සේව් එලිෆන්ට් පදනමේ නිර්මාතෘ ලෙක් චයිලර්ට් සමාජ මාධ්‍යවල මේ ගැන මෙසේ ලියා තිබුණා. “ටිකිරි ඇගේ ඇඳුම නිසා කෙතරම් දුර්වල දැයි ප්‍රේක්ෂකයන්ට නොතේරුණු බවයි.මහජනයාගේ විරෝධයෙන් පසුව වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග සෞඛ්‍ය සම්පන්නව සිටියද ටිකිරි වාර්ෂික පෙළපාළියට සහභාගී වූයේ ඇයිද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ නමුත් එහි ප්‍රතිපල තවමත් අනාවරණය වුණේ නම් නැහැ.
elephant-collapse97cb55e517af857394ebea66b32151a20ce0fdb5
දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල සාම්ප්‍රදායික බෙර වාදකයින් සහ නර්තන ශිල්පීන් මෙන්ම අලි 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ වාර්ෂික උත්සවය පවත්වන අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ ධනවත් ශ්‍රී ලාංකිකයන් අලි සුරතල් සතුන් ලෙස තබාගත්තද, අයුතු ලෙස සැලකීම සහ කුරිරුකම් පිළිබඳ ලැබුණු කන වැකුණු පැමිණිලිත් බොහෝයි.
ගිනස් ලෝක වාර්තාවල දැක්වෙන්නේ ආසියානු අලියෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 60 ක් පමණ වන අතර, වාර්තාගත වයස්ගතම තැනැත්තා ලින් වැන්ග් ය. දෙවන ලෝක යුද්ධ සමයේ බුරුමයේ සිටි තායිවාන් සත්වෝද්‍යානයක මිය යාමට පෙර ජපාන හමුදාවට අවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය ගොනෙකු වූ ලින් වැන්ග් ය. 2003 වයස අවුරුදු 86 යි.
කුමන ප්‍රශ්ණයක් තිබුනත් ටිකිරිගේ වියෝව මුළු මහත් ජනතාවගේම කම්පාවට හේතුවක් වෙලා. මෙතෙක් කල් ටිකිරි බලාගත් ඇත්ගොව්වා ටිකිරිකගේ නිසල දේහය ළඟට වී හඩා වැටෙනවා. දළඳා පෙරහැරේ විශ්ණු දේවාලය නියෝජනය කරමින් මහනුවර රන්දෝලි පෙරහැරේ ටිකිරි ඇතින්න ගමන් කරන්නේ වයස අවුරුදු 5 සිට. මෙවරත් වයෝවෘධ වූවත් අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී මෙලෙස මෙවර දළඳා පෙරහැරේද ටිකිරි ගමන් කළේ පොඩ්ඩක්වත් තමන්ගේ අසනීප තත්වය නොපෙන්වීමට. එලෙස ටිකිරි තේජාන්විතව ගමන් කරනකොට මිනිසුන් මෙන්ම දෙවියොත් වන්දනා කරන්නට ඇති. මේ සා කාලෙට මේ විදියට පුරෝ ගත් පිං හොදටෝම ටිකිරිට ඇති වේවී මාර්ග පල වලට එලබීමට.
‘මම මේ ඇතින්න පෙර­හ­රට එව්වේ සල්ලි හොයන්න නෙවෙයි. සතා දැන් මාස හයක ඉඳලා ලෙඩින් ඉන්නේ. කෑම කෑවත් ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. ඒ නිසා ඇඟ දව­සින් දවස කෙට්ටු වුණා. බෙහෙත් කළත් මුල් කාලයේ ඒවා ඇඟට පත්ති­යම් වුණේ නැහැ. දැඩි මුණ්ඩ දෙවි­ය­න්ටත් විෂ්ණු දෙවි­ය­න්ටත් බාර­යක් වුණා ඇතා ජීවත් වුණොත් මහ­නු­වර පෙර­හරේ එක රන්දෝලි පෙර­හ­ර­කට හරි සම්බන්ධ කර­නවා කියලා. දෙවි­යන්ගේ පිහි­ටෙන් ඇති­න්නට සුව වුණා. මම දෙවි­යන්ට වුණු පොරො­න්දුව ඉෂ්ඨ කරන්න ඕන. ඒක සමාජ මධ්‍යය වලින් මාවත් පෙර­හ­රත් විවේ­ච­නය කරන උද­විය දන්නේ නැහැ. මගේ අතේ සල්ලි විය­දම් කරලා තමයි කෑගල්ලේ රන්දෙ­ණියේ ඉඳලා ඇතින්න නුවර යැව්වේ. කෑම දිර­වන්නේ නැති නිසා සතාව දව­ස­කට කිලෝ මීටර දෙක තුනක් ඇවි­ද්ද­වන්න කියලා වෛද්‍ය­වරු කිව්වා. අපි ඒක හැම­දාම කර­නවා. පෙර­හරේ යන­කො­ටත් කරන්නේ සතා ඇවි­දින එකනේ.
දැන් ඇති­න්නට වයස 70 ක් පමණ වෙනවා. වය­සත් එක්ක ලෙඩ­කුත් හැදුණ නිසා සතා හොඳට ම දුර්වලා වුණා. දැන් ගොඩක් හොඳයි. අපි පෙර­හ­රට එව්වා කියලා එක­පා­ර­ටම සතාව පෙර­හ­රට දාන්න බැහැ.පේරා­දෙ­ණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය­වරු සතාව පරීක්ෂා කරලා බලලා පෙර­හරේ යවන්න කියලා නිර්දේ­ශ­යක් දුන්නට පස්සේ තමයි එයාව පෙර­හ­රට සම්බන්ධ කරන්නේ. මම මේ ඇතින්න වෙනු­වෙන් මාසෙ­කට රුපි­යල් ලක්ෂ එක­හ­මා­රක් විතර විය­දම් කර­නවා. සතා ජීවත් කර­වන්න අපි ගන්න මහ­න්සිය කවු­රුත් දන්නේ නැහැ. මේ සත්තුන්ගේ අයි­තීන් වෙනු­වෙන් කෑග­හන අය එක රුපි­ය­ලක් සත්තු වෙනු­වෙන් වැය කර­න­වද? අපිත් සත්තුන්ට ආද­රෙයි.“ ටිකිරිගේ භාරකරු පැවසුවේ මෙවැන්නකි.
ටිකිරි හිමි­ක­රු­වන් කිහිප දෙනෙ­කු­ගේම අතින් අතට ගිය ඇති­න්නි­යක්.  ඇතින්න මුලින් අයි­තිව ඇත්තේ රත්වත්තේ පවු­ල­ට. පසුව පිළි­ම­ත­ලාව ආරි­ය­සේන මහතා ඇති­න්නව මිලට ගෙන මතු­ගම ජගත් විතාන මහ­තා­ටත් කොළො­න්නාව සුමං­ගල හිමි­ය­න්ටත් ඇති­න්නගේ හිමි­කා­ර­ත්වය ඉන් පසුව පැවරී තිබෙනවා. අව­සා­නයේ කෑගල්ල රන්දෙ­ණියේ තිල­ක­රත්න මහ­තාට ටිකිරිගේ අයිතිය පැවරි ඇත. ටිකිරි ඇතින්න අවු­රුදු පහක පමණ වයසේ සිටි­යදී බල­පත්‍ර මත කැල­යෙන් අල්ලපු සතෙක් බවට අනු­මාන කරනවා.
සත්ත්ව හිංසාව වෙනු­වෙන් බොරු­වට ඩොලර් වලට කෑ ගහන අය අනන්තයි. සත්ත්ව සුබ සාධ­නය අත්‍ය­ව­ශ්‍යය කාර­ණ­යක්.  සතුන්ට හිංසා­වක් වෙනවා නම් ඒක කොයි සතා­ටත් එකයි. රජ කාලේ ඉඳලා මේ පෙර­හර සංස්කෘ­තිය අපේ ජාති­යට උරු­මව පව­තින දෙයක්. අලි ඇතුන් ගමන් කළේ අද ඊයේ නොවේ.  සතා සුව වෙන්න කියලා වුණු බාර­යක් ඔප්පු කරන්න හෝ ඌ ගෙනාවත් ඔහුගේ සුවතාවය පරික්ෂ කල යුතුව ඇත.
ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සිය ට්විටර් ගිණුමෙන් මෙසේ සටහන් කර තිබිණි.
”පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං
විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත …
ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය..”
මෙම ඇතින්න පසුගිය වසරේ පෙරහැරේ ගමන් කළ ඇය ආහාර ජීරණ පද්ධතියේ ඇතිවූ රෝගි තත්ත්වයක් නිසා මාස 6ක් තිස්සේ පීඩාවට පත්ව සිටි ඇති බවද ඇතින්ගේ බාරකරු පැවසුවා. ඇය පිළි­බඳ මෙරට පම­ණක් නොව, දැන් විදෙස් පරි­ස­ර­වේ­දින්, සත්ව­වේ­දීන් ද කතා කර­න්නට පට­න්ගෙන. අයිතිකරුවන් සිටියත් අද පවතින වාතාවරණය හමුවේ මෙවන් සතුන්ට අහාර දීමේ වියදම් පියවා ගැනීමේ අසීරුතාවයන් බොහොමයකි තිබෙනවා. එවන් අවස්ථාවලදී සහන ආධාර වැඩපිළිවෙලක්, අලි අලි ඇතුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට මෙන්ම ඔවුන්ට විශ්‍රාම වයසක් ගෙන ඒමට හෝ කිසියම් වැඩ පිළිවෙලක් ගෙන ඒමට මෙතෙක් ශ්‍රී ලංකාව සමත් වී නැහැ.  රටට හෙන ගැහුවත් පුටු රත්කරන මෝඩයින් පුටුවල ඉන්නතාක් මේ රට එක ලෙසට එක තැන පල වනු ඇත.
 
ටිකිරිට නිවන් සුව !!
By Ashanthi Warunasuriya.

නාමල් සහ ලිමිනිගේ විවාහය දවස් 3ක් උත්සව 5ක්

මේ දින වල හැමෝගෙම කතාව නාමල් බේබිගේ විවාහය ගැන. කොහොම වුණත් මේ වන කොට විපක්‍ෂනායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේ සියළු වැඩ කටයුතු අවසන්.
චාමෙට වැඩිය කාටත් නොකියා අඩු සද්දෙන් ගන්නවා කිවුවට මොකද මුද්‍රණය කරපු ආරාධනා පත් මේ වන කොට ඉවර වෙලා. ඒ නිසා සමහරුන්ට කාඩ් නැතුව බුලත් දීලා කටින් ආරාධනා කරන්නත් සිද්ධ වෙලා කියලයි බොස්ටන් අපිට නම් ආරංචි වෙන්නේ. කොහොම හරි මේ වනකොට 6000 කට අධික පිරිසකට ආරාධනා කරලාලු.
කොහොමහරි දැන් නාමල් ගේ විවාහ උත්සවය දවස් තුනක් ගන්න කටයුතු සුදානම්ක. ඒ සැප්තැම්බර් 12 , 14 සහ 17 යන දිනයන්හිදිය. පළමු දින ගමේ හා පල්ලියේ චාරිත්‍ර වාරිත්‍රටත් මුල් තැන දෙමින් සිදුවන අතර දහවල් දිවා ආහාරය ගල්කිස්ස හෝටලයේද රාත්‍රි ප්‍රියසම්භාෂණය කාල්ටන්හි දී පැවැත්වීමට සුදානම් කරලා. පසුව 14 වන දින සියළුම ආරාධිත අමුත්තන් සමගින් පෙ.ව 11 සිට පස්වරු 3 දක්වා වීරකැටිය කාල්ටන්හිදී දහවල් ප්‍රිය සම්භාෂණය පවත්වා අවසන් දින 17 නැවත තානාපතිවරුන් සහ විශේෂ අමුත්තන් වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී  උත්සවයක් පැවැත් වෙනවා.
67123675_728126150950884_4131834250319483281_nD9vInTgU8AAG_8b
මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ දෙපලගේ පුත් නාමල් මෙලෙස අතිනත ගන්නේ තිලක් වීරසිංහ හා අරුණි වීරසිංහ දෙපලගේ දෙටු දියණිය වන ලිමිණි. නාමල් මේ වන විට 33 වියේ පසු වනවා. ලිමිණි ට 21 කයි.
මෙම ප්‍රේම සම්බන්ධය වසර 2 ක්. නමුත් අවසන් මොහොත දක්වාම නාමල්ගේ විවාහය ගැන කිසිවෙකු දැන සිටියේ නැහැ.
මෙය මුල් වරට මාධ්‍යට ප්‍රකාශ වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ රටට පැමිණී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා කළ විහිළුවකින්. නාමල් බදින්නේ කවද්ද ? කියලා අහනකොට ඔහු දවස කියනවා.එතකොට එම දිනය මෝඩි මහතාගේත් උපන් දිනය ද කියලා ප්‍රකාශ වීමත් සමගයි නාමල් ගේ විවාහය ගැන අනාවරණය වුණේ.
කෝටිපති ව්‍යාපාරික තිලක් වීරසිංහ යනු ලිමිනිගේ පියා. ඔහු මරීනා හොටෙල් හෝල්ඩින්ග්ස් සමඟ කිමිදුම් සහ පිහිනුම් තටාක සම්බන්ධ ව්‍යාපාරයකුත් කරගෙන යනවා. ඔවුන් රාජපක්ෂ පවුලේ අයව දැන හඳුනා ගෙන වසර 15 ක්. ගම්පහ යක්කල පදිංචි ලිමිනි යනු විවිධ ගුණාංග මෙන්ම විවිධ දක්ෂතා ඇති තරුණියක්. ඇය කොළඹ බිෂොප් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ව්‍යාපාරික කටයුතු කෙරෙහි අවධානය යොමු කර ඇති අතර කලාව කෙරෙහි දැඩි ආසාවක් උනදුවක් භක්තියක් ඇති අයෙකු වන අතර බෙර වාදනය පිළිබඳ කුසලතා පෙන්වන තරුණියක්.
ඇය පාසැල් දේශීය සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර ශාස්ත්‍රීය අප්‍රිකානු සංගීතයට සම්බන්ධ බෙර වාදනය පිළිබඳ වැඩිදුර හැදෑරීමට හා දියුණු කිරීමට ඇය කටයුතු කර තිබෙනවා.
Namal Rajapaksa and Limini Weerasinghe Wedding
2017 දී සිය උසස් පෙළ සම්පූර්ණ කළ ලිමිනි එම වසරේම බෙර වාදනය පිළිබඳ ඇගේ කුසලතා ඉස්මතු කරමින් ‘ගොෂා’ නමින් ප්‍රසංගයක් පවත්වා තිබේ.21 හැවිරිදි ලිමිනිට බාල සොහොයුරෙකු වන ජැනිත් දැනට ජාත්‍යන්තර පාසලක සිසුවෙකි. ඉදිරියේදී ඇය සිය පියාගේ වියාපාර කටයුතු වලට සම්බන්දවිමට නියමිතයි.
පාට කුලමල භේද කිසිවක් ආදරේට නැහැ කියනවා වගේ විවිධ මතවාද, කුමන කතා තිබ්බත් විවාහය කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ජිවිතයේ වටිනාම අවස්ථාව. වටිනාම දිනය.  ඒ නිසා බොස්ටන් අපි නාමල් ලිමිනිගේ අළුත් ජිවිතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.

සමබර ආහාර වර්ගීකරණය තුළින් පවුලේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම

සටහන: නිරාශා පියවදනි
ශ්‍රී ලාංකිකයන්ගෙන්  22%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන අතර ඒ අතරින් 15% ක් දරුවන් වීම මෙරට මුහුණ දෙන බරපතල සෞඛ්‍ය ගැටළුවකි. එම තත්වය අවම කිරීම සදහා  Solidaridad Network Asia Solidaridad Network Asia සහ Nucleus Foundation (NF)  එක්ව  Institute of Social Development    සහ Sri Lanka Medical NutritionAssociation  හි සහයෝගයද පෙරදැරිව දැනුවත්භාවයෙන් ඌන ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කරගෙන සෘජුව පුහුණු වැඩ සටහන් මාලාවක් ආරම්භ කිරීමට සමත් විය.
දරුවන් සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍යට අත්‍යවශ්‍ය වන පෝෂණය ලබා දීමේ වගකීම පවුලේ සාමාජිකයන්ට ඉටු කළ හැකි බව ප්‍රායෝගික පවුල් කේන්ද්‍රීය ක්‍රමවේදයන් ඔස්සේ පෙන්වා දෙමින් දැනුවත් කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.
එහි මුල්ම වැඩසටහන මාතලේ, නුවර එළිය සහ මොනරාගල යන දිස්ත්‍රක්කවල පැවති අතර 525කට අධික ප්‍රජා පුහුණුකරුවන් පිරිසක් මෙම පණිවිඩය ඔවුන්ගේ ප්‍රජාවන් වෙත රැගෙන යාම සදහා පුහුණු කරන ලදී. ශ්‍රී ලංකා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්මිය විසින් වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර SLMNA නියෝජනය කරමින් පෝෂණ වෛද්‍ය නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
 
සභාව අමතමින් වෛද්‍ය ජයතිස්ස මහත්මිය සිය අදහස් පළ කලේ මෙලෙසිනි. “සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වසර ගණනාවක් ශ්‍රී ලංකාව සෞඛ්‍යමය වශයෙන් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙන නමුත් තවමත් විශේෂයෙන් වතු ප්‍රජාව තුළත් ඒ අවට ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම පාසල්වලටත්  මන්ද පෝෂණය බරපතල සෞඛ්‍ය ගැටළුවක් වී තිබෙනවා. රට තුළ සමස්ත පෝෂණ තත්වය සෑහීමට පත්විය හැකි මට්ටමකට රැගෙන ඒම සදහා ඉලක්කගත මැදිහත්වීමක් අවශ්‍යයි. “
 
හුදෙක් න්‍යයායික පුහුණු වැඩමුළුවක් වෙනුවට ගැටළුවක් වෙත ප්‍රවේශ විය හැකි ප්‍රායෝගික දෘෂ්ටිකෝණයක් මෙම වැඩසටහන හරහා හදුන්වා දුන් අතර ඔවුන්ගේ පරිභෝජනය සදහා උචිත ඉහළ පෝෂණයකින් යුත් ලාභදායී පිසීමට ඉතා පහසු දේශීය ආහාර වට්ටෝරු රැසක් පිළියෙල කරගන්නා ආකාරය ද සහිතව මෙහිදී ඉදිරිපත් කරනු ලැබිණි.
 
වැඩසටහනට වඩාත් පරීපූර්ණත්වයක් එක් කරමින් ගෙවත්ත තුළ පෝෂණයෙන් පිරි බෝග වගා කර ගන්නා ආකාරයද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි‘ හුදෙක් මුළුතැන්ගෙයි සුළු අවශ්‍යතාවක් සපුරන ගෙවත්තකට වඩා පෝෂණයට ප්‍රමුඛත්වය දුන් ඵලදායී ගෙවත්තක් නිර්මාණය කර ගැනීමේ වැදගත්කම සුවිශේෂයෙන් පෙන්වා දෙනු ලැබීණි. 
 
ගුරුවරියක වශයෙන් සේවය කරන නුවරඑළියේ සිට පැම්ණි වසන්ති කුමාරි මෙනව්ය මේ පිළිබද සිය අදහස් පළ කර සිටියේ මෙලෙසිනි‘ ,මෙය ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්‘ තාක්ෂණික උපදෙස් වගේම බෝග වගාව සහ අපගේ පවුලේ පෝෂණය වැඩි දියුණු කළ හැකි ආහාර පිළියෙල කරන ආකාරය පිළීබදව අපිට උපදෙස් ලබා දුන්නා‘ ගුණාත්මක පෝෂණයක් ලබා ගැනීමට අවශ්‍ය සියල්ල අප සතුව තිබෙන බව හැගෙනවා‘ අපේ ප්‍රජාවේ සෙසු අයවත් මේ පිළිබද දැනුවත් කිරීමට දැන් අපිට පුලුවන්. 
 
මාතලේ, නුවරඑළිය සහ මොනරාගල පැවති වැඩසටහන් සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව ඉදිරි වැඩ සටහන් එළඹෙන ජනවාරි 29 වන දා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් පස්සර ප්‍රදේශයේ  සහ 30 වන දා ලුනුගල යන ප්‍රදේශවල පැවැත්වීමට නියම්තව ඇත. එම ප්‍රදේශවල පදිංචිව සිටින අවදානමට ලක් වූ ජන කොටස්වල නියෝජිතයන් හා අදාල ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වෙනු ඇත.
Participants meal prepDr.RenukaMs. Wasanthi KumariGroup work _Ukuwela

Colour of Tears

Story – By Nirasha Piyawadani 
Videography – By Kalaichelvi 
මේ අතුරුදන් වූවන් සහ යුද්ධයෙන් මිය ගිය අය පිළිබද මතකයන් යළි යළිත් ආවර්ජනය කරන සමයයි. ඒ මතකයන් ඔස්සේ හෙලන කදුලුවල උණුසුම යුධ වැදි පාර්ශව දෙකටම එක සේ වේදනාකාරී වුවද වුවද මිය ගියවුන් සහ අතුරුදන් වූවන්  අයත් ජාතිය ආගම සොයා ඒ කදුළුවල බර කිරාලීමට ඇතමුන් දරන උත්සහය බලය සදහා අරගල කිරීමෙි නොතිත් මිනිස් ආශාව විදහාලයි.
 
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කොස්ලන්ද ග්‍රාමයේ ජීවත් වන  රීටා මාරියා සුසේ මැලේ ජාතික සිවිදරු මවකි .  ඇගේ සැමියා දමිළ ජාතිකයෙකි. නමුත් දරුවන් සියල්ල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා භාෂා දෙකම හැසිරවීමේ නිපුණයන් බවට පත්ව ඇත.
 
 ගැහැණු දරුවන්ම සිවි දෙනෙකුගෙන් පොහොසත් මෙම පවුලට උපන්  එකම පුතු ඔස්ටින් කුඩාකල සිට සිහින මැවිවෙි ශ්‍රී ලංකා පොලිසියට බැදී රටට සේවය කිරීමටය.
 
වයස අවු:19 ලබන විටම  එම සිහිනය සැබෑ කරගත් ඔස්ටින් මර්වින්  2008 වසරේ ජනවාරි මස රැකියා කටයුතු සදහා  මඩකලපුව ප්‍රදේශය වෙත ස්ථාන මාරුවක් ලබා යන විට සේවයට පැමිණ සය මසක් පසු කළා පමණි.
 
ඒ මෙරට 30 වසරක යුද්ධයේ දරුණුතම අවධියයි. උතුරේත් දකුණේත් වෙනසක් නොමැතිව මිනිස් ජීවිත දහස් ගණනින් යුද්ධයට බිලිව ගිය ඒ අදුරු සමයේ 2008 වසරේ ජූනි මස අවාසනාවන්ත දිනෙක බෝම්බ ප්‍රහාරයකින් ඔස්ටින් මෙලොවින් සමුගත්තේය.
 
මෙම ඛෙිදජනක සිදුවීමෙන් වසර 12කටත් අධික කාලයක් ගෙවී ගියද නිවැසියන් අදටත් කදුලු සලන්නෙ සිය පුතුගේ වියෝව දරා ගත නොහැකිවය.
යුද්ධය සැමදා ඉතිරි කරන්නේ වෙිදනාවක්ම මිස ජයග්‍රහණයක් නොවන බැවි පවසන කදුලු කතා දහස් ගණනින් මෙි එක් කදුලු බිදුවක් පමණි.
 
යුද්ධයේ වෙිදනාවෙන් ඉකි ගසන්නේ එක් ජාතියක් හෝ එක් ආගමක් නොව සමස්ත  මනුෂ්‍යත්වයම බව මෙිරි රීටාගේ වෙිදනාවෙි දෝංකාරය යළි යළිත් මතක් කර දෙන්නීය.