ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්….

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීස් ගමගේ මහතා තවදුරටත් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ ඊට අදාළ පැමිණිල්ල අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ පොලිසිය වෙත සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී එම මුදල් බැංකු ගිණුම් තුනක තිබී හමුවූ බවද අල්ලස් කොමිසම මීට පෙර අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

ඊට අමතරව සැකකරු විසින් අල්ලස් ලෙස ලබා ගත් එක්කෝටි දාසය ලක්ෂයකට අධික මුදලක් තවත් පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගත් බවත්  එම බැංකු ගිණුම මීට පෙර විමර්ශනය කළ බැංකු ගිණුම් තුනට අමතරව මුදල් බැර කර තිබෙන නව ගිණුමක් බවත් එම නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

මෙම එක්කෝටි දාසය ලක්ෂයක මුදල ඔහුගේ රියදුරු වන විජේසිංහ සහ පොලිස් කොස්තාපල්වරයකු වන අසිත නම් පුද්ගලයන් දෙදෙනකු විසින් බැර කර ඇති බවට කරුණු අණාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීයා අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුගේ රියදුරා විසින් මුදල් 67 වතාවකත්, පොලිස් කොස්තාපල්වරයා විසින් අවස්ථා තුනකදීත් අදාළ ගිණුමට මුදල් බැර කර ඇති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙම  සැකකරුගේ දියණියගේ සහ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම්වලද අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වි ඇති
බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පැවසීය.

ඉකුත්  14 වනදා මෙම නඩුකරයේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන අනුර නානායක්කාර නැමැත්තා සාධාරණ හේතුවක් නොමැතිව අක්මීමන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවත් මෙම සැකකරු විසින් සාක්ෂිකරුවන්ට සෘජුව හා වක්‍රව බලපෑම් කර ඇති කළ බවට කරුණු අණාවරණය වී ඇති නිසා මොහු ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා අසාධාරණ බව සඳහන් කළේය.

සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුගේ තනතුර හා තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී ඔහු මෙම අවස්ථාවේදී ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි බවය.

ඒ අනුව සැකකරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අල්ලස් කොමිසමට කියම කළේය.

රිටිගල දැඩි සවභාවික රක්ෂිත ප්‍රේරක කලාපයේ දැවැන්ත කුඹුක් ගසක් කැපූ අයෙකු එම දැව සමඟ අත්අඩංගුවට….

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද නිසි අවසරයකින් තොරව රිටිගල දැඩි ස්වභාවික රක්ෂීතයේ ප්‍රේරක කලාප සීමාවට අයත් උල්පත්වැව ප්‍රෙද්ශයේ දී දැවැන්ත කුඹුක් ගසක් නීති විරෝධී අයුරින් කැපූ පුද්ගලයකු එම දැව තොගයක් ද සමඟ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. සිද්දිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රිටිගල උල්පතගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරු 49ක් වන පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු විසින් රිටිගල දැඩි ස්වභාවික රක්ෂීතයේ ප්‍රේරක කලාපයට අයත් පිහිටි උල්පත්වැව ප්‍රෙද්ශයේ තිබූ වට අඩි 20ක් පමණ විශාල වූ පැරණී කුඹුක් ගසක් කපා දැමීමට කටයුතු කරමින් සිට තිබේ. වනජීවී නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම හේතුවෙන් එම ගස මුලුමණීන්ම බිම පෙරළා දැමීමට පෙර ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.
සැකකරු එම විශාල කුඹුක් ගස මුළුමනින්ම කපා ඉවත් කිරීමට සූදානමින් කටයුතු කර ඇති බව වනජීවි නිලධාරීහු සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. වැටලීම සිදුවන අවස්ථාව වනවිටත් සැකකරු එම දැවැන්ත කුඹුක් ගසෙහි ලක්ෂ ගණනක් වටිනා දැව කඳන් තොගයක් ද කපා වෙන්කර දමා තිබිණ. සැකකරු විසින් කපා තිබූ එම කුඹුක් දැව කඳන් තොගය ද වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. වන ජිවි නිලධාරීන් පෙන්වා දෙන්නේ කුඹුක් යනු ඉහළ වටිනාකමක් ඇති ඒ ශ්‍රේණියේ දැවයක් ද වන බවයි.
සැකකරු විසින් නීතිවිරෝධීව කපා දමා තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ එම කුඹුක් දැව තොගය සම්බන්ධයෙන් වන සංරක්සණ දෙපාර්තමේන්තුව මගින් සවිස්තර වාර්ථාවක් කැඳවීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරීහු පවසති.
මෙම සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කැකිරාව මහෙසේත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වනසත්ව අඩවි සහකාර ඒ.බී.විජේසිංහ, සිවිල් ආරක්ෂක නිලධාරී ජී.ආර්.හේරත්,විදුලි වැට නඩත්තු සහයක බුද්ධීක ඇතුළු පිරිසක්ද අලගොල්ලෑව විදුලි වැට නඩත්තු සහයක පිරිසක්ද එම වැටලීම සිදු කර තිබිණ.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

කොලොන්නාව කුණුකන්ද අසල කැලෑවෙන් මිනිස් සිරුරක අස්ථි කොටස් හමුවෙයි…..

කොලොන්නාව පොතු විල් කුඹුර නා ගහමුල්ල
ප්‍රදේශයේ කුණු කන්දට යාබදව අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක අස්ථි කොටස් හමු වූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි එම ස්ථානයේ තිබී ස්කබලක් කොඳු ඇට පෙළ හා පාදයක අස්ථි කොටස් මෙන්ම කළු පාටට කැප්තොප්පියක් සහ කහ පාටටහුරු කොටට කලිසමක්ද දක්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි

කුණු කන්ද අසල නිවාසවල පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු සරුංගල් යවමින් සිටියදී මෙම අස්ථි කොටස් දෙකක් නිවසට ගොස් දෙමව්පියන්ට දැනුම් දීමෙන් අනතුරුව ඒ බව පොලිසියට දැනුවත් කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය

මියගොස් ඇති පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් අනාවරණය වී නැත සිදුවූ ස්ථානයට නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය

කොලොන්නාව- රොහාන්

වෙන්නප්පුවේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට….

අද (31) පෙරවරුවේ වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සඳහා යොදාගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය ද ඔහු සතුව තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුවිය.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට….

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ සැකකටයුතු මරණයක්…

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත.

මෙම මළසිරුර මුහුදු වෙරළේ ශාරිරික අභ්‍යාසවල නිරතවී සිටි පියෙක් සහ දියණියක් විසින් දැක තිබේ.

එහිදී ඔවුන් 119 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, කළුතර දකුණ පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙහිදී පොලීසිය විසින් සිදුකළ පරික්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මුහුදු වෙරළේ මුනින් අතට තබා හිස වැලිවලින් වසා ඇති බවටය.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 55 – 60  අතර වියේ පසුවන බවට සැකකරන අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති පොලීසිය පැවසීය.

මියගොස් ඇති තැනැත්තා බඳපටිය සහිතව කළු දිග කලිසමක් සහ සුදු මේස් බැනියමක් ඇද සිටින බව වාර්තා වෙයි.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

බැකෝ සමන්ගේ බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට…..

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇත.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් අද පස්වරු 5.50ට පමණ මෙවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවාද අත්අඩංගුවට පත් විය.

කෙසේ වෙතත් එම කාන්තාවට බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් ඉන්දුනීසියානු බලධාරීන් විසින් කාන්තාව මෙරටට එවා ඇති බව සඳහන් වේ.

උද්දිකගේ නඩුවට අදාළව නීතිපති උපදෙස් කඩිනමින් ගන්නැයි CIDයට නියෝග……

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවලට අදාළව නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට අවැසි පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී එච් ඩබ් ඩ් එල් සමරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අනුරාධපර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වා ඇති විමර්ශනවල උද්ධෘත (සටහන්) ඉකුත් පෙබරවාරි මස 17 දින නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බවය.

එහෙත් ඊට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පැවසුවේ මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් දීර්ඝ කාලයක් ගත වන තුරුත් නොලැබීම තුළ සිය සේවාදායකයාට ඉමහත් අගතියක් සිදුව ඇති බවය.

අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කළ සිය සේවාදායකාගේ රාජකාරි වැඩ ද මෙම සිද්ධිය හේතුවෙන් තහනම් කර ඇති බවද අවධාරණය කළ නීතිඥවරයා එම නිසා නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයිද ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා ද මෙදින විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා රිමාන්ඩ් භාරයට පත් කර පසුව ඇප මත මුදා හැරින අධිකරණය මගින් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සමග නීතිඥ ප්‍රසාද් ධර්මසේන මහතා සහ නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය පෙනී සිටියාය.

සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් මුල් අවස්ථාවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නොමැති පසුබිමක වෙඩි තැබීමේ සිද්ධියට ඔහු සැකකරුවකු ලෙස නම් කලේ කෙසේද? යන්නයි.

මෙම වෙඩි තැබීම තුලින් තමා ඝාතනය කිරීමට උත්සහ කළ බවට සහ තම මෝටර් රථයට හානි සිදු වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ස්වකීය පැමිණිල්ල මගින් ප්‍රකාශ කොට නැති බවත් පැවසූ නීතිඥවරයා එවැනි පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනීමැරුම් සහ අනර්ථය සිදු කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කුමණ පදනමක් මතද? යන්න විමසා සිටියේය.

සිය සේවාදායකයාගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවද අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මෙම සිද්ධිය සම්බන්ධයනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන ස්වාධීන මෙන්ම අපක්ෂපාති නොවන බවද ප්‍රකශ කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්වකීය රාජකාරි ජිවිතයේදී අතිශය සුවිශේෂි දස්කම් දක්වා වරින් වර ඉහළ නිලධාරීන්ගේ ප්‍රසංශාවට ලක්ව ඇති සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද්වේශ සහගතව කටයුතු කර ඔහුට  අගතියක් සිදු කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මීට පෙර චෝදනා කළේය.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුට ඇප…

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ එම ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු වූ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නැමැත්තෙකි.

ඒ අනුව ඔහු රුපියල් 150,000ක මුදල් ඇපයක් සහ 250,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) නියෝග කළේය.

එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය තීන්දු කළේය‍

තවද මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඊට ආදාර අනුබල දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් අදාළ ඇප කොන්දේසි මතම මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්….

දර්ගා නගරයේ දී නඩුවක් විභාග කිරීමට ගිය අවස්ථාවේ දී කලහාකාරීව හැසිරුණු පුද්ගලයෙකුට අලුත්ගම පොලීසියෙන් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.