කෙසෙල්ගමු ඔයේ කාන්තා මළ සිරුරක්…..

කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ හඳුනානොගත් කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමුවූ බව නෝර්වුඩ් පොලීසියේ ස්ථානාධිපති පවසා තිබේ.

නෝර්වුඩ් බගවන්තලාව මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පාලමට පහළින් කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත මෙම මෘත ශරීරය සොයා ගෙන තිබේ.

සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත්, හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂණ නිළධාරින්ගේ සහයෝගය ඇතිව සිරුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව නෝර්වුඩ් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසා ඇ

රට රැකියා පෙන්වා කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කත කොටුවෙයි…..

ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම ප්‍රදේශයේ Global Educare Consultancy නමින් ශිෂ්‍ය වීසා ලබාදෙන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යමින් විදේශ රැකියා ලබාදීමට මෙම කාන්තාව මුදල් අයකර ඇති අතර, කාර්යාංශයට ලද පැමිණිලි අනුව ඇය දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් රවටා වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල්
කෝටියකට අධික වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව වංචනික අයුරින් පවත්වාගෙන ගිය මෙම ආයතනය කාර්යාංශ විමර්ශන නිළධාරීන් විසින් වැටලීම් කර ඇති0 අතර, එහි තිබී රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට(09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සඳහන් වෙයි.

මේ අතර, මීරිගම ප්‍රදේශයේ ASPA නමින් වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකරන බවට කාර්යාංශයට ලද පැමිණිලි 3ක් අනුව විමර්ශන නිළධාරීන් විසින් වැටලීමක් සිදුකර තිබේ.

එහිදී  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරියෙකු උපාය දූතයෙකු වශයෙන් යොදවා මෙම ජාවාරම්කරුවන් කොටු කරගැනීමට විමර්ශන නිළධාරීන් සමත්වූ අතර, එහි ප්‍රථිඵලයක් ලෙස පළමු සැකකරු ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා දෙවන සැකකරු වශයෙන් ජාඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අප්‍රේල් (07) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, පළමු සැකකාරිය අප්‍රේල් මස (21) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්,දෙවන සැකකරු ඇප මත
මුදාහැරීමටත් නියෝග කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ක්‍රීම් ජාවාරමක් වටලයි….

ස්වභාවික රූපලාවන්‍ය ආලේපන බව අඟවමින් ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග නිෂ්පාදනය කළ ආයතනයක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම නිෂ්පාදන දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන කුළුබඩු උද්‍යානය (spice garden ) වෙත ලබා දී අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග සැකසූ මෙම නිෂ්පාදනාගාරය මාතලේ කවුඩුපැළැල්ල ප්‍රදේශයේදී අද (07) වටලනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

කිසිදු ප්‍රමිතියකින් තොර ක්‍රීම් වර්ග අධික මිල ගණන් යටතේ විදේශිකයින්ටද අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

මාවනැල්ල ප්‍රදේශයේ කුළු බඩු ආශ්‍රිත ස්ථානයක් වැටලීමෙන් පසුව ලද තොරතුරකට අනුව මෙම කර්මාන්තශාලාව වැටලීමට පියවර ගෙන තිබුණා.

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් ජීව උණ්ඩ හමුවේ….

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් රඳවා සිටින අංශයේ තිබී මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ පහක් (05) අද (07) දහවල් සොයාගෙන ඇතැයි බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසනවා.

බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට මෙම ජීව උණ්ඩ තොගය හමු වී තිබෙනවා.

අදාළ කාන්තා සිරමැදිරි අංශයේ සිදු කළ පරීක්ෂාවේදී අයිතිකරුවෙකු නොමැතිව සඟවා තිබියදී මෙම උණ්ඩ සොයාගත් බවයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පැවසුවේ.

අදාල ජීව උණ්ඩ මේ වන විට බන්ධනාගාර අධිකාරිවරයාගේ භාරයට ගෙන තිබෙනවා.

මෙම උණ්ඩ තොගය ඉතා දැඩි ආරක්ෂාවක් සහිත කාන්තා රැඳවියන් රඳවා සිටින අංශයකට ලැබුණේ කෙසේද සහ ඒවායේ අයිතිකරු කවුරුන්ද යන්න පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශ සහ නිලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නීතිවිරෝධීව ගෙන ආ ඖෂධ තොගයක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට….

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන හා රුපියල් කෝටියක් පමණ වටිනා ඖෂධ තොගයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ එම ඖෂධ රැගෙන ඒමට උත්සහ කිරීමේදී අද (07) අලුයම ‍ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේය.

සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු බව සදහන්.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ තිබී එන්නත්, පෙති, කරල් සහ ආලේපන ඇතුළු ඖෂධ තොගයක් රේගු නිළධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම ඖෂධ පිළිබද රේගුවට ප්‍රකාශ කර නොතිබුණු අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමක්….

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත පැය 2ක් තුළ සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 80ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල සහ අවට පොලිස් ස්ථානවල නිලධාරින් යොදවා මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් කිහිපදෙනෙකු සන්තකයේ තිබී ගංජා, හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය ද සොයාගත් බව පොලීසිය පැවසීය.

එමෙන්ම පොලීසිය සඳහන් කර සිටියේ අත්අඩංගුවට ගත් පිරිස අතර විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණය මග හැර සිටින පිරිස් ද සිටින බවය.

පසුගිය කාලයේ නිරන්තරයෙන් ගොවීන්ගේ එළවලු තොග සොරා ගැනීම, වාහනවල අමතර කොටස් ගලවාගෙන යෑම ආදී සමාජ විරෝධී ක්‍රියාකාරකම් වාර්තා වීම හේතුවෙන් මෙම මෙහෙයුම සිදු කර ඇති බවද සඳහන්.

වැව් සංවර්ධනය කළ බව පවසමින් වසර කිහිපයකට පෙර සිදු වූ කෝටි 60ක වංචාවක්…

පසුගිය පොදුපෙරමුණ පාලන සමයේ උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ රුපියල් කෝටි ගණනක වංචාක් සිදුකර ඇති බව කියැවෙන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට එකී විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සියපත් සසිදු වික්‍රමරත්න මහතා මෙසේ නියෝග කළේ උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ සිදුව ඇති බව කියන මෙම මහපරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් මීට වසර ගණනාවකට පෙර අදාළ ඒජන්සිය රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කර ඇති බවට එම ඒජන්සියේම වත්මන් සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවය.

උතුරු පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසා අදාළ මහ පරිමාණ මුදල වංචා කර ඇති බවත් සංවර්ධනය කළ බව කියන කිසිදු වැවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවත් එම ඒජන්සියේ වත්මන් සභාපතිවරයා සිය පැමිණිල්ල මගින් ප්‍රකාශ කොට ඇති බවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, මෙම මහපරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සංකීර්ණවූත්, පුළුල්වූත් විමර්ශනයක් සිදුකළ යුතු බවත් එම විමර්ශනවලට අදාළ මූලික කටයුතු දැනටමත් අරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අරඹා ඇති විමර්ශන තවදුරටත් ඉදිරියට සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට දැනුම්දීමට අධිකරණයේ අවසරය සිය දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසද අධිකරණයෙන් අයැද සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මහපරිමාණ මුල්‍ය වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන රජයේ නිලධාරීන් හෝ තවත් පාර්ශව සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවැසි නීතිමය පියවර ගන්නා බවද අධිකරණයට දැනුම් දී තිබේ.

නුවරඑළිය ප්‍රා.ස සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට…..

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු ජාතික රාජ්‍ය සභාවේ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2021 වර්ෂයේ දී රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දීම තුළින් දුෂණය නමැති වරද සිදුකිරීම යන චෝදනාව මත සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්….

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය මෙමස 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (07) අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබුණි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලව ඇත..

ඉන්ධන පිරවූ බවුසරයක් පුවක්ගහවෙලදී පෙරළෙයි…..

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පුවක්ගහවෙල ප්‍රදේශයේදී ඉන්ධන පිරවූ බවුසර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

අද (07) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර කාර්මික දෝෂයක් මීට හේතුව වී ඇතැයිද වාර්තා වේ.

අනතුරින් බවුසර් රථය මාර්ගයේ පෙරළී ගොස් තිබූ අතර එය තුළ ඉන්ධන ලීටර් 33,000ක් තිබූ බවද පැවසේ.

බවුසර් රථය පෙරළී යාමෙන් පසුව එහි තිබූ ඉන්ධන මාර්ගය පුරා විසිරී ගිය අතර ඉන්ධන එක් රැස් කිරීම සඳහා මිනිසුන් භාජන රැගෙන පැමිණ සිටි අයුරුද දක්නට ලැබුණි.