ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ජපාන සංචාරය අදින් අවසන් වේ.

ජපාන රජයේ ආරාධනයෙන් ජපානය ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවර්ධනය වෙළඳාම ආයෝජන ආර්ථික සහයෝගීතාවය හා කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන ලදී.

ප්‍රධාන සාකච්ඡා හා ගිවිසුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ අවසන් දිනට පෙර ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මහතා සමග ටෝකියෝ නුවරදී දෙරට අතර දීපාර්ශික සාකච්ඡා පැවැත්වූ අතර එරට ආරක්ෂක හාමුදා ගෞරව සහිතව අගමැති කාර්යාලයේදී ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

එහිදී දෙරට අතර සංවර්ධන සහයෝගීතාවය පුළුල් කිරීමේ අරමුණින් සංකේතයක් ලෙස ගිවිසුම් ලේඛන අත්සන් කරන ලදී.

එම ගිවිසුම ශ්‍රී ලංකාවේ කිරිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් සහ නිල ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වෙයි.

ආර්ථික සහයෝගීතාව සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය

IMF සහාය ලබන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අගය කළ අතර ජපානයේ අඛණ්ඩ සහයෝගය එරට අගමැති විසින් යළි තහවුරු කළේය. ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපති ලෙස ජපානයේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ පළමු ද්වි පාර්ශ්වික ණය හිමියා වීම පිළිබඳ ජපානයට ශ්‍රී ලංකා ජනාධිපති සිය කෘතඥතාවය පළ කළේය.

ප්‍රධාන ව්‍යාපෘති සහ ආධාර


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ: බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන අදියර නැවත ආරම්භ කිරීමට එකඟතාව පළ විය.


රූපවාහිනී ඩිජිටල්කරණය සහ විදුලි සංදේශ ව්‍යාපෘතිය: මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය විය.


නාවික නිරීක්ෂණ ධාරිතාව: ජපාන ආධාර යටතේ රුපියල් බිලියනයකට අධික අරමුදල්වලින් නව මිනිසුන් රහිත යාත්‍රා 10ක් ලබා දීමෙන් නාවික නිරීක්ෂණ ධාරිතාව ශක්තිමත් කිරීමට එකඟ විය.

ආයෝජන සහ දූෂණ විරෝධී මුලපිරීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන පරිසරයේ දියුණුව පිළිබඳව අගමැති ඉෂිබා මහතාට දැනුම් දෙන ලදී. ජපාන සමාගම්වලට ලංකාවේ ආයෝජන අවස්ථා නිරීක්ෂණය කිරීමට ද ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ක්‍රියාකාරකම් සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව සහතික කරන ලදී.

කලාපීය සහයෝගීතාවය

ජාත්‍යන්තර සමුද්‍ර නීතියට හා ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට මුල් තැන දෙමින් ඉන්දු පැසිපික් දැක්ම යටතේ සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ කලාපීය ආරක්ෂාවට වැදගත් පිටිවහලක් වනු ඇතැයි මෙම සංචාරය මගින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත සහයෝගීතාව සඳහා නව මාවත් විවෘත වනු ඇතැයි විශ්වාස කෙරේ.

කොලින් හරිශ්චන්ද්‍ර

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 161 වන ජන්ම දිනය නිමිත්තෙන් නුවරඑළිය අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර පිදීමේ හා රුක් රෝපන වැඩසටහනක් .

බෞද්ධ සාසනික උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් සහ
අනගි බවනිය මෙහෙවරක් ඉටුකළ ශ්‍රීමත් අනගාරික
ධර්මපාල තුමන්ගේ 161 වන ජන්ම දිනය නිමිත්තෙන්
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අබියස පිහිටි
ශ්‍රීමත් අණගාරික ධර්මපාල තුමන්ගේ පිළිරුවට
පුෂ්පෝපප්‍රහාර පිදීමේ වැඩසටහනක් හා රුක් රෝපණ අද
(21) උදෑසන සිදු කෙරිණ ,
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් සාසනාරක්ෂක බල
මණ්ඩලයේ පූර්ණ මග පෙන්වීම හා අනුශාසනා මත සිංහල
වීරවිතාන සංවිධානයේ සහ අනගාරික ධර්මපාල පදනම
විසින් සංවිධානය කර තිබිණ ,
මෙම වැඩසටහන් මාලාව සඳහා නුවරඑළිය නගරාධිපති
උපාලි වනිගසේකර මහතා නාගරික මන්ත්‍රීවරුන් ව්‍යාපාරික
හිමිකරුවන් සහ දහම් පාසල් දුවා දරුවන් ගුරුභවතුන්
ඇතුළු ප්‍රදේශවාසි විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

නුවරළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

AD (1) AD (2) AD (3) AD (4) AD (5) AD (6) AD (7)

මෙරට ඉංජිනේරු දැනුමින් නිපදවූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාවත් කක්ෂගත කෙරේ…

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව අද(19) පස්වරු 2.20ට කක්ෂගත කෙරිණි.

මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනය ප්‍රකාශ කළේ, ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” ලෙස නම් කර ඇති මෙම පර්යේෂණ චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදුකිරීමට නියමිත බවය.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් නොදැරීම විශේෂත්වයකි.

2019 සිට මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නැනෝ චන්ද්‍රිකා තුනක් නිර්මාණය වී ඇති අතර තෙවැනි නැනෝ චන්ද්‍රිකාව නම් කෙරුණේ ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” ලෙසය.

එම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වැනිදා නාසා ආයතනය විසින් දියත් කරනු ලැබූ ස්පේස් එක්ස් – 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගියේය.

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හා ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය යන ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගීතාවය සහිතව, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සහ ජපානයේ කියුෂූ තාක්ෂණ ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.

අද කක්ෂ ගතවූ ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” පර්යේෂණ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරනු ඇති.

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ – 1“ චන්ද්‍රිකාව නිර්මාණය වූ අතර දෙවන නැනෝ චන්ද්‍රිකාව වන්නේ 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශ්ව පහක සහභාගීත්වයෙන් යුත් තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාවය.

රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දින සැමරුම….

රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 161
වන ජන්ම දිනය සිහිපත් කරමින් විද්‍යාලය විසින් වාර්ෂික ව සංවිධානය කරන වැඩසටහන් මාලාව
මෙවර ද උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන
ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයට සමගාමීව විද්‍යාලයේ 127 වන ජන්ම දින සැමරුම ද මෙදින
සිදුවිය. සිංහල බෞද්ධ දරුවන්ගේ ස්වභාෂා අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීමටත්, යටත්විජිත
යුගයේ පරාධීන මානසිකත්වයෙන් සිංහල බෞද්ධ ජනතාව මුදවා ගන්නටත්, සමස්ත ලෝකවාසී
බෞද්ධයන්ගේ ම පූජනීය උරුමයක් වූ ඉන්දියාවේ බුද්ධගයාව බේරා ගන්නටත් අනගාරික
ධර්මපාලතුමා විසින් සිදුකරන ලද අනුපමේය මෙහෙවර උදෙසා කෘතවේදීත්වය පළකිරීමත්,
ධර්මපාල චින්තනය අනාගතයට රැගෙන යාමත් මෙවර ද අනුස්මරණ වැඩසටහන් මාලාවේ
අරමුණු අතර විය.
මෙම ගුණ සමරු උත්සවය වෙනුවෙන් සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා දින රාජගිරිය
හේවාවිතාරණ ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ දී රාත්‍රී පරිත්‍රාණ දේශනාවක් පැවැත්වූ අතර, පසුදින
එනම් 17 වන දින උදෑසන සංඝගත දක්ෂිණාව පූජා කිරීමත් සිදුවිය. රාජගිරිය මංසන්ධියේ මෙන්ම
හේවාවිතාරණ මහා විද්‍යාල පරිශ්‍රයේ ඇති ධර්මපාලතුමන්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීමත්,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනයත් මෙවර පැවැත්වූ වැඩසටහන් අතර විය. ශ්‍රීමත්
අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනය මෙවර පවත්වනු ලැබූයේ සබරගමු පළාත් හිටපු
ආණ්ඩුකාර ජානක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමන් විසිනි. ඔහු හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම
නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ මියන්මාරය යන රටවල හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා
ද වේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති අරෝෂ
අතපත්තු මහතා, රාජගිරිය ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න, හිටපු නගරාධිපති ජනක
රණවක, නියෝජ්‍ය නගරාධිපතිතුමිය, නාගරික මන්ත්‍රීවරු, අවට පාසල්වල විදුහල්පතිවරු, පාසල්
සිසුන් සහ ගුරුභවතුන්, ආදි ගුරුභවතුන්, ආදි සිසුන් සහ දෙමාපියන් ඇතුලු විශාල පිරිසක්
සහභාගී විය. විද්‍යාලයේ විදුහල්පති නිලන්ත වන්නිආරච්චි මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම
මත වැඩසටහන් මාලාව සංවිධානය විය.

WhatsApp Image 2025-09-18 at 22.12.08_3349177b WhatsApp Image 2025-09-18 at 22.12.08_ab36bf1b WhatsApp Image 2025-09-18 at 22.12.09_0177abef WhatsApp Image 2025-09-18 at 22.12.09_d7cb7d36

ප්‍රදේශවාසීන්ට හා දෙස් විදෙස් සංචාරකයන්ට දවස් දෙකක් පුරා මඩවතුර පෙව්ව නුවරඑළිය මහ නගරර සභාව….

දීර්ඝ සතියන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියට සංචාරකයන් බහුලව පැමිණි මෙම සති අන්ත නිවාඩුවේ (06) දිනය පුරාවට නුවරඑළිය නගර සීමාවේ උදෑසන සිට පානිය ජල සැපයුමේ තද දුඹුරු පැහැයෙන් මඩ වතුර ජල නළ ඔස්සේ පාරිභෝගික ජල සැපයුම් වලට ලැබීමෙන් නුවරඑළිය ප්‍රජාව ව්‍යාපාරිකයන් හෝටල් කර්මාන්තයේ නියලි පුද්ගලයන් සහ සංචාරකයක් දැඩි අපහසුතාවයට පත්විය ,

(06) දින උදෑසන සිට මෙම තත්වය පැවැති අතර (07) වන දින උදෑසන වන විටත් පානය කිරීමට සුදුසු තත්ත්වයේ ජලය නොමැති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති ,

මෙම තත්ත්වය පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ ජල කර්මාන්ත කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රී මහේස් රත්නසේකර මහතාගෙන් අප කළ විමසමකට ඔහු කියා (06) දිනයේ ප්‍රධාන ජල නලයක සිදුවූ දෝෂයක් පිළිසකර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර හැකි විගසින් මෙම තත්ත්වය යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවයි .

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්

තාරුණ්‍යය සහ අපරාධ…..

තරුණ අපරාධ යනු ලොවපුරා බොහෝ රටවල් මුහුණ දෙන සමාජ ගැටලුවකි. එය තරුණ පරම්පරාවේ අනාගතයට පමණක් නොව සමස්ත සමාජයේම ආරක්ෂාවට හා සංවර්ධනයට සෘජුවම බලපානු ඇත.

තරුණයින් අපරාධ සඳහා යොමු වීමට බලපාන හේතු

මෑත කාලීනව තරුණයෙන් ගේ අපරාධ වල වර්ධනයක් දක්නට ලැබේ.
තරුණ අපරාධ සඳහා තනි හේතුවක් නොමැත. එය විවිධ සමාජ, ආර්ථික, මානසික සහ පවුල් පසු බිම් සාධක වල සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයකි. මෙම හේතු සාධක පිළිබඳව අවබෝධ කරගැනීම ගැටලුවට විසඳුම්සෙවීමේදී අත්‍යවශ්‍ය වනු ඇත.

දුර්වල දෙමාපිය අධීක්ෂණය පවුල් ආරවුල් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දෙමාපියන්ගේ අපරාධ පසුබිම් සහ බිඳුණු පවුල් වැනි සාධක දරුවන්ගේ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපාන අතර ඔවුන් අපරාධ ක්‍රියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
අධ්‍යාපනය පාසල් පරිසරය සම වයසේ මිතුරන්ගේ බලපෑම ආර්ථික හා සමාජයීය සාධක මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය මානසික හා සෞඛ්‍ය ගැටලු නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන දුර්වලතා තරුණ අපරාධ වැඩි වීමේ අවදානම ඇතිකරයි.

රැකියා විරහිතභාවය දරිද්‍රතාවය සහ ජීවනෝපාය මාර්ග නොමැතිවීම තරුණයන් තුළ කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම් ඇතිකරයි.මෙවැනි තත්ත්වයන් යටතේ ඉක්මන් මුදල් ඉපයීමේ අරමුණින් හෝ ජීවනතත්ත්වය නගා සිටුවීමේ අරමුණින් ඔවුන් අපරාධ ක්‍රියා සඳහා යොමුවීමට පෙළඹිය හැක.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ කල්ලි පිළිබඳව තොරතුරු හුවමාරු වීම තරුණයන් තුළ එවැනි ක්‍රියා කෙරෙහි උනන්දුවක් ඇති කළ හැකිය.

ශ්‍රී ලංකාව තුළ තරුණ අපරාධවල වත්මන් තත්ත්වය

ශ්‍රී ලංකා වේ තරුණයන් අතර සුලභව දක්නට ලැබෙන අපරාධ අතරට සොරකම් මංකොල්ලකෑම් මත්ද්‍රව්‍ය සම්බන්ධඅපරාධ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කල්ලි ගැටුම් ප්‍රධානවේ. මෑත කාලීනව මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම වැනි බරපතල අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙන අතර මේවාට තරුණයන් සම්බන්ධ වීමේ ප්‍රවණතාවක්ද පවතී.

ආර්ථික අර්බුද සහ සමාජ අස්ථාවරත්වය තරුණ ප්‍රජාව අපරාධවල වර්ධනයට සෘජුවම බලපා ඇති බවට විශ්වාස කෙරේ.
රැකියා අවස්ථා අහිමි වීම ජීවන වියදම ඉහළ යාම සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය තරුණයන් තුළ කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම් ඇති කරයි.

තරුණ අපරාධ පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග

පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යවේ. දෙමාපියන්ට දරුවන් ඇතිදැඩි කිරීම පිළිබඳව නිසි පුහුණුවක් ලබාදීම පවුල් උපදේශන සේවා සැපයීම සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය. දරුවන්ට ආරක්ෂිත සහ ආදරණීය පරිසරයක් ලබා දීමෙන් ඔවුන් අපරාධ සඳහා යොමුවීමේ අවදානම අවම කර ගත හැක.

අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ තරුණයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම ඉතා වැදගත්වේ.
යහපත් රැකියා අවස්ථා උදාකර ගැනීමත් හා ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට මෙය පිටුවහලක් වනු ඇත.

රැකියා උත්පාදනය සහ ආර්ථික සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුවේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරි ගැන්වීම ස්වයංරැකියා අවස්ථා පුළුල් කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මගින් රැකියා අවස්ථා වැඩි කළ හැකිය.

මානසික සෞඛ්‍ය සායන පුළුල් කිරීම සහ මානසික සෞඛ්‍ය පිළිබඳව සමාජය දැනුවත් භාවය වැඩි කිරීමට පියවර ගැනීම.

තරුණයන් මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීම සහ මාධ්‍ය තුළින් යහපත් ආදර්ශ ලබාදීම ද වැදගත්වේ.

අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මගින් අපරාධ වැළැක්විය හැක.

තරුණ අපරාධ යනු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතල සමාජ අභියෝගයකි.
තරුණ පරම්පරාව යනු රටක අනාගතයයි. ඔවුන් නිවැරදි මාවතට යොමු කිරීම සහ ඔවුන්ට යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීම වේ.

කොලින් හරිශ්චන්ද්‍ර

ලංගම බස් රථයක එංජිමට යූරියා දාලා….

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල්කර තිබූ බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමක් සම්බන්ධයෙන් නුවරඑළිය හයිෆොරස්ට් පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධාවනය වන බස් රථයකට මෙලෙස යූරියා පොහොර දමා තිබේ.

එම බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී ඉකුත් 12වනදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් එංජිම තුළට මෙලෙස යූරියා පොහොර දමා ඇත.

බස් රථය උදෑසන ධාවනය කිරීමට ප්‍රථම, එංජිමේ තෙල් පරික්ෂා කිරීම සඳහා ආවරණය විවෘත කර බැලීමේදී එංජිමේ මූඩිය ගලවා තිබූ බව අනාවරණය වී තිබේ.

එමෙන්ම ඒ අසළ සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යයක් එංජිම වටා වැටී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකසිතා එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නුවරඑළිය ඩිපෝ කළමණාකාරවරයා පවසා සිටියේ, බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එංජිම තුළට යූරියා පොහොර දමා ඇති බවය.

ඒ අනුව බස් රථය පණ නොගන්වා ඇඳගෙන නුවරඑළිය ඩිපෝව වෙත රැගෙන විත් එංජිම ගලවා පරීක්ෂා කිරිමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් පටිපාටියට පිටින් යන ගනුදෙණුවක් ගැන හෙළිදරව්වක්……

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට පිරිනැමීමට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවටද පැමිණිල්ලක් සිදුකර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් විසින් මෙම උත්සාහයේ නිරත වන බවත් මේ වන විට වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජූලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් ආරම්භ කර ඇති අතර එම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණද පසුගිය මස 23 වැනි දින සිට විවෘත කර තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ චෝදනා එල්ලවන එක් සමාගමක් පසුගිය පාලන සමයේදී වංචනික හා අනීතික අන්දමින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ රුපියල් කෝටි ගණනින් පාඩු අගයකට මිලදී ගැනීමටද උත්සාය කළ බවය.

එමෙන්ම අනෙක් සමාගමද ධාවන තත්ත්වයේ වූ මැදිරි අබලි යකඩ ලෙස කපා ඉවත් කිරීමට සම්බන්ධ වූ සමාගමක් බවටද චෝදනා එල්ල වූ බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු විධිමත්ම සිදු නොකිරීම හේතුවෙන් අදාළ සමාගම් දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවන් සඳහා යොමුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මීට ඉහතදි අනීතිකව දුම්රිය සතු අබලි යකඩ මිලදි ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වු සමාගම් හා නිලධාරින් සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, දැනට වංචනික ලෙස අබලි යකඩ  මිලදි ගැනීමට උත්සහා කරන සමාගම් එම ප්‍රසම්පාදන කටයතුවලින් ඉවත් කර, විධිමත්ව මිල ගණන් ඉදිරිපත් කර ඇති සියළු සුදුසුකම් සපුරා ඇති ගැණුම්කරුවන් සදහා පමණක් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ද කරගත යුතු බව දුම්රිය වෘත්තිය සමිති දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා තිබේ.

චිචීගේ රොකට් එක ගැන අගමැතිනියගේ හෙළිදරව්ව…..

ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

එමෙන්ම එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය අද (6) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.

ඇය මෙම අදහස් පළකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත්කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ 2012.05.23 දින.

2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා. 

සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයැදුම් පතෙහි තොරතුරු අනුව ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැත” යනුවෙන් ඇය පැවසීය.

අනුරාධපුර රන්මසු උයනේ ඇති ලංකාවටම එකක් වූ විශ්ව චක්‍රය සුරා,පළුදු කර හානි සිදු කරලා….

 

ලෝකය පුරාවටම සක්වල දොරටු කිහිපයක් සොයාගෙන තිබෙනවා,මහා රාවණා රජු සබඳතා දැක්වූවා කියන ශිෂ්ඨාචාරවලට අයත් වීම පුදුම සහගත වේ.

මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි එහි ඇත්තේ තාරකා දොරටුව,මෙතෙක් ලෝකය පුරාවටම සොයාගත් තාරකා දොරටු අතරින් අක්ෂර සහ රූපවැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙහි.අප රටට අයත් තාරකා දොරටුව පිහිටා තිබෙන්නේ අනුරාධපුරයේ රන්මසු උයනේය.

අනුරාධපුර රන්මසු උයනේ පිහිටා ඇති මෙම විශ්ව චක්‍රය මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් යන බවට අනුරාධපුර සිරි සුව අරණේ විහාරාධිපති පූජ්‍ය ගලෙන්බිදුණුවැවේ සෝමරතන හිමියන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එම විශ්ව චක්‍රය මත යම් මානසික මට්ටම් ඇති මිනිසුන් විසින් සූරා, පළුදු කර එය විනාශ කිරීමට මේ වන විට කටයුතු කරමින් යන බවයි.

උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කළේ

ඉතා කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි,මේ ශුද්ධ වූ භූමියේ පිහිටලා තිබෙන,ලෝකෙම මේ වැනි චක්‍ර තිබෙන්නේ තුනයි, ඉන් එකක් තමයි මේ පිහිටලා තිබෙන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති විශ්ව චක්‍රය , විවිධ මානසික රෝග තිබෙන,විකෘති අදහස් තිබෙන එක එක පුද්ගලයෝ මේවා බලන්න එනවා, ඇවිත් මේ කරල තියෙන හානිය පිළිබඳව අපි මේ රජයට,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පෙන්නලා දෙනවා ගඩොල් කෑලි අරගෙන විශ්ව චක්‍රය මේ වන විට හූරලා,පළඳු කරලා හානි කරලා,තිබෙන අයුරක් තමයි අපිට මේ පේන්නේ.

ඉදිරි අනාගතයට අපේ ඉදිරි දරුවන්ට ඒ වගේම අපේ රටට,අහිමි වී යන ඉතා වටිනා ස්ථානයක් තමයි මේ රන්මසු උයනේ විශ්ව චක්‍රය.

අපි ඉල්ලා සිටිනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ සිටිනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, ඒවගේම මේ රජයේ ජනාධිපතිවරයාගේ අග්‍රාමාර්තිතුමියගෙන් ඒවගේම මැති ඇමතිවරුන්ගෙන්, වෙන වෙන වැඩ නවත්තලා,විදේශකයෝ ගේන්න පුළුවන් ඩොලර් රටට ගේන්න පුළුවන්,ලෝකෙට පෙන්නන්න පුළුවන් මේ ශුද්ධ භූමිය,මේ විශ්ව චක්‍රයට මොනයම් හෝ හානියක් වෙලා මේ තියෙන ලක්ෂණ හෝදලා දලා දලා දලාම ටික හැඩතල වලට හානියක් වුණොත්,මේ වෘත්තාකාර හැඩවලට හානියක් වුණොත්, මේ මැකෙන්නේ අපේ ඉතිහාසය,ඒ ඉතිහාසයයි අපට නැතිවීගෙනන යන්නේ,මේ රජයට ඉතිහාසය ආරක්ෂා කරන්න ඕන කියන කිසිම සංකල්පයක් නැති බටහිර ප්‍රතිපත්තිත් එක්ක පමණක් ජීවත්වන පිරිසක්.

රටේ ජීවත් වෙන සියලු පුරවැසින් මෙම විශ්ව දොරටුව ආරක්ෂා කර ගැනීම සඳහා, එකතු වෙන්න සංවිධානයවෙන්න,සියලු බලධාරන්ගෙන් ඉල්ලාා සිටින්නේ මේ වගේ හානිකරන විනාශ කරන පළඳු කරන අයට දැඩි නීතිගේන්න, මේවා සංරක්ෂණ කර ගන්න කැමරාවක්වත් අඩුම හයි කරල නෑ, එනිසා අපි කියන්නේ මේ මේවා සංරක්ෂණය කරගන්න මුරකරුවෝ ඉන්නවා රැකියා ලක්‍ෂ වලින් පිරිස අරන්ඉන්නවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය ඉන්නවා,මේකට ආරක්ෂාව ලබාදෙන්න මේක සංරක්ෂණය කරලා දෙන්න.

මිහින්තලේ – දුලංජ මධුසංඛ