ඇප ලැබුනත් රාජිත රෝහලේ

රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත මුදා හැරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන වාර්තා වෙනවා. අද දිනයේදී ඔහු වෙනත් රෝහලකදී තවත් වෛද්‍ය පරීක්‍ෂණයකට පෙනී සිටීමටද නියමිතව සිටියත් එම වෛද්‍ය පරීක්‍ෂණය අද සිදු නොකෙරුණු බව සදහන් වෙනවා.
කෙසේවෙතත් හෙට දිනයේ එම වෛද්‍ය පරීක්‍ෂණය හිටපු අමාත්‍යවරයා දැනට නේවාසිකව සිටින රෝහලේදීම සිදු කිරීමට නියමිත බව සදහන් වෙනවා
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා ලබා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් යොදා ගනිමින් සිදු කෙරුණු බව කියන අපරාධ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන්ට අදාළවයි. රෝහලගතව සිටියදීම ඔහු අත්අඩංගුවට ගැණුනු අතර රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ තවදුරටත් එම රෝහලේම නේවාසිකව සිටියා.
ඔහු අද ඇප මත මුදා හැරුණේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මෙහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නියම කෙරුණා. ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවූනු අතර ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටයි වැඩිදුරටත් නියෝග කෙරුණේ.

Swiss Embassy employee released on bail

A Swiss Embassy employee who was arrested and remanded after she claimed she was kidnapped and released, was granted bail today.

The employee was arrested on 16 December the grounds of falsifying evidence.

The local employee was produced before a Magistrate and remanded till today.

The Criminal Investigations Department had been instructed to name and arrest the Swiss embassy employee and produce her before courts for falsifying evidence

මම කැමතියි විවිධ අධ්‍යක්ෂකවරු සමග වැඩ කරන්න, මෙතෙක් නොකී රංජි කියන රස කතා

ගම: රත්නපුර කුරුවිට

නම: රොහාන් ඉන්දික විජේතුංග

පළමු ටෙලෙනාට්‍ය :

බොහිමියානුවෝ එය බොහෝ සම්මාන උළෙලවල් වල බොහෝ සම්මානයන්ට පාත්‍ර උණු ටෙලිනාට්‍යක් රොහාන් විජේතුංග ගැන මතකයක් ප්‍රේක්ෂකයින්ට  නැතුව ඇති. එතරම් කැපීපෙනුණු චරිතයක් නෙවෙයි එහි මම නිරුපනය කලේ. නමුත් එය මගේ ආරම්භය වීම ගැන ගොඩක් සතුටුයි.

රොහාන්ව  ප්‍රේක්ෂකයින් හඳුනා ගන්නේ රංජි අයියා විදියට වුනාට මීට  කලින්  රංගනයෙන් දායක වුනු නිර්මාණ  තිබෙනවා :

ඔව් මිට කලින් මේඩි  සිනා, කළු කුරුල්ලා වැනි නාට්‍ය වලට සම්බන්ධ වුනා එත් දැන් ලංකාවේ කොහේ  ගියත් මම තනිවෙලා නෑ  රංජිගෙන් අදුරගන්න මාව දැන් මාරසිංහ,කාබුල් ලෙසත් අඳුරගන්නවා.

මේ දිනවල විකාශය වන කෝටිපතියෝ සහ සිල්ලර සමනල්ලු බොහෝ සෙයින් එක සමානයි නේද:

ඔව් කොටිපතියෝ ඉන්නෙත් තරුණයින් තුන්දෙනෙක් සිල්ලර සමනල්ලු  ඉන්නෙත්  තරුණයින් තුන්දෙනෙක් නමුත් රංජිට ආවේනික දේවල් මම කාබුල්ට එකතු කරන්නේ නෑ. මම වෙනම විදියකට කාබුල්ට නිරුපණය කරනවා. එකට අවශ්‍ය දේවල් රොහාන් තුලින්  එකතු කරනවා. ඒ වගේම මේ දිනවල  මෙඩි සිනා සහ නීල පබළු විකාශය වෙනවා. ඒවත් වෙනස් වෙනස් විදියටයි මං නිරුපණය කරන්නේ. ඒ විතරක් නෙවෙයි කලුකුරුල්ලා හි  ඩිංගියා හුලන් ගෙදර මාරසිංහත් මං නිරුපණය කලේ වෙනස් ආකාරයන්ගෙන්. අද මං  සතුටු වෙනවා මට වෙනස් වෙනස් චරිත  නිරුපණය  කරන්න අවස්ථාව ලැබිල තියනවා. ඒ මගේ මුණ නිසා  ඒකට හේතුව  මගේ මූන ලංකාව තුල  ප්‍රේමවන්තයෙකුට ගැලපෙන්නේ නෑ. මොකද ලංකාවේ රාමුවක් තියෙනවා ප්‍රේමවන්තයා ලස්සන  විය යුතුයි කියලා. නමුත් යම් අධ්‍යක්ෂකවරයෙක් තීරණය කලොත් මගේ මුණ ප්‍රේමවන්තයාට ගැලපෙනවා කියල මට මගේ දක්ෂතාවය පෙන්නන්න  පුළුවන්.  එදා මගේ මුනට මං වෛර කලා  එත් අද මං මගේ මුනට ගොඩක් ආදරේ කරනවා.

සිල්ලර සමනල්ලු සහ කෝටිපතියෝ එකිනෙකට අභියෝගයක්ද :

දෙකම ජනප්‍රියයි මම කරන චරිත වලින් කාබුල්ට වඩා  තාමත් රංජි  ප්‍රබලයි  එකකට එකක් අභියෝගයක් වෙනවට වඩා දෙකම ජනතාව වැළඳ ගැනීම සතුටක්  දෙකම එක හා සමානව ජනප්‍රියව පවතවාගෙන යාම තමයි මං අභියෝගයක් විදියට දකින්නේ.

thumbnail-5-768x1087ර්ර්ර්ර්-729x1024

රොහාන්ව එකම අධ්‍යක්‍ෂකවරයෙක්ට කොටුවෙලාද :

නෑ එහෙම කියන්න බෑ. මම විවිද අධ්‍යක්‍ෂකවරු යටතේ වැඩ කරනවා. නමුත් මම ක්ෂේත්‍රයට එන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මාගේ ටෙලි නාට්‍ය හරහා ඔහුගේ ටෙලිනාට්‍ය තුල තමයි මට විවිධ චරිත නිරුපණය කරන්න ලැබෙන්නේ. හොඳම උදාහරණය තමයි බොහිමියානුවා. මෙඩි සිනා වලට සම්බන්ධ කරන්නෙත් ඔහුමයි. ඉන්පසු එතුමාගේ කලුකුරුල්ලා,හාරකෝටිය සහ හුලං ගෙදර රඟපානවා සහ දැන් කෝටිපතියෝ. වැඩියෙන් වැඩකරලා තියන්නේ එතුමා සමග මේ වෙද්දී මට හමුවෙලා තියනවා සංජය  නිර්මාල්,  සඳුන් රාජකරුණා, ප්‍රසන්න ඉත්තෑපාන,සඳරුවන්  ජයවික්‍රම  වැනි අධ්‍යක්ෂකවරු.  මම ක්ෂේත්‍රයට ඇවිත්  වැඩි කාලයක් නොවන නිසා එහෙම කියන්න බෑ. මොකද මට ගොඩක් අය එක්ක වැඩ කරන්න තරම් කාලයක් තාම ගතවෙලා නෑ. මම කැමතියි විවිධ අධ්‍යක්ෂකවරු සමග වැඩ කරන්න, විවිධ චරිත නිරුපණය කරන්න සහ එතකොට මට පුළුවන් රොහාන් කවුද කියලා පෙන්වන්න.

රොහාන්ගේ විලාසිතා සහ රංජිගේ  විලාසිතාගැන කතා කලොත්:

රංජිගේ කොන්ඩ මෝස්තරයට රොහාන් කැමති නෑ. එත් මම රංජි වුනාම එකට කැමතියි.ඒක මට කරදරයක් නෙවෙයි. මාව ජනතාව අඳුරගත්ත කොන්ඩ මෝස්තරය සහ රැවුල  ඒක. මම සාමාන්‍යයෙන් කිසිම විලාසිතාවක් කරන්නේ නැහැ. ඇඳුම් පවා අදටත්  අරන් දෙන්නේ එක්කෝ අම්මා, අක්කා නැත්නම් පෙම්වතිය. ඒ ගැන මට ලොකු උනන්දුවක් නෑ. අරන් දෙන එකක් අඳිනවා. කොන්ඩේ  ඔහේ වැවෙනවා රැවුල ඔහේ වැවෙනවා makeup artist කෙනෙක් කිව්වම කොන්ඩේ කපමු රැවුල කපමු කියල ඔහුට අවශ්‍ය විදියට චරිතයට අවශ්‍ය විදියට හදනවා.

වැඩිපුරම කැමති රොහාන් කියනවටද රංජි කියනවටද :

මට කොහොම කතා කලත් කතා කරන්නේ මට කියල දැනෙනවානම් ඒ සම්බන්ධතාවය මත මම ප්‍රතිචාර දක්වනවා, සතෙක්ගේ නමක් කිව්වත්  ප්‍රතිචාර දක්වනවා. මට කෙනෙක් බල්ලා  කිව්වත් ඒ  සම්බන්ධතාවය අනුව, කතා කරන ස්වරය අනුව මම ප්‍රතිචාර දක්වනවා.ඒක ආදරනීයද, මිත්‍රශීලියිද, කෙන්තියෙන්ද මමත් අදාල විදියට ප්‍රතිචාර දකවනවා.  ඒක  ඔහුගේ හෝ ඇයගේ ආචාරශීලිත්වය මත පදනම් වෙනවා. කතා කරන විදිය මට ආදාල නෑ හරියට වතුර ටිකක් දාන භාජනයේ හැඩය ගන්නවා වගේ. හැබැයි මට වඩා  වයසින් ගොඩාක්  වැඩි මගේ අම්ම තාත්තගේ වයසට සමීප කෙනෙක් මට මල්ලි කියනවට වඩා මම කැමතියි  පුතා කියනවට. මාත් එහෙමයි වයසින් වැඩි කෙනෙක්ට නැන්දේ මාමේ කියලා තමයි කතාකරන්නේ. හැබැයි ඒකට  ඔහු හෝ ඇය අකමැති නම් මම නංගි මල්ලි කියල කතා කරනවා. හැබැයි ඒ  හදවතින් නෙවෙයි. ඒ මගේ හැටි.

  පුංචි කාලේ ඉඳන් බලාපොරොත්තුවක් තිබුනද නළුවෙක් වෙනවා කියල 

අනේ නෑ. මම ආසවුනේ රුපවාහිනී නිවේදකයෙක් වෙන්න. මං TNL එකේ තිරපරීක්ෂණයට පවා සහභාගී වෙලා සමත්වෙනවා. නමුත් මාව  විශ්වවිද්‍යාලයට තේරෙන නිසා මට ඒ අවස්ථාව මග හැරෙනවා. එහිදී තමයි  මම විෂයක් විදියට නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නේ.

ඩ්‍රීම් වොයිස් මගේ සංගීත පිපාසාවට දිය දෝතක් ” හසන්තිකා බිනේෂනී

හසන්තිකා බිනේෂනී කොඩිතුවක්කු මෙවර සිහිනයක ස්වරය නොහොත් Dream Voice රියලිටි තරඟාවලියේ පස්වන  වාසනාවන්ත ජයග්‍රාහිකාව බවට පත් විය. සිංහල ඉංග්‍රීසි මෙන්ම හින්දි භාෂාව ලිවීම කියවීම මැනවින් ප්‍රගුණ කළ නිසාවෙන් ඇයට මෙම භාෂා ත්‍රිත්වයේම ගීත හොදින් ගායනා කිරීමේ හැකියාව ඇත. උසස් පෙළ ප්‍රතිඵලයටත් පෙර සංගීත විශාරද උපාධිය. ලබා  ගන්නා ඇයට විවාහයෙන් පසුව විදේශ ගත වීමට සිදු වන නිසා සංගීතයෙන් මදක් ඈත් වන්නට සිදුවිය. මේ වන විට සුරතල් දියණියක් දෙදෙනෙක්ගේ මවක් ගෘහනියක්ව කටයුතු කරන්නීය. සියල්ල සමඟ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට නවමු වින්දනීය ආශ්වාදයක් ලබා දුන් ඩ්‍රීම් වොයිස් වේදිකාවේ තවත් ජයග්‍රාහිකාවක් ගලායන ජීවිතයේ ස්වර වැයුම ගැන අදහස් දැක්වුයේ මෙලෙසිනි.
“මේක මගේ පළමු රියලිටි අත්දැකීම. වසර 14ක් දැන් විදෙශ් ගත වෙලා. හිරවෙලා එක්තැන් වෙලා විනෝදාංශයක් පමණක් වෙලා  තිබුණ මගේ සංගීත හැකියාව නැවත එළියට ගන්න ඩ්‍රීම් වොයිස් වේදිකාව ඉවහල් වුණා. මල්ලිගෙ යාලුවෙක් මම කියන ගීතයක් දැකලා මල්ලිට කියලා  තිබුණා මෙහෙම තරඟයක් තියෙනවා කියලා. එහෙමයි ඩ්‍රීම් වොයිස් එකට අයදුම් කළේ. මම ඇත්තටම මෙය සංවිධානය කළ චිත්‍රාල් ද මේල් මහතාට සහ එම මහත්මියට ස්තුතිවන්ත වෙනවා. ඩ්‍රීම් වොයිස් මගේ සංගීත පිපාසාවට දිය දෝතක් බවට පත් වුණා. ඒවගේම මගේ හැමදේම මගේ මහත්තයා ගයාන් චතුරංග කොඩිතුවක්කු. ඔහු ගණකාධිවරයෙක්. එයා නැත්නම් මේ දේවල් මෙහෙම සාර්ථකව කර ගන්නත් බැහැ.

Kadulu Bidak

OLYMPUS DIGITAL CAMERA

මෙතැනට එන්නට නිසි ගුරුහරුකම් ලබා දෙන්නේද සුවහසක් දරුවන්ට නිසි පාර පෙන්වූ දෙපලකි. ඔවුන් අනෙක් දරුවන්සේ සිය දරුවන්ටද පොතපතේ මෙන්ම කලාවේ අධ්‍යාපනයද නියමාර්යෙන් ලබා දුන් නිසා හසන්තිකා මෙන් නිර්මාණශීලි සම්පුර්ණ දරුවෙක් බිහිවී ඇත. ඒ කතාව,
“මගේ පියා පියා සරත් අතපත්තු විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. අම්මා විශ්‍රාමික ගුරු උපදේශිකාවක්. මට ඉන්නේ අක්කයි මල්ලියි. පොඩි කාලේ අම්මා රෑට කෑම හදනකල් තාත්තා අපි තුන් දෙනාව එකතු කරගෙන ගීත ගායනා කරනවා. ඔහු සංගීතයට පුදුමාකාර ලෙසින් ලෙන්ගතුවූ චරිතයක්. ගීත ලියන්න වගේම තනු යොදන්නත් වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් ඔහුට තිබුණා. තාත්තා තමයි අපි තුන් දෙනාව සංගීතයට යොමු කළේ. පුංචි කාලෙම විශාරද මාලනී බුලත්සිංහල මියගේ පංති ගියා ඔතනදි අපි විවිධ ප්‍රසංග රුපවාහිනී වැඩසටහන් වලටත් සම්බන්ද වුනා. සාමාන්‍ය පෙළට සංගීතය විෂයක් ලෙස මම ගන්නවා මෙතැනදී නිතා මංගලිකා සහ ඉන්ද්‍රනී යන පාසල් ගුරු දෙපළත් දුන් ගුරුහරුකම් බොහොමයි. ඔය කාලේදී පාසලේ විවිධ තරඟ, අන්තර් පාඨශාලා තරඟ, සමස්ත ලංකා තරඟ වලින් ජයග්‍රහණ රාශියක් ලබා ගත්තා.පසුව සමිතා මුදුන්කොටුව මියගේ පියා ආචර්ය ප්‍රේමදාස මුදුන්කොටුව සර් ගෙන් සංගීතය හැදෑරුවා. ඔතනදි මම සංගීත විශාරධ විභාගේ සමත් වෙලා 1999 උපාධිය ලබා ගන්නවා. පසුව උසස්පෙළට අනුලා විදුහලට ඇතුලත් වුණා. සංගීතයට තියෙන ආශාව නිසාම කලා විශය ධාරාවෙන් උසස් පෙළ සමත්ව ජයවර්ධනපුර වි.වි. ඇතුලත් වුණා. උසස් පෙළ අපේ ගුරුවරිය ලෙස කටයුතු කළේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී මිය. විශ්ව විද්‍යාලයේදීත්  සංගීතය අනු විෂයක් ලෙසින් හදාරමින් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදන උපාධියක් ලබා ගත්තා. හරිම සුන්දර මතක නම් ගොඩයි. කොහොමහරි පස්සේ චිත්‍රපට සංස්ථාවේ සේවය කිරීමට අවස්ථාවක් ලැබුණා. එහෙම ඉන්නකොට මට සංගීත ගුරුපත්වීමකුත් ලැබුණා. ඒත් ඒ වෙද්දී විවාහ වෙලා විදේශ ගත වීමට තීරණය කරලා තිබුණ නිසා ඒ දේවල් දාලා මෙහෙ එන්න සිද්ධ වුණා.
With mom, malli & akkiBandRupavahihi2Cruise
ඔවුන් එලෙස මිට වසර 14කට පෙර බොට්ස්වානා බලා පියාසර කරන අතර එතැනින් බර්මියුඩා සිට මේ වන විට කැනඩාවේ ටොරොන්ටෝහි මිසිසාගා වල ජිවත් වෙයි. අද ඇයගේ බාල සොහොයුරා සංගීත නිපුන් ශාස්ත්‍රපති අසිත් චනුෂ්ක අතපත්තු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජේයෂ්ට කථිකාචාර්යවරයෙකව කටයුතු කරමින් ඔවුන්  ඉගෙන ගත් දේ දැයේ දරුවන්ට බෙදා දෙන්නේය. ජිවතය මෙසේ ගලා යද්දී, සංගීතය ඔවුනොවුන්ගේ ජීවිතය වෙලා ගනිද්දී, මේ සියල්ල ඉටු කල දෙමවුපියන් දෑස් දල්වා ඔවුන් දෙස සතුටින් බලා සිටින්නේය. හසන්තිකා සහ ගයාන්ගේ පුංචි සමනළියන් තෙනුකි සහ සෙනුලි  දෙදෙනා ද ගයන්නට දක්ෂය. පරම්පරා කිහිපයකටම සංගීතය මෙසේ සම්මිශ්‍රණය වීම හරි අපූරුය. ඩ්‍රීම් වොයිස් නොදැනුවත්ව තවත් එක් උදාර කටයුත්තක් මෙතැනදී උරදී ඇත. ඒ මෙම තරඟාවලිය දෙස බලා සිටින තෙනුකි සහ සෙනුලි දැන් සිංහල ගීත ගයන්නට ප්‍රිය වන්නියන් බවට පත්ව හමාරය.  සිංහල අපේකමට ද ඩ්‍රීම් වොයිස් එලෙසින් මාවතක් විවිර කර ඇත.
Profile Picture
මෙපමණකට දක්ෂව මෙපමනකටම උගත් ඈ ට ජයග්‍රාහී කිරුළ ගිලිහුණේ ඇයි යන්න ප්‍රශ්නකි, එයට ද ඇය සතු පිළිතුරකි. “විනිශ්චය මණ්ඩලයට මම ගරු කරනවා. ඔවුන් සාධාරණ විනිශ්චයක් ලබා දුන්නා. තරඟ කරුවන් සියල්ලෝම අති දක්ෂයි. එම අවස්ථාවේ තිබුණ චකිතය නිසා මට මගේ උපරිමය එළියට දෙන්න බැරි වුණා කියලා මට හිතෙනවා. මගේ උපරිමය පෙන්වන්න නොහැකි වීම ගැන පොඩි දුකක් තියෙනවා. නමුත් බොහෝ කලකට පසු මගේ ගායනයට නැවත පණක් ලැබුණා.  ඒ ගැන හරිම සතුටුයි”.
හෙට දවස ගැන හසන්තිකගේ හිතේ නැගෙන්නේ මෙවැන්නකි. ” මගේ සැමියා මට මගේ නමින් යු ටියුබ් චැනලයක් සකස් කර දීලා තියෙනවා.ඒ ඔස්සේ මේ දින වල කවර්ස් වගයක් කරලා තියෙන්නේ.  Boston Lanka එකෙනුත් අපේ ගීතයක් කිරීමට අවස්ථාව ලබා දී තියෙනවා. ඒ ගමන් මගේ මල්ලි එක්ක එකතු වෙලා මගේම නිර්මාණ කිහිපයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ.
හසන්තිකාගේ කතාවේ තව බොහෝදේ ඇති බව අපි දනිමු. සියල්ල පුංචි බ්ලොග් එකකට කැටි කල නොහැකි බවද  ඔබත් මමත් හොදින්ම දනිමු. එනමුදු අපේ මේ සංවාද සටහන අවසන් කරන්නට මට තවත් එක් පුංචි ප්‍රශ්ණයක් විය.
හිතට එකඟව කියන්න ඔබ එදා සංගීත තිබූ බැදීම එක්ක ගුරුපත්වීම අරන් ලංකාවේ හිටියනම් ද හොද ? නැත්නම් ඔහේ ගිය එකද හොද ? කිසිසේත්ම බලාපොරොත්තු නොවූ වෙනස්ම ප්‍රශ්ණයක් හමුවේද ඇය මෙලෙස හඬ අවධි කළාය. ” ඇත්තටම දෙමවුපියන් සහ සහෝදරයන් දෙදෙනාගෙන් වෙන්වීම ගැන පුංචි දුකක් පමණයි තියෙන්නේ. මට ඒ කාලේ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වීමේ ලොකු අපේක්ෂවකුත් තිබුණා. නමුත් අද දරුවන්ගේ අනාගතේ ගැන හිතනකොට මෙහෙ ජිවිතේ හොදයි කියලා හිතෙනවා. මෙහෙ ජිවිතේ නිදහස් සතුටින් ඉන්නවා අපි. ඒවගේම ලංකාවෙත් තත්වේ ඉදිරියට හොද වෙයි කියලත් හිතෙනවා.

Ron Soya

HK Family 1

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

 

ITN සභාපති පුටුව සුදත් රෝහණට

ITN ආයතනයේ නව සභාපතිවරයා ලෙස සුදත් රෝහණ මහතා පත් කිරීමෙන් අනතුරුව අද වැඩ භාර ගැනීම සිදු වුණා.
නිදහස් කලා සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි.
නිදහස් කලා සන්ධානය හැටියට අපේ යෝජනාව වුනේ කලා කරුවන් ගේ ආයතනයකට අවශ්‍ය වන්නේ හුදු පරිපාලක යෙකු නොව කලාව හා කලාකරුවන් හදුනන නිර්මාණශීලි අයෙකු බවයි. එය දැන් ලැබිල තියෙනව. අපගේ පලවෙනි ඉල්ලීමම පිලි අරගෙන ආයතනය නිසා පුද්ගලයා බැබලෙන ක්‍රමය පැත්තකට දමා පුද්ගලයා නිසා ආයතනය බැබලෙන ක්‍රමයකට විතැන් වීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ටත්අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ටත් ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ටත් අපගේ ගෞරවය පුදකරන අතර මෙතෙක් සිටි විෂය භාර අමාත්‍යවරයා විසින් දේශපාලන මඩගොහොරුවක් බවට පත්කර තිබූ I T N ආයතනය නිර්දේශ පාලනීකරනය කර නැවත ත් අංක එකේ නාලිකාව බවට පත්කිරීමට සුදත් රෝහණ සහෘදයා ට හැකිබව අප දන්නා අතර ඒ සදහා ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා. එසේ ම කලකදී ඔය ආයතනයේ සිටි මෝඩ වාහෙලා කිහිපදෙනෙක් විසින් නිදහස් කලා සන්ධානය නැමැති පෙට්ටි කඩයේ සභාපති ලෙස හඳුන්වනු ලැබූ සුදත් රෝහණ සහෘදයාම අද ඒ ආයතනයේ සභාපති වීම දෛවයේ කෙබඳු සරදමක් ද. සභාපතිතුමනි ඔබට සුභපැතුම්.
ලාල් කුලරත්න.

” සෞභාග්‍යයේ දැක්ම”

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව ගතවූ මසක කාලයක් තුලදී එළැඹි තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ” සෞභාග්‍යයේ දැක්ම” නමින් හඳුන්වනු ලබන එම තීන්දු තීරණ හේතුවෙන් ජනතාවගේ දැඩි ප්‍රසාධයක් හිමිවී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රුපියල් 300 million නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම, මාර්ග තදබදයට විකල්පයක් ලෙස කිලෝමීටර් ලක්ෂයක අන්තර් විකල්ප මාර්ගයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම, රටට එරෙහිව ක්‍රියාත්මක වන දස දහසකට අධික රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම ආදී කරුණු රාශියක් මෙහි අන්තර්ගතව තිබෙනවා.

ඊට අමතරව අධ්‍යාපන කේෂ්ත්‍රය නගා සිටුවීම සහ පාසල් දරු දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ගනු ලැබූ තීන්දු තීරණ හා තරුණ තරුණියන්ගේ රැකි රක්ෂා ගැටලුව විසදීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ගද මින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

එමෙන්ම රාජ්‍ය ආයතනවල පවත්වනු ලබන අනවශ්‍ය උත්සව නතර කිරිම, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක වැටුප් හිමි ටෙලිකොම් සභාපතිවරයාගේ වැටුප ලක්ෂ 2.5ක් දක්වා අඩු කිරීම ආදී ක්‍රියා මාර්ග සහ රාජ්‍ය ආයතන සඳහා සේවකයින් බඳවා ගැනීමේ දී සියලුම දිස්ත්‍රික් සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මේ වන විට ජනතා ප්‍රසාධය හිමිව ඇත.

“සෞභාග්‍යයේ දැක්ම” යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාසයක කාලය තුලදී ගනු ලැබූ සියලු තීන්දු සහ තීරණ පහතින් දැක්වේ.

Important decisions - New_page-0001

යාපනයේ ප්‍රතිමා ස්ථාපිත කිරීමේදී කලබලයක්

යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමගම ඊයේ (21) එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
මෙම ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පවසා ඇත්තේ එම ස්ථානයේ තබන්නට යන ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා නිසා වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි.
මෙම ස්ථානයට ගිය දේශපාලනඥයින් හා චිත්‍ර ඇදීමේ නිරත පිරිස අතර දැඩි වචන හුවමාරුවක් ද සිදු වී ඇති අතර යාපනය දේශපාලනඥයින් මේ ක්‍රියාවට ඉඩ ලබා දිය නොහැකි බව බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා.
යාපනයේ තරුණ තරුණියන් ද බොහෝ ස්ථානවල අලංකාර චිත්‍ර අඳිමින් නගරය ලස්සන කළ අවස්ථාවේදී ඒ පිළිබඳව දැඩි සතුටට පත් වූවත් මේ ආකාරයේ සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීම පිළිබඳව සතුටට පත්වීම හෝ ඊට ඉඩදීම කළ නොහැකි ක්‍රියාවක් ලෙසයි යාපනයේ දේශපාලනඥයින් පිරිස ප්‍රකාශ කොට තිබෙන්නේ

Consultant Neurosurgeon Dr. Prasanna Gunasena to head SPC

Consultant Neurosurgeon Dr. Prasanna Gunasena has been appointed as the new Chairman of the State Pharmaceuticals Corporation (SPC).
Meanwhile, Dr. Uthpala Indrawansa has been appointed as the Chairman of the State Pharmaceuticals Manufacturing Corporation.
Dr. Gunasena holds the honour of performing the surgery for cervical disc prolapse of the spine and replacement with functional discs for the first time in Sri Lanka.
He is the first Sri Lankan Neurosurgeon to perform Balloon Kyphoplasty surgery for spinal code fractures.
Gunasena was a founding member of the Neurosurgeons Association of Sri Lanka (NSASL)

ඉසුරු ලක්ෂ 50කට විකිණේ

2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුනා.
මෙහිදී ක්‍රීඩකයන් 330දෙනෙකු මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ලැයිස්තුගත කර තිබුණා. ඒ සමඟ 143ක් විදේශීය ක්‍රීඩකයන්ද වුණා
ඒ අතර මෙවර වෙන්දේසියේදී ශ්‍රී ලංකික ක්‍රීඩකයන් 14දෙනෙකු ලැයිස්තුගත කර තිබු අතර ඉන් අතරින් මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේ ඉසුරු උදාන පමණයි.
ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිළදීගෙන ඇත.
මේ අතර අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්, කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 10යි දශම 7යි 15කටයි.
දකුණූ අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් ඉන්දීය රුපියල් කෝටි 10කට රෝයල් චැලේන්ජරස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

Attorney General Dappula de Livera eyeing for a Higher Post?

The interest and the efficiency shown by the Sri Lankan Attorney General Dappula de Livera.to start new investigations and persecute opponents of the Gotabaya Rajapakse government has been one of the main topics among the legal circles in Sri Lanka.

According to one senior lawyer, Attorney General de Livera may be eyeing to be a supreme Court  Judge or to be the President of the Appeal Courts by pleasing the present administration.

Although Attorney General is the Chief legal officer of the Sri Lankan government it is expected for the Attorney general to perform his duties impartially and following the due legal process.

During the previous regime, AG de Livera was referred by Sri Lankan media as one of the most corrupt political appointments to the high office.   According to the media reports the Sri Lankan legal circles were shocked how slavishly he was doing the bidding of President Maithripala Sirisena especially on the Easter bombing incident to cover up the responsibility of the Executive President.

Legal circles say that AG de Livera now doing the same dirty works for the Gotabaya Rajapakse administration what he has done for Maithripala Sirisena administration.