ශ්‍රී ලංකා සිම්බාබ්වේ අවසන් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය හෙට (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට තරගය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ C සහ D ඉහළ සහ පහළ ප්‍රේක්ෂකාගාර සඳහා නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

659e4d92f15f6

ICC CEO සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

659e6fe1ce187

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අධික වැසි සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නවා – ශෙහාන් සේමසිංහ

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා අතර ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පවුල් ලක්ෂ 20කට සහන සැලසීමේ අරමුණෙන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වන විට පවුල් ලක්ෂ 14කට ඉන් ප්‍රතිලාභ හිමිවන බවයි සඳහන් වන්නේ.

ලැබී තිබූ ලක්ෂ 11කට අධික අභියාචනා සහ විරෝධතාවලින් 60%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සලකා බලා අවසන් කර ඇති අතර ජනවාරි මස 31 වැනිදාට පෙර එම කටයුතු අවසන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

659e40b3d0809

ඩයනාගේ පෙත්සමේ විභාගය පෙබරවාරි 09 දක්වා කල් යයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගය කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අද (10) මෙම පෙත්සම් විභාගය ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබුණා.

එහෙත් විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කර තිබෙනවා.

ශාන් විජේලාල් පාර්ලිමේන්තුවට ඒප්‍රන් එකක් ඇඳගෙන ඇවිත් – සභාවට ඇතුළුවීම තහනම් කරලා

ඇඳුම සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීම තහනම් කර ඇත.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ජනමාධ්‍යවේදීන් අමතමින් පවසා ඇත්තේ මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ සූපවේදීන් අඳින ඒප්‍රන් ඇඳුමට සමාන ඇඳුමකින් බවයි.

“ඇයි ඔය ඇදුමෙන් ආවේ කියලා ඇහුවම මන්ත්‍රීවරයා කිව්වා එයාට අඳින්න කළු කමිසයක් සහ කලිසමක් නෑ කියලා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අඟහරුවාදා කළු ඇඳුමකින් එන්න කියලා” වේත්‍රධාරීවරයා පවසා ඇත.

මෙරට ආර්ථිකය අධ්‍යයනය කිරීමට IMF නියෝජිත පිරිසක් අද ලංකාවට

මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙට (11) සිට ලබන 17 වැනිදා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින අතර, මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් පසු මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය එම කණ්ඩායම විසින් අධ්‍යයනය කරන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.

මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ප්‍රදේශ කිහිපයකට තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් අනුව උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

659e375330d03

අවුරුදු 26 කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ චූදිතයකුට බලපිටිය මහාධිකරණයේදි මරන දඩුවම නියම කෙරේ.

පිරිසක් විසින් පුද්ගලයකුට පහරදී කාන්තාවකගේ රන් ආභරණ පැහැර ගත්තේ යයි වරදකරුවන්වූ දෙදෙනෙකුගෙන් එක් අයෙකුට මරණ දඩුවමත් අනෙක් තැනැත්තාට බරපතල වැඩ සහිත සිර දඩුවමකුත් බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් 08 දින නියම කළේය.

මෙසේ මරණ දණ්ඩණය නියමවූයේ අංක 384,අගුණුකොළපැලැස්ස පදිංචි හේවාහකුරු ඉන්දික ජයවර්ධන නොහොත් ආමි කුමාර නමැත්තාටය.

බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණේ කරන්දෙණිය කැකිරිස්කන්ද පදිංචි කොස්ගල්ලනදුරගේ ආනන්දරත්න නමැත්තාටය.

මරණ දන්ඩනය නියමවූ විත්තිකරු නොමැතිව මේ තීන්දුව ලබාදීම සිදු කෙරුණු අතර ඔහු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අදාළ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියෝග කළේය.

1997 සැප්තැම්බර් මස 19 දින හෝ ආසන්න දිනයකදී ඌරගස්මන්හංදිය ප්‍රදේශයේදී එම ප්‍රදේශයේම පදිංචි තොම්මයා හකුරු ප්‍රේමරත්න නමැත්තාට පහරදී ඔහු ඝාතනය කිරීම සහ එම ප්‍රදේශයේම පදිංචි ඉලන්දාරිදේව ආරියවතී නමැත්තිය සතු රන් ආහරණ මංකොල්ලකෑම යන චෝදනා මේ විත්තිකරුවන්ට ඌරගස්මංහන්දිය පොලීසිය විසින් ගොනු කොට තිබිණ.

වසර විසිතුනක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මේ විත්තිකරුවන් දෙදෙනාගෙන් අංක 384,අගුනුකොලපැලැස්ස පදිංචි හේවාහකුරු ඉන්දික ජයවර්ධන නමැත්තාට මරණ දණ්ඩනය නියම කෙරුණු අතර කරන්දෙණිය කැකිරිස්කන්ද පදිංචි කොස්ගල්ලනදුරගේ ආනන්දරත්න නමැත්තාට බරපතල වැඩ සහිත වසර පහක සිර දඩුවමක් හා රුපියල් 25000ක දඩමුදලක් ගෙවන ලෙසත් එම දඩමුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරඩඩුවමක් නියම කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ඌරගස්මංහන්දිය පොලීසිය විසින් ගොනු කරන ලද මේ නඩුව රජයේ අධි නීතීඥවරියන් වන ඉසුරි ජයවර්ධන මහත්මිය සහ හිරුණි අල්මේදා මෙනෙවිය විසින් මෙහෙයවන ලදි.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.

මාර්ග කිලෝමීටර් 1500ක් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතුරින් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එහිදී යෝජනා වී ඇත්තේ එම තෝරාගත් මාර්ග කොටස් 2024 වර්ෂයේ මුල් මාස 06 තුළදී වැඩ නිම කිරීමට බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සඳහා වන සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 20ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන අතර මාර්ග කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මෙම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය සඳහන් වන්නේ.

659d167269c2b