2024.01.11 දින පැය 0030 සිට 2024.01.12 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2024.01.11 දින පැය 0030 සිට 2024.01.12 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 303g 384mg
අයිස් 141 g 750mg
ගංජා 10 kg 565g
ගංජා පැල 660573 ක්
ගංජා සුරුට්ටු 04 ක්
මාවා 542g
තුල් 29g 810mg
මත්පෙති 1250 ක්
ඈෂ් 1g 610mg
මදන මෝදක ගුලි 135g
කුෂ් 1g 150mg

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

SL vs ZIM : තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

SL vs ZIM : කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම​ට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ අද තරඟයෙන් විවේක ගන්වා තිබෙනවා.

ඔවුන් වෙනුවට වනිඳු හසරංග සහ අද මංගල තරඟයට ක්‍රීඩාකරන ෂෙවෝන් ඩැනියෙල් කණ්ඩායමට එකතු කර තිබෙනවා.

රෝහල්වල කටයුතු පවත්වාගෙන යාමට හමුදාව යොදවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා යුද හමුදා භට පිරිස් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

ඒ අනුව කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්,  මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම යන රෝහල් සඳහා මේ වන විට යුද හමුදා භට පිරිස් යොදවා තිබෙනවා.

659f96177fd33 659f9616156df

වරාය තුළ පැවැත්වුවේ සාදයක් නොවේ, නිරීක්ෂණ චාරිකාවක් – ප්‍රේමලාල් ජයසේකර

වරාය තුළ මැති ඇමතිවරුන් පවත්වන ලද්දේ සාදයක් නොව නිරීක්ෂණ චාරිකාවක් බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා.

ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාලයේ මන්ත්‍රීවරුන් වරාය නැරඹීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, මේ සඳහා අමාත්‍යවරයාගෙන්ද අවසර ලබාගත් බවයි එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ලබාගත් ආහාර පාන සඳහා වන බිල්පත් තම පෞද්ගලික වියදමින් ගෙවා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම අතරතුර සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකය මඟින් සිදුකළ වැටලීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නිලධාරියා 2021 වසරේ සැප්තැම්බර් මස පොලිස් සේවයට බැඳී මුලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති අතර ඔහු නිවාඩු ලබා පිටව ගොස් සිට ඇති අතර, පසුව අසනීප බව දන්වා සේවයට වාර්තා නොකර සිටිය දී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය ජනපති හමු වෙයි

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා (Vice Admiral Sir Timothy Laurence) ඊයේ (10) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුලු රාජකීය දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ සුහද කථා බහකට එක්වූ බවත් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තබා තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක්ද එක්ව තිබෙනවා.

659f81dd01c8f 659f81dce9dae 659f81dcdd25b 659f81dccf611

ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගත් 07 දෙනා යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අනෙකුත් සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අදාළ සැකකරුවන් ජනවාරි 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

යුක්තිය මෙහෙයුම යටතේ තවත් 897 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 23ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 31 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 295g 500mg ක්, අයිස් 685 g 930mg ක්, ගංජා 72 kg 970g ක්, ගංජා පැල 2113 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුව ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මැතිවරණ කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේ දැක්වේ.

* ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා – සභාපති