https://www.youtube.com/embed/HlUmmV0qmxA?si=zOw4mc2gzlS4IgI1″ title=
Author: Supun
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාලට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය දිර්ඝ කර තිබෙනවා.
සැප්තැම්බර් මස 24 වන දා දක්වා එම නියෝගය දීර්ඝ කරණ ලෙස කොළඹ දිසා අධිකරණය අද (29) නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට ලැබෙයි – එම්.එස්.තවුපික්
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩල සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කටයුතු කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඟ දැනටමත් එක්ව කටයුතු කරන බැවින් උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාසට ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ආචාර්ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙලෙස සිය අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
දිස්ත්‍රික් මැතිවරණ තේරීම්භාර නිලධාරීන් ලබන සෙනසුරාදා කොමිසම හමුවට
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ලබන සෙනසුරාදා දිනයේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අදාළ සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, නාම යෝජනා භාර දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට කිසිසේත් සූදානම් නැහැ – ජනපති
කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බවත් එය උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවයි ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

හබරාදූවේ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබයි
හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ නාන්දූව මහවෙල ප්‍රදේශයේ කෙසෙල් වගාවක මුවාවෙන් ගංජා වගාවක් 2024.07.28 වන දින සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගංජා වගා කිරීම සැකකරු විසින් කලක සිට සිදුකර ඇති අතර මෙම ගංජා වගාකිරීම සිදුකරන ස්ථානය වෙත කිසිවෙකුටත් ලඟාවිය නොහැකි දූපතක මෙම වගාව සිදුකර ඇත. වගාවේ තිබූ ගංජා ගස් අත්අඩංගුවට ගෙන 2024.08.29 දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මෙම ගංජා වගාකර තිබූ ස්ථානය වෙත ඔරුවක්න් මිස ඇතුල්විය නොහැකි වන සේ සූක්‍ෂමව පවත්වාගෙන ගොස් ඇත. මෙම වැටලීම ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙය වීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, උ.පො.ප. සඳරුවන්, පො.සැ. 428 ජයලාල්, පො.කො. 77090 බාලසූරිය, පො.කො. 84889 උදය කුමාර, පො.කො. 91287 සංජීව, පො.කො. 94009 සියන්ත, පො.කො. 104643 සේනාරත්න, කා.පො.කො. 13090 රිහාරි, පො.කො.රි. 16227 උදාර යන නිලදාරීන් විසින් සිදුකර ඇත.

අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
තැඹිලි ගත්කල ඩුබායි වෙළඳපළෙහි ලංකාවේ තැඹිලි වලට ඉතා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඩිරාම් තිහක මුදලකටඑහිදී තැඹිලි අලෙවියන බවත් වාර්තාවනවා.
නමුත් අද වන විට තැඹිලි වලට සුදු මැස්සා රෝගය උස්සන්න වී ඇති අතර මේ සඳහා සාර්ථක විසඳුමක් ලබාදී නොමැති බවපවසයි.
වෙනදා අපනයනය සඳහා පැමිණිල්ල ලෑස්ති කිරීමට පෙර බහලුම ගෙන්වා ගන්නා අතර දින තුනක් හතරක් වැනි කාලයක් තුළ ත අපනයනය කළ හැක.
නමුත් අද වන විට දින දහයක් පමණ මහළුම් නතර කර තබා ගැනීමට අවශ්‍ය වන බවත් කැමිලි එකතු කර ගැනීම සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් කපන එන කරුවන් පවසයි.
Women’s Asia Cup 2024: කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට
2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 60 ක් හා Jemimah Rodrigues ලකුණු 29 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් හා සචිනි නිසංසලා හා චමරි අතපත්තු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 18 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 61 ක් හා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව 2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
