වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස, ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (30) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෛත්‍රී ඇතුළු පිරිසකට එරෙහි වාරණ නියෝගය ඔක්තෝබර් 09 දක්වා දීර්ඝ කෙරේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින්  එම පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩු අද (30) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ වාරණ නියෝග ඔක්තෝබර් මස 09 වනදා දක්වා දීර්ඝ කිරීමටද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරයා අපේක්ෂකයෙකු වුවත් වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට බාධාවක් නැහැ – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙකු වුවද වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඉන් බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එළැඹෙන ජනාධිපතිවරණයේ ඔහු අපේක්ෂකයෙක් වුවද වත්මන් විධායක ජනාධිපති ධූරයේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවැත්වීමට උචිත වාතාවරණය සැකසීමට ජනාධිපතිවරයාට බලය ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බවයි සඳහන් වෙන්නේ.

2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එංගලන්තයේ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් මරුට

බ්‍රිතාන්‍යයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි සඳහන් වෙන්නේ.

ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති අතර අදාළ පිහි ඇනුම සිදුකළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඊලග ආණ්ඩුවක් ආවහම අංක එකට හිරේ යවන්න ඔනේ අය මිහින්තලේ හිමියන් පොයින්ට් එකෙන්ම සැරටම අල්ලයි….

https://www.youtube.com/embed/egSuuv96j9Q?si=hOsWfIwWSgaz5dej” title=

දහම් සැප වාහනයෙන් එද්දී මෛත්‍රී ත්‍රීවීල් එකෙන් ඇවිත් බැස්ස හැටි…

https://www.youtube.com/embed/0cHOeKmQIjo?si=UyC6o4lhs4ZqRMIc” title=

“බලපෑම් වලට යට වෙන්නේ නැහ” මැතිවරණ කොමිසමේ සභාපති මාධ්‍ය වලට කියපු දේ……

https://www.youtube.com/embed/YE4u00dL2ZE?si=NWLnHuXvsxEJFM_W” title=

උදේම ඇප තියපු කීර්තිරත්න මහත්තයා හැන්දෑවේ පොහොට්ටු කාර්යාලයේ පොහොට්ටුවේ අපේක්ෂකයා මෙයාද ?

https://www.youtube.com/embed/GnCX3ps6zX0?si=_77AEhKvzWAsISSD” title=