චමරිගෙන් අර්ධ ශතකයක්

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතයක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර ඇයගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 2 ක් හතරේ පහර 7 ක් ඇතුළත් වුණා.

Women’s Asia Cup 2024: ශ්‍රී ලංකාවට ලකුණු 166 ක ඉලක්කයක්

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 60 ක් හා Jemimah Rodrigues ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් හා සචිනි නිසංසලා හා චමරි අතපත්තු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 166 ක්.

පොලිස්පති ගැන පැනනැගී ඇති තත්ත්වය කතානායක සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතුයි – ජනපති

පොලිස්පති ගැන පැනනැගී ඇති තත්ත්වය කතානායක සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන “ජයගමු ශ්‍රී ලංකා” රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යුතු කමක් තිබූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණයට පොහොට්ටුවේ විධායක සභා රැස්වීමක් හෙට

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පොහොට්ටුවේ විධායක සභාවේ විශේෂ විධායක සභා රැස්වීමක් හෙට (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රනිල් සහ බැසිල් අතර අද සාකච්ඡාවක්

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සහ ගොඩනගන නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මීට ඉහතදී ද සාකච්ඡා වට කිහිපයක් දෙපාර්ශවය අතර පවත්වා තිබුණා.

පක්ෂය අවස්ථාවක් දෙනවා නම් ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් – ධම්මික පෙරේරා

පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

ඒ අනුව ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය ස්ථිරදැයි මාධ්‍යවේදීන් යොමුකළ පැනයට පිළිතුරු ලබාදුන් ධම්මික පෙරේරා සඳහන් කළේ, එසේ නොහැකි නම් තමා වැනි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කුමටද යන්නයි.

මේ වසරේ ඩෙංගු රෝගීන් 32,078 ක් වාර්තා වෙයි

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 32,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු දිවයින පුරා වාර්තාවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය විසින් මානව හිමිකම් ලංකා සභාපති එම්.එන්.එම්.අසීම් ​​මහතාගේ ප්‍රධානත්වයෙන් හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කීත් සිරි රාජපක්ෂ මහතා සහ අල්හාජ් සුලෙයිමාන් ඊබ්‍රාහිම් මහතා සහභාගි විය

මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය විසින් මානව හිමිකම් ලංකා සභාපති එම්.එන්.එම්.අසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ තරගය සංවිධානය කරන ලද අතර මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කීත් සිරි රාජපක්ෂ මහතා සහ අල්හාජ් සුලෙයිමාන් ඊබ්‍රාහිම් මහතා සහභාගි විය. විශේෂ ආරාධිතයන් ලෙස මානව හිමිකම් සංවිධානය ලංකා සහ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය සංවිධානය කළ හිස්බුල් කුර්ආනය පාරායනය කිරීමේ තරගය අඛණ්ඩව ජයග්‍රහණය කළ අතර සහතිකපත් බෙදාදීමේ උත්සවය මානව හිමිකම් සංවිධානයේ සභාපති එම්.එන්.එම්.අසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, සාර්ථක වූ සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානය කරන ලදී

WhatsApp Image 2024-07-28 at 17.44.18 (2) WhatsApp Image 2024-07-28 at 17.44.18 (1) WhatsApp Image 2024-07-28 at 17.44.18 WhatsApp Image 2024-07-28 at 17.44.16 (1) WhatsApp Image 2024-07-28 at 17.44.16 WhatsApp Image 2024-07-28 at 17.44.17

SL vs IND 1st T20 : ශ්‍රී ලංකාවට ලකුණු 214 ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක Suryakumar Yadav  ලකුණු 58 ක්, Rishabh Pant ලකුණු 49 ක් හා Yashasvi Jaiswal ලකුණු 40 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214 ක්.

ලකුණු පුවරුව පහතින්.

66a5108ea083e

SL vs IND: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (27) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වූ අතර ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.