ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් එක් වෙඩික්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

T56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක්ද සොයාගෙන ඇති ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නාමල් ගොයියා පාඩම ඉගෙන ගන්නේ අනුරාධපුරෙන් තමයි – වසන්ත සමරසිංහ…

https://www.youtube.com/embed/ZTG_rxpidok?si=HLkbf-Mm6qwlV2R_” title=

ඩී.එස් සේනානායක මහත්තයා කොහේ හරි ඉදන් රනිල් වික්‍රමසිංහට සාප කරනවා ඇති – ඇමති විජේදාස රාජපක්ෂ….

https://www.youtube.com/embed/k-1uVyGaHCg?si=nPXZXXjGkFVJhBiH” title=

කනේ ඉදන් අග කන අය මට හොදට පුරුදුයි – හිටපු අගමැති මහින්ද රාජපක්ෂ……

https://www.youtube.com/embed/ahAh7NOCPjU?si=2pZbJhkywmZwftuI” title=

තවත් මැතිවරණ පැමිණිලි 54 ක් ලැබෙයි

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 54 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙතෙක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 747 ක්, වෙනත් පැමිණිලි 23 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා 1 ක් මේ වන විට වාර්තා වී ඇති බව සඳහන්.

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා.

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා තිබෙනවා – දිලුම්

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක (09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

එසේම  පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව, අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අදාළ නිවේදනය පහතින්.

66c6c0504a885pdf_page_1 66c6c05018213pdf_page_0

චරිත අතලගේ ​ගේ Kuweni ප්‍රසංගය අන්තර්ජාති​ක සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

චරිත අතලගේ ගේ Kuweni the Musical 2024 ප්‍රසංගය WoW Asia Awards හිදී සම්මානයට පාත්‍රවී තිබෙනවා.

ඒ අනුව Innovation in Capturing a Life Style/ Entertainment Event සහ Achievement in Show Running and Stage Management යන සම්මාන කාණ්ඩයන්හි රන් සම්මාන දෙකක් දිනාගැනීමට Kuweni ප්‍රසංගය සමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී Kuweni ප්‍රසංගයේ ඡායාරූපගතකරණය සහ වීඩියෝගතකරණය, සම්පූර්ණ ප්‍රසංගයේ සැලැස්ම, ප්‍රසංගයේ ගලායෑම, වේදිකා පරිපාලනය සහ කළමණාකරණය වැනි අංග අවධානයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

ලෝ ප්‍රකට සම්මානලාභී සංගීතවේදී A.R රහුමාන්ගේ ප්‍රසංග මාලාවන් සඳහා නිෂ්පාදන කටයුතු කරන BToS Productions මෙන්ම Imagine Dragons, Cigarettes After Sex වැනි අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම්හි ප්‍රසංගයන් නිෂ්පාදනය කරන Lollapalooza India වැනි ප්‍රබල තරඟකරුවන් සමඟ තරග වදිමින් මෙම ජයග්‍රහණය ලබාගැනීම සුවිශේෂියි.

කෙහෙළිය ඇතුළු සිව්දෙනෙක් එළැඹෙ​න 29 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළඹෙන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (22) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.