අද සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්

නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙම නව ටිකට්පත දුම්රිය දෙපාර්තමේන්තුවේ pravesha.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී අදාල පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

66c70a3cb6b7c 66c70a3c99dfe

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මරදාන පොලීසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය

මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

2024/25 මහ කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග සඳහා ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබා දීම මඟින් රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, බෝග ඵලදායිතාව ඉහළ නැංවීමටත් හැකියාව පවතින බව නිරීක්ෂණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව 2024/25 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆටිලයිසර් කම්පැනි ලිමිටඩ් හා පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර ගොවීන් වෙත තරඟකාරී මිලකට අලෙවි කිරීමටත්, වී වගාව සහ වෙනත් වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66c6d9d763d9d

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ YouTube වාර්තාවක් තබයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90 ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසුකර යාමට සමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ Visa පහසුකම යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙයි

නොමිලේ Visa පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා මෙම අවස්ථාව හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ රටවල් පහතින්.

66c6a37369ac6

ජනපති අපේක්ෂකයින් අතර විවාදයට අපේක්ෂයින් 39 දෙනාටම ඇරයුම් කෙරේ

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි එම ව්‍යපාරය සඳහන් කරන්නේ.

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව අපේක්ෂකයින් 39 දෙනාටම විවෘතව මෙම විවාද මාලාව සඳහා ආරාධනා කරන අතර ඒ සඳහා අපේක්ෂකයන්ගේ කැමැත්ත ඊමේල් ලිපිනයට අගෝස්තු 24 වනදා මධ්‍යහන 12.00 ට පෙර යොමු කරන ලෙසයි දැනුම් දෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

66c5c3d8bd7d4

කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයේ අසුන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ, රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවයි.

තලතා අතුකෝරා​ල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා

අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළා.

මෛත්‍රී රුපියල් මිලියන 100 ක පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල පසුගිය 16 වනදා ගෙවා අවසන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට යන දෙදෙනාට රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක මුදලක් ද වින්දිතයින්ට වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර තිබුණා.

කෙහෙළිය ඉදිරිපත් කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබාදෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද (21) වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබෙනවා.

මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තීන්දු කරන බවයි.

එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, අදාළ පෙත්සම සඳහා විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ විරෝධතා සැප්තැම්බර් මස 12 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.