ඉපලෝගම යතුරුපැදි අනතුරකින් යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු මරුට

24-08-30
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඉපලෝගම යතුරුපැදි අනතුරකින් යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු මරුට

අද (30) සවස ඉප⁣ලෝගම ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් යුධ හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැකිරාව එප්පාවල මාර්ගයේ මහ මීගස්සෑගම ප්‍රෙද්ශයේදී අද (30) පසවස 4.30ට පමණ මෙම මාරක රිය අනතුර සිදුව ඇති බව අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන ඉපලෝගම පොලිසිය පවසයි..
අනතුරටපත් ලාන්ස් කෝප්‍රල්වරයා ගමන්ගත් බව කියන ස්කූටි වර්ගයේ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසළ වූ දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ 522 පාබල බලසේනා මූලස්ථානයට අනියුක්තව යාපනය ප්‍රදේශයේ සේවයේ නියතු ලාන්ස් කෝප්‍රල්වරයෙකු බව පොලිසිය කියයි
මිය ගිය ලාන්ස් කෝප්‍රල්වරයා මහඉලුප්පල්ලම‍, කැලේදිවුල්වැව‍, ප්‍රෙද්ශයේ පදිංචි ඊරියගම වඩුගෙදර තිළිණ මධුසංඛ දිසානායක නමැති 31 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බව පොලිසිය කියයි.
මිය ගිය ලාන්ස් කෝප්‍රල්වරයා මෙම අවාසනාවන්ත රිය අනතුරට ලක්ව ඇත්තේ ඊයේ (29) දින විශේෂ නිවාඩු ලබා සිය නිවසට පැමිණ සිටි අවස්ථාවේදී බවත්, එම නිවාඩුව අවසන්ව හෙට (31) දිනයේ ඔහු යළී සේවයට වාර්ථා කිරීමට නියමිතව තිබී ඇති බවත් පොලිසිය කියයි..
අනතුරින් බරපතළ තුවාල ලබා සිට ඇති ලාන්ස් කෝප්‍රල්වරයා ප්‍රතිකාර සඳහා කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට එම ප්‍රෙද්ශවාසීන් කටයුතු කර ඇතත්, අනතුරින් බරපතල තුවාල ලබා සිටි ලාන්කෝප්‍රල්වරයා රෝහල් ගතකරන අවස්ථාවේදී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
සිදුව ඇති අනතුරින් ලාන්ස්කෝප්‍රල්වරයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි. අදාළ මළ සිුරර මේ වනවිට එප්පාවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් ඉපලෝගම පොලීස් රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රනිල්ට ඉදිරියෙන් අනුර..අනුරට ඉදිරියෙන් සජිත් මරික්කාර්ගේ ප්‍රතිඵල තියරිය….

https://www.youtube.com/embed/oN3WXN6MJnI?si=wgmXgO-CFjpX8LIa” title=

“ජාතිවාදය තෝර නොගත්ත එක ව්‍යාපාරයයි මේ ඡන්දෙදි තියෙන්නේ” කින්නියා නගරය හෙල්ලුව අනුර දිසානායකගේ කතාව.

https://www.youtube.com/embed/6g8FIwJNjls?si=nmEUhL21ycu47YNy” title=

ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය ලිව්වේ අරගලයටත් කලින්ද කියලා අපිට හිතෙනවා – පුබුදු ජයගොඩ…..

https://www.youtube.com/embed/rAAmZPo1qgs?si=oxB4qekKCssLfe1R” title=

“සැමට ජයක්” සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වයි

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා.

ඒ අනුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නා හිමියන් වෙත අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

“සැමට ජයක්” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් නැරඹීමට හෝ Download කර ගැනීමේ හැකියාව පවතිනවා.

SL vs ENG 2nd Test: කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක හා ළහිරු කුමාර කණ්ඩායමට කැඳවා.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් දිවයිනට

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අද (29) මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු අද (29) උදෑසන මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික ලබාගන්නා ලෙස දැනුම්දීමක්

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්නැයි මැතිවරණ කොමිසම දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

අදාළ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී මගින් සහතික කර රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කරගත යුතු වනවා.

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත සහතික කළ යෝග්‍යතා පත්‍ර සහිතව යා යුතු අතර එහිදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහයකයෙකු සමග යායුතු බව අදාළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

පාස්පෝට් ගැටලුව ඔක්තෝබර් 16 වනදා වන විට අවසන් වේවි – විදේශ ඇමති

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දෛනිකව නිකුත් කරන සංඛ්‍යාව දහසකට සීමා කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.