අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැහැ – නාමල්

තමන් විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැති බවත්, රටට අහිතකර නීති හෝ පනත් නොමැති බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ප්‍රතිපත්ති හදන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ මාතෘ භූමියේ, මහ පොළවේ පය ගසා සිටින දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්ණයට විසඳුම් ලෙස බවත්, එක් එක් දේශපාලන අරමුණු ඇති අයගේ ප්‍රශ්ණවලට විසඳුම් සෙවීමට නොවන බවත් ඔහු පවසා සිටියා.

තමා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල ඇත්තේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ සිට ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැහැ – නාමල්

තමන් විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැති බවත්, රටට අහිතකර නීති හෝ පනත් නොමැති බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ප්‍රතිපත්ති හදන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ මාතෘ භූමියේ, මහ පොළවේ පය ගසා සිටින දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්ණයට විසඳුම් ලෙස බවත්, එක් එක් දේශපාලන අරමුණු ඇති අයගේ ප්‍රශ්ණවලට විසඳුම් සෙවීමට නොවන බවත් ඔහු පවසා සිටියා.

තමා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල ඇත්තේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ සිට ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ දුකේදී ඔබට ඉන්න එකම හිතවතා සජිත් ප්‍රේමදාස පමණයි – සජිත්

දිළිඳු ජනතාව ඉන් මුදා ගැනීමට හොඳම වැඩපිළිවෙළ ඇත්තේ තමා සතුව බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට ඇතමුන් විවේචනය කරන බවත් එසේ පවසන වැඩබැරි කයියනායකලාට කොහොමත් බැරි බවයි අද (30) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රට ගොඩගැනීම සඳහා තමන්ට ඉඩ ලබාදෙන ලෙසත් ජනතාවගේ දුකේදී ජනතාවට සිටින එකම හිතවතා සජිත් ප්‍රේමදාස බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රාජිතගේ ප්‍රකාශයට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තර්ජනාත්මකව සිදුව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව මැතිවරණ කොමිසටමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අද (30) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ, ආණ්ඩු බලය භාවිතා කරමින් මෙවැනි ප්‍රකාශ කිරීම බරපත තත්ත්වයක් බවයි.

වේදිකාවල බොරු පොරොන්දු දෙන, අංක ගණිතය නොදත් නායකයන් ජනාධිපති ධුරයට සුදුසු නැහැ – ජනපති

හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තමන් ජනතාවට සහන ලබා දෙන්නේ ඔවුන්ගේ ආදායම් වැඩි කර බව පැවසූ ජනාධිපතිවරයා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් සහ තමා අතර වෙනස එය බවයි හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී  ජන රැලියට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66d165427de61pdf_page_0

66d165432229fpdf_page_1

66d165433a50bpdf_page_2

66d165434e1eapdf_page_3

දෙණියායේ පාසල් සිසුන් 100 ක් බඹර ප්‍රහාරයකට ලක්වෙයි

දෙණියාය අධ්‍යාපන කලාපයේ පට්ටිගල පර්සි අබේවර්ධන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් 100 දෙනෙකු පමණ අද (30) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එම සිසුන් සියලුදෙනා කඩිනමින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

සිසුන් 70 දෙනෙකු මේ වනවිටත් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

පාසල අසල ඉඩමක ගසක තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් පාසල් සිසුන් මෙන්ම පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්ද මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ඉන්දු ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට ථේරවාදී ආර්ථික මාවත ඉවහල් වනවා – අගමැති

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් පවසනවා.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බවයි ඊයේ (29) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පැවසූ ඔහු ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වන අලි පහර දීමකින් තරුණයෙක් මරුට

හම්බන්තොට පොලිස් වසමේ දිමුතුගම ප්‍රදේශයේ ඊයේ (29) දහවල් කාලයේ සිදුවූ වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 27ක් වූ කොග්ගල, හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ.

මරණකරු දිමුතුගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් ගව පාලනයේ යෙදෙමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බව නීතීඥවරයා අධිකරණයට දැනුම්දෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

යම් හෙයකින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත්, සිය සේවාදායකයාට ඇප ලබාදුන්න ද එහි ප්‍රතිඵලයක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

එවැනි තත්ත්වයකදී රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා කෙහෙළිය රඹුක්වැල්ලට සුවයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින්නැයි ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

ඊට විරුද්ධත්වය දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සඳහන් කළේ, පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවා, එය සැළකිල්ලට ගැනීමෙන් පසුව සැකකාර කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ලබා දීම පිළිබඳව සළකා බැලිය හැකි බවයි.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර කඩිනම් වාර්තාවක් කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000 ක් යොදවයි

පොලීසියේ 54,000 ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.

ඒ අනුව දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.