යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කෙරේ

යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින් දිවයින පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණ තිබුණා.

තවත් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත දිවයිනට පැමිණිමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනාධිපති අපේක්ෂකයින්ගේ නියෝජිතයින් සහභාගී වන ආර්ථික විවාදය ඇරඹේ

2024 ජනාධිපතිවරණය සඳහා එක්වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකුගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Defining the Vision – THE Debate’ විවාදය මේ වන විට ආරම්භවී තිබෙනවා.

ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කර ඇති මෙම විවාදයේ දී එක් එක් අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට ලක් කෙරෙන බවයි සඳහන් වන්නේ.

අදාළ විවාදය මෙතැනින් නැරඹිය හැකියි.

66cff7078802a

2024 වසරේ ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා – විදේශ සේවා නියුක්ති කාර්යංශය

ගතවූ මාස 8ක කාලය තුළදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකු ඊයේ (28) පිටත්ව ගොස් තිබුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ආණ්ඩුව පැත්තෙන් එන චෝදනා වලට වසන්ත සමරසිංහ උත්තර දෙයි….

https://www.youtube.com/embed/E2q61gEp8II?si=_lAViNaDm7CE7E8r” title=

නාමල්ට අවුරුදු 10 ජනාධිපති වෙන්න පුළුවන් කියපු විමලවීරත් රනිල්ට හේත්තු වෙයි…

https://www.youtube.com/embed/3Oq5tQryFIo?si=VbmGofdkB8skwNfv” title=

“70% රනිල්ට තමයි” නුවරඑළිය ජනපති රනිල් දිනන විදිහ ගැන කියන එස්.බී…..

https://www.youtube.com/embed/NSmsYWCWWjs?si=LEJomv-IJ5N4s3WI” title=

තරගයක් නැහැ හැබැයි කරන්න තියෙන දේ ගැන ටිල්වින් සිල්වා කියයි….

https://www.youtube.com/embed/S3KG_j4l2oQ?si=85NjPa8UUXNlkY95″ title=

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම හෙට

අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (29) රටට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ එහි ඇතුළත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පෙත්සම නඩු ගාස්තු යටත්ව නිෂ්ප්‍රභා කෙරේ

වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 50000 ක නඩු ගාස්තුකට යටත්ව එම පෙත්සම නිෂ්ප්‍රභ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.

IMF සමග සාකච්ඡාවට අපි සූදානම් – රංජිත් මද්දුමබණ්ඩාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඕනෑම අවස්ථාවක ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සජීවී වීඩියෝ විවාදයකට එන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හඳුනා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු යැයි මුලින්ම ඉල්ලීම් කලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම විපක්ෂ නායකවරයා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණගැසී සාමාන්‍ය ජනතාවගේ ජිවිතයට බලපාන කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කර ඇති බවද පෙන්වාදී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ කොන්දේසි ලෙස පවසමින් රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස් නොවන බවයි රංජිත් මද්දුමබණ්ඩාර මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.