අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පවසයි.
අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පවසයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සම්පත් මනම්පේරි නම් අය කලක් පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඔහු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රවිරාජ් නඩරාජ් ඝාතන සිද්ධිය සම්බන්දව සැකකරුවෙකු බවටද හඳුනාගෙන ඇති බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“මේ සම්පත් මනම්පේරි කියන පුද්ගලයා කාලයක් පොලිස් කොස්තාපල් කෙනෙක් හැටියටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරියෙකු හැටියටත් වැඩ කරලා තියෙනවා පොඩි කාලයක්. රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු හැටියටත් ඔහුව හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ඒ චෝදනා තිබියදී තමයි පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන්නේ. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා පමණක් සීමා වෙන්නේ නෑ ඔහු තංගල්ල, මිද්දෙණිය, හම්බන්තොට ඇතුළු මේ ප්‍රදේශවල දේශපාලඥයින් නිතර ගියපු ඇසුරු කරපු පවුලක් තමයි මේ මනම්පේරි පවුල. ඉතිං නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ කට්ටියට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ සම්පත් මනම්පේරිව පොලීසියට භාර දෙන එක…”
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත හෙට දින (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) තීරණය කර තිබේ.
අද (09) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ බව දැනුම් දී ඇත.
2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
පසුගිය ජූලි 1 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති 2026 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.
ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (09) නියම කළේය.
ඒ අනුව විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට දැනුම් දෙනු ලැබීය.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙන බවය.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන නිසා මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව සඳහන් කළේය.
ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස නියම කළේය.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 97 කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑණා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මේ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.
තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියේ සඳහන් අනිවාර්ය විධිවිධානවලට අනුකූලව අධිකරණ බලය අයැදීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති අංක SC/SD/29/2025 දරන පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බවත් කථානායකවරයා විසින් වැඩිදුරටත් නිවේදනය කළේය.
අයිස් මත්‍ද්‍රව්‍ය සිද්ධියට චෝදනා එල්ල වී සිටින සම්පත් මනම්පේරි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමඟ ලබා ගත් ඡායාරූප මාධ්‍ය ඉදිරියේ පෙන්වමින් විවිධ ප්‍රකාශ සිදු කරමින් ඔවුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින 2 තුල නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු මොහොතකට පෙර මේ බව සඳහන් කළේ හිරු TV නාලිකාවේ දැන් විකාශය වෙමින් ඇති සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමින්.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එවැනි ව්‍යාජ පුවත් පල කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන් වේ.
– උපුටාගැනීම –
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු 2025.08.30 වන දින ශ්‍රී ලංකා පොලීසිය මඟින් ඉන්දුනීසියාවේදී එරට පොලීසියේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වන විට ඉතා සාර්ථක ලෙස විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
එම සැකකරුවන්ගෙන් අනාවරණය වෙමින් පවතින තොරතුරු අනුව අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගෙන්වන ලද බහාලුම් දෙකක තිබූ ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය ප්‍රදේශයෙන් හමුවී තිබිණි.
එම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර තොරතුරු ලැබී තිබියදීත්, රතු ලේබල් කර තිබූ මෙම බහාලුම් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් මෙම මෙහෙයුම භාරව කටයුතු කරන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ඡායාරූපයක් ද සහිතව ඒ මහතාව සම්බන්ධ කරමින් ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පල කිරීමක් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරන අතර, මෙවැනි ව්‍යාජ පුවත් පලකිරීම තුලින් මෙම මෙහෙයුම් අඩාල කිරීම හා නිලධාරින් අපහසුතාවයට පත් කිරීම මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය අපකීර්තියට ලක් කිරීම ද සංවිධානාත්මක අපරාධවලට උත්තේජනයක් ලබා දෙන සුළුතර පිරිසකගේ අරමුණ බව ද නිරීක්ෂණය වේ.
මෙම සාවද්‍ය පලකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, මෙවැනි අසත්‍ය පලකිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රීයාත්මක කරන බව වැඩිදුරටත් දන්වා සිටිමි.
– උපුටාගැනීම අවසන් –
අනුරාධපුර පූජා නගරයේ කුඔුරු යායක් ගොඩ කර වර්තමානයේ රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුතු සිව් මහල් අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට රාජකාරි සඳහා අනුරාධපුරයට පැමිණි උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම වර්තමානයේද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මෙතරම් විශාල මුදලක් ලැබුනේ කෙසේද? යන්න පුළුල් විර්ශනයක් සිදු කරන ලෙස අනුරාධපුර පුරවැසි සංවිධානය එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිළි කර තිබෙනවා. අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට යොමු කර ඇති එම පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ අනුරාධපුර පුද බිමේ පිහිටි තිසාවැවේ ජලයෙන් පෝෂණය වන කුඔුරු යායක් ගොඩ කර ඉදිකර ඇති උතුරු මැද පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් මෙම සිව් මහල් හෝටල් සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් අනුමත කල මෛන්ම අනුමැතිය ලබා දුන් සහ බලපත්‍ර හෝ ඔප්පු සහ විදුලි බලය ලබා දීමට අනුමැතිය දුන් රජයේ නිලධාරීන් කවුරුන්ද? යන්න සොයා බැලිය යුතු බවයි. රාජකාරි කිරීමට අනුරාධපුරයට පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුරාධපුර පුද බිමට අයත් කුඔුරු යායක් ගොඩ කර මෙතරම් විශාල සිවි මහල් හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට මුදල් ලැබුනේ කෙසේද? යන්න සොයා බලන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කෙමිසන් සභාවෙන් ඉල්ලා තිබෙනවා. තවද මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අනුරාධුපර පොලිස් කෙට්ඨාශයේ ගොඩනැගිලි අංශයේ පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක භටයින්ගේ රාජකාරි ශ්‍රම දායකත්වය ලබා ගෙන ඇති බවට පොලිස් තොරතුරු පොත් වල සටහන්ව තිබෙන බවයි අනුරාධපුර පුරවැසි සංවිධාන එකමුතුව යොමු කළ පැමිණිල්ලේ තවදුරටත් දැක්වෙන්නේ මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති ගල් වැලි ටයිල් ඇතුළු අමුද්‍රව්‍ය සිය නිල බලය භාවිතා කොට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් මගින් සපයා ගෙන ඇති බවට තොරතුරු ඇති බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව හෝටලය අයිති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරයේ රාජකාරි කරන අතරතුර සිය හෝටල් සංකීර්ණයේ පරිපාලන කටයුතු සඳහා යොදවා සිට ඇත්තේද පොලිස් නිලධාරීන් බවද එහි සඳහන් කර තිබෙනවා. අනුරාධපුර පුද බිමේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයත් ඉසුරුමුණියත් අතර ඉදිකර ඇති මෙම සිව් මහල් හෝටල් සංකීර්ණයට නවාතැන් ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිටින විට අනුරාධපුර පුද බිමේ පිහිටි සිය`එ ස්ථූප මෙන්ම අටමස්ථානයම දිස් වන බැවින් හෝටලයට ස්තූප යන වචනය ඇතුලත් ඊට සුදුසු නමක් යොදා ඇති බවද පුරවැසි සංවිධාන එකමුතුව පවසන්නේ. මෙම හෝටලයේ දිනකට එක් කාමරයක මිළ රුපියල් 27,000 සිට ඉහළට පවතින බව සමාජ මාධ්‍ය ඔස්සේ හෝටලය පිළිබදව සිදු කරන ප්‍රචාරණයට අනුව තහවුරු වන්නේ යැයිද කියා සිටින පුරවැසි සංවිධාන එකමුතුව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම හෝටලය ආසන්නයේ කුඹුරු යායේ පිහිටි තවත් බිම් කොටසක සිව් මහල් හෝටලයට ආසන්නයේ තවත් ඉදිකිරීමක් මේ දිනවල සිදු කෙරෙන බවත් මෙම හෝටලයේ ප්‍රචාරණ පුවරු අනුරාධපුර නගරයට ඇතුල් වන ස්ථාන කිහිපයක සවි කර ප්‍රදර්ශණය කර ඇති බවද පවසයි මසකට රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලබන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෞද්ගලිකව පරිහරණය කරන ලෑන්ඩ් රෝවර් ඩිපෙන්ඩර් ජීප් රථයේ වර්ථමාන මිළ රුපියල් ලක්ෂ 250 කට අධික බවද පවසන පුරවැසි සංවිධාන එකමුතුව කුරුණෑගල හෙට්ටිපොල මාර්ගයේ කිලෝ මීටර් දෙකක් ගිය පසුව හමුවන තට්ටු 3 කින් සමන්විත ලී බඩු සාප්පුව මෙන්ම ගාල්ල මාතර මාවනැල්ල කුරුණෑගල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශ වලද මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ඔහුගේ බිරිදට අයත් ලී බඩු සාප්පු සහ නිවාස ඇති බවද කියයි අසීමිත දේපලකට හිමිකම් කියන වර්තමානයේද දිවයිනේ පළාතක් බාරව රාජකාරි කරන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පු`එල් විමර්ශනයක් අරබන ලෙසද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවෙන් ඉල්ලා ඇති පුරවැසි සංවිධාන එකමුතුව එම විමර්ශනය තුලින් පැහැදිලි වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කරයි
nethnews.lk