ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් විය.
ඒ අද උදෑසන පැවති අවසන් පූර්ව වටයෙන් චීනය ලකුණු 26-17ක් ලෙස පරාජයට පත් කරමින්.
ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් විය.
ඒ අද උදෑසන පැවති අවසන් පූර්ව වටයෙන් චීනය ලකුණු 26-17ක් ලෙස පරාජයට පත් කරමින්.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලීසිය වෙත ඇමතුම් ලබා දුන් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරු විසින් හොරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලීසියෙන් නිදහස් කර ගැනීම සඳහා මෙලෙස ඇමතුම් ලබා දී ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මේ වන විට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ හෝ කිසිදු අයෙක් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අයුතු බලපෑමක් හෝ අයුතු මැදිහත් වීමක් සිදු නොකරන බවය.
එමෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම සඳහාත් රට තුළ නීතියේ හා විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහාත් විශේෂ මැදිහත්වීමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විටත් සිදුකරමින් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ නමින් හෝ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ යැයි පෙනී සිටිමින් යම් පුද්ගලයෙකු අනීතික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් හෝ පොලීසිය ඇතුලු ආයතනවලට අයුතු බලපෑමක් සිදු කරන්නේ නම් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබේ.
වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අද (09) පැවැති එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යයට එරෙහි තරගයද ලකුණු 26-24ක් ලෙස තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කළ සියලුම තරග ජයගෙන අපරාජිතව A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටියි.
අද පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං ලකුණු 19-24ක් ලෙස පරාජය කළේය.
ඉන් අනතුරුව සත්කාරක ඉන්දීය කණ්ඩායමද ලකුණු 24-05ක් ලෙස පහසුවෙන් පරාජය කළේය.
මෙම තරගාවලිය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැත්වේ.
මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරනුයේ වසරකට පෙනහළු රෝගීන් 2,000 – 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවය.
මෙහිදී අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ පිරිමි පුද්ගලයින් අතරේ ගත් විට දෙවැනි වැඩිම පිළිකාව බවට පත්ව ඇත්තේද මෙම පෙනහළු පිළිකා බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දමල්ගොඩ මහතා,
“දැනට ලංකාවේ පිළිකා රෝගීන් ගත්තාම පිරිමි පුද්ගලයින්ගේ දෙවැනියට වැඩිම පිළිකාව පෙනහළු පිළිකාව. ඒ වගේම 2021 වසරේ සිට දත්ත සලකළා ගත්තාම ඔවුන්ගේ පළවෙනි පිළිකා 10 අතරට පෙනහළු පිළිකාව වාර්තා වෙනවා. පසුගිය දත්ත ගත්තාම කාන්තාවන්ගේ සහ එහි පෙහළු පිළිකා වර්ධනයක් අපි දකිනවා. පසුගිය අවුරුදු 5-10 අතර කාලය තුළ පෙනහළු පිළිකාව ලංකාව තුළ වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ වර්ධනය පිරිමි පුද්ගලයින් සහ කාන්තාවන් දෙපාර්ශ්වයේම වාර්තා වෙනවා.
මේ පෙනහළු පිළිකාවට ප්‍රධානම කාරණයක් තමයි දුම්පානය. ඒ වගේම තමයි වර්තමානයේ සමීක්ෂණ වාර්තා අනුව අපි හොයාගෙන තියෙනවා කිසිම දවසක දුම්පානය නොකර සිටින පුද්ගලයින්ද පෙනහළු පිළිකාවට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය දුම් පානයට සෘජුව සම්බන්ධ නොවන පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා වර්ධනයකුත් දක්නට ලැබෙනවා. ඒකට සෘජු සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන් අපිට වාතාශයේ තියෙන වායු දුෂණය කියන කාරණා සහ ගෙවල්වල තියෙන වායු දූශක කාරක.
වසරකට වාර්තා වෙන පෙනහළු පිළිකා රෝගීන්ගේ ගණන 2021 වසරේ ඉඳන් දත්ත සලකලා ගත්තාම වසරකට නව පිළිකා රෝගීන් 2,000- 3,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා.”
එමෙන්ම මෙම මාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍ය ඒශාන්ත් පෙරේරා මහතා පැවසුවේ මෙම රෝගයේ රෝග ලක්ෂණ සුළු කොට තැකිය නොහැකි බවය.
“කොහෙමද ළය පිළිකාවක් මහජනතාව දැනගන්නේ.. ඉතාම වැදගත් රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඕනම ශ්වසන රෝගියෙකුගේ දකින කැස්ස. විශේෂයෙන්ම කැස්ස කාලාන්තරයක් තිස්සේ යනවානම්, සති දෙකතුනකට වඩා යනවානම් නැත්නම් වරින්වර එනවානම් ඒක ඉතා වැදගත් රෝග ලක්ෂණයක්. ඒක අපි සුළුකොට තැකිය යුතු නැහැ. ඊට අමතරව කැස්සක් හොඳ වෙලා ආයෙම ඊළඟ මාසෙත් එනවානම් ශ්වසන රෝග කිහිපයකම රෝග ලක්ෂණයක් විය හැකියි ඒක.
අනෙක් කාරණය කැස්සක් සමග ඔවුන්ට ලේ පිටවෙනවා නම්, සමහර අයට හුස්ම ගැනීමේ අපහසුතාවය නොයෙකුත් ළය පිළිකා සංකූලතා නිසා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පපුවේ වේදනාව ළය පිළිකාව තියෙන ප්‍රදේශයේ සිට ස්ථානවලට පැතිරෙන්න පටන් ගත්තාම නොයෙකුත් ස්ථානවල වේදනාකාරී තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් රෝගීන්ට කාලාන්තරයක් තිස්සේ පවතින උණ ගතිය, කෑම අරුචිය, අසාමාන්‍ය ලෙස බර අඩුවීම මෙම රෝගයේ ලක්ෂණ විය හැකියි.
ඒ වගේම ශරීරයේ නොයෙකුත් ස්ථාන වෙත පැතිරෙන්න පුළුවන්. ඒ පැතිර ගිහින් තැන්පත් වෙන ස්ථානය අනුව ඒ ඇතිවන රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. ඉතිං ඉතා වැදගත් අපි මේ ළය පිළිකා ගැන දැනුවත් වීම.”
විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද වටලනු ලැබීය.
ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙනි.
පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් මේ ජාවාරම පිටුපස සිටියේදැයි සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ අරුවක්කාඩුව අධිසංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එම භූමිය සිය භාරයට ගත්තේය.
මෙහිදී එම කටයුතුවලට භාවිත කළ යන්ත්‍ර සූත්‍ර තොගයක් පොලිස් භාරයට ගැනුණු අතර, එහි වටිනාකම රුපියල් කෝටි 200කට අධිකය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීකරණය යටතේ මෙම වැටලීම ක්‍රියාත්මක කෙරිණි.
මේ වන විට අනාවරණ වී ඇත්තේ, අක්කර 20ක භූමි ප්‍රදේශයක් පුරා ක්‍රියාත්මක කර තිබූ මෙම නීතිවිරෝධී ජාවාරමේදී වසර සිය ගණනක් පැරණි කළුවර, බුරුත, වීර ඇතුළු දැවැන්ත වෘක්ෂයන් කපා දමා ඇති බවය.
මෙය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට මිටර් 500ක දුරකින් පිහිටා ඇති අතර, එම ස්ථානයට ජලය සපයාගෙන ඇත්තේ විල්පත්තුව ප්‍රේරක කලාපයට අයත් සීමාවේ පිහිටි ලුණු ඔයෙනි.
මෙම ස්ථානයේ ජලාශයක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවසර ගෙන තිබුණ ද, කැණීම් කිරීමට අවසර ලබා දී නොමැත.
නමුත් පුරාවිද්‍යා නිර්දේශ නොතකමින් මෙහි අක්කර දෙකකට වැඩි භුමියක අඩි 20කට වැඩි ගැඹුරට ජලාශයක් ඉදිකර ඇති බවද හෙළි වී තිබේ.
මෙම ජාවාරම පිටුපස හිටපු මැති ඇමතිවරුන් සිට ඇද්දැයි මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙහිදී මෙම ස්ථානය සිය භාරයට ගත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම ස්ථානයේ ආරක්ෂාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් පිරිසක් රැඳවීමටද පියවර ගත්තේය.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හෙට පුත්තලම අධිකරණයට කරුණු වාර්තා කරන බවය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේගේද සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය වනු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ව්‍යාපෘතිය හරහා රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශව මෙතෙක් නිහඩව සිටීම විශ්වාස කළ නොහැකි බවය.
අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
”ඔබ හිතනවද සුප්‍රීම් සැට් එකෙන් එච්චර ආදායමක් ලංකාවට ආවා නම් රාජපක්ෂලා අවුරුදු දහයක් දහතුනක් විතර නිහඬව ඉඳියි කියලා. ඒගොල්ලෝන්ට පහුගිය අවුරුදු දහතුනේම ඒ චෝදනාව එල්ල වුණා. මේ වගේ ආදායමක් ආවා නම්, රාජපක්ෂලා නිහඬව ඉදී කියලා හිතනව ද? එහෙම රටට වාසියක් ගේන්න මොකක් හරි එකක් රාජපක්ෂලා කරයි කියලා ඔබ හිතනවද? තමන්ට වාසියක් වෙන්නේ නැතුව. පරීක්ෂණ සිද්ධ වෙනවා. පරීක්ෂණ සිද්ධ වුණාට පස්සේ කතා කරන්න පුළුවන්. මොකද වුණේ කියලා. සුප්‍රීම් සැට් කියලා කියන්නේ තනි ව්‍යාපෘතියක් නෙමෙයි. ඒකේ ව්‍යාපෘති ගණනාවක එකතුවක්. ඒ නිසා ඒ සමාගම තවත් ව්‍යාපෘති කරනවා. මං හිතන්නේ ඇත්ත හෙළිදරව් වේවි ළඟදිම. ඉතින් මේක බලන්න ඕනකම තියෙන්නේ රාජපක්ෂගේ සියලු ව්‍යාපෘති පැත්තක දාලා මේක තනියෙන් අරගෙන නෙවෙයි. ඒගොල්ලන්ගේ සමස්ත මැදිහත් වීම් අතරේ මේ රොකට් ව්‍යාපෘතිය කොතනද ස්ථානගත වෙන්නේ කියන එක.”
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා වරෙන්තකරුවන් 343 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.
එහිදී පුද්ගලයන් 27,388 දෙනෙක්ද වාහන 9,758ක්ද යතුරු පැදි 7,509ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 02ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
බීමත් රියදුරන් 58ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 2,992ක් සදහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.
එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී හෙරොයින් මිලි ග‍්‍රෑම් 11ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව 2025-08-08 දිනය තුළදී පමණක් සමස්ථයක් වශයෙන් මුලූ දිවයිනෙන්ම හෙරොයින් කිලෝ 01 ග‍්‍රෑම් 547ක ප‍්‍රමාණයක්ද අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 726 මිලිග‍්‍රෑම් 107ක ප‍්‍රමාණයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.
කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත ලෙස සඳහන් කරමින් මෙම ගැසී උඳුන් තොගය වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇත.
ඒ අනුව පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ගෑස් උඳුන් 3,000ක තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් සමන්විත ආයතනයක් පසුගිය 07 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වටලා තිබේ.
අදාළ භාණ්ඩ කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කරන බව හා ඊට අවශ්‍ය තවත් කොටස් කිහිපයක් මෙරට විවිධ පුද්ගලයින්ගෙන් ද මිලදී ගන්නා බව එහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පවසා තිබුනද එම කරුණු සනාථ කිරීමට කිසිදු ලේඛනයක් අදාළ ආයතනය විසින් එම අවස්ථාවේදී නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.
එමෙන්ම මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ අදාළ ගෑස් උඳුන් බහාලන ඇසුරුම් සහ ඊට අදාළ ලේඛනද දේශීයව සකස් කර මුද්‍රණය කරන බවය.
ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් කළමනාකරණය කරනු ලබන අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ (CIIS) කොටසක් වන ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත්වන අතර ඒ මගින්, ගෑස් උදුන් නිශ්චිත තත්ත්ව සහ ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික කරනු ලබයි.
එමෙන්ම ඒ මගින් සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික බලපෑම වැනි සාධක මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුකූලතාවය තක්සේරු කරන අතර, අදාළ භාණ්ඩ වෙළෙඳපොළට නිදහස් කිරීමට පෙර එම අනුකූලතා සහතික හෝ පරීක්ෂණ අනිවාර්ය වේ.
මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ පරීක්ෂණ මගහරිමින් මෙම එකලස්කිරීම සිදුකරන බවත් ඒ මගින් නිසි ප්‍රමිතියට අනුකූල වන්නේද යන්න සහතික කිරීමකින් තොරව භාණ්ඩ වෙළදපොලට නිකුත්කරනු ලබන බවත් එම මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අදාළ වැටලීම සම්බන්ධව එදිනම මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර අදාළ ගබඩාව මුද්‍රා තබා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට අධිකරණය නියම කර ඇත.
ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන් අතලොස්සෙන් එක් අයෙකු වූ අමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබේ.
1928 වසරේ දී උපත ලබා ඇති ඔහු මිය යනවිට 97වන වියේ පසුවිය.
1968 සිදුකළ අපොලෝ 8 මෙහෙයුම යටතේ සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු ද වන ලොවෙල්, 1970 ක්‍රියාත්මක වූ අපොලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.
ඒ අනුව දෙවරක් සඳ වෙතට ගිය පළමු මිනිසා ද ඔහු වෙයි. කෙසේ වෙතත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු සඳ මතට ගොඩබැස නොමැත.
එමෙන්ම ලොවෙල් යනු සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ද වෙයි.