ජාතික ජන බලවේගයට බලය හිමි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ මංගල අය වැය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.

ජාතික ජන බලවේගයට බලය හිමි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ මංගල අය වැය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.

වැඩි බහුතරය හිමි ජාතික ජලබලවේගයේ බලය පිහිටි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා විසින් 2026 වසරට අදාළව වාර්ෂික අයවැය පසුගියදා සභාවට ඉදිරිපත් කළ අතර එහිදී ඡන්ද විමසීමකින් තොරව අයවැය සභා සම්මත විය.

මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් ද ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා විසින් ඉදිරිපත් කල 2026 වසරට අදාළව වාර්ෂික අයවැය පිළිබද කිසිදු විරෝධය නොපැ අතර ඔවුගේ මතය වී ඇත්තේ මෙස ඉදිරිපත් කල අයවැය සාර්ථක අයවැයක් බැවින් ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරිමට කල යොජනාව අනුව ඒකමතිකව සභා සම්බත කල බව ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒස්.තිලකසිරි මහතා පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වු ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති මෙසේ පැවසීයත
පසු ගිය කාලයේ සභාවේ නිළධාරින් පිළියෙල කර ඉදිරිපත් කල අයවැයට අනුව මෙතෙක් සභාවේ අයවැය සිදුකලා.අපි ඉදිරි 2026 සදහා මෙවර අයවැය ඉදිරිපත් කලා. ඒ් අයවැය වාර්ථාව හදන වෙලාවේ මේ සභාවේ සියළුම පක්ෂවල සියළුම මන්ත්‍රී වරුන්ගේ අදහස් යොජනා අරගෙන වාර්ථාව සකස් කලේ.අපි මහ සභාවෙදී වර්ථාවේ ඒකින් ඒක කරුණු පිලිබද අපි සාකච්චා කරලා තමයි අපි අයවැය පිලියෙක කලේ. ඒ්විදිහට සභාවේ සියළුම පක්ෂවල සියළුම මන්ත්‍රී වරුන්ගේ අදහස් යොජනා අරගෙන වාර්ථාව සකස් කල වාර්ථාව සභාවට ඉදිරිපත් කලේ.ඒ් වෙලාවේ සභාවේ සියළුම පක්ෂවල සියළුම මන්ත්‍රී වරුන්ගේ ඒකමතික අදහස උනේ හොද අයවැයක් වෙනවා කියන ඒක.ඒ් අනුව කිසිදු ගැටළුවකින් තොරව සභාවේ සම්මත කර ගන්න පුළුවන් උනා.
මෙහිදී පෙන්නුම් කරන්නේ උඩ මට්ටමේ දී විවිධ දේශපාලන පක්ෂ මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ , නොයෙක් වැරදි විවේචන ඉදිරිපත් කළත් ,බිම් මට්ටමේ මේ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ,මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල අගය කරනවා. ආදර්ශයක් දෙනවා. උඩ. උඩ මට්ටමේ දේශපාලන විවේචන නෙමෙයි. ,මේ ගම හදන්න අපි සියලු දෙනාම එකට එකතුවෙලා වැඩ කරනවා කියන එක තමයි මේ වෙලාවේ පණිවිඩයක් හැටියට ලබා දෙන්නේ.ඒ හින්ද අපි විශ්වාස කරනවා 2026 වර්ෂය සඳහා අපි පිළියෙල කර ඉදිරිපත් කරපු අයවැය ලේඛනය මේ බිමේ යථාර්ථයක් බවට පත්කරගෙන ප්‍රදේශයේ ජන ජීවිතය වඩාත් හොඳ ජීවිතයක් බවට පත් කරගන්නට ඔවුන්ගේ තියෙන මාර්ග ටික හා යටිතල පහසුකම් ,සෞඛ්‍ය ,හැම දෙයක්ම හරියට තේරුම් බේරුම් කරගෙන සංවර්ධනය කරන්න පුළුවන් අයවැයක් අපි ඉදිරිපත් කළේ.විශේෂයෙන්ම උතුරු මැද පළාත් සභාවිදිහට අපිට උපරිම සහයෝගය ලබා දෙනවා . අනුරාධපුර පළාත් සභා කොමසාරිස්තුමා අපිට ගම හදන වැඩේදී සහයෝගය ලබා දෙනවා.මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් පාලන ආයතන වල කරගෙන යනු ලබන වැඩපිළිවෙලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා දෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරගෙනම යමින් තිබෙනවා.පසුගිය කාලයේ ඇතිවූ ආපදා තත්ත්වය මේ වන කොට අපි සමනය කර. පසුගිය කාලයේ ඇතිවූ ආපදා තත්ත්වය මේ වන කොට අපි සමනය කර ගනිමින්,ඉදිරියේදී තියෙන සියලුම සංවර්ධන කටයුතුත් අයවැය පාවිච්චි කරලා අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.යනුවෙන් සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.මේ අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ පලිහෙන මන්ත්‍රීවරයාද සහභාගි විය.

ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්….

සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචා ඉහළ යාමක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බව එම සංසදය පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එළැඹෙන උත්සව සමය සහ දැනට පවතින කාලගුණික ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් සයිබර් අපරාධකරුන් මහජන විශ්වාසය සහ අවදානම් තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන මුදල් ගසා කෑමේ උත්සාහයක නිරතව සිටින බව  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.

රාජ්‍ය ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු, සුපිරි වෙළඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින වංචනිකයන් සම්බන්ධයෙන් Sri Lanka CERT ආයතනය වෙත සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ.

මෙවැනි ක්‍රියා පිළිබඳ විමසිලිමත් නොවන ජනතාව නොමඟ යැවීම සඳහා මේ ආකාරයෙන් වංචාකාරී පුද්ගලයන් ව්‍යාජ ප්‍රවර්ධන දීමනා, මූල්‍ය පාරිතෝෂික සහ තයාග ලබා දෙන බවට තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.

තවද රටේ ප්‍රදේශ කිහිපයකට හානියක් සිදු වූ සුළි කුණාටුව සහ දරුණු වර්ෂාවෙන් පසුව, සයිබර් අපරාධකරුවෝ සහන සහ යළි ගොඩනැංවීමේ කටයුතුවල නියැලී සිටින රජයේ ආයතන සහ සංවිධානවල නම් වංචනික ලෙස අනුකරණය කරමින් සිටින බව ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

ඔවුන් වංචාකාරී සබැඳි (Links) පළකරන අතර මෙම සබැඳි හරහා මුදල් පරිත්‍යාග කිරීමට මහජනතාව පොළඹවන අයුරු නිරීක්ෂණය වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට අනවසර පිවිසුම් සිදුකර එම ගිණුම් වංචාකරුවන් විසින් සිය ග්‍රහණයට නතු කර ගත් අවස්ථා ඇති බවත් වින්දිතයින්ට ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් එක එල්ලේම අහිමිව ගිය අවස්ථාද ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙයි.

සැක සහිත සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත්, පුද්ගලික තොරතුරු බෙදා ගන්නා විට එය ආරක්ෂාකාරී ලෙස සිදු කරන ලෙසත්, නොදන්නා පුද්ගලයින් හෝ සත්‍යාපනය නොකළ වෙබ් අඩවිවලට පිවිසීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසත් එක් වරක් භාවිතා කළ හැකි මුරපද (OTP) කිසි විටෙකන් හෙළි නොකරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවට සිහිපත් කරයි.

රාජ්‍ය ආයතන සහ ස්ථාපිත සංවිධාන ඔවුන් වෙන යොමු කළ කිසිදු ඉල්ලීමක් රහිතව, සමාජ මාධ්‍ය සටහන් හෝ මාර්ගගත සබැඳි හරහා මහජනතාවගේ සංවේදී තොරතුරු ඉල්ලා සිටින්නේ නැති බවත් සඳහන් කළ යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මෙම කාල සීමාව තුළ තමන්ට ලැබෙන ඕනෑම සමාජ මාධ්‍ය පණිවිඩයක, අරමුදල් රැස් කිරීමේ ඉල්ලීමක් හෝ මූල්‍ය දිමනාවක් හෝ සඳහන් වන්නේ නම් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, එහි සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….

ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම අද (15) රාත්‍රියේ දී මෙරටින් නියමිත බව වාර්තා වෙයි.

ඔවුන් පසුගිය 03වන දා මෙරටට පැමිණි තිබුණි.

සති දෙකකට ආසන්න කාලයක් මෙරට රැඳී සිටිමින් මෙම කණ්ඩායම හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිතකල තාවකාලික විශේෂ ක්ෂේත්‍ර රෝහලක සිට හලාවත සහ තදාසන්න ප්‍රදේශවල විශාල ජනතාවකට සුව සත්කාර සේවා සපයනු ලැබීය.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, රසායනාගාර විශේෂඥයින්, විකිරණවේදීන්, සැපයුම්කරුවන්, සම්භන්ධීකරණ නිලධාරීන් ඇතුළුව සෞඛ්‍ය වෘත්තිකයන් 31 දෙනෙකු මෙම ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමට ඇතුළත්ය.

මේ අතර ආපදාවන්ට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමේ ප්‍රධානීන් ඇතුළු කණ්ඩායමක් අද (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම අමාත්‍යාංශයේ මුණගැසිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි දී අදහස් දක්වමින් මෙරට ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහන සත්කාර සිදුකිරීම සඳජහා පැමිණි පළමු හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායම මෙම කණ්ඩායම වන බවත් ඔවුන් විසින් විශිෂ්ට සුව සේවාවක් ලබා දුන්බව ද පැවසීය.

දින දහයකට අධික කාලයක් මෙරට රැඳී සිට ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළුව රජයේ කෘතවේදීත්වය ජපන් රජයටත් එහි ජනතාවටත් පලකරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.

ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී IWASE KIICHIRO මහතා ද මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් විශිෂ්ට නායකත්වයත්, සහයෝගයත් ශ්‍රී ලංකාවේ ආපදාවන්ට ලක්ව සිටි ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම දීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් වු බවත්, ඒ වෙනුවෙන් තම කණ්ඩායමේ කෘතඥතාවය පළකරන බව ද පැවසීය.

එමෙන්ම  ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තව තවත් වර්ධනය වීමේ ප්‍රථිපලයක් ලෙස තමන් මෙම වැඩපිළිවෙල දකින බවත් පැවසීය.

නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි…..

බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රාදේශීය රෝහල පවතින නාය අවදානමක් හේතුවෙන් තාවකාලිව වසා දැමූ බව ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම රෝහල වසා දැමීම හේතුවෙන් ස්ප්‍රිංවැලි වත්තේ කම්කරු ජනතාව සහ ස්ප්‍රිංවැලි ඇතුළු ගම්මාන 5ක රෝගීහු බලවත් දුෂ්කර තාවයකට පත්ව සිටිති.

මේ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගෙන් විමසූ විට හෙතෙම පැවසුවේ, මෙම රෝහලට ඉදිරියෙන් ඇති නමුණුකුළ කන්දේ බෑවුම් ප්‍රදේශයෙන් මෙම රෝහලට නාය අවදානමක් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් විසින් සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බවය.

කෙසේ නමුත් රෝගීන්ට සිදුවන අපහසුතාවය අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ අභයපුර ප්‍රජා ශාලාවේ භාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

රෝහලේ අවදානම් තත්ත්වය පිළිබඳව තව දුරටත් පරීක්ෂා කර රෝහලෙන් කොටසක් හෝ මෙම ස්ථානයේම පවත්වාගෙන යාම පිළිබඳව අවදානය යොමුවී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ නමුත් තාවකාලිකව භාහිර ප්‍රතිකාර පවත්වාගෙන යන ස්ථානයට යාමටද නොහැකිසේ මාර්ගය අවහිර වී ඇති බවද ප්‍රදේශවාසීන් පවසයි.

විදෙස් ජාතිකයින් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේදී අනතුරකට….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 168 කිලෝමීටර කණුව ආසන්නයේදී විදෙස් ජාතිකයින් රැගත් සුඛෝපභෝගී වෑන් රථයක් ඉදිරියෙන් ගමන්කළ කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

අද (15) පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනතුරින් ලොරි රථයේ කොටසක් ගැලවී අධිවේගී මාර්ගයෙන් පිටතට විසිවී ගොස් ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ගිලන් රථයකින් තුවාලකරුවන් තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.

අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ…..

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කර තිබේ.

අභියාචනාධිකරණය නියම කළේ පෙබරවාරි මස 24 වනදා දක්වා එම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන බවයි.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස නියම කළ විනිසුරු මඩුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරිම 30 වන දා ගොනුකරන ලෙසත් පාර්ෂවකරුවන්ට නියම කළේය.

ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 22 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රුවන්ත කුරේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම කරුණට අදාළව නිකුත් කර තිබෙන තහනම් නියෝගය මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ අතුරු තහනම් නියෝගය ලබන 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කළේය.

මෙම පෙත්සමින් වග උත්තරකරුවන් ලෙස ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න, ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා, මහනුවර දිසා ලේකම්වරයා සහ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර තිබුණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පවත්වාගෙන යන ඉඩම සඳහා ලබා දී තිබෙන බලපත්‍රය අවලංගු කරන ලෙස වග උත්තරකරකාර උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ද්වේෂ සහගත ලෙස ක්‍රියා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවයි.

තමන් කිසිදු ආකාරයක කොන්දේසි උල්ලංඝනය කිරීමක් හෝ නීති විරෝධී ක්‍රියාවක නිරත වී නොමැති බවත් ඒ අනුව වග උත්තරකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවේ -අධ්‍යාපන ලේකම්….

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

පළාත් බලධාරීන් විසින් මේ බව දැනුම්දී ඇතැයි ද පැවසු නාලක කළුවැව මහතා, පළාත් 6ක පාසල් හෙට දිනයේ සම්පූර්ණ වශයෙන් විවෘත වන බවද කියා සිටියේය.

හෙට දින ආරම්භ වන පළාත් වන්නේ බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද යි.

ඌව පළාතේ පාසල් 524ක්, මධ්‍යම පළාතේ 111ක් සහ වයඹ පළාතේ පාසල් 5ක් එලෙස හෙට දිනයේ විවෘත නොවෙනු ඇත.

අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….

‘දිට්වා‘ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බව ලෝක බැංකු සමූහය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පෙන්වන ලද කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් දියත් කිරීමට රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ගය අගය කරන බව ලෝක බැංකුව සමූහය කියා සිටී.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබා ගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කරයි. එම අරමුදල් සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත.

මේ අතර ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශ හස්තය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) රැකියා උත්පාදනය කිරීම සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සැපයුම් වැනි ප්‍රධාන අංශවල උපදේශන සහාය සහ උපායමාර්ගික ආයෝජන ලබා දීමෙන් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම දිගටම කරගෙන යන බව වැඩිදුරටත් සඳහන් කර සිටී.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පවත්වා තිබුණි.

ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද මෙහිදී සිදුව තිබේ.

බහු-පාර්ශ්වික ප්‍රවේශයක් තුළින් වතු ප්‍රදේශවල නාය යෑම් අවදානම අවම කිරීම සඳහා NBRO විසින් අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධතිය ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාකාරිත්වයන් සඳහා නිර්දේශ ලබාදීම සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම, මධ්‍යම අධිසංවේදී කලාප (Central Fragile Area) කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට අදාළව තාක්ෂණික කණ්ඩායම් පිහිටුවීම සහ අදාළ සියලු ආයතනවල තොරතුරු ඒකාබද්ධ කරගත් සැලැස්මක් සකස් කිරීමටත්, එම දත්තවලට සියලු ආයතනවලට ප්‍රවේශ විය හැකි ආකාරයේ ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පිළිබඳවත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විනිවිදභාවය තහවුරු කරමින් ලැබෙන සියලුම විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණයට අදාළව විදේශ සහනාධාර සම්බන්ධීකරණය සඳහා වන කමිටුව ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබාදීම සහ ඊට අදාළ බලතල පැවරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව වසර 07කට පසුව පසුගිය අගෝස්තු 07 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර,  හදිසි ආපදා තත්ත්වය සමඟ නොවැම්බර් 27 වන දා රාත්‍රියේ නැවත රැස්ව තිබුනි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම  වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනිමින් ආයතනික මඟපෙන්වීම වෙනුවෙන් එය අද මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් ව ඇත.

දිවයින පුරා පුද්ගලයන් මිලියන 2.2ක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අතර පූර්ණ නිවාස හානි 6,164ක් සහ අර්ධ නිවාස හානි 112,110ක් සිදුව තිබේ.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 796ක, පුද්ගලයන් 72,911ක්  (2025.12.14)  රැඳී සිටින බව ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබේ.

එම ජනතාවට සහන සැලසීම, යළි පදිංචි කිරීම සහ ජීවනෝපාය මාර්ග  යළි ගොඩනඟමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මධ්‍යම කඳුකරය රැක ගැනීම සඳහා ස්ථීර විසඳුමක් සෙවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට අවදානම් කලාපයේ පවතින නිවාස 15,000ක් හඳුනාගෙන තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, 2026 වසර අවසන් වන විට එම ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස 8,000ක කටයුතු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ගංවතුරට හසු වූ නිවාස පවිත්‍ර කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ලබා දීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා ගනිමින් මෙම සතිය තුළ අදාළ මුදල් ගෙවා අවසන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දත්ත රැස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව  විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එම කටයුතු සඳහා විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. ඒ වෙනුවෙන් නීති සම්පාදනයේ අවශ්‍යතාව මෙන්ම, ප්‍රායෝගික වැඩපිළිවෙළක් තුළින් ඉදිරි වසර 03 තුළදී එම ගැටලුව සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2016 වසරේ සිදු වූ ගංවතුර හේතුවෙන් හානි පූර්ණය සඳහා රුපියල් බිලියන 7.51ක් ජනතාවට ලබා දුන් නමුත්, ප්‍රතිරක්ෂණ ප්‍රතිසාධනය සිදුව ඇත්තේ රුපියල් බිලියන 1.42ක් බැවින්, එහිදී රජයට රුපියල් බිලියන 5.79ක  පාඩුවක් සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය  හදුනාගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙහිදි අනාවරණය කළේය.

එම රක්ෂණ ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් එය රජයට වාසි සහගත සහ ප්‍රතිලාභීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසෙන පරිදි වන රක්ෂණ ක්‍රමයක් විය යුතු බවත්, එය නැවතත් ආරම්භ කරන්නේ නම් විශේෂඥ උපදෙස් ලබාගෙන එහි අත්‍යවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළි නඩු පවරා තිබේ.

ඒ, ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදීය.

සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනුකළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේය.